මට සුවය පැතූ සැමට තුති....
විස්තරය බලා තෝ මැරිලා පල කියල හිතපු අයටද තුති.....
නලින්ගේ පණිවිඩයට මැලේ මල්ලි දින දෙකකට පෙර මා ඇමතුවා. කනට අහල පුරුදු කට හඩක් ය. මෙහෙම හිතවතුන්/හිතවතියන් ඉන්නවානම් දවස ගානේ අනතුරු කරගන්න හිතෙනවාය. පත්තර වල යන්නේ මළොත් පමණක් විය හැකිය. රටවල් වල වෙන අනතුරු සේරම පත්තර වල දමන්න ගියොත් අම්මට සිලි වෙන්නේය. මගේ පියා පොලිස් පොතේ නොලියෙවෙන්න වැඩ සිද්ද කර තිබුනේය.
මම පතන්නේ "බුදු තාත්තේ ලබන ආත්මෙත් මගේ තාත්ත වෙන්න"කියාය. මව නම් ඉන්නෙ ලෝකේ තියෙන ලස්සනම පුෂ්පයෙන්ය. අන් හෙළයන්ට මෙන් ඇයටද මතකය සති 2 ය. මෙහෙ පොලෝසිය ලංකාවට දෙවැනි වන්න කැමති නැති වගේය. සරා,මැලේ,සිරා & පැතුම් ලා නම් ඒ වග හොදටම දන්නවා ඇතිය. ඩේමියන් මගේ සැබෑ දිවියේ No 1 බොක්කය. මගේ පියාගේ දැනුම් දීමෙන් ඔහු මවෙත ඇවිත් තිබ්බේය. ඩේමියන් සහ ඔමාය මගේ සැබෑ දිවියේ ඉහත කියූ මිතුරන් ය. ඔමාය බ්ලොග් දිවියේත් හොදම මිතුරියකි ය. මගේ අනතුර ගැන ඔවුන් ඔබ දැනුවත් කර ඇත්තේ .... නොදුටු මිතුරු/මිතිරියන් හට දැන්වීමටය... එක අරිෂ්ටයෙක් නම් උන්ගේ පරම්පරාවේ ලෙඩ විකුනම් කන ආධාර රෙද්දක් කොටලා තිබුණාය. ලගක හිටියා නම් මගේ කකුල් අමාරු කම් පැත්තක තියල, එක කනකට ගහන්නේ කන් දෙකේම බෙර පුපුරන්නය. මගේ ලැප ඩේමියා ලග ඉදගෙන බල බලා විස්තර කිව්වේය. හැම රෙද්දකම මාව හොයපු සැමට නැවතත් තුති කියන්නේය. ඩේමිය හිතල තියෙන්නේ මටත් අමතක වෙයි හැම දෙයක්ම කියල ය. පැය ගානක හොද නින්දක් දමල තිබුන නිසා වෙන්ඩ ඇතිය.
බොන එක නම් නවත්වන්නේ නැතිය.
මේවා ඇවිල්ල දුක් කම් කටොලු මැද ජයගත් පුරුදුය. බොන පුරුද්ද මේ සෙද්දවල් හින්ද නැවැත්තුවොත් වලටත් හෙන ගහන්න ඉඩ තිබෙන වාය. හැට ගානක් නොදුටු බොක්කවල්/බොක්කියෝ ඉන්නවා කියන්නේ ලෙඩ සුව වෙන්න බෙහෙත් ඕනෑම නැතිය. මාරයා මලයට කියලවත් හදහන ටිකක් බලව ගන්න ඕනය.
ඕනය කිව්වේ මම වගේ බොන එකා ගැන නෙමේය. එතන ට ගැලපෙන වචනේ ඒකය. හැමෝටම වෙනම පිළිතුරු දෙන්න බැරි එකට ගොමෙන් නසායි,sorry & සමාවන්න කියනවාය. Everybody අරිගතෝ ගොසයි මසු,ස්තුතියි & Thanks ....
SaYoNaRa ...!!!
බොන එක නම් නවත්වන්නේ නැතිය.///
ReplyDeleteලැජ්ජ නහාරේ කපන්න වෙයි වගේ
සාමාවෙන්න නහරේ වෙන්න ඕන ..
Deleteකොම වුණත් සතුටුයි ඉක්මනින් සුව අතට හැරුණු එකට ...
හැක්...හැක්... ලජ්ජා නහරේ කපාගෙන ගොඩක් කල් සහෝදර :)
Deleteස්තුතියි...
ඉක්මන්ට සනීප වෙලා ආයෙ එන්ඩ කෙන්ජි මාමෙ !!
ReplyDeleteඅපි බලං ඉන්නවා !!
OK පත්තර මලේ...
Deleteඅපේ බලාපොරොත්තුවත් මේකමය. කෙන්ජියා යලි කරලියේය.
ReplyDeleteනැතුව ...නැතුව බොලා ලව දාල මම කොහේ යන්නද අප්පා.
Deleteචැහ් !!
ReplyDeleteඋඹේ කමෙන්ට් නැති බ්ලොග් නිකං අරක්කු නැති වෙඩින් වගේ !!
පට ගාල එන්ඩ !!
++++++++++
Deleteඑහෙමද....? එල...
Deleteඉක්මන් සනීප උනඑක ගැන සන්තෝසයි කෙන්ජයියේ :)
ReplyDeleteඉස්කෝතුයි බොල...
Deleteකෙන්ජයියාගේ ඔලුවට මුකුත් වෙලා නැති බව පොස්ටුවෙන් පෙනේය. එල කිරිය. දැන් ආපහු පටාන් ගන්න කියා කියමිය. ඉතුරු ටිකත් හොඳ වේවා කියා පතමිය
ReplyDelete+++++++++
Deleteඔලුව මෙව්වා වෙන්න නම් වෙඩිම තියන්න ඕන බං..
Deleteදැන් සනීපයි කියලා දැනගන්න ලැබුන එකට හරිම සතුටුයි.. ඉක්මනටම පුරුදු විදිහට වැඩ කරන්න හොඳටම හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteThanks තුෂියො...
Deleteමේ ඉන්නෙ කොල්ලා... අම්මෝ ඇති.. හැබැයි පුතෝ බීල එලවිල්ල නම් එපා.
ReplyDeleteඔව් සරා කොහොමත් මම බිල ඩ්‍රයිව් කරන්නේ නැහැ.
Deleteඑදා ඉතින් එහෙම වුනා.
යන්තන් ඇති කෙන්ජි අයියේ... මමත් 99.99999% බේරුනා මේ ලගදි... (හැබැයි ඕන් බීල නම් නෙමෙයි....)
ReplyDeleteමොකද උනේ කියලත් විස්තරයක් දැම්මනම් තමා හොද??
ඒක පස්සට...
පොඩ්ඩක් ඉදින් දාන්නම් බං.
Deleteවෙල්කම් බැක් කෙන්ජි.
ReplyDeleteOK ප්‍රසා ...Thanks
Deleteඇයි යකෝ මොකක්ද වෙච්ච අනතුර කියලා හිටුකෝ.
ReplyDeleteමම 19 ඉරිදා අපේ පන්සලේ තිබුන බෝධි පූජාවේදීත් කෙන්ජි කියලා නම හිතෙන් කිව්වා. හයියෙන් කිව්වනම් හාමුදුරුවෝ අහයි කවුද මහත්තයෝ ඒ ජපනා කියලා.
ඉතිං ඔයා කියන්න යෂුෂි අකාෂි වගේ පොරක් කියලා
Deleteස්තුතියි විචාරක තුමනි...
Deleteතව ටික දවසකින් දාන්නම්.
@ ඉවාන්...
හෙහ් ...හෙහ්...
ඇක්සිඩන්ට් එක කොමද උනේ කියලා ඔයා කියනවද.... නැත්නම් මම එක හොයාගෙන ම පොස්ට් එකක් දාන්නද
ReplyDeleteඅන්න කතාව!
Deleteමේකට මටනම් සැක මැලේ රාළයා ....කෙන්ජයියා හැප්පීම පිටුපස තිබෙන අදිසි හස්තය මැලේ රාළයා ..නැත්තන් කොහොමද ඕකා ඔය විස්තර දන්නේ ....හිටපිය මම මෙල්සියාවට එනකං ...මැලේ වනනවා වැලේ
Deleteඅඩෝ මම රෙද්දක් කියලා හිතුවද එක එක තැන් වල වනන්න......
Deleteමැලේ මල්ලි හැම දෙයකටම තුති...
Deleteමම ම ලියන්නම් නේද?
කෙන්ජියෝ......ඕනේනම් බීපන්. මචෝ බීලා ඩ්‍රයිව් කරන්න එපා. දන්නවානේ පරිප්පුව. ලයිසන් කැන්සල් කෙරුවොත් කකුල අතපය කැඩුවාට වඩා අමාරුයි. මම කියන්න ඕන නැහැ උඹ බබෙක් නෙමේනේ.
ReplyDeleteඇයි බං බීලා එලවලා පාරෙ යන අහිංසකයෙක්ව හප්පලා දැම්මොත් එහෙම...
Deleteසහතික ඇත්ත!!
Deleteමම කොහොමත් බිල ඩ්‍රයිව් කරන්නෙක් නෙමේ මචන්
Deleteඅර සාදු කෙනෙක් බණකට කියල තිබුන වගේ වෙන්න තිබුන දෙයක් වෙන්න ඇතිය.
Thanks තිසර.
මදෑ!
ReplyDeleteහ්ම්ම්ම්.... :)
Deleteබොන එක නවත්තන්න ඕනෙ නෑ , බීලා වාහන එලොන එක නවත්තන්න.
ReplyDeleteඅම්මෝ නැහැ...
Deleteඉක්මනින් සුව වීම ගැන නම් හදවතින්ම සතුටුයි කෙන්ජි අයියෙ. වෙනදා වගේම සැහැල්ලුවෙන් ඉන්න එක ගැනත් ඒ වගේම සතුටුයි.
ReplyDeleteදෙවි පිහිටයි !!!!
ස්තුතියි මල්ලි..
Deleteහොයල බලල තිබුන පස්සේ දැක්කේ.
බොන එක නවත්වන් කියන්නට මට පුළුවන් කමක් නැතිය මමත් මේ පලවෙනිදා සිට බොන්නේ නැතිව සිටිමි යයි දැඩි අදිටනකින් සිටින බව කීමටද කැමතිය.අනේ අයියේ ඉක්මනින් සුව වෙලා අර කතා සැට් එක ලිව්වොතින් තව තව බෝතල් බීමට ලැබේවා කියා මා ප්‍රාර්ථනා කොරමි.
ReplyDeleteස්තුතියි මල්ලි..
Deleteඅනිවා ලියනවා .
This comment has been removed by the author.
ReplyDeleteඕක ඉතින් බිව්ව හින්දයි කියලා කියයි හැමෝම.. රෑට යන තරමක් උන් යන්නේ බීලා නේ.. ඒවා පට්ට බොරු.. ඉක්මනට සුව වෙලා වරෙන්.. ලියන්න කියන්න පුළුවන් තරමෙන් ඉතිරි උන එක සමහර උන්ට දිරෙව්වේ නැති උනාට මට නම් ළොකු දෙයක්.. මොකෝ සිංහල බ්ලොග් ළෝකේ ජනප්‍රියම පොර උඹ නේ.. ඌට මක්කා හරි උනා නම් ඉඳලා වැඩක් තියෙද ආයිබෝවන්ඩ..
ReplyDeleteගෙට් වෙල් සූන් ඈස් පොසිබල් ඈ...........
ඔන්න ලොක්කට තමා නියෙමෙට තේරුම් ගිහින් තියෙන්නෙ.
Deleteසිංහල බ්ලොගේ මහාචාරිය තුමාගෙන් මෙහෙම අහද්දී වේදනාව කොහෙන් ගියාද කියල නැහැ.
එතකොට සිංහල බොගේ ජනප්‍රියම පොරිච්චි කවුද මචං?
Ok Thanks මචෝ ...
ඒකත් ඔයාම කියන්න ආයේ මොකටද අපි ..නැද්ද මාතලන් ...;D
Deleteඅම්බෝ .....මම ඕව කියන්න ගොහිල්ල වුන අනතුරට වඩා අනතුරක් වෙනව මට..
Deleteබ්රේන් වොෂ් එකකුත් දාන්නයි තිබ්බේ දොස්තරයට.. මේ හාදයාගේ.. හැක් හැක්.
ReplyDeleteවෙල්කම් කේන්ජි කේන්ති.. බොක්කා...
ස්තුතියි බොක්කා...
Deleteමගේ හොද මොලේ එක්ක බොක්කට තියෙන්නෙ පුදුම ඇම්මක් :) :)
කකුල් මාමේ තාම අමාරුද?ඉක්මනටම හොදටම සනීප වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා.....!!!
ReplyDeleteඅමාරුව නම් ඔබ සැමගේ පැතුම් සමග අඩු වේගන යනව පුතෝ...
Deleteස්තුතියි...
සුවය ලැබීම ගැන සතුටුයි! හොඳ පෝස්ටු ඉදිරියේදි දැක ගන්න ලැබේවා.
ReplyDeleteබොන එක නැවැත්විය යුතු නැත. ප්‍රමානයට බී සතුටු උනාම කාටවත් කරදරයක් නැත.
ජයෙන් ජය!!
ඉදිරියේදී ලියනවා මචං.
Deleteඑහෙම තමයි හිතන් ඉන්නේ.
ස්තුතියි...
වෙල්කම් බැක් !! & ගෙට් වෙල් සූන්! :)
ReplyDeleteThanks මචෝ...
Delete//බොන එක නම් නවත්වන්නේ නැතිය.//
ReplyDeleteබීපිය බිලා මැරිය
හැබැයි වාහන හප්පගන නං
මැරෙන්ඩ එපා
අපිට විලිලැජ්ජා කරන්ඩ
හා මචෝ...
Deleteඅහ් සනීපයි නම් මදෑ බන් . . ..
ReplyDeleteඒකනේ බන්.
Deleteසුවයෙන් සිටින බව අසන්නට ලැබීම සතුටක්.. මත්පැනට මම නම් තදබල ලෙස විරුද්ධයි.. කෙන්ජි අයියට නම් ඒ විරුද්ධතාවලින් ඵලක් නැති බව පෙනෙනවා.. අඩුතරමෙ පරිස්සමට බොන්නකො එහෙනම්...
ReplyDeleteබොහොම දුක් ගැහැට විදලා පුරුදු වෙච්ච් පුරුදු නොවැ නංගෝ :)
Deleteකෙන්ජයියේ....
ReplyDeleteDrink, But Don't Drive
U & Others will stay Alive
Ok නංග ... Thanks
Deleteසන්තෝෂයි කෙන්ජි අයිය ඉක්මනින් සුව වෙලා ආපු එක ගැන.
ReplyDeleteස්තුතියි මල්ලි...
Deleteමොකද දැන් ලියන්නේ නැතෙයි.
ඇයි අර ලියල තියන්නේ...
Deleteකොහොමහරි දැන් හොදින්නම් එච්චරයි.. මෙච්චර වැඩිහිටියන්ට උප්දෙස් දෙන්න අපිට බෑනේ ඉතින්.. නමුත් පරිස්සමින්..
ReplyDeleteපොඩි හිටියො කියන ඒවත් මම අහනවා මල්ලි.
Deleteහයියෝ.. ඇවිල්ලා ;)
ReplyDeleteමැරෙනකම් ද තෝ බලන් හිටියේ.
Deleteගෙට් වෙල් සූන්...!
ReplyDeleteමම ඔහේට කියන්න ඕනේ කෙන්ජි ඇට් ජපෑන් කියලද? එහෙම නැත්තම් කෙන්ජි ඇට් මැලේ කියලද?
ඇට් කෑල්ල හලලා කතා කරපන් බන්.
Deleteකෙන්ජියගේ පැමිණීම ගැන සතුටුයි..බීමනම් එච්චරම හොද නැතෝ..
ReplyDeleteස්තුතියි...ඒක තමයි නේද?
Delete" ලෙඩ සුව වෙන්න බෙහෙත් ඕනෑම නැතිය. "
ReplyDeleteකෙන්ජිගේ "සියලුම" ලෙඩ සුවවී නෑතයි සිතමි. මන්ද එසේ වුවහොත් ඔහුගේ පොස්ට් සහ කොමෙන්ට්ස් වල කිසි ගතියක් නෑතිවයාමේ අවදානමක් මතු විය හෑකිය.
Welcome back Kenji ! :-)
හෙහ්..හෙහ්..හේ...උඹ තමයි නියමෙට තේරුම් ගත්ත පුතය.
DeleteThanks මචං....
මේ තරම් සුවවීම ගැන නම් ඇත්තටම සතුටුයි..:)
ReplyDeleteහිත නම් ටිකක්වත් ලෙඩ වෙලා නෑ වගේ නේද...?? නියමයි.... :)
get well soon Kenjiiiiiii..... !!!!!
මගේ හිත ගල් හිතක් නේ නගා.
DeleteThanks සදා ....
මං හිතුවේ වල් හිතක් කියලා ...හිකිස්
Deleteඉවාන... තෝ පරිස්සම් වෙලා හිටු ...
Deleteමුන ගැහුන දවසකට කරන්න ඕන දේ මම ප්ලෑන් කරලා තියෙන්නෙ හරිය...
යකෝ මාමෙ (මෙම කීවට තරා වෙන්න එපාය) යකෝ බොගෙ ඔය ලැජ්ජ නහරෙ කව්ද කැපුවෙ යකෝ.. නැත්තං ඕ වගේ නෝබිනා කතා කීනවද හැබෑටම මං අහන්නෙ...
ReplyDeleteමං නං අහල තීන්නෙ රෑ වැටුණ වලේ දවල් වැටෙන්න එපා කියලාය... හැබැයි මෙයා ඇස් දෙක ඇරගෙනම වලට පනින්නේය...
බොරු කියන්නෙ මක්කටද මං නං බොන එකට කැමති නෑ ඕන් කීව...
හ්ම් හ්ම් ඉක්කණට අපිට බලන්න කතාවක් කීව නං
හෙක්...හෙක්.....
Deleteඉක්මනට ලියන්නම් මහත්තයෝ...
එල...දැන් ඉතින් කලින් මෙන් මෙහි කෙළි කරමු...
ReplyDeleteඒත් පරිස්සමින් බීපන් කෙන්ජි අයියේ.....
කෙළිමු...කෙළිමු...
Deleteහරි මල්ලි.
මේකව හම ගහලා වැඩක් නෑ... හම එනකං ඉඳලා ආයිත් බොන්න පටං ගනී... හි හි
ReplyDeleteඅනේ ඕනෙ තරං බිව්වට කමක් නෑ... හැබැයි බීලා ඩ්‍රයිව් කරලා, පාරේ ඉන්න මොකෙක් හරි මරාගත්ත දවසට තේරෙයි වැඩර් වගේ මං නවත්තන්නෑ බොන එක කිව්ව මෝඩකම කියල...
හික්..හික්..
Deleteමිනිබිරි යමක් කියනකම් තමා බලන් හිටියෙ.
මම බිල ඩ්‍රයිව් කරන එකෙක් නෙමේ බොල.
මේක මගේ වෙලාවට වෙච්චි දෙයක්.
උඹේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ප්‍රශ්ණ ගොන්නක් මතුවුනා. ඒවටත් උත්තර දීපංකෝ ඩ කඩ ලැබෙන විදියට.
ReplyDeleteමොන ප්‍රශ්නද බන්..
Deleteඅහන්න තියෙන ඒවා අහන්න කියපන් මචං ඕන එහෙක්ට.
ඉක්මනින් සනීප වෙලා වර සහෝ....වැඩිය බිලා එලවන්න එපා සහෝ...මත් කට්ටක් කෑවා එදායින් පස්සේ වැඩි වගේ නම් අයිනක් අල්ලලා නිදාගන්නවා
ReplyDeleteහරි සහෝ....හරි සහෝ...
Deleteඑහෙමද?
සුවෙන් සිටීම ගැන සතුටුය... බීල එලෙව්වට කමක් නෑ හප්ප ගන්නේ නැතුව... හැප්පෙනකම් මොකාවත් දන්නේ නෑනේ බිලද එලෙව්වේ කියල හෙහ් හෙහ් ...
ReplyDeleteඒකනම් ඇත්ත මල්ලියො.
DeleteThanks පැතුම් මල්ලි.
හ්ම්ම් උබ හොදින් නම් එච්චරයි අයියෙ.ඉකමනට සුව වෙයන්.පඩි ටොක් දෙන්න ඔන නැ.උබගැන බලාගන්න උබට තෙරෙනව නේ.
ReplyDeleteසතුටුයි නැවත පැමිනීම. මෙන්න වැන්දා.. බොන එක නවත්තපන් අයියේ....
ReplyDeleteකෙන්ජි අර බල සේනා නිකායට බෑදුනද? ඒකෙ මහානායක වගෙ ඉන්න නානසාර හිමියනුත් ඕකම කලා නේ. හබෑයි පොලිස් පොතේ ඒකනම් ලියවුනා
ReplyDeleteදැන් සනීපද මන්ද? එහෙම නෙවි නම්, ඉක්මණට සනීප වෙන්න කියල කියනවා :)
ReplyDelete