Tuesday 31 December 2013

明けましておめでとうございます。

ඔබ සැමට සුභ නව වසරක් .....


මාගෙ හිතවත/හිතවතියනි....

මා විසින් ඔබ වෙත යම් පණිවිඩයක් ගෙන ඒමට ලිපි 14 ක් ලියුවද ,.,.,.,
මාගෙ නිසි බලධාරියා අනුමත නොකරන ලදී....
......................................................................................................


 ලබන සතියේ සිට ඔබ වෙත මම එමි,.,.,.,.
ඔබ සැම ට පසුගිය දින කීපය තුල සිදු වූ 'ආල් කෑලි' වලට නියම ජපන් 'සමුරායි ' කෙනකු ලෙස ලියුවද ,බලධාරියා විසින් කියුවේ,.,.,.ඔය බනාන මල් ගැන ලියල තවත් මිනිස්සු තරහ කරගන්න එපා කියලය.තවද ඔය නලින් ගැන තියෙන සහෝදරත්වය ලියන්නලට ,කොමන්ට් කරුවන්ට මතකේ තියෙන්නේ සති දෙකයි කියාය.....

මට නම් නලියාව සති දෙකෙන් අමතක කල නොහැක.මෙම බ්ලොග් අවකාශයේ මා වැඩිපුරම මේල්/චැට් කර ඇති පුද්ගලයා නලින්ය.මුහුණට මුහුණ බලා ගෙන දිනකට වරින්වර පැය 6 ක් පමණ කතා කරන්නේ මගේ පෙම්වතිය සමග පමණි.නලියා සහ මා අතර සහෝදර බැදීමක් අදටත් ඇත. එය ඉදිරියටත් එසේය.ඒක ඌ දන්නවාය.නමුත් අපි දෙන්නගේ ප්‍රශ්නේ මාකට් කරලා ප්‍රතිලාභ ගන්න හදන්නේ පැත්තක ඉන්න ගස් නප්පියෝය....... දැනට ඔය ඇතිය...මට බලධරයා කියල තිබෙන්නේ අනිත් දවසේ නරක වචන කොටලා තිබුනොත් ඇගිලි ටික එකතු කොරල ඉබ්බෙක් දානවා කියලය.

මම නම් කිව්වේ මගේ ඇගිලි වලට ඉබ්බෝ හරියන්නේ නැතිය කියාය."එහෙනම් මොනවාද හරි යනනේ" කියා ඇසුවාය.මම කිව්වෙ විජිත මුනිය හොරකම් කෙරෙව්වා වගේ රෝසි කැස්බෑ පැටියෙක් නම් හරියයි කියාය.
අලුත් අවුරුද්දේ වැල් වටාරම් ලියා ඔබව හෙට්ටු කිරීමට මා හට අවැසි නැත.....එන සතියේ පහත ලිපියෙන් මුණ ගැසෙමු.........!!!!!
-------------------------------------------------------------------------------------

>> හ්ම්ම්..........මෙය කොතැනින් පටන්ගෙන කොතැනින් අවසන් කලයුතුදැයි නොදනිමි.එනමුදු මෙය පිටස්තර ලෝකයා දැන ගත යුතුය කියා මට හැගෙනා බැවින් මෙසේ අකුරු කරමි. නිවාස සංකීර්ණයේ පොදු නාන තටාංගනය වෙත පැමිණියේ දැනට විනාඩි 20 ට පමණ පෙරය.අද සෙනසුරාදාවක් බැවින් දරු දෙදෙනාගේ මිතුරු මිතුරියන් සමග පැය කීපයක් විනෝද වීම කලක සිට ඔවුන්ගේ චර්යාවක් බවට පත්ව ඇත.


        "තාත්තිත් එන්නකෝ අපිත් එක්ක නාන්න" පුතා එසේ පවසද්දී.....
"ඔව් තාත්ති....එන්නකෝ...." දුවද හඩ නගන්නට විය.
"පුතාල යාලුවොත් එක්ක එන්ජෝයි කරන්න" පවසමින් නිදහස් සමර්හට් සෙවනක වාඩි වුයේ කල්පනා සාගරය ක කිමිදෙමිනි.
තාත්ති ....තාත්ති ........ඔවුන් දෙදෙනා මා අමතති.මා එයට විරුද්ද වීමක්ද නැත.මා හට බිරිදක්ද නැත.වෙඩින් පින්තුරයක් තබා විවාහ සහතිකයකුදු නැතිය.එතකොට දරු දෙදෙනා ????....දෙය්යෝ දුන්නද....? Yes කියනවා ද....No .......කියනවා ද.......? මා නම් කිසි විටෙක No නොකියමි.එහෙම නම් ඉතින් Yes ම තමාය. >>

Wednesday 18 December 2013

කුණු මාළු 1.කොටස

                         
 ලංකාවේ පදිංචි මා මිත්‍රයකු සමග දුරකථන සංවාදයක යෙදී සිටි අවස්ථාවක ඔහු පැවසුවේ,ඔහු සමග "රජ බඩුවක්" සෙට් වී ඇති බවය.එහෙම කිව්වාම මම හිතුවේ අම්බ "කෑල්ලක්" සෙට් වෙලා කියලය.කතාව දුරදිග යන විට මා වැරදි බව වැටහින.රජ බඩුව කිවේ ලංකාවේ නායක කාරකාදීන් ට,ඒ කියන්නේ ජනතාව ගොනාට අන්දා රට කරවන නොව රට කන හැත්තට කියා ඕනෑම දෙයක් කරවා ගත ඇහැකි බුල්ටෙක් ගැනය.ජපන් ආයෝජකයන් සිටී නම් රටටත් වැඩක් කොට අපටත් ගොඩ යා හැකි බවය.එවිට මා ඔහුට පැවසුවේ......,
"මම නම් මචන් කොහොමත් ගොඩ ...හැක්...හැක්.... උඹට ඕනෙම නම් කියපන් මම ලබන මාසේ එද්දී කීප දෙනෙක් එක්කං එන්නම්,හැබැයි උන්ව නන්න කරලා මගේ කාඩ් කුඩු කරනව එහෙම නෙමෙයි.."
"පිස්සුද මචෝ,මම ඌ එක්ක මෙහෙ උන්ට රජයේ, මහවැලියේ,රක්ෂිත වල ඉඩම් එයාලගේ නමටම පිරිසිදු ඔප්පු පිටින් පැවරුවා.අපිත් ගොඩ ගත්ත උනුත් ගොඩ.දැන් එවුන් ඒවල හෝටල් හදල,සමහරු වගාවල් එල ගේම් කාරය"
"හරි මචන් මම සෙට් කරලා එන්න ඉස්සර උඹට කතා කරන්නම්.තිබ්බ කිව්වා එහෙනම්..."
"OK ....ජය වේවා මචෝ....."

Wednesday 27 November 2013

ආගන්තුක සිහිනය



 මා නිවැරදි නම් ඒ 2011අවුරුද්ද විය යුතුය.මාසය නම් අප්‍රියල් බව සහතිකය.ඒ මගේ මව උපන් මාසය බැවිනි.මා සුරිච් නගරයට පිටත්ව යාමට ප්‍රධාන කරුණු දෙකක් විය.එකක් 25 වෙනි දින යෙදෙන මවගේ 65 ස් වැනි උපන්දිනය ඇය සමග සැමරීමටය.දෙවැන්න සති කීපයකට ප්‍රථම උපන් මගේ බාල සොයුරියගේ පළමු සිගිති පුතුව බැලීමටය.
නරිටා ගුවන් තොටින් ගමන් ආරම්භ කල මා ඩුබායි ගුවන් තොටට ගොඩ බැස්සේ ගුවන් ප්‍රවේශ පතේ සදහන් ලෙස අතර මැද මාරුවීම සදහා යෙදී තිබුන බැවිනි.පෙර ගුවන් ගමන් වාර වලදී පැය තුනකට ආසන්න කාලයක්,කල්මැරීම යනු මගේ සිතට ඉමහත් වද දුන් ගැටලුවකි.අවුරුද්ද ගැන දැන් මගේ මතකයෙන් නිවැරදි විය.


එනම් එම වර්ෂයේ පෙබරවාරි මස සිට සිංහල බ්ලොග් අවකාශයේ ලිපිවලට පිළිතුරු සපයමින් පැමිණි ආගමනය බැවිනි.එතැන් පටන් මා හට කිසිම ලෙසකින් ගැටලුවක් නොවින.මෙවැනි ප්‍රමාද වීම් වලදී මා පළමුව කරන්නේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් මිලදී ගතයුතු යමක් ඇතොත් මිලදී ගෙන,නිදහස් තැනකට වී චොකලට් පෙත්තක රසය විදිමින් සිංහල ලිපි කියවීම සහ පිළිතුරු සැපයීමය.

මෙදිනද සුවද විලවුන් හලක් වෙත ඇදුනේ මවට සහ නැගණියන් ට යමක් මිලදී ගැනීමටය.මවට සහ නැගණියන් තිදෙනාට මා වෙන මොනයම් දෙයක් තිලින කලද ඒවා නොවටිනා දේවල්මය.ඒ සතර දෙනාටම මා විසින් කුමන වර්ගයේ සුවද විලවුන් දුන්නද ඒවා පිලි ගන්නේ ඉතා සතුටිනි.
April Violets,Tabac Blond,French Cancan වැනි විලවුන් වර්ග කීපයක් තොරගත්තෙමි

Tuesday 5 November 2013

දෙව්ලොවෙන් ආරාධනා

                            අර දරුවා බොගත් අටවල දුන්න එකේ මොනවද ලියන්නෙ හිත හිතා මේ ටිකේම නිදිදෙව් දුව වැළඳ ගත්තෙමි..කෙන්ජියාගේ වයිපරේ වෙනමද නිදියන්නේ එතකොට .....කල්පනා කොරන්න ඕනේ නැහැ.  මේකයි   බන්ස්ලා  එයා මේ දවස්වල ගෙදර නැත. 
                                 ඇය ගෙදර මා ළගම උන්නත් මගෙ ජිවිතේ ගැටළුවක් ඇතිවුණ ගමන් පිහිටට එන්නෙ දෙව් ලොව වැඩවසන සීයා සහ ආච්චිය..ඒ කිව්වෙ මගෙ පියාගෙ  මව සහ පියාය. කම්පනා කොර කොර නිදිදෙව් දුව එක්ක හැඃ.......අප්පට උඩු මේ කොමන්ට් එකක් නෙමේ වැරදුනා...කොහොමහරි හරියකට සැතපුන  දිනය වුණේ ඊයේ... ඕන් රාත්තිරි දොළහට විතර වෙන්ඩ ඇති මයෙ හිතේ.මගෙ හිසට උඩින් ඉහත කී දෙව්ලොව ගිය  ඇත්තන් පෙනී සිටියෝය.
"මොකක් ද බොට දැන් තියෙන පොබ්බම"කියා ඇසුවෝය.
"නෑ..සීයේ ලස්සන කෙල්ලෙක් මට බොගක් සෙට් කරලා" ..."කියා අවසන් කරන්න....කොහේ අවසන් කරනනද ....සීයාට පුෂ්පයේ හොදම පුෂ්පය විකසිත වී ඇති බව දැනුනේ අහපු දෙයින්ය.
"ඈ යකෝ තෝ,කර උසට ළමයි දෙන්නෙක් ඉදගෙනත් පරණ විදියට මගුල් නටන්න හදනවා ද ..?"කියා ඇසුවෝය.
ඔයවගේ පුරස්න අහන අයට දෙන්න මරිසි වචන සෙට් කීපයක පේටන්ට් බලපත් හිමි කරුවකු වන මෙමා ,එයින් වචන තුන හතරක්  සියා වෙත මුදා හැරපු සැනෙන් ඔහු ඔල්මොරොන්දම් විය.
                  "එහෙනම් පුතේ හා පුරා කියලා හීනෙ ගැන  ලියලා ඉඳපන් පුතේ..."
                               හීනෙට කළින් සීයා ගැන නොලියා කොහොමද ...මගෙ සීයා නොදැවී ලකුණු 103 ක් ගහල හාන්සි පුටුවේ බෙල්ල ඇල කොර ගෙනම දිවිය ලෝකේ ගියෝය..
ආච්චි තුමිය හවසක පන්සිල් ගන්න ගමන් සෙන්චරියට ලකුණු දෙකක් තියෙද්දි වෑල්ව් කියන මගුලක් දෙකට පුපුරලා සීයා ඉන්න දිහාටම ගියායෝය...
                                  මම නම් ඒ මරණ දෙක ගැන එදා සතුටු වුණෙමි...
නමුත්..ඒ..බොඩි දෙක පුච්චන්න ගෙනියන්න ඉස්සෙල්ලා  ...අපේ ..සනුහරේ..ගෑනු අය.."මරණෙටම මහගත්ත සුදු වස්ත්‍ර" ඇඳගත්ත අය බෙරිහන් දීලා අඬන්න ගත්ත නිසා මට හිනාවක් නාවේද?? එහෙම නැත්නම් ..ඉතා උත්සවාකාරයෙන් සමරණ අවමංගල්‍ය වෙඩිමේ සැරසිලි සහ පොල් කොටන් හතර අතට දාල සෑය හදපු මගේ සෙට් එක එක්ක උදේ හතේ ඉදන් පොල් රා සමඟ කොච්චි මිරිස් .. මයියොක්කා  සහ වතුර වගේ ඔරිජිනල් පොල් රා කෂියා....හින්දද කියල අදටත් නොතේරෙන්නේය..

Friday 1 November 2013

෴ආගමනය ෴

සිංහල බ්ලොග් අවකාශයේ සහෝදර /සහෝදරියන් සමග සතුට බෙදාගන්න කෙන්ජි අද සිට ඩිරෙක් එනවා.....කැමති/අකමැති සැවොම සාදරයෙන් පිළිගමි...!
හැමදාම නලීන්ගේ සමකය වටේට ආපු අයගෙන් සමහර අය කීවා

                   
                  "කෙන්ජියා උබෙම  බ්ලොගක් පටන් ගන්න කාලේ හරි " 
                      "කෙන්ජියෝ නලියගේ බ්ලෝග බදු අරන්ද ? "
                    "කොමෙන්ට් දදා ඉන්න එකේ බ්ලොගක්      අටෝගත්තොත් නරකද ?"

ගෑල්ලමයි කීවා      "කෙන්ජි අයියේ බ්ලොග් එකක් ලියන්නකෝ අනේ "...."


ඉතින් මම තීරණය කළා මගෙම බ්ලොගක් පටන් ගන්න ,,මම ලියවිල්ලට නම් දක්ෂයෙක් නෙමේ ඒක මුලින්ම කියන්න ඕනේ ,,,


    ඒ වගේම ලියන්න ඕනේ සමහරක් සැර අඩුකරන්න වෙනවා සමකයේ අතාරිද්දී ,,, අමුවටම දෙසන්ට හිතාගෙන පොඩිවට බොගක් අටෝගත්තා එහෙනම් ඕන් ඔක්කොටම කිවා...

____________________________________
හැඩකාර ..මනමාල..විසේකාර කෙන්ජියා