Wednesday 10 September 2014

වරද කාගේද ?





"පුතේ ... හෙට උදේට මා එක්ක බැංකුවට යන්න වරෙන්,,,,,,"

"ඒ මොකටෙයි අප්පච්චි........"

" අක්කගෙ මගුල් තුලා කටයුතු අහවරත් වෙච්චි එකේ ....මං ලග ඉතුරු වෙලා තියෙන සල්ලි ටිකක් උඹේ පොතේ දාන්න හිතුව,,,,,"

"එන සතියෙනෙ අප්පච්චි කොම්පීටර් ක්ලාස් වලට කොළඹ යන්නෙ.... ඕන උනාම අප්පච්චි සල්ලි දාන්න මම මැසිමෙන් ගන්නං..."

"නැහැ පුතේ ...ඒවට යන වියදම් අරුන්නම ... තව ටිකක් ඉතුරු වෙනව..... ඒ ටික උඹට දීල ..... මට බලන්න ඕන ....."
"මොනාද අප්පච්චි බලන්න ඕන......"
"ඒ සල්ලි ඔලින් උඹ දියුණු වෙන එක....."
කුරුණෑගල නගරයට එපිටින් වූ වැල්ලව ගම්මානයේ විසු ධර්මදාස සහ සිරියාවතී තමන්ගේම ඉඩ කඩම් වල වගා කටයුතු සහ සත්ව පාලන ය කරමින් ජීවිතය සරි කර ගත් යුවලකි.මහා පරිමාණයෙන් එම කටයුතු නොකලද, තමන් සතු කුඩා ගොඩ/මඩ ඉඩම් වලින් ලද ආදායම වැඩිමහල් දුව පුතා ඇතුළු හතර දෙනා .... කාටවත් අත නොපා ජිවත් වන්නට තරම් ප්‍රමාණවත් විය.පිබි /නිවාඩ් තරම් මුදල් කළමනාකාරිත්වය පිළිබද හසල දැනුමක් එම යුවලට නැති වුවද,මනා සකසුරුවෙමින් විය පැහැදම් කරමින් ... මන්දිරයක් නොවුවද සතර දෙනාට ජිවත් විය හැකි සිරි දෙව්දුව කැන්දන නිවසක හිමි කරුවන් වුහ.

...................................................................................................................................................................
"මෙන්න පුතේ මගේ පොතෙන් එකයි හැටපහක් (165'000) උඹේ පොතට ඔය කරදහි වල ලියල දාපන්......"
"හා....අප්පචිචි......."
.
....................................
"දැන් සමන්ත දන්නවද උඹ හෙට එනව කියල....."
"ඊයේ මම කෝල් කරලා කීව......."
"පේනව නේද ....සමන්ත පුතා දියුණු වෙච්ච ඉක්මන......උඹත් ඉගෙන ගන්න ගමන් ඔය සල්ලි...ඒ දරුවගෙන් අහගෙන යෝදොපන් හොද දේකට......"
"හා.... අප්පච්චි........."
"දැක්ක නේද මේ සැරේ අවුරුද්දට ගමේ ආපු තඩි කාර් එක..... ලොකු බණ්ඩා කිව්ව ලක්ස ගානක් වෙන කාර් එකේ..... නමත් ලක්සයක්ලු...."
"ඒ...ලොකු බණ්ඩා මාම වැරදියට කියල ....... එකේ නම ලෙක්සස් .... අප්පොච්චි......."
සමන්ත යනු ධර්මදාස ගේ ලගම නෑයෙකු වන ලොකු බණ්ඩා යන අයගේ.පුතෙකි.අපොස සාපෙන් පසු ඉගෙනුමට සාධු කිවූ ඔහු පියාගෙන් ලැබුන පහයි බින්දු පහක සුපියල් රැගෙන මහරගම කාමරයක් කුලියට ගෙන නැවතුනේ මින් වසර 5 ට පෙරය.අද ඔහු කෝටිපතියකි.ගෙදර අයවලුන් සහ ගමේ අය සිතා සිටින්නේ ඔහු රෙදි කඩ හිමියකු ලෙසටය.ඒ ඔහු විසින්ම හදුන්වා දී ඇති ආකාරයය.සිංහල අවුරුද්දට ගෙදර එන විට එන්නේද වාහනය ඇදුම් වලින් පුරවාගෙනය.

ගෙදර අයට පමණක් නොව,මිතුරන්...අසල්වාසින්ටත් සරමක්..... ටියක් බෙදා දීමෙන් එය තවත් තහවුරු වුනේය.නමුත් ඇත්තෙන්ම ඔහුව මහරගම කඩහිමියන් ඇතුළු පමුණුව කුඩා/ලොකු රෙදි වෙළෙන්දන් හදුන්වන්නෙ "පොලියෙස්ටර් සමන්ත"කියාය.ඒ ඔහු කුඩා වෙළෙන්දන්ගෙන් අත්සන පමණක් ලබාගත් චෙක් පතක් ලබාගෙන රු.5'000/= සිට රු.100'000/= දක්වා (මාස 3ක් තුල ගෙවී යන ලෙස) ඩේලි කලෙක්ෂන් ලෙසට ගෙවී යන ලෙසටත්..... වාහනවල පොත සහ ඉඩම් ඔප්පු ලග තබාගෙන විශාල ගණනින් මුදල් පොලියට දීම කරගෙන යන බැවිනි.
මුලින් ඩේලි කලෙක්ෂන් ක්‍රමයට දුන්නද අද වන විට මේ තත්වයට ඒමට ඇත්ත වශයෙන්ම ඉවහල් වන්නට ඇත්තේ බුදු සාදුගේ පින් මහිමය නිසා බව ඔහුගේ ලගම හිතවතුන්ගේ මතයයි.විශාල ප්‍රමාණයෙන් කෙරෙද්දී නම් කළු තුෂාරගේ සහ පොලිස් OIC ගෙන් පවා ඔහුට පින් ලැබුන බව දන්නේ ඔහු ලගින්ම සිටි දෙතුන් දෙනෙකි.........
........................................................................................................................................................................................
"හලෝ.....සමන්ත අයියේ.....මම දැන් පිටෝටුවෙන් බැස්ස........"
"ආ..... රවිදු මල්ලි......එහෙමද...... උඹ 138 අරගෙන මහරගමට වරෙන්....නාවින්න හරියේදී මිස් කෝල් එකක් ගහන්...... මං බෝ ගහ ලග ඉන්නං......"
"හා....අයියේ....... "
.............................................
.............................................
..............................................
"මොනාද බං ඔච්චර බෑග් එකේ..... මං කිව්වනෙ ඇදුම් ඕන නැහැ කියල අරගෙන එන්න......"
"මේ ...අපේ අම්මයි .... නැන්දයි හදල දීපු කෑම තමයි ගොඩක්....... අයියේ......."
"නැගපන් එහෙනම්..... අපි මොනා හරි දවල්ට කාලම යමු ගෙදර......."
"අයිය කෙහෙල් කොලේ බත් කන්න ආස නිසා අම්ම අපි දෙන්නට බත් දෙකක් බැදල දුන්න......."
"අප්පට සිලි..... එලස්..... එහෙනම් එහෙනම් කෙලින්ම ගෙදර ගිහිල්ල අබරමු....හෙක්....හෙක්...."
...............................................
..................................................
...................................................
"මල්ලි .... උඹ නැපක් දාල එහෙම ඉදහන්.....මම ඩේලි කලෙක්ෂන් පාර දාගෙන හවස් වෙලා එන්නම්........රෑට යමු එල පොට් එකක් තියෙනවා.......නාවින්නෙ පුහුල්යායට අල්ලපු තැන ......එතන වල්ගෙ කොටාගෙ බයිට එලස්......."
"හොදයි අයියේ........."






...............................................................................................................................................................................................
"අනිල් අයියාආ......... කොහොමද.........?"
"ආආ......... සමන්ත මල්ලි..... අද....කලින් නොදැක්ක මල්ලියක්......?"
"අපේ මාමගේ පුතෙක්....."
"හෙක්...හෙක්.... ආඅ.....ඒමද.....උඹ වගේම සමාජ ගත කොරන්න වෙන්ටෑ..... හෙහ්...හෙහ්..... දේශා.....අන්න අර සමන්ත මහත්තයට ....ඕන ඒවා බලපන්......."
......................................................................
.......................................................................
"සර්...... මොනවද ගේන්නේ......."
"දේශා ....මල්ලි..... උඹට හැමදාම කියන්න ඕනැද බං....... බිහයිව් ...අයිස්.....වල්ගෙ කොටාගෙ ජාති දෙකෙන්ම....ආ නෙරන්ජට කියහන් ....පෙනල බැදුමට සුදුලුනු ගෙඩි වැඩිපුර දාන්න කියල...."
"දෙල්කද පොලෙන් ගෙනල්ල උදෙන්ම සුද්ද කරලා තිබ්බ ....සමන්ත සර්ට...... නෙරංජන් අයිය......හි.....හි...."
............................................
............................................
"බීපන් බන්.... ඔය ගල් බොනව කියල කතාවට කිව්වට....හැම හුත්තම බොන්නෙ බිහයිව් බ්‍රැන්ඩි......එච්චර සුදක් එන්නෙ නැහැ ගල් බිවම...තැම්බිච්ච මුස්පේන්තු පාටක්......හෙක්...හෙක්..."
"හැබැයි අර ටුවරිසම් කොරන පියන්ත අයිය කියන්නේ...... එයා සුදු..... ගල් බොන නිසාලු...."
"පිස්සු.....ඒ යකා බොන ගල්..........ඌ...කොල්ල කාලේ ඉදලම සුදුයි...... අර රජීව් අයිය වගේම...... හෙක්...හෙක්... "
..........................................................................................................................................................................................
"හොද ගණන් සමන්ත අයිය.....අයිය ත් වොෂ් එකක් දාගෙන ඇවිත් ...ඉතුරු ටික කියන්න කෝ....."
"පොඩ්ඩක් .....ඉදින්.........එන්නම් ඉක්මනට........"
..........................................................................
..........................................................................
............................................................................
"ඉතිං...අයියේ මදාර අක්කි එක්ක දැන් නැද්ද..... සම්බන්ධයක්..........."
"නැහැ බන් ......යසෝධ හම්බ වෙලා ටික දවසකින්ම හුත්තිව හලලා දැම්ම......"
"කවුද ....අයියේ යසෝධ........????"
"මම තොට කියන්නම් ස්ටෝරි එක ...හැබැයි මගදී අපේ ගමේ ..දයාසිරි පුක් කොල්ල වගේ වාචාල කමට ....අතර මග ...නෝ ප්‍රෂ් ...හරිය...."
............................................................................................................................................................




මම හැමදාම උදේට ගොඩිගමුවේ ඉදල බෙල්ලන්විල මදාරගේ නැන්දලගේ ගෙදරට ගිහිල්ල ......එයාව සෙලින්කෝ එකෙන් බස්සල තමයි...පමුනුවට යන්නේ.....වීක් එන්ඩ් වල මේකිට බේරුවල /හික්කඩුව පැත්තේ රවුමක් දාමු කිව්වම .......එක්කො කාල විපිරියාස යෝගේ වෙලාලු......නැත්තම් තව....තව රෙද්දවල්......ඇයි යකෝ.......මම කන බොන ලෙසට ......හෙක්.....හෙක්....සතියකට වරක් වත්.......ටැංකිය සුද්ද නොකොළොත්........මේවා ආපිකෝ ටැංකි නෙමේ නෙහ්....... දවසක් මම ඒකිව ගන්න යද්දී උදේක......බොරලැස්ගමුව හන්දියට ටිකක් මෙහා.......මෙටලික් ග්‍රේ......RAV 4 එකක් නවත්ත ගෙන ගයේෂ වගේ එල කොට ඩෑල ක් ඉන්නවා ...උදේ අව්වෙ...කොන්ඩෙ මලකඩ.... හිස් මුදුනට ...සන් ග්ලාස් දාගෙන.....මම කෝමත් පාරේ යද්දී වටේටම.......හෙක්... හෙක්.... පොට යවන වානේ....දෙපැත්තටම.......
ලං වෙද්දී දැක්ක ටයර් පන්ච් එකක් කියල......මම සුනිල්ට වාහනේ නවත්වන්න කියල බැහැල ගියා ලගට........
"මොකද මැඩම්......ටයර් එක ලෙඩ වෙලා නේද.........."
"Yes .......අනී....... බලන්නකෝ...... දුව school එක්ක යන ගමන්.....පරක්කුත් වුනා හොදටම......."
මම මදාරට කෝල් කරල තුන් රෝදෙකින් ඔෆිස් යන්න කියල ....ඒකිවයි ළමයයි දාගෙන ......මියුසියස් බස්සල ...ආයේ වාහෙනේ ලගට එද්දී.................................... කසාද බදින්නෙ .......හෙහ්....හෙහ්... හෙට වගෙ යකෝ...... කිව්වට විශ්වාස කරහන් මලයෝ ...........
කවුද දන්නවද කෑල්ල ........ අර ප්ලාස්ටික් පුටු කොම්පැනි කාරයගෙ ......ගෑනි බන්....
"අර පිට රට ඔලත් තියෙන ඒවල....."
"ඔව් හුත්තෝ ....කට වාගෙන ආන්න කිව්වා නේද තොට........"........................................................
"පස්සෙ මේකි එන ගමන් දෙසනව මල්ලියා සෝබිත වගේ බන ටෝක් ....... ලගදීම ඩිවෝස් වෙනවත් කිව්වා ......එන ගමන්.............කොහොමත් එල සුරතරලි...................................මේ තට්ටු තුනේ ගේත් ඒකි තමා මට අරගෙන දුන්නේ........ලගදීම ඩිවෝස් එකත් හරි.....යසෝධව බදිනව මම.....
"මාර සුපිප් නේද අයියටත්.............."
"බොක්ක හොද නම් ...... හැමෝටම සුවිප් මල්ලි........ බොක්කෙ එකයි හක්කේ එකයි තියන් ඉන්න කැරි යන්ට හරි යන්නෙ නැහැ බන්....දැන් නිදා ගමු....එකටත් කිට්ටුයි.....හෙට උදේ උඹ ක්ලාස් යනවා නේද...."
..........................................................................................................................................................................................
"හල්..... හල්...... ලෝ ..... සමන්ත අයියේ........"
"මොකෝ......යකෝ..... වෙවුලන්නේ...... මොකද උනේ......තොට......???"
"ම......ම....මං ....බැංකුවට ආඅ......ආඅ.....වා......... අද ක්ලාස් එකට ෆීස් ගෙවන්න සල්ලි ගන්න........තාත්ත මට දැම්මේ එකයි 65 ක්......(165'000).......දැන් බැලන්ස් එක බැලුවම..........ස....ස.....ස... මන්ත අයියේ.......එක කෝටි හැත්තෑ පන් ලක්ෂයක් (1'75'000,00/=) තියෙනවා.........
"මොනා........... මොකක්ද යකෝ ....බැංකුව......???..."
"පුං කලස බැංකුව.........."
"උඹ ATM මැෂින් එක ලගින් අයින් වෙලා..... එලියට වරෙන්,,,,,, මම ටාර් ගාල ඔතන........ හරි......."
සමන්ත පැමිණ බැලූ විට කතාව ඇත්තය......ලක්ෂ එකයි ගාන....කෝටිය හබා ගොසින්ය.......
"එල.... මල්ලියා..... තොට වාසනාව ගෙනල්ල.....ඕකනේ කියන්නෙ.... යසොධගේ ගෙදර පය ගැහැව්වත් ඇති කියල......හෙහ්...හෙහ්......"



සමන්ත දුන්නේ මෙහෙම උප දෙසක්.......>> මල්ලි මේ සල්ලි එක සැරේ අදින්න නරකයි.....මැෂින් එකෙන් දවසට අදින්න පුළුවන් 80 වයි (80'000/=)දවස ගානේ අදිමු.....උඹ බස් එකක් අරගෙන දාපන්..... මම කොඩියට කියල 122 කොළඹ/ අවිස්සාවේල්ල රූට් පර්මිට් එක අරගෙන දෙන්නම්....කොඩිය මම කිව්වොත් .... මගේ පුකත් හෝදනවා.....ගෑනි පා සබාපති වෙන එකට මම සෑහෙන්න වියදම් කළා....


උඹ බයික් එහෙකුත් ගනින්.....පොඩියට ඩේලි කලෙක්ෂන් පාරක් පටන් ගනින්..... මම සෙට් කරලා දෙන්නම් නුගේගොඩ කඩ කාරයෝ ටිකක්....සුපර් මාකට් එකේ තායි ලාල් ඉන්නවා.....ඌ ට කිව්වම සෙට් කරලා දෙයි කට්ටිය...... බැංකුවෙන් ලෙඩක් ආවොත් මම බලා ගන්නම්.....උඹ සේප්පු කඩල ගත්ත නෙමේනේ..... කේස් එකක් ආවොත් බලමු...... මන්ද බුදධිකගේ මාමණ්ඩි යට ලක්ස දෙකක් දුන්නම ගූත් කනවා..... ඕන්නම් දවසක් ඉදියි ...ඇතුලේ.....ආ....අම්මට සිරි..... මට දැනුයි මතක් වුනේ..... රජීව් අයියට කෝල් එකක් දුන්න නම්..... අනුරය....වාකිෂ්ටය......වික්‍රමසිංහය ...... පොලිස් ඔලු ටික දන්නවා......උඹට කෝමත් ඇතුලේ ලගින්න වෙන්නෙ නැහැ....අනුරය වැලිකඩ OIC කාලේ ඉදලම දන්නවා පලිපාන අන්කල් ...... කේස් එකක් ආවොත් ...අනුරයට කියල B රිපෝට් එකක් දාල......ඇක්ටින් ජජෙක් ගෙ ගෙදදරටම ගිහිල්ල ඇප ගන්න ඇහැකි..... <<
"අම්මට සිරි.....අයිය..... එල.....එල......"
මෙලෙස මාස කීපයකින් රවිදු...... පොහොසතෙක් විය.....මාස හතකට පසු බැංකුවෙන් දැනුම් දීමක් ලැබිණ........


ප/ලි
මේ ලින්ක් එක ඇහැ ගැටුණු වෙලේ ඉදන් ලියන්න හිතුණේ,