Thursday 22 May 2014

පිල්ලිය සමග වීදි බැසිම නොහොත් මිෂන් එස්කේප්



කට්ටියටම නමස්තේ වේවා!!!!

කාලාන්තරයක් තිස්සේ එළකිරි ෆෝරම් එකේ ත්‍රෙඩ්ස් දාලා තිබුණාට මේ තමයි මම
ජී බ්ලොග් කතාවක් ලියන පලවෙනි වතාව...!

සෝ, යේ මේරා මංගල් පෝස්ට් හේ!!!!!! කතාවට බහිමු එහෙනම්!!!

මේ සීන් එක වුණේ මම ජී ඉස්කෝලේ යන කාලේ! ඒ වෙනකොට මේ පිල්ලියා මර්වින්
අයියගේ අඩවියේ පාසලක, සාපෙ පන්තියේ හිටපු අභිමානවත් සිස්සයෙක්! කොහොම හරි
මේ වෙනකොට අපේ වාර විභාගේ අන්තිම දවස. ඉතින් එකොලහමාර දොලහ වෙනකොට
එක්සෑම් ඉවරයි. නමුත්, හිතු මනාපෙට අපි එකෙක්ටවත් එලියට බැහැලා ගෙවල්වලට
ඉගිල්ලෙන්න බෑ! හේතුව, ඒ විදියට වේලාසනම ඉස්කෝලේ ඇරපු සමහර දවස්වල අපේ
සමහරක් එවුන් "සුර සැප සොයා" ගිහින් එහෙම ඉස්කෝලෙට මාට්ටු වෙලා තිබුණා! ඒ
හින්දා ඉතින් විභාගේ තිබුණයි කියලා මහලොකු වාසියක් තිබුන්නෑ!
එහෙමයි කියලා ඉස්කෝලෙ ඇරෙනකම් කල් මරන පුරුද්දක් නම් මේ
පිල්ලියාට කොහෙත්ම තිබුනේත් නැහැ 

ඕං...! මොන රූල්ස් දැම්මත් විභාගේ
ඉවරවුණ ඊළඟ මොහොතෙම පිල්ලි ජී එලියේ.......Q (විශෙෂයෙන්ම, ඔය වාරාවසාන
නිවාඩු දෙන දවස්වල එහෙම! හික්z!)ඉතින් මේ වගේ වැඩවලටම ඔබින අපාය සහයක
රැලකුත් මෙතුමට හිටිය බවත් මතක් කරන්න ඕනෙ.
පලවෙනි එකා "සුජියා". සිංහල දෙමල මික්ස් සම්භවයකින් යුක්ත ගින්දර බුවෙක්.
ඊලඟ එකා "ඇනිමල්". වචනයේ පරිසමාප්තයෙන්ම රියල් සතෙක්. ඒ වගේම යකාටවත් බය
නැති එකෙක්! (මුන් දෙන්නා සම්බන්ධ මරු කතා තියෙනවා! ඒවා සූන් ඔන්
කෙන්ජි'ස් කොලම් හරිය!) කණ්ඩායමේ නෙක්ස්ට් පොර "ලකී" (උගෙ ඇති %#$@&තේ
වාසනාවක් නම් නෑ. බට්, හොඳ එකා) තව එකෙක් ඉන්නවා, නමුත්, එදා ඌ හිටියේ
නෑ! හික්z!


හොව්! තව දෙයක් කියන්න ඕනේ. ආසාවට වත් අපිට ජොයින් වෙලා නැති, ආධුනික
භාණ්ඩ දෙකකුත් එදා එදා ඔය කියන දවසෙ හිටියා! එකෙක් "බොනී එම්" (පොරගේ
ලූක් එක ඒ වගේමයි.). උගේ විශෙෂත්වය තමයි. පොඩි කාලේ ඉඳලාම ඌට තිබුණේ අපි
කාටවත් නොතිබුන විදිහේ ආරෝහ පරිනාහ සරීර කූඩුවක්. ළමා පෙනුමක් නම් මූට
තිබුනෙම නැති තරම්. 

ගේමකට බැස්සොත් එහෙම අතපය වැනුවත් ඇති වටේ ඉන්න එවුන්
නොකවුට් වෙන්න. (එක පාරක් ඉස්කෝලෙට අලුතෙන් ආපු එකෙක් මූට ගේම අදින්න
ගිහින්, මූ ගහපු කනේ පාරට අරූගෙ මයික් එක තුන් මාසයක් විතර වැඩ කලේ නෑ!
සිරාවටම!) ඒ කෙසේ වෙතත් මුගේ හිත නම් කිරිසප්පයෙක් වගේ! පන්තියෙ කෙල්ලෝ
එක්කව්ත් වැඩි භජනයක් නැහැ කිව්වම හිතාගන්නකෝ පොරගේ තරම! හරි, නෙක්ස්ට්
වගේම ලාස්ට් ආධුනිකයා තමයි "සනුක". (මුගේ ආරූඪ නම් ප්‍රසිධියේ කියන්න
බැරියෝ! එව්වා කියෙව්වොත් එහෙම ලෝස් නැතුව සැර ටෝක්ස් දෙන අපේ මාමා ජීලා,
මාතලන් සහබ්ස්ලා වුණත් එක ක්ෂණයෙන් ගැබ් ගන්නවා ඒකාන්තයි!!! හික්Z!)
කොහොම හරි මෙහෙව් අපතයෙක් එදා අපේ ගමනට ජොයින් නොවෙන්න, මෙහෙම බේදවාචකයක්
කීයට වත් නොලියවෙන්නත් ඉඩ තිබුණා!

ඉතින් මේ කියන දවසේ අපි සෙට් එක එක්සෑම් හෝල් එකෙන් එලියට වඩිනකොට මෙන්න
පිට්ටෙනියේ කට්ටියම බරටම වැඩ. ගුරු උපහාර උළෙලක්ද මොකක්ද එකකට කට්ටිය
ඉස්කෝලේ සරසනවා දාගෙන. අපිලට ඉතින් ඒ ගැන එච්චර ගානක් තිබුනේ නෑ. මොකද,
ඔලුව ඇතුලේ රන් වෙන්නේ වාෂ්පීකරණය වෙන ක්‍රමය විතරයි නේ. 

ඔන්න ඉතින්
පිල්ලිය ඇතුලු සහ පිරිවර (අර ආධුනික ඩබල හැර,) පිට්ටෙනිය මැදින්
ප්‍රාථමික අංශය පිටිපස්සේ තියෙන ටැප් එක ලඟාට ආවා! ඒක තියෙන්නේ තාප්පෙත්
එක්කමයි. ඒ ලඟම පොඩි ගබඩා කාමරයක් තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට බෝයිස්ලා
ඇඳුම් හදාගන්නේ, ෂර්ට් යට කරගන්නේ එහෙම මෙතන තමයි. ඒ නිසා කිසිම ටීචර්
කෙනෙක් මෙතනට ඔලුව දාන්නේ නැහැ. (අපි දැනුවත්ව!). කොහොම හරි වටපිටාවේ
ගුරුවරු, බත් ගොට්ටෝ, වෙන්ඩ ප්‍රිෆෙක්ට් ෆොන්සියෝ එහෙම නෑ කියලා කන්ෆෝම්
කරගත්තු අපි එස්කේප් ප්ලෑන් එක ගහන්න පටන් ගත්තා.........!

"මචෝ, අද නම් මේන් ගේට් එකෙන් පනිනවා බොරු. වෙන ක්‍රමයක් කල්පනා කරන්නා
වෙනවා!" සුජියා පටන් ගත්තා.

"ඒ මොකද බං..? ප්‍රිෆෙක්ට්ස්ලා රොත්තම ග්‍රවුන්ඩ් එකේනේ! ඒ විතර ද?
හාමුදුරුවෝ හිටියෙත් ස්ටේජ් එක ලඟනේ!" ඒ ලකියා.

"තෝ කට්ටියටම ඉල්ලං xx xරවන්නද හදන්නේ..? දැක්කේ නැද්ද බොල ඔෆිස් එක උඩ
තට්ටුවේ ලොකු අම්මා ඉන්නවා...? ඒ මදිවට අපිට ආයෙමත් යන්න වෙන්නේ
පිට්ටෙනිය මැදින්මයි! ප්‍රධාන සිස්ය xxයා දැක්කොත් එහෙම මොකක් හරි කුණක්
ඇඟේ ගහයි!! ඊලඟට හතර පහ වෙනකම්ම මෙතන ලගින්නයි වෙන්නේ!" ඒ ඇනිමල්ගෙ
හොරනෑව.

"නෑ... නෑ... අද අපි පනින්නේ එකට නෙමෙයි!" ඒ පිල්ලිගේ වොයිස් එක.

"ඔව් ඔව් එක වෙනකම් නම් කොහොමටවත් ඉන්න බැරිවෙයි!" වාචාල ලකියා මිනි
සයිස් කෝචොක් එකක් දැම්මා!

ෆයිල් එකේ මුල්ලෙන් උගේ ඔලුව හිල්වෙන්න ඇනපු මම සැලැස්ම දිග අරින්න පටන් ගත්තා.

ප්ලෑන් එක මේකයි.......!

මගෙයි සුජියගෙයි ෆයිල් දෙක උඹලා දෙන්නාගේ බෑග් දෙක ඇතුලට දාලා ටැප් එක
ගාව තාප්පෙන් එහාපැත්තට විසිකරනවා! බෑග්ස් නැති හින්දා අපි පනියි කියලා
කාටවත් සැකයක් හිතෙන්නේ නෑ!"

"ෂම්මා.......!"


"පොඩ්ඩක් හිටපන්කො.. ඊට පස්සේ මමයි සුජියයි වෙනම යනවා ග්‍රවුන්ඩ් එක
පැත්තට. උඹලා දෙන්නා වෙනම යන්න ඕනේ...... නෑ! නෑ!! වෙන කොහෙවත් යන්න ඕනේ
නෑ! ප්‍රයිමරි එකේ උඩ තට්ටුවට වෙලා හිටපන්! මේ දවස්වල පොඩි උනුත් නැති
හින්දා අවුලක් වෙන එකක් නෑ!! ඒක නෙමේ දැන් වෙලාව කීයද??"

"11.40 යි."

"ම්.....හරි එහෙනම් තව විනාඩි දහයෙන්... ඒ කියන්නේ 11.50 වෙනකොට අපි
දෙගොල්ලොන්ගෙන් කවුරු හරි පනින්න ඕනේ!"

"මම මූවත් අරන් පනින්නම්! එතකොට උඹලා...?" ප්‍රශ්නය ඇනිමල් ගෙන්.

"අපි දෙන්නා ඊලඟ විනාඩි දහය ඇතුලත පනිනවා! උඹලා දෙන්නා එතකන් අබා
කොස්තාගේ ගෙදරට වෙලා හිටපන්!"

"හරි එහෙනම්, උඹලා වරෙල්ලා!"

අරුන් දෙන්නට යන්න ඇරපු සුජියයි මමයි, අපේ පාසලේ නිස්කලංකම පොට් එක
වෙච්ච "ජෙන්ට්ස් වැෂිකිලි සංකීර්ණෙට" වෙලා කල් මර මරා හිටියා 12.00
වෙනකම්ම. හරියටම දොලහේ නැකතට එලියට බැස්ස අපි ඩබල ප්‍රයිමරියේ ගේට්ටුව
පැත්තට ඇදෙන්න පටාන් ගත්තා!!!

හෙමින් සැරේ වටපිට ඇහැ යවා කිසි කලබලයක් නැතුව සමාජයට පය තබන්න යනකොටම.....

"පිල්ලී.....!!!!!!!!" බඩුම තමා!!! ඥානසාර හිමි ටයිප් එකේ ගැඹුරු වොයිස්
එකක් අපි දෙන්නාවම අමතනවා!

ගැස්සුන පාර හිටපු විදියටම ටර්න් අරවුන්ඩ් වුණ අපි දෙන්නා දැකපු සීන්
එකෙන් වුණේ අපිට තෙමාගත්තු නැති ටික විතරයි...! ප්‍රින්සිපල් හාමුදුරුවෝ
අපි දෙන්නා දිහා ගිලින්න වගේ බලාගෙන ඉන්නවා!!!

"දෙන්නම එනවා මෙහාට!"

"කාලා වරෙන්කෝ...! ෂුවර් එකටම අරුන් දෙන්නා වැඩේ දෙල් කරගෙන වගේ!! ඒ
මදිවට මේ xxතලා දෙන්නා අපිවත් පාවා දීලා!!!" සුජියා මරු කියවනවා

"යකෝ උන්දෙන්නා කෙසේ වෙතත් තොගෙ නස්පුක් මූණ අපි දෙන්නාවම මාට්ටු කරයි
වගේ! වහගෙන වර!!" හිත ඇතුලේ මාරයා මැඩ්ලින් ගැහුවත් පොරටෝක්ස් වලින්
අඩුවක් නැති පිල්ලියා සුපුරුදු සිංහ නාදයම දුන්නා!

දැන් අපි දෙන්නාම හාමුදුරුවෝ ලඟටම ඇවිත්!

"ඇයි හාමුදුරුවනේ..?"

"අනේ පුතේ! තව පොඩි එවුන් ටිකකුත් අල්ලන් ඉක්මනට අර කඹ රෝල් ටික
පිට්ටෙනියෙන් අයින් කරලා දාන්නකෝ!!"

හම්මෝව්! ඇඟේ වතුර ආයෙමත් ලේ වෙන්න පටන් ගත්තා.....!

"එහෙමයි, හාමුදුරුවනේ!"

"බඩුම තමා! දැන් කීයටද බන් ආයේ එලියට යන්නේ?" පිල්ලියා ඩවුන්!

"ඔන්න ඔහේ පොඩි එකෙක්ට බෝලේ පාස් කරාලා තෝයි මායි වැනිෂ් වෙමු!"

එහෙම කියපු සුජියා මාවත් ඇදගෙනම පිට්ටෙනිය පැත්තට ගියා!

"අයියෝව්! මේ චුට්ට අදින්න මොකට ද බං අපි දෙන්නෙක්? පොඩි උන් දෙන්නෙක්
දැම්මත් ඇති නේ?"

"පොඩි උන් ඉන්න එපැයි දාන්න!!"

"කවුද බං අර කඹ රෝල් දෙකක් උස්සන් යන හිපාටුවෝ දෙන්නා..?"

අව්ව සැර වැඩි හින්දාමද කොහෙද දුර පෙනුනට, උන් දෙන්නගේ මූණු දෙක නම්
එච්චරම ක්ලියර් නෑ! ඒත් ඇඟපතින් නම් එකෙක්ව දුර තියාම අඳුරගන්න පුලුවන්
වුණා. ඒ වෙන මොකෙක්වත් නෙමෙයි අර මුලින්ම කියපු "බොනියා". අනිකා නම්
චිම්පන්සියා වගේ ඩයල් එකක් බව ඈතට පේනවා ඒත්, තාමත් අඳුරගන්න අමාරුයි!
කොහොම හරි, කෝටු අතපය වන වනා පොරත් සෑහෙන්න බිසී, අපි ආපු බව වත් නොදන්න
සයිස් එකටම......! අපි දෙන්නත් දැන් ටික ටික උන් ලඟටම ආවා.

"මොනාද බොල තොපි දෙන්නා කඹ ලෝඩ් එකකුත් තියන් කරන්නේ?" සුජියා මුකුත්
නොදන්න ගානට ඇහුවා!

"මේ කඹ රෝල් වගයක් ගෙනල්ලා බං! හාමුදුරුවෝ කිව්වා මේ ටික ගබඩා කාමරේට
ගිහින් දාන්න කියලා"

ඈ යකෝ! ඒ කියන්නේ මුන් දෙන්නට මේ වැඩේ පවරලා තියෙන අතර තමයි එහෙනම්
හාමුදුරුවෝ අපි දෙන්නාටත් කතා කරලා තියෙන්නේ. හයියූ...! දැන් අර
පොල්බූරුවෝ දෙන්නා අපි එනකම් එලියේ බලන් ඇති. මේ වැඩේ මුන් දෙන්නාටම
කරගන්න ඇරලා ෂේප් එකේ මාරු වෙන්නත් හිතෙනවා, ඒත් ඉතින්, එක අතකින් බලද්දි
ඉතින් මුන් දෙන්නත් ළමයි නේ. මුනුත් ගෙවල් වලට යන්න එපාය!

"හිටු! අපිත් සප් එකක් දෙන්න!"

උඩින් පල්ලෙන් ගේම්වලට කප්පිත්තෝ වෙච්චි මායි සුජියයි අර කඹ රෝල් ලොට්
පිටින් අරන් ගිහින් ගබඩා කාමරේ අඩුක් කලා. (ඇත්තම කිව්වොත් අඩුක් කලා
නෙමෙයි එබුවා. මතුපිටින් පේන්නේ කඹ රෝල්. ඒත් ඇතුලේ තියෙන්නේ කඹ
නූඩ්ල්ස්!)

ඔන්න ඔය විදිහට පැයේ වැඩේ විනාඩි දහයට ඉවර කරපු අපි ටැප් එක දිහාට යන්න
හැරුණා! බොලේ එතකොට තමයි දැක්කේ බොනියා එක්ක හිට අනිත් එකාගේ
මුහුණත්තහඩුව!!!

"හම්මා! මේ අපේ හු....සොරි.... සනුකයා නේ! තෝ කොහොමද බොල මේ කඹ රෝලේ පැටලුනේ...?"

"මේකා හිටියාට වඩා සෑහෙන්න සුදු වෙලා නේ...!" සුජියා අතඇරපු කෙප්පය
දරාගන්න බැරි වුණු මම ජී බොහොම අමාරුවෙන් හිනාව තද කර ගත්තා!

කලුම කලුපාට කපුටෙක් වෙච්චි අපේ සනුකයත් උගේ කිරිපාට පනාව පෙන්නලා පුංචි
හිනාවක් දැම්මා.
ඒ අතරම ටැප් එකෙන් මිනි වොෂ් එකක් දාගත්තු බොනියාත් එතනට ආවා!

"ඉස්කෝලේ ඇරෙන්නත් තව පැයකට වැඩිය තියෙන එකේ යමුද කොට්ටන් ගහ යටට. ගහමු
හොඳවැයින් අඹ කයියක්!." බොනියා ඇහුවා!

"තොපි දෙන්නා ඕන xයියක් ගහගනිල්ලා! බොලා වගේ නෙමෙයි බන් අපිට අරමුණක්
කියලා එකක් තියෙනවා. තොපි දෙන්නා මෙතන තව පැය එකහමාරක්ම ජිල් ගහද්දි,
මමයි, ෂුජියයි චූන් එකේ...." සුජියා මගේ කකුල පාගපු පෑගිල්ලට තව පොඩ්ඩෙන්
මගේ "චූන්" එකේ අග අකුර හැලෙනවා!

"අඩෝ... අඩෝව්....! තොපි දෙන්නා මේ මටත් පානිය දාලා කොහෙද මේ යන්න
හදන්නේ......? @@%XXXක් වත් සෙට් වුණාද?? මතක තියාගනින් පුතේ...... තුන්
දෙනෙක් වැඩි නෑ...!!!" බොනියා ඇදලා පැදලා තාලෙට කිව්වා.

"නොද්දකින් අපතයා තෝ හිතුවද බොල අපි එහෙව් වල් සත්තු කියලා. අපි යන්නේ
අබා කොස්තාගේ ගෙදර. කැරමක් ගහන්න!" ඒ පාර නම් මගේ වාචාල කටට සුජියගේ කකුල
පරාදයි!
ආයෙ ඉතින් මොනා හන්ගන්නද? සුජියා ෆුල් ස්ටෝරියම ඌ ඉස්සරහ දිග හැරියා.

"අඩේයප්පා....! මේකයි එහෙනම් බොලාගේ ප්ලෑන! මට නිකමට හි...."

"හරි... හරි! මේ... තෝ හිxවත් නැතත් අපි ඩබල කොහොමත් පනිනවා. තෝ එනවද
නැද්ද කියපන්. එච්චරයි!" සුජියට ටිකක් තද වෙලා!

සීරියස් ෆේස් එකක් මවාගත්තු බොනියා මොහොතකට ෆ්‍රීz වෙලා. අපි දන්නවා පොර
මේ වගේ ගේම් වලට එච්චර හුරු මිනිහෙක් නොවන බව. ඒත්, කල්පනා කර කර ඉන්න
වෙලාවක් නෑ! දැනටමත් අපි එනවායි කියපු වෙලාවෙන් විනාඩි පහකටත් වැඩිය
ගිහින්!!

"සුජියො,මේක හරියන මගුලක් නෙමෙයි බන්. මූ කල්පනා කරලා තීරණේකට එද්දි
අරෙහේ අරුන් දෙන්නාට බබා හම්බු වෙලා තියෙයි. වර යන්න අරුනුත් අරෙහේ බලන්
ඇති!"

"නෑ නෑ ඔහොම හිටපිය මාත් එනවා!" ෆයිල් එක අතට ගත්තු බොනියාත් අපිත් එක්ක එකතු වුණා.

"හෝව්! මාත් එනවා...!" සනුකයාත් උගේ බෑග් කටුව කිහිල්ලේ ගහගෙන ජාදුවෙක්
වගේ දුවගෙන එනවා!

හුටා! මූවත් අරන් මොන පැනිලිද??කරුමෙට හරි මාට්ටු වුණොත් එහෙම මෙ යකා එක
කනේපාරට මුලු රැලම පාවලා දෙයි! ඒ මදිවට බෑග් කඩමාල්ලකුත් උස්සන් එනවා.
මුගෙ අම්ම්^%#@^%$^!

"ඕයි පිල්ලියා මොකද්ද බං මේ...? ඒ පාර මේක නිකන් ලබ්බේ තොයිලයක් වුණා නේ.
බලපියකෝ!" සුජියාට මරු තදවෙලා! සිරාවටම මටත් ඇඬෙන්න වගේ. අම්මපා මුගේ වට
ඇල්ල අල්ලලා අඹරන්න ඇත්නම් මුගෙ ආච්.....
ඒත්, අපි දෙන්නාටම කල්පනා කරන්න වෙලාවක් නොදුන්නු බොනියා තනි අතට අරූව අල්ලගත්තා.

"තෝ අපිත් එක්ක ආවට කමක් නෑ. ඒත් පුතෝ මාට්ටු වුන දාකට තෝ අපි එකෙක්ව හරි
පාවලා දීලා තිබුණොත්, තොට යන්න වෙන ඉස්කෝලයක් හොයාගන්න වෙයි! තේරුණාද??"

අසරණ සනුකයා මාරුවෙන් මාරුවට අපේ මූණු දිහා බලලා යන්තම් ඔලුව වැනුවා.

"ඔය බෑග් එකත් උස්සන් ගේට්ටුවෙන් එලියට යන්න බෑ. දීපිය ඕක මෙහාට." බලෙන්ම
වගේ පොරගේ බෑග් එක අතට ගත්ත සුජියා බොනියගේ ෆයිල් එකත් සනුකයගේ බෑග් එක
ඇතුලටම දාලා තාප්පෙන් එහාපැත්තට වීසි කලා! ඒත් එක්කම සනුකයගේ මූණ දෙක
වුණත් පොර කටක් හෙල්ලුවේ නෑ!

"හරි මේ, වැඩි වෙලාවක් මෙතන ඉන්න බෑ! එක තත්පරේට අපි හතර දෙනාම
ගේට්ටුවෙන් එලියට විදින්න ඕනේ. හරිනේ!" පිල්ලියාගේ ෆයිනල් කොමාන්ඩ් එකත්
එක්කම අපි හතර දෙනාම නිදහස් පුරවැසියෝ බවට පත් වෙලා! අලුත් ඩබලගේත් කටවල්
කනේ.......! මුන් දෙන්නට මේක නිකන් බෝට්ටුවෙන් ඉතාලි පැන්නා වගේ
ඇති......! හික්z!!

ඉස්කෝලේ අවට වැඩි වෙලාවක් රැඳෙන්නත් බැරි හින්දා හතර දෙනාම එක පිම්මට
ඉගිල්ලුනා අබාගේ පොට් එකට. (පොර එදා ඉස්කෝලේ ආවේත් නෑ.) වෙනදට ගේ
කිට්ටුවට යනකොටම අපේ එවුන්ගේ සද්දේ ඇහෙනවා ගම දෙදරන්නම. වෙලාවකට කැරම්
ඉත්තෝ උඩීන් පාවෙලා එනවා මහ පාරටම! ඒත් අද ඒරියා එකම ෆුල් සයිලන්ට්! ඒ
මදිවට දොර ජනෙලුත් වහලා.

"ඈ යකෝ මේ xxxලා කොහේ මකබෑවිලා ද?"

"දොරවලුත් වහලා නේ?"

"බඩුම තමා! එහෙනම් එකත් එකටම අපේ එවුන්ට මෙව්වා එකක් හම්බ වෙලා ඇති. ඒකයි
මුන් දොර වහගෙන, සවුන්ඩුත් ඕෆ් කරලා ඇත්තේ!" පිල්ලියට ෆුල් හැපි!

"ඔව්....! ඔව්!! ඒක වෙන්නැති දොරට ඉබ්බෙක් එහෙමත් දාලා තියෙන්නේ!"

හුටාරේ....! දැනුයි ඒක නෝට් වුණේ කතාව ඇත්ත තමා! දොරට ඉබ්බා දාලා.
අබාලගේ ගෙදර කට්ටියම කොහෙදෝ ගිහින් වගේ.

හත්තිලව්වයි! එතකොට කෝ යකෝ අපේ හරක් දෙන්නා? උන් දෙන්නට මොකද වුණේ???

මතු සම්බන්ධයි......

ප:ලි:- කෝඳුරු ඇටෑක්ස්, විදුලි ඇන හිටීම්, ඇට මිදුලු විනිවිද යන සීතල,
සිග්නල් ලොස් වීම් ආදිය හේතුවෙන් සම්පූර්ණ සීන්කෝනයම පල කිරීමට නොහැකි
වීම පිලිබඳව පිල්ලි ජීගේ බලවත් කණගාටුව!


සැ:යු:- ඉහත පෝස්ටුව සම්බන්න්ධයෙන් වූ සියලුම පුන්‍යානුමෝදනාවන් "කතන්දර
පිල්ලිය" වන මා සතු විය යුතු බවත්, ඊට මාගේ මෑණියන් පලි නොමැති බවත්
කරුණාවෙන් සලකන්න!!

ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

===============================================================

ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

88 comments:

  1. කෙන්ජියට වඩානම් හොඳයි වගේ. ඒත් ..ම්ම්ම්...

    ReplyDelete
    Replies
    1. තෝ විනාඩි 7න් කියෙවුවද

      Delete
    2. මා හිතවත් රසික ...රසිකාවියනි.....මොකා මොනවා කිව්වත් මා දිගටම ලියමි..
      මම PM මල්ලිට & KP මල්ලිට කමෙන්ට් කරද්දී සහ ඊමේල් මගින් අදහස් හුවමාරු කරගද්දී පවා කියනව බ්ලොග් එකක් පටන් ගනිල්ලා කියල....
      පත්තරය ලියනවා කියල බොරු ප්‍රෝඩාවක් ගිය වෙලේ මම හරි සතුටු වුනා...නමුත් එය බොරුවක් බව පසුව වැටහුනා.....
      පසුගිය වෙසක් පොහෝ දින KP ළමය සමග මොනව හරි මගුලක් ගැන අදහස් හුවමාරු කරගද්දී ඔහු කිව්වා...මාම ජී මට මෙහෙම කතා කරද්දී .....කතාවක් මතක් වුනා....ලියල එවන්නද....මේ බ්ලොගේ දානවද කියල....
      මම කිව්ව මොනවද ....හුත්තො අහන්නෙ පට ගාල ලියල එවපන්...එහෙම ලිපියක් දෙකක් ලියල.....පස්සෙ උඹටම කියල බොගක් ...ඕමා අක්කියට කියල හදවගමු කියල...
      මේක ඒකට කැමති වුනා.....මගේ බොග වික්කයි කියන කතාවට හේතු පාදක වුනේ... ආරංචියක් ලැබුන ........වන්ධුල ඇමතිගෙ යෙහෙළියකට අයිති වෙබ් සයිට් එකක් දතේ පංසලේ කොට බුවාගෙ මාද්දිය පොරකාස සට්ටම්බිය ගෙ නමට මුදල් වලට අරගෙන කියල ....කඩේ යන්න ආණ්ඩුවට......
      KP මලයත් කතාව ලියල අහවර නිසයි එහෙම දැම්මෙ ...
      ඔබ සැමගේ සිත් වලට පොඩි මෙව්ව එකක් වුනා නම් සොලි කිව්ව..... අලිය ...

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. උඹේ මතය හරි වෙන කාගෙ මත හරි ...ඕන විදියකට ගොඩ නගා ගන්න ඒ..ඒ...පුද්ගලයන්ට අයිතිය තියෙනව....ඇත්ත කතාව මම කිව්වෙ .....මමයි....KP මල්ලියි මේල් කරගත්ත එක දින....වෙලාව එක්කම තියෙනව ...මම උඹට මේල් කරන්නම්...අර දතේ පන්සලේ සල්ලි වලින් වෙබ් සයිට් එකක් මිලදී ගත්ත නිව්ස් එක දැනගන්න ලැබුනම අරම ලියන්න හිතුන....මම ඔය මොනව හරි පිස්සු දෙයක් ලියන්නෙ උඹලට කියවල පිස්සුවක් කෙලින්න මිසක් ...උඹලගෙ තද බල විශ්වාශය ගොඩ නගාගෙන...කාගෙවත් පරපුරකින් පෙලවහක් කරගන්න හිතාගෙන නොවෙයි බං...... මට කැමති එකෙක් විදියට උඹේ හිත රිදුනා නම් සමාවෙයන් මචෝ... හෙක්...හෙක්...

      Delete
    6. @ ඇනෝ සහබ්,

      ම්ම්ම්???

      ජයි හෝ!!!!!!!!!

      Delete
  2. කෙන්ජියෝ පට්ට කතාව. ඇදලා ගියා. ඒත් අන්තිම ට ම ටූ බී කන්ටිනියුඩ් එකක් දාලා ආතල් එක බ්රේක් කරානේ.... කමක් නෑ ඉතුරු ටික එනකල් මගබලා සිටින්නෙමු.............

    නියම විස්තරේ. පාසල් ජීවිතය ගැන නම් ආයේ මතක් වෙනකොට ඇඩෙනවා. විශේෂයෙන් ම යාලුවන්ට දුන්න ගේම් සහ පාසලෙන් හොරෙන් පැනීම්................... මං එක පාරක් අහුවෙලා කන පැලෙන්න දෙකක් කාලා විදුහල්පති කාමරය ඉදිරියේ දවසක් දණගසාගෙන සිටියෙමි................... දැන් ආතල් එදා මට මාර අවුල්. තාම මතකයි ඒවා..............

    //ඊට මාගේ මෑණියන් පලි නොමැති බවත්
    කරුණාවෙන් සලකන්න!!

    අපිත් හැම රචනාවකට පස්සේ දැමිය යුතු වැකියක් කියලයි මට නම් හිතෙන්නේ..................

    එළ කෙන්ජියෝ..................

    ReplyDelete
    Replies
    1. @ කුරුටු ජී,

      අපිත් එක පාරක් (වාර අවසාන නිවාඩු දෙන දවසක,) ඉස්කෝලෙන් පැනලා යාලුවෙක්ගේ ගෙදර ගියා! යාලුවාගේ ගෙදරපෙනී පෙනීම අපේ ටීචර්ස්ලා තුන්දෙනෙක් බැස්සේ නැතැයි වීල් එකකින්! අපි සෙට් එකම තක්බීර්!!!! (බලද්දි ටීචස්ලා තුන්දෙනා අපිටත් කලින් ඉස්කෝලෙන් පැනලා!!!!!)

      නමුත් වැඩි අවුලක් වුණේ නෑ. ඊලඟ වාරේ පටන් ගනිද්දි ටීචර්ලාට ඒවා මතක තිබුණේ නැහැ!!!!!

      හික්z!!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  3. පිල්ලි ජීගේ ඉස්කොලෙන් පැනීම Prison Break සිරීයස් එක මතක් කෙරෙව්වා!

    ReplyDelete
    Replies
    1. @ ගයිජින් සහබ්,

      අච්චා......? ඒ ෆිල්ම් එක බලන්නම වටිනවා!!

      හැබැයි සහබ් අපේ ඉස්කෝලේ රූල්ස් එක්ක බලද්දි නම් ප්‍රිසන් එක තව හොඳයි!!

      හික්z!!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  4. 3 million dollars වලට හරියන්න ලියල නේ?

    ReplyDelete
    Replies
    1. @ ප්‍රා ජේ ජී,

      තැන්කූ තැන්කූ....! ආ...සොරි.. බොහොත් ෂුක්‍රියා හේ!!!!!!!

      හික්z!!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  5. මුන්නා බායි... බොහොත් ලම්භා අච්චා ස්ටෝරිහේ... ,,,, බොහොත් කුෂි හේ,,,, දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. @ අපූර්වී දීදී,

      අච්චා.......? බොහොත් ෂුක්‍රියා දීදී!!!!!!

      //දිගටම ලියන්න//

      මේ ගැන නම් දෙපාරක් හිතන්න වෙලා!!!

      හික්z!!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  6. එළ එළ .. ලියාගෙන යමං පිල්ලියා .. ගින්දර හේ !!! අනිත් කෑල්ල පට ගාල දාපිය ..

    ReplyDelete
    Replies
    1. කෝ මල්ලි මාමා ජි. ?

      Delete
    2. @ පත්තර මල්ලී භයියා,

      බොහොත් ෂුක්‍රියා භයියා

      ජයි හෝ!!!!!!!!!

      Delete
  7. කෙන්ජි අයියා...අර වෙරළු මල් ආරාමයද මොකක්ද කියලා තිබ්බ කෑල්ල හලලා මොකෝ ඈ..............

    ෴හිතුවක්කාරයෙකුගේ සටහන්෴

    ReplyDelete
    Replies
    1. මල්ලි උඹේ නැට්ට හරියට වැඩ කරන්නෙ නෑ. අන්න හෙන්රියගෙ එකේ මම හරිගැස්සුව.

      Delete
    2. කිව්වත් වගේ මේකටමනේ ආපහු කැරකිලා එන්නේ...බලන්න ඕනි....
      තැන්කූ ඈ ප්‍රසන්න අයියා......... :D

      Delete
    3. @ අමිල සහබ්,

      අපේ මාමා ජී දැන් "හොටෙල් කෑම" නතර කරලා වගේ මට පේන්නේ!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  8. පට්ට පට පට. උඹත් මර්වින් අයියගෙ වැයික්කියෙද?

    බොගෙ පළවෙනි බ්ලොග් ලිපිය උනාට මොකද ගින්දර.…

    ඉක්මනට ඉතුරු කොටහත් දාහන් පිල්ලියො.…

    ජය හෝ……

    ReplyDelete
    Replies
    1. @ ප්‍රියා ජී,

      බොහොත් ෂුක්‍රියා ජී!!

      ඔබතුමාත් ඒ වැයික්කියේම වෙන්ටැ??

      ජයි හෝ!!!!!!!!!

      Delete
  9. පිල්ලි ජීගේ කාතාව බොහෝ කොල්ලන්ගේ කතාවක් නොවැ. ඇත්තටම කෝ අපේ කෙන්ජි ජී. එයා එතකොට ලියන්නෙම නැද්ද දැන්. ඉතින් අනික් කොටසත් එනකං ඉන්න වෙනවනේ රස මසවුලු බලන්න.

    ReplyDelete
    Replies
    1. @ නලීන් සහබ්,

      අනිවා!! හැබැයි, එකම, අත්දැකීම වුණත් එක එක්කෙනා විඳින්නේ එක එක විදිහට නෙවැ!!!!

      හික්z!!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  10. මංගල පෝස්ට් එකට සුබ පැතුම් පිල්ලිය! දිගටම ලියාගෙන යන්න.

    අපේ කාලෙ නම් අපරාදෙ කියන්නෙ ඉස්කෝල වල බෝඩර් ගාඩ් එක එච්චර දරුනු නෑ, හිතුනු ගමන් පන්ති පිටින් මිසිං යන්නෙ MH370 වගේ.

    පොඩ්ඩක් ඩීටේල්, දෙබස් වලින් අඩු කරන්නත් පුලුවන් මගෙ හිතේ පෝස්ට් එකට පාඩුවක් නොවෙන්න.

    ජයි හෝ!


    ReplyDelete
    Replies
    1. // හිතුනු ගමන් පන්ති පිටින් මිසිං යන්නෙ MH370 වගේ.// :D :D

      Delete
    2. @ ඇනෝ සහබ්,

      බොහොත් ෂුක්‍රිය සහබ්!!

      සිරාවටම! අපිත් වරයේ අන්තිම දවස්වල ඔය වැඩේ කරනවා!! උදෙන්ම කට්ටියම කතාවෙලා (මැසේජ් කරගෙන,) මුලු ක්ලාස් එකම ඉස්කෝලේ නෑවිත් ඉන්නවා අයේ ඉතින් එන්නේ ලබන වාරේම තමයි!!!

      හික්z!!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  11. ජයි හෝ. පිල්ලිය මොකාට එනවද කියල බලන්න වටිනවා.. මට නං මෙලෝ මලදානයක් තේරුනේ නැහැ..

    ReplyDelete
    Replies
    1. @ දේශක සහබ්,

      හික්z!!! මෙව්වා සම්බාවිය නිර්මාණ නේ අෆ්ෆා!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  12. හැක්.. ඔය තියෙන්නෙ ලෙසටම.
    බොලාගෙ ඉස්කෝල උසස් ගනයෙ ඒව වෙන්නැති ඔච්චර පනින්න අමාරු.
    අපේ ඒවයෙනං ඔය පනිනව කියන එක ඔච්චර ප්ලෑන් කරන්න ඕන ඒව නෙමෙයි.
    ඉතුරු කොටසත් දාහං ඉක්මනට.

    ReplyDelete
    Replies
    1. @ සහබ්,

      ෂුක්‍රියා ෂුක්‍රිය......!! ඇත්තම කිව්වොත් අපේ ඉස්කෝලේ පිහිටීම නිසා තමයි පනින්න හුඟක්ම අමාරු!! හුඟාක් ටීචර්ස්ලාගේ ගෙවල්, විශ්‍රාම ගියපු ටීචර්ස්ලාගේ ගෙවල්, තව අපේ විදිහල්පති හාමුදුරුවොන්ගේ පන්සල පවා තියෙන්න්නෙ අපේ ඉස්කෝලේ අවටමයි! ඒ නිසා ගේට්ටුවෙන් එලියට ආවත් ගමන් බිමන් සෑහෙන්න අමාරුයි!!! මම ජී වගේ මහෞෂධ පැටියෙක් හිටිය නිසා ෂේප්! (මොකද, මම ජී නිල් කොට කලිසම් ගහන කාලේ ඉඳලම ඔය වැඩේට එක්ස්පර්ට්!!)

      හික්z!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  13. මොකක්ද ඔය කියන සීතල රට? ටොන්ගා ද?

    ReplyDelete
    Replies
    1. @ කාකා ජී,

      නහී........! මම ජී වැඩ ඉන්නේ රාජධානි දෙකක් සහ ලිට්ල් ඉන්ග්ලන්ඩ් අතර ඒරියා එකක!

      නමුත්, මම ජී ඉන්න් තැන නුවර එලියටත් වඩා සෑහෙන්න සීතලයි!!!! මොකද, පිල්ලිගේ ගුහාව තියෙන්නේ දෙපැත්තකින් ඇල මාර්ගයකට මායිම්වෙලා!!!!

      මේ කමෙන්ට් එක කොටන වෙලාව වෙනකොටත් අත්වල රෝමකූප ස්පයික් වෙලා තියෙන්නේ!!!!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  14. පිල්ලි ජී......
    සංතෝස් හේ!!!!!!!!!!!!!!!!!!!!!

    ගතියට කොටලා තියනවා!!!!

    ජය වේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. අපේ ප්‍රියා කොටන්නේ බාගෙටනේ :D

      Delete
    2. @ විදානේ සහබ්,

      බොහොත් ෂුක්‍රියා සහබ්!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  15. අප්පේ... යකෝ පුදුමාතලන් වලින් පනිනවා වගේ මිසන් එකක්නේ මේක!

    ReplyDelete
    Replies
    1. @ නාඩියා සහබ්,

      අනිවා!! මේක ඊට එහා ඩේන්ජරස් අෆ්ෆා!

      හික්z!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  16. හොදයි එලකිරි ඡයවෙිවා

    ReplyDelete
    Replies
    1. @ සන්ජීව් සහබ්,

      බොහොත් ෂුක්‍රියා සහබ්!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  17. Machan, I am very sorry to say this, I think you are better than the real owner of this blog... sorry kenji, but have to say the truth... keep it up machan, kathandara pilli. All the best..

    ReplyDelete
    Replies
    1. මේ කැක පුස්ම තියෙන ගොබ්බයෙක් තවත්....

      Delete
  18. පිල්ලි.... ??? එතකොට කෝ කෙන්ජි.... ???
    මොනා වුණත් ආතල් කෝටියට ලියල තියෙනව... ඒවගේද පට්ට ආතල් එකක් ඇරන් වගේ... හැක්...
    ඉස්කෝලෙන් පයින්න ඔච්චර දුක් වින්දද අප්ප...දුකේ බෑ

    ReplyDelete
    Replies
    1. @ මහේෂ් සහබ්,

      මාමා ජී සල්ලිත් අරන් ස්විස් ගිහින්, සල්ලි ටික බැන්කුවේ දාන්න!!

      සිරාවටම, අපේ ඉස්කෝලේ තරම් වංකගිරි ප්ලේස් එකක් මුලු කැලනි පුරවරයේම නැතිව ඇති..!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  19. නියමයි නියමයි අපෙ සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. @ දමිත් සහබ්,

      බොහොත් ෂුක්‍රිය සහබ්!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  20. පිල්ලි ජිට blog එක විකුණුවද....? කෙන්ජි....... කියක් ගත්තද....?

    ReplyDelete
    Replies
    1. මෙයිට පෙර ලිපිය කියවන්න අනී ....... ගෙඩි මිලියන 3යි ඩොලර් වලින් අමරිකන් ..හෙහ්...හෙහ්....

      Delete
    2. @ නිහිංසා ජී,

      අච්චා! ත්‍රී මිලියන් බක්ස් හේ!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  21. චැහ්! හොඳම ටික නෑ නෙව! ඉස්කෝලෙ කතාවක් කාලෙකිං කියෙව්වෙ නෑ.

    ReplyDelete
    Replies
    1. @ රාජ් සහබ්,

      එව්වා එලි වෙන ජාමෙට!!

      හික්z!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  22. පිල්ලිය කොලුවො...ඔය පාසල් සිදුවීම් අස්සෙන්..කියහං බලන්න උඹට හින්දි ඉස්මුරුත්තාවට ආවෙ ඉස්පිරිතාලෙන් කක්කල් කැස්සට ගහපු ඉන්ජැක්සොන් එකවත් වැරදිලාද ?

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්....එල සිරා මල්ලි ++++++++++++++++++++++++++++

      Delete
    2. @ සිරා භයියා,

      හික්z!! අයියණ්ඩි ඔහොම අහනකොට මට ලැජ්ජයි හයියූ!!!

      හික්z!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  23. ඔයා හින්දිද? හික්ස්.......... කතාව ලස්සනයි.සුභපැතුම් !

    ReplyDelete
    Replies
    1. @ මංගල භයියා,

      අච්චා! අච්චා.....!! මේ හින්දුස්ථාන් පිල්ලි ජී හූ!!!

      බොහොත් ෂුක්‍රියා!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  24. මල්ලි .පෝස්ට් එකේ යටින්ම තියන කෙන්ජි@ජැපෑන් කියන එක වෙනස් කරපන් උඹ ලියන ඒවගෙදි ක.පි කියලා. කෙන්ජි ලියන ඒවගෙදි කෙන්ජි කියලා... අලුතෙන් බලන එවුන් මංඥං වෙයි නැත්තන්..

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත.

      මේක දාල තියෙන්නෙ කෙන්ජි ගෙ ලොගින් එකෙන් නේද?

      බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකේ settings එකේ basic කියන එකට ගියාම එන පේජ් එකේ 'Add authors' කියල එකක් තියෙනවා.

      ඒකෙ තමන්ගෙ (පිල්ලිය ගෙ) ඊමේල් එඩ්‍රස් එක දීලා ඉන්වයිට් කර ගන්න. ඊමේල් එකට එන ඉන්විටේෂන් එක ඇක්සෙප්ට් කරන්න. එතකොට තමන්ගෙ (පිල්ලිය ගෙ) ලොගින් එකෙන් ම පබ්ලිෂ් කරන්න පුලුවන්.

      මේ කිසිම අතකින් සමාන නැති දෙන්නෙක් ගෙ කිසිම අතකින් සමාන නැති බ්ලොග් කන්ටෙන්ට් වලට නම් හොඳම දේ වෙනම බ්ලොග් දෙකක් හදා ගන්න එක තමයි.

      Delete
    2. ඌ ඊලග කොටස දාල KP ගෙ නමින්ම බොගක් එනව බන්ස්ල ....
      සමහර විට ඊලග කොටස උගේම බොගේ වෙන්න පුළුවන්...

      Delete
  25. පිල්ලි ජී, කෙන්ජයියට වැඩිය පොඩ්ඩයි වගේ හොද බලාගෙන යද්දී.. ඉස්කෝලේ කතානම් ඉතින් එමටයිනේ..

    ReplyDelete
    Replies
    1. @ මංගල භයියා,

      හික්z! මාමා ජී වගේම නැතෙයි උන්දැගේ බෑනා ජීලාත්!

      සිරාවටම! ඉස්කෝලේ සීන්ස් ඇදින්න පටන් ගත්තොත්, පොස්ට් පන්සීයත් පන්නන්න පුලුවනි නේන්නම්!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  26. කතාව සුපිරියි......කතාවට හානියක් නොවන විදියට වැල් වටාරම් අඩු කරන්න බලපං පුත්‍රයා...
    අර දේශක මාම ජී තේරුම් නැහැල්ලු.......පොඩ්ඩක් තේරුම් කොරල දීපං ..,

    ReplyDelete
    Replies
    1. @ මාමා ජී,

      අනිවා!! මේ වැරදි ආයේ සිදු නොවෙන්න පුලුවන් තරම් ට්‍රයි කරනවා!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  27. හදිසි වෙන්නෙ නැතුව ලිව්ව නම් හොඳයි.. කෙන්ජි කිව්ව වගෙ ටිකක් වැල්වටාරම් අඩු කලොත් හොඳයි..

    ReplyDelete
    Replies
    1. @ සරත් සහබ්,

      ඔබතුමා හරි! ඇත්තටම මම පෝස්ට් එක ලිව්වේ සෑහෙන වැඩ රාජකාරෙ ගොඩක් මැද්දේ!! ඒ නිසා ඉතින් නැවත බැලීමක් කරන්න කල් මදි වුණා!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  28. හම්බේ බං මේකෙ දිග.. හිටු නිවාඩු දාල එන්න..

    ReplyDelete
    Replies
    1. @ සෑම් ජී,

      හික්z!! ඔය ලියලා තියෙන්නේ අතුරු කතා නැතිව! එව්වාත් එකතු කලා නම් එහෙම, ජොබ් රිසයින් කරලාම මිසක් කියන්න හම්බ වෙන්නේ නෑ ඕං!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  29. मैं कुछ भी समझ में नहीं आया :D :D

    ReplyDelete
    Replies
    1. අකුරු වලටම ගැලපෙන මුණ අනී ........මම ආසයි.... ඒත් ...ඔයා දැන් බැදල නේ.... හෙක්...හෙක්..

      Delete
    2. පික්ෂුද....ඉවාන .....එයා අපේ බ්ලොග් ලෝකයේ.... සුරුපිණිය නොවැ ...දෙයිද එහෙම ..නොම්බර්....එයා ගෙ අහවල..... බොයි නහරේ .....ලේ.....

      Delete
    3. @ චෝටා කුමාරිහාමී ජී,

      मैं बहुत शर्मिंदा महोदया कर रहा हूँ! सामान की इस तरह हमारी तरह बुद्धिमान लोगों के लिए कर रहे हैं!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  30. අම්මේ දිග ...මටත් හිතුනේ වැල් වටාරම් ටිකක් වැඩිද කියලා .

    ReplyDelete
    Replies
    1. කොහොමත් එල කොල්ලොන්ගෙ ඒවා....දිගයි....අෆ්ෆා....

      Delete
    2. @ ඉවාන් සහබ්,

      ආයේ ඒ වැරැද්ද නොවෙන්න වග බලාගන්නම්!!!

      @ මාමා ජී,

      හික්zම තමයි!!
      ජයි හෝ!!!!!!!!!

      Delete
  31. කෙන්ජි&පිල්ලිජි.........දිගටම ලියපන් කෙන්ජි. මම වැඩ අධික සීන් එකක ඉන්නේ. ආපහු එන්නම්.

    ReplyDelete
    Replies
    1. @ අරූ සහබ්,

      අනිවාර්යයෙන්ම!! මේ දවස් ටිකේ පිල්ලි ජීත් සෑහෙන්න බිසී!! ඒකයි මේ කමෙන්ට් කරන්නත් මෙච්චර පරක්කු වුණේ!!!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  32. මොකක්ද මේ ජරමරේ. අපි ආවෙ කියවන්න.

    ReplyDelete
    Replies
    1. @ නිල් මානෙල් ජී,

      @ නිල් මානෙල් ජී,

      //මොකක්ද මේ ජරමරේ. //

      පෝස්ට් එකද නැත්නම්...........

      හික්z!!

      ජයි හෝ!!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  33. කෝ ඉතුරු ටික.. එක පාර සේරම දැම්මා නම් ඉවරයි නේ

    ReplyDelete
    Replies
    1. @ මොණරී ජී,

      බුදු අම්මෝ!! හිතන්නවත් එපා අක්කේ/ නංගියේ.....!! පාර් වන් එක දාලම වෙච්චි හරිය දකින්න ඇති නේ.....!
      හික්z!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
  34. මේ කියන්නේ ධර්මාලෝකේ ගැනදබං? ගුරුකුලේ වෙන්න බැරි ඒකේ ප්‍රයිමරියක් නොතිබ්බ නිසා.

    ReplyDelete
    Replies
    1. @ හෙන්රි සහබ්,

      නහී සහබ්.....! අපෙ ඉස්කොලේ තියෙන්නේ ඔය ඉස්කෝල දෙකට අතරේ බියගම පාරේ......!!

      මීට අවුරුදු 4කට විතර කලින් ඉස්කෝලේ නමත් වෙනස් කලා!!

      ජයි හෝ!!!!!!!!!

      Delete
    2. සහබ්,
      හරි මං දන්නව. ඔය ඉස්කෝලේ තාප්පෙත් කඩලා සංවර්ධනය කලා නේද? ගොඩනැගිල්ලකත් පැත්තක් ගියාද මන්දා. මට ඒවගේ මතකයක් තියෙනවා.
      ජයි හෝ!!!!!!!!!

      Delete
  35. හෙක් හෙක් අපේ ඉස්කෝලෙන් පනින්න පෑල කියල වෙනම පොත එකක් තිබුනා, එතනින් පනින එක ෆුල්ල් ඩේන්ජර්, පොද්ද මිස් උනොත් දියවන්නාවෙන් නාගෙනම යන්න පුළුවන්. එත් ඉතින් අන්තිම කාලේ අපි වගේ එවුන්වත් ප්රිෆෙක්ට් කරපු නිසා අපිට ඕන වෙලාවට අවා, අපිට ඕන වෙලා වට ගියා, ප්රිෆෙක්ට් බැජ් එකට මාර සැලකිල්ල, එකෙන්ම පෙරිඔඩ් හිටන් කට් කරනවා ඉතින්. මරු කතාව, ආතල් එකට බ්රේක් ගහලනේ ඉතින්.

    ReplyDelete
    Replies
    1. @ සොමියා සහබ්,

      ෂිහ්! අපේ ඉස්කෝල වල කොයින්දෑ ඔච්චර පහසුකම්......!!!!!!! හික්z!! අපිට ඉතින් ගේට්ටු/තාප්ප සරණම තමයි.....!!!!

      මම ජීත් එක කාලයල් ප්‍රිෆෙක්ට් වෙලා හිටියා!! ඒත් ඒ දවස්වල දැම්මේ වෙන වෙන සෙල්ලම්!! (ගෙදරට ගිහින් තේ එකක් බීලා ආපු වෙලාවලුත් තිබුණා!)

      ආයේ ඉතින් කවදා කරන්නද??

      ජයි හෝ!!!!!!!!!

      Delete