Sunday 27 July 2014

සිංහල සිනමාවේ රස මුසු තැන් 4 කොටස

ඔන්න මං ඔයාලට කුණු හබ්බ ලිවිල්ල නවත්වල බයිස්කෝප් කතා ලියන්න ඕනියි කියල ඉතල පල්ලෙහා ලිපිය ඔයාලට ලිව්වාය....එහෙම ලියල .... ලබන වසරෙ සකුරා මල් පිපෙන සමයෙ මා දෙවැනි වර යුග දිවියට එළඹෙන්න සිටින .... දැනට ඔසී වල ඉන්න මගේ "අනී" සමග ස්කයිප් චැටක් දාගෙන ඉද්දි...........
"මම අද උදේ බයිස්කෝප් කොරන හැටි ලියන්න පටන් ගත්ත........"
"එහෙමද.......?තව පිස්සෙක් හින්දි ෆිල්ම් එකක් හදන විදිය ලියල තිබ්බ.... ඔයයි ගේ යාලුවෙක්ද ....අ.....නී.....!!!! ?" 
"ඔව් .... බොගෙ සියල්ලෝම මගෙ පෙඩා ල/පෙඩි ල තමයි මනිකි ...... නොදුටු.... හෙක්.... හෙක්.... " 
"ඔයාගෙ ඔය ඉනාවට ...Boys ල K අකුල මුලට දාල ... ඉනාව කියනව නේද...... සුදු...... හි....හි....හි....."
"හ්ම්ම්ම්......."
"ලියපු එක In Box එවන්නිකු අ......නී ......!!! "
"හ්ම්ම්......"
මම ඉතින් ලියපු එක යවල .... වැරදි /අඩු පාඩු බලමින් උන්න ලියපු එකේ....බ්‍රැන්ඩි ටිකක් තොල ගාමින් & ඩන් ඉල් එකක් උරමින්....ඔහොම විනාඩි 6ක් 7ක් ඉද්දි ........ උඹලට කියන්න ...... මේ හුත්තිගෙ කෙල්ල කිව්වෙ මොකක්ද කියල දන්නවද .....යකු........ නේ..... ?
"මට නම් බෝරින් අනී......!!!!" කියලාය...... ඉතිං ..ඒකිට දැනිච්ච දේම ද දැනෙන්නෙ කියල .... කියවලම බලපල්ලය...
***************************************************************************************************************************************


චිත්‍රපටයක් නැරඹුවාම අපි හිතන්නෙ රගපු නළු නිලි යන් ගැන සහ කතාව ගැන පමණි.එය විශාල පිරිසකගේ දායකත්වයෙන් බිහිවුන නිර්මාණයක් බව දන්නේ කුඩා පිරිසකි.මෙයින් දර්ශන රූපගත කිරීම ප්‍රධාන තැනක් ගන්නේ .....විවිධ ශිල්පින් රාශියකගේ සහභාගිත්වයෙන් සිදුවන බැවිනි.අධ්‍යක්ෂක /සහය අධ්‍යක්ෂක ..... කැමරා ශිල්පී/සහය කැමරා ශිල්පී & වේශ නිරූපණ ශිල්පී, කලා අධ්‍යක්ෂකsaha විවිධ සහය ශිල්පින් ප්‍රධාන තැනක් ගනී.
# සහය අධ්‍යක්ෂක නළු නිලියන් පිටපතේ තිබෙන ලෙසට දෙබස් මතකයෙන් කියනවාදැයි සොයාබලන විට ..... අධ්‍යක්ෂක ඔවුන් රගන අයුරු නිරීක්ෂණය කරමින් නිවැරදිව රගන ලෙසට උපදෙස් දෙනව.හැබැයි .... ගාමිණි අයිය ප්‍රධාන චරිතය රගපාපු ගොඩක් පටි වල කැමරා කෝණයේ සිට දෙබස් දක්වා ඔහුට උවමනා ලෙසටම සිදුවිය.....උදාහරණයකට කියනවනම් "සරුංගලය" චිත්‍රපටය යේ අවසන් රූපගත කිරීම් කලේ යාපනයේය......(වැල්ලවත්ත හෝ රත්මලාන රේල් පාරට ආසන්න මුඩුක්කු ගෙවල් වලට තාවකාලිකව හැදු සෙට්ස් වල ගොඩක් රූපගත කිරීම් කලා .....) එවිට සුනිල් A ජැෆ්න යුනි ද මන්ද....... අවසන් දර්ශනය රූ ගත කරල ලොකු කෝවිලක් ඉදිරි පසදී ..... ධර්මශ්‍රි මුණසිංහ ගෙන් ( මට මතක ලෙසට සහය අධ්‍යක්ෂක) තිර පිට පත අතට ගත් ගාමිණි ලොක්ක....."සුනිල් .... මේකෙන් වෙන එකක් කරනව " කියා ඔහුට පිට පත දුන්නේය.ගාමිණි රගපාපු ...ඔහු අධ්‍යක්ෂණ නොකරපු වල 99% ම එසේය....ශ්‍රියානි /ආතර් A යුවල පළමු වරට නිෂ්පාදනය කල .....සිරි කුලරත්න අධ්‍යක්ෂණය කල චිත්‍රපටය නම් සිරිට ඕන විදියට කලා....

#කැමරා ශිල්පියා ලොකු මෙහෙවරක් කල යුතුය....පිටත/ඇතුලත දර්ශන ආලෝකය ගැලපෙන අයුරින් ගලපමින් රූ ගත කිරීම ඔහුට ඇති ප්‍රධානම කාර්යයයි ....එයට සහය කැමරා ශිල්පී & විදුලි කාර්මික ශිල්පීන්ගේ සහය නොමදව අවශ්‍යය...කැමරා ශිල්පියාට සහය කැමරා ශිල්පියාගෙන් නොමද සහයක් ඉතාම අවශ්‍යය .... එනම්.....තනි රූප රාමුවක් රූගත කරන විට කැමරා කාචයේ පැහැදලි (focussing ) කිරීම දුර මනින ටේප් පටයකින් මැන ගෙන රූ ගත කරන අවස්ථාවේ හරියට සටහන් නොකලොත් වන්නේ අපැහැදිලි රූප රාමුය......නමුත් ඇවිද කතා කරමින් යන විට හෝ ගීතයක් ගයමින් මල් ගස් වටේ දුවන දර්ශන ගන්නා විට සහය කැමරා කරුගේ පුක ඉරෙන්නේය..... පෙර පුහුණුවීම් කරන විට කැමරා ඉදිරියේදී ඔහු අනුමාන වශයෙන් දුරවල් මැන ගෙන සිහියේ තබාගත යුතුය...
අහවල් තැනට යද්දී මෙච්චර දුරක නළු නිලියන් ඉන්නේ කියා..... කැමරා ශිල්පියා රූගත කිරීම් කරද්දී ...කැමරා කාචයේ දුර වෙනස් කිරීම තිතට විය යුතුය.....

ඇවිද යමින් සහ ගීත ගයමින් යන අවස්ථාවල ඩොලිය නමින් හදුන්වන .... රේල් පිලි මෙන් පයිප්ප හෝ U අයන් පිලි මත රෝද හතරකින් සමන්විත 4X4 පමණ ලෑලි තට්ටුවක් උඩ ( පසු කාලීනව මෙය මගේ මතකයේ හැටියට නුවර පැත්තේ ආයතනයක් ඉතාමත් හොදට කැමරාව සවි කොට කැමරා ශිල්පියාට ඉදගෙන යා හැකි අයුරින් සෑදුවා.) කැමරාව සහිත ත්‍රිපාදකය (tripod ) කැමරා ශිල්පී/අධ්‍යක්ෂක කියන වේගෙන් තල්ලු කල යුතුය.තල්ලු කරන්නා මැනවින් නොකළහොත් ගැස්සීම් (jerk ) වී කීප වරක් රූපගත කිරීම් කරන්නට වෙනවා.
මෙවැනි අවස්ථාවල කීප විටක් පෙර පුහුණුවීම් කර කැමරා ශිල්පියා සතුටු පසු තමයි දර්ශනය ගනු ලබන්නේ.දල සේයාපට අපතේ නොඇරීමේ වගකීමත් කැමරා ශිල්පියාගේ ප්‍රධාන කාර්යයකි.කීප වරක් දර්ශන ගතහොත් මුලින් ගත් සියල්ල ඉවත දමන්නට සිදුවේ.

එබැවින් clapperboard එකේ scene no ..... shot no .... take no ..... සටහන් කොට දර්ශනයක් ගැනීමට ප්‍රථම රගපාන අයවලුන් ගේ ඉදිරියේ එම bord එක දර්ශනය කොට වහා ඉවත් විය යුතුය.මුල් කාලවල නම් clapper boy කියා වෙනම පුක් කොල්ලෙක් සිටි බව අසා තිබුනද මා නම් එවැනි කෙනෙකූ දැක නැත.මම දන්නා විට නම් එවෙලේ එතන සිටින නිකමෙක් අල්ලනවය.දර්ශනය ගැනීමට පෙර එම බෝඩ් එක ඇල්ලීමට අතපසු වුවහොත් ....රූපගත කිරීමෙන් පසු එය උඩු යටිකුරු වෙනසේ හරවා රූ ගත කරනව.සහය කැමරා ශිල්පී මේ සියල්ල camara report හි සටහන් කල යුතුය.take කීපයක් ගතහොත් අධ්‍යක්ෂක/කැමරා ශිල්පී කියන take එක ok යනුවෙන් එහි සටහන් කල යුතුය.මෙය සංස්කරණ ශිල්පියාට අත්‍යවශ්‍ය සටහනකි.හුගක් වෙලාවට සංස්කරණ කටයුතු වලදී අධ්‍යක්ෂක/කැමරා ශිල්පී ද සහය වන අවස්ථා ඇත.

එළිමහන් රූගත කිරීම් වලදි කාලගුණය මහත් බාධා ගෙන දෙනවා.එයින් වැස්ස ප්‍රමුක වෙනවා.අනිත් කරුණ වලාකුළු වලින් බර අහස.හිරු එලිය පැහැදිලි ලෙස නොවැටුන හොත් පරාවර්තක බෝඩ් (reflector board ) වලින් රංගන ශිල්පීන්ට දෙන ආලෝකය ලබා දීමට නොහැකි වනවා.වැස්ස නොමැතිව දවස පුරාම අහස වලාකුළු වලින් පිරි තිබෙනවා නම් ( මේ තත්වය කදුකර ප්‍රදේශ වල බහුලය) විදුලි ජනක (gennerator ) යන්ත්‍රයකින් විදුලිය ලබාගෙන විදුලි පහන් ( මෙම විදුලි ලාම්පු විවිද ප්‍රමාණයෙන් එලිය ලබා දෙන ඒවා තිබෙනවා)මගින් ආලෝකය ලබා ගන්නවා.

හිරු එලිය වලාකුළු වලින් වැසෙනවා .... යලි හිරු එලිය වැටෙන අවස්ථා හරිම කරදර ය.එම අවස්ථා වලදී විශේෂ දැනුමක් තිබෙන කාර්මික ශිල්පියෙක් තද කළු කාචයක් අත රැදිව එම කාචයෙන් අහස දෙස විපරමින් සිටිමින් ....එම අවස්ථාවේ ගනු ලබන දර්ශනයට යන කාලයට ගණනය කොට ..... හිරු ( මේ කිව්වෙ අපේ කොට්ටාවෙ එකී නෙමේය) වලාකුලකින් මිදුන වහාම..... take එකට යා හැකි බව දැනුම් දෙනව.හැබැයි නොහිතපු ලෙස සුළං වේගය වැඩි වෙලා take එක මැදදී හිරු වලාකුලින් වැසි ගියහොත් අබ සරණය...අරූ ට බැනුම් කෝටිය ය.

සහය කැමරා ශිල්පියාට තව මල වදයක් වෙන අවස්තාවක් තිබෙනවාය.එනම් ගාමිණි ලොක්ක රගන එකක් වූ විටය.ඔහුට හැම take එකටම පෙර පුහුනුවක් කැමරා ඇසින් බැලිය යුතුය.එහෙම වෙලාවට කැමරාව අසලට ගොස් සිගරට්ටුවක් ගෙන එය වෙනම ෆිල්ටරයක රදවා ....දල්වා ගෙන උගුරක් ඇද ..... අසලම සිටින සහය කැමරා ශිල්පියාට දිගු කරයි.....එසේ කරන්නෙ....
"උඹ උරාපන් ...මම බලනකන් " කියල නෙමේය.....
"මම බලනකන් .... අල්ලන් ඉටු" නොකිය කියාය....
කැමරාවෙන් සියල්ල බලා ඇස් ඉවත් කල වහාම.....

"සර්....!...සර්......!.....සර්,,,,,,,!..." කියමින් කොතෙක් දුම්වැටිය දික් කලද ...... නො ඇසූ කන්සේ.....ඒ දෙස නොබලාම..... අධ්‍යක්ෂකහෝ නලුනිලියන් සමග කතා කරමින් හෝ උපදෙස් දෙමින් සිටි.සිගරට්ටුව නිකම්ම දැල්වී ගොස් හමාරය.එවිට සහය කැමරා ශිල්පියා කරන්නෙ වේශ නිරුපක ශිල්පිය අත ෆිල්ටරය තැබීමය.එවිට ඔහු කරන්නෙ නිවුන සිගරට් කොටය ගලවා විසි කොට කොපුව ලොක්ක අත තැබීමය.එහෙම දෙන සමහර වෙලාවට ලොක්ක ....

"ඔන්න ඕක ක්ලීන් කරනව අයිසේ ...." කියයි...... එවිට ෆිල්ටරය යට කොටසින් කරකවා ගලවා මැද තිබෙන නිකල් කූර වටා තැවරී ඇති තද දුඹුරු තාර පුළුන් වලින් ක්ලීන් කොට නැවත ඔහු අතට පත් කරනු ලබයි..... අදට ඇතිය.....පසුව මෙවැනි විස්තරයකින් හමු වෙමු..... ඔබ ලා කැමති නම් පමණක්. ..... ඊයේ මගේ .... "අනී" කියපු එකට මගෙ සිත තාමත් රිදුම් දෙනවාය.....

109 comments:

  1. Replies
    1. ඔය කෑල්ල දැන් පරණයි මචං ......
      දැන් අහන්නෙ >> අපිට කිඹි ලි බනිස් ද << ..... කියල බං ..හෙක්.....හෙක්.....

      Delete
  2. මචන් මේක පොඩ්ඩක්වත් බෝරින් නැති ලිපියක්. ඒත් ඒ කෙන්ජස්ටයිල් නම් කුණුහරුප වලින් කිචිකැවෙන්න බලා නොඉන්න කෙනෙකුට. ඉතුරු ටිකත් ඉක්මනින් දාහන්. ප්‍රශ්න අහන්න ලොග් උනාම උදේට එන්න බැරිය.

    උපශාන්ත

    ReplyDelete
    Replies
    1. බෝරිං නැත්නම් එල මචෝ......
      බදින්න ඉන්න එකී නොවැ බං .....ගහන්න කියල යෑ ....... ගහන එක ඉතිං බැන්දට පස්සෙ තමා....
      හා මචෝ.... වරෙන්......
      කවුද මේ අපේ ඉන්දික ද....?

      Delete
  3. අනි කියන විදියට නැටුවොත් අබ සරනය.
    බෝරිං නැට්ටද දන්නේ නැතිය.
    නැතිනම් නැට්ට නැතිව බෝරිං ද දන්නේ නැතිය.

    සිනමාවේ තාක්ෂණික ඉම නොදන්නා අපට සාමාන්‍ය දැනුම ලබාගත හැකි සහ නොකඩවා කියවිය හැකි ලිපියකි.

    ReplyDelete
    Replies
    1. ජීවා ...... උඹ වරෙන් අපේ ඉන්දිකගේ බයිල සාජ්ජෙට.......
      මම දැකල/අහල තියෙන දේවල් උඹල එක්ක බෙදාගන්න හිතුව මචං .....

      Delete
    2. මොකක්ද මචං ඉන්දිකගේ බයිල සාජ්ජෙ

      Delete
    3. සැහැල්ලුව බලන්න එතන තියනවා බයිලා පොලක්.

      Delete
  4. නොදන්නා කරුණු එකක් හෑඉ ඉගෙන ගත්තා නේ.. මචෝ ගාමිණි ඇවිල්ලා අර්ෂශ් රෝගියෙක්ද? මොකෝ මම අහලා තියෙන විදියට කොයි වෙලාවෙත් මල පැනලා ඉන්න පොරක්. ගාමිණි ඇවිල්ලා ඕවර් ඇක්ටින්.

    ReplyDelete
    Replies
    1. ගාමිණි කියන්නේ ඕවර් ඇක්ටිං කියන එකට තියෙන හොඳම එක්සාම්පල් එක. තවත් ඕවර් ඇක්ටිං පොරක් තමයි සතිස්චන්ද්‍ර එදිරිසිංහ , ඇක්ටිං නම් ජෝ ....

      Delete
    2. උඹල නොදන්න දෙයක් දැනගන්න එක සතුටුයි.....
      එයා ගැන කතා කර වැඩක් නැත.......
      ජිවතුන් අතර සිටියා නම් දන්නා සියල්ල ලියමි.....

      ඔව් ඉවාන් මල්ලි..... ජෝ පප්ප තමා.......

      Delete
    3. @ඉවාන් ++++++++
      මාත් කැමතිම ජෝ අබේවික්‍රම මහත්මයට තමයි..

      @කෙන්ජි : ගාමිණි ෆොන්සේකා ගැන අහන්න ලැබිලා තියෙන්නෙම ඔන්න ඔහොම කතා තමයි..අනේ මන්දා...සිනමා ඉතිහාසයේ වැඩිම බලතල තිබ්බ සහ වැඩිපුරම ඩිමාන්ඩින් නළුවා එයාද?

      Delete
    4. වැඩිම බලතල රෙද්දක් එයාට තිබ්බෙ නැහැ බං ....
      හැබැයි එයා එහෙම හිතං ඉන්න ඇති....

      Delete
  5. අපි පුක උඩ දාං බැලුවට ෆිල්ම් එකක් රූගත කරන එකත් ලේසි පාසු වැඩක් නෙවේ නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් බං ....ඔය කට්ටිය තමා කට්ට කන්නෙ .......
      අද ඕවට සම්මාදම් වුන එව්වො ලෙඩ ඇදන් වල දුක් විදිනව ...
      කඩේ යන ...අම්මට හැමිනෙන නලා කාරයො රාජ්‍ය උත්සව වලින් මිලියන් ගණන් හම්බ කර කර සැප ගන්නව .....

      Delete
  6. පට්ට ඕයි.. කෙන්ජායියා පිචාර් එකක් හැදුවොත් ඉල්ලා ගන්න ඕනේ කැරට්ටුවක් . අර උද ඉඳන් දෙවනියට තියෙන පින්තූරේ දකුනුපත්තේ කෙලවරේ කහපාට ටීෂර්ට් එකක් ඇඳන්, සන්ග්ලාස් ගෙන ඉන්නේ කෙන්ජයියා නේද ? ශා මාර හැන්ඩ්සම් බුවානේ

    ReplyDelete
    Replies
    1. පට්ට නම් ෂෝයි...... අනී දුටුවොත් මොනා කියයිද මන්ද......
      කැනඩාවේදී එකක් කලොත් දෙන්නම් ෂුවර් එකට.....
      පික්ෂුද බං ..... එයා ට ඉස්සරහින් ඉන්න ...කළු T ඇදල ඉන්න බුවා....
      ඒ .... මගෙ පිය තුමා........

      Delete
  7. ඉතිං අර කෙල්ල කෙල්ලක් වෙලා තියෙන්නේ ඒ කියපු එක නිසා නේන්නං යකෝ. නැත්තං කොල්ලෙක් වෙනවනේ. හුහ්....මේකා ඒ ජාතියේ එකෙක්ද කොහෙද.

    පිචර් කෙලියේ තරම තේරුම් ගත්තේ ගාමිණී ෆොන්සේකා උන්නැහේ දියතලාව කඳවුරේදී 'නොමියෙන මිනිසුන්' රූප ගත කරද්දී. (අපිත් පොඩි පොඩි කෑලි වැල හිටියා. ඔව්ව පත්තරවල වැටෙන්නේ නැති එකයි දුක :D) අම්මපා පිචර් එකක් ගහනවා කියන්නෙත් යුද්දයක් වගේ තමා.

    ReplyDelete
    Replies
    1. පස්සේ කාලෙක නොමියෙන මිනිසුන් ෆිල්ම් එක බාගෙන බැලුවා, මටනම් මතක එකේ හිටියේ සංගීතා විතරයි වගේ... තව කට්ටිය හිටියද ? :P

      Delete
    2. හිටපු එකම සින් එකත් එඞිටර් මල්ලිගේ කතුරට බෙල්ල කැපුනා වගේ කැපිලා ගිහින් බං..
      මම නම් ගගේ පනිනවා
      වතුර බිලා මැරේනවා

      Delete
    3. එහෙනම් ඉතින් විචාරක තුමාට කියන්න ඕන නැහැ ඇස් දෙකින්ම දැකල තියෙනව නේ....එයාගෙ මෝස්‌තර....
      ඉවාන බෝල මුණ එකිලට & හිනා වෙද්දි කම්මුලෙ හිල මතු වෙන එකීලට මනාප බව පත්තර යක තිබ්බ....
      පොඩි කෑලි වලට ඉන්න ඒවට අබ සරනම තමා මෙන්ඩිය ....

      Delete
  8. කැමරාකරණය ගැන නම් මෙලෝ දැනුමක් නැත . පෝස්ට් එක එල . :)

    ReplyDelete
    Replies
    1. එහෙමද...
      බයිස්කෝප් කැමරා ගැන නැතුවට ...අනිත් කැමරා ගැන දන්න ගොඩක් අය ඉන්නව බොගේ ...

      Delete
  9. අනේ.. ඒකි දන්න ඉටිගෙඞිය (අනිට බැන්නට තරහා නෑනේද?). මට නම් ඔයාගේ ලිපියක් මැඡික් වගේ..අපි නොදන්න දේවල් කොච්චර ඉගෙන ගන්නවද.

    ReplyDelete
    Replies
    1. උඹව දන්නව ඒකී .... මෙන්ඩිය .....
      එයා උඹට කියල තමයි පටි නැති >> එලද බ්‍රා << එක හදව ගන්න ඉන්නෙ ...වෙඩිමේ දවසට අදින.....
      පොඩ්ඩක් ඉදින් ...කියා දෙන්නම්.... ටිකින් ටික....

      Delete
    2. අනිවා අයියන්ඞි, වෙඞිමට විතරක් නෙමෙයි ඡිවිතේ ඔනම අවස්ථාවකට ගැලෙපෙන ආකරයේ අවශතා සදහා මෙන්ඞියා අමතන්න.
      එංගලන්තේ රඡකුමාරිකවෝ ඇමරිකාවේ ඡනාධිපතිගේ ගැනිටවත් නැති collection එකක් දෙනවා අයියන්ඞි උඔ ඉල්ලුවොත්.

      Delete
    3. thnx .... මට ඕනා කවුරුත් ඇදපු නැති ඒවලින් එයාව සරසන්න & සනසන්න....මෙන්ඩි ....

      Delete
  10. පෝස්ටුව නං පට්ටය...
    ඉතුරු ටිකත් එනකං බලංඉන්නවාය...
    ජයවේවා යයයයය

    ReplyDelete
    Replies
    1. එහෙමද..... ය....
      ගොඩක් අය කැමති බව පෙනේය .....
      දිගටම ගෙන එමිය......
      මට නම් නොපැතුවත් ... කවුරුත්.....
      හැමදාම ජයය......!

      Delete
  11. බලන් ගියාම චිත්තර පටියක් බලන තරම් සුන්දර නෑ නේද ඒවා හදන්න ගියාම.

    ලිපිය නම් කීමට වචන දෙකක් නෑ පට්ටය. සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තාය.

    ඇනී විහිළුවක් කරලා වගේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔය කට්ටිය තමා කට්ට කන්නෙ ..... කවුරුත් නොදැන මියදෙන්නෙත් එයාලමයි....
      එහෙමනම් සතුටුය මල්ලි.....
      එයා මට කියන්නෙම මල පනින හුත්තවල් බං ........

      Delete
  12. බෝරින් නම් කොහෙත්ම නැත.
    ඒත්,.... කවුද මේක ලිව්වෙ? :-D

    ReplyDelete
    Replies
    1. එහෙමද මචෝ........
      මට මැරෙන්න හිනා යකෝ....... අන්තිමට අහල තියන ටිකට....
      උඹ හිතුවද..... යකූ....... මම ලේඛිකාවන්ට කියල ලියව ගන්නව කියල.....
      ඉදල හිටල ගොටු කොළ/අගුණ කොළ මැල්ලුමක් ලියව ගත්තට....... හෙක්....හෙක්....

      Delete
  13. කෙන්ජි...බෝරින් කියන්න ඇත්තේ පොස්ට් එක නෙමෙයි යකු, ස්කයිප් නොකර ඉන්න එක....මීට පස්සේ ස්කයිප් සෙෂන් එකෙන් පස්සේ ඒ කියන්නේ ඉවර උනාටත් පස්සේ ඉන් බොක්ස් යවන්න අනී....
    වැලිකතරේ, නිධානයේ උනත් ගාමිනී ඕවර් ඇක්ටින්.....රඟම පානවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ආකිය..... හෙක්.... හෙක්.... තෝත් ඇවිල්ල මම වගෙ එකා නොවැ ....
      එහෙම යවනව .... බාගෙට බාගයක් වයස අඩු එකී නිසා.....
      කියල වැඩක් නැත.... ජෝ ලොක්ක තමයි....ඉතින්....
      ටයි මාස්ටර් කියන ඒවත් කියන්නම් ඉදිරියේදී.....

      Delete
  14. අපි බලාපොරොත්තු උනේ උඹ සතුව ඇති මේ අත්දැකීම් සම්භාරය ලියන එක මිසක කුණුහරුප කියන එක නෙවෙයි.ගෑනුයි මිනිස්සුයි බුදියගන්න හැටි නං මාද ඇතුළු හැම බ්ලොග් කරුවෙක් අතින්ම අඩු වැඩි වශයෙන් ලියවෙනවනේ.
    දැන් ඉතිං ට්‍රැක් එකට වැටුණු එකේ ඩොලියේ ඔහොමම යමු.උඹ ලියන කුණුහරුප වලට වඩා මේ කතා මට නං රසවත්.කියාගෙන යද්දී ඔව්ව ඇතුලෙ ඕනෑ තරං කුනුහරපත් තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. හැලපේ..දන්ඩ පහට දහයක්ම!

      Delete
    2. හා..... හැලප මල්ලියා......
      උඹ ...අටම් .... සිනමාව ගැන ලියන්නෙම නැහැ නොවැ ....
      මම ලියන්නම්......
      අනිවා ...උඹ කියනව වගේ....කුණු හබ්බ තිබේ.....

      ආකියා..... & ගයිය ..... තොපි දෙන්නත් ශාක්ෂි.... අර දී කිරි කියන රෙද්දට... හෙහ්...හෙහ්....

      Delete
  15. ලිපිය වටිනවා කෙන්ජි..නොදන්න හුඟක් දේ දැනගත්තා...අනී බෝරින් කියන්න ඇත්තේ ඉතින් එයා තාම කැමති ඇත්තේ සුරතල් කතා කියමින් ඉන්න නිසා වෙන්න ඕන..ඒ කෙල්ලගේ වැරැද්දක් නෙවෙයි මම හිතන්නේ හැමෝගෙම ඔය වයසේ වැරැද්ද..හික් හික්..

    සමහර ෂූට්ස්වල (ඔය වෙඩින් ප්‍රී ෂූට්ස් වගේ සිල්ලර එව්වයේ) කැමරාව උස්සන් වටේ දුවලා අර කැරකෙන ෂොට්ස් ගන්නවා මම දැකලා තියෙනවා (එව්වා නම් බයි එක්ස්පීරියන්ස් ලු!).. ඒ වුණාට ඔය සිනමා සීන් මාර ඉන්ටරෙස්ටින් නේ..තව ලියන්න තව ලියන්න...අපිටත් ඕව දැනගන්න...:)

    ReplyDelete
    Replies
    1. //තව පිස්සෙක් හින්දි ෆිල්ම් එකක් හදන විදිය ලියල තිබ්බ.... ඔයයි ගේ යාලුවෙක්ද ....අ.....නී.....!!!! ?" //

      ඇහුවට තරහ ගන්ඩ කාරි නෑ ආයිබෝං..මේ කිව්වෙ අර දිල් පීචං ක්‍යා හේ ගැනද දන්නේ නෑ?
      ඕං අනී ඔයා මට නම් පිස්සා කිව්වේ මගෙත් හිත රිදුණා අනී..:D :D

      Delete
    2. ඔව් ඔව් බොට තමයි ..........:P

      Delete
    3. සිරාවට මැලේ..අනී මට පිස්සා කියලා??? :O

      Delete
    4. හින්දි ෆිල්ම් හදන පිස්සා උඹ නැතුව මමයැ....? ඔන්න අපිනම් ඒක කියෙව්වෙවත් නෑ :P

      Delete
    5. ඈ ඉවානයෝ තිර පිටපත නොකියවාමද ප්‍රධාන සහය නළුවට රඟපෑවේ? පුදුම හැකියාවක් නෙව? :P අනේ වාසනාවන් ගෙවන්න තියෙන ගාණ ඉතුරුයි හැක් හැක්..:P

      Delete
    6. හ්ම්... අර වෙඩින් වල කරන මගුල් නම් මට අරහං ....

      Delete
    7. ඒවානම් ටිකක් විගඩං තමයි..ඒත් ඉතිං මක් කොරන්නෙයි අපිම ලියං අපිම අධ්‍යක්ෂණය කොරං අපිම රඟපාං අපිම බැලුවොත් ඇරෙන්න අපිට කොහෙන්දෝ ෆිලුම්! :D

      Delete
    8. ඒවානම් ටිකක් විගඩං තමයි..ඒත් ඉතිං මක් කොරන්නෙයි අපිම ලියං අපිම අධ්‍යක්ෂණය කොරං අපිම රඟපාං අපිම බැලුවොත් ඇරෙන්න අපිට කොහෙන්දෝ ෆිලුම්! :D

      Delete
  16. මේවා තමයි අපි වගේ හොඳම හොඳ ළමයි කැමති එව්වා ............. එල අයියෝ...... ඔය පිචර් වල රඟපාන සුකිරි බෝල වගේ අක්කලට අර පිචර් එකේ දුෂ්ටයෝ කරන්න දඟලන එව්වා සුටීන් නැති දවස්වලට ඔය ඔයා උඩම කියලා තියෙන තිරය පිටුපස කෂ්ටියත් කරන්න දගලනවා කියන්නේ ඇත්තද අනී ........ (මටත් ඕක කිව්වේ මේ ඉවාන් කියලා දහදුරා කොල්ලෙක්) ඇත්තනම් අපිට ඔයා දන්නා ඒවගේ කතාවක් දෙකකුත් බලන් හිටියා වගේ මැවිලා පෙන්න ලියලා දාන්නකෝ අනේ....... කාටවත් බොරින් වෙන එකක් නෑ

    ReplyDelete
    Replies
    1. අම්මප කිසිම රහසක් කියන්න හොඳ නෑ මේකටනම් .... :P

      Delete
    2. දගලන/දගලපු ඒවා ගැන පසුවට දෙන්නම් දෙයිය.....
      ඔයත් වේස ගහක් වෙලා.... මැලේ ඇවිත්.... හිටගෙන.....

      Delete
  17. එතකොට ඔය සිනෙ කැමරාවල කැමරාවල view finder එකක් නැද්ද කෙන්ජි අර විදියට ටේප් එකක් නැතුව manual focasing dial එකක් කරකවලා දුර මැන ගන්න? ඒක මේ සාමාන්‍ය කැමරාවලත් කරන්න පුලුවන් එකක්නේ.

    අර සක්විත්තාට තියෙන්නේ ඊගෝ ප්‍රශ්ණයක්.

    ReplyDelete
    Replies
    1. මචං මූ ලියන්නේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ කැමරා ගැන :D

      Delete
    2. මචං හෙන්රි.... අපේ නෙරංජ දීල උත්තරේ.....
      දුටු රාජාගෙ ටිකකට පස්සෙ ආව Arriflex /Panaflix කැමරා ලෙන්ස් ගැන කීවෙ .....
      දැන් අම්මට හැමිනෙන තාක්ෂනය....

      Delete
    3. නැ මචංල , අළුත්ම පැනවිෂන් කැමරාවක් උනත් , ඇරී435 එකක් උනත් ඔය ටේප් එකෙන් මනින මැනිල්ල අනිවා කරනව අදටත් ,

      ඩිජිටල් තැටි . කැමරා අනං මනන් කොච්චර ආවත් , සිනමාත්මක පටිගත කීරිමට සේයා පටලයක් මත ප්‍රතිබිඹබය ලබා ගැනිම තමයි අදත් පිලිගන්නා ක්‍රමය , ගූගල් කරල බලන්න නවින සෝනි ඩි5 , සෝනි ඩි55 , රෙඩ් වැනි කැමරා සහයක කැමරා ලෙසට බාවිතා කලත් බටහිර චිත්‍රපටි නිෂ්පාදනයේදී එයාල ඇමරිකාවේ නිෂ්පාදනය කල පැනවිෂන් කැමරාවක් හෝ ජර්මනියේ නිෂ්පාදනයකල ඇරිෆ්ලෙක්ස් කැමරාවක් ප්‍රධාන කැමරාව ලෙස යොදාගන්නව

      සිනෙ කැමරාවල කැමරාවල view finder එකක් අනිවා තියනව

      ටේප් එකක් නැතුව manual focasing dial එකක් කරකවලා දුර මැන ගන්න විතරක් නෙමෙයි නවීන කැමරාවල ස්ව්‍යක්‍රීයව අඩිවලින් හෝ මීටර් වලින් දුර , ආලෝක තත්වය වගේ දේවල් මොනිටරයක් මතට ෂටර් එක අසලට සවිකල කුඩා ඩිජිටල් කැමරාවකින් ලබාදීමත් කෙරෙනව

      ඒ කොහොම උනත් නලුනිලියන්ගේ චලනයන් , ආලෝක තත්වය , සේයාපටලයේ සංවේදීතාවය , ටැක් ඩොලියේ හෝ ක්රේන් එකේ වේගය , අමුනා ඇති ලෙන්ස් එක , වැනි දේවලට අදාලව ෂටර් ස්ප්‍රීඩ් එක සකසා ටේප් එකෙන් මැන දුර තීරණය කර ගැනිම තමයි දක්ශ සහය කැමරා ශිල්පියෙකුගේ ස්වභාවය .

      මොන තාක්ෂණයක් ආවත් ඒකයි සිනමාව කලාවක් වෙන්නේ , කොටින්ම චලනචීත්‍රයක් වෙන්නේ

      ඔය ඩිජිටල් ලබ්බවල් වලින් ඔය කෙලිය හරියට වෙන්නේ නැ , ඒකයි තවත් ටේප් එක භාවිතා කරන්නේ

      Delete
  18. මේක බෝරින් නෑ.... සිනමා ඉතිහාසය ලිපි පෙළ රසවත්. අරය විහිලුවට කියන්නැති බෝරින් කියල.

    ReplyDelete
    Replies
    1. එහෙම නේද බස්සි... thnx ....
      ම්ම්... උඹ ඉතිං දන්නව නොවැ ....
      ලව් කටාරමේ ඉන්න එකී වෙල ....
      පිය තුමාට නිරෝගී සුව පැතුවයි කියන්න.......

      Delete
  19. මට හොඳටම මේක රහයි.. ගොඩේ ගොඩ !!

    ReplyDelete
    Replies
    1. ම්ම්.... මේවට තෝ ආස බව දනිමි පුත්‍රය ......

      Delete
  20. මේවා තමයි කෙන්ජි මාමා අතින් ලියවෙන්න ඕනෑ,අපි චිත්‍රපටි බැලුවට මේවා දන්නෙ නෑ නොවෑ...කෝම උනත් මට හම්බවෙලා තියෙන පික්චැර් කියන එවා කරනවා කියන ඇයෝ ගහන අරක්කු සිගරැට් කන්ද දැකලා එපා උනා කිහිප සැරයක් ...

    ReplyDelete
    Replies
    1. එහෙමද පුත්‍රයා.....
      ඔය ඔබ දැකල තිබෙන දේත් ඉදිරියේදී ලිඅන්නම්....

      Delete
  21. ඔන්න කියෙවුවා.. මෙයා හොදම ඒවා ඉදලා හිටලා ලියන එකනේ ඉතින් අවුල.. මෙච්චර ෆිල්ම් ගැන දන්න එකේ ගහමුද ෆිල්ම් එකක්..

    ReplyDelete
    Replies
    1. හෙක්.... හෙක්.... එහෙමද.....
      කැනඩාවේදී කරන්න ඉන්න එකේ...... ඔය රටෙත් දාමු පොඩි සීන් ටිකක්....

      Delete
  22. ඒ............... කෙන්ජයි ජපානේ කට්ටියත් එකතු කරගෙන ෆිල්මිස් එකක් කරමුකෝ........... ඒකල්ලා අපි ඒක ලංකාවේ කපල් ලව් කරන්න විතරක් යන හෝල් වල දුවවමු...... දිව්වේ නැත්තම් තල්ලු කරන්න වුණත් අපි ඉන්නවානේ......................

    ලිපිය එළස් මචං............... දිගට ම ලියමු. කියවන්න ආසයි................

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... අපි බලමු....2017 දී විතර හොද එකක් හදන්න....
      අනිවා.... ලියනව ...

      Delete
  23. ගාමිණී ෆොන්සේකා ගැන කෙන්ජි ට තදබල ඉරිසියාවක් තියනවා කියල පේනවා. ඒ ඇයි කියලා වැඩිපුර හොයන්න අවශ්‍ය නැ. ගාමිණී ගේ පෞරුෂත්වයත් වැඩියෙන්ම ඉංග්‍රීසි දැනුමත් නිසා කෙන්ජිට ලොකු හීනමානයක් ඇතිවෙලා තියන බව පැහැදිලියි. ලිංගික ඉරිසියාවත් ඇති. ඉතින් මැරිච්ච මිනිහෙකුට බැනලා ඕක හොඳ කරගන්න බැ.

    ReplyDelete
    Replies
    1. හ්ම්.... ඔව් නේද මචං .....
      මේ ආනන්ද අබේනායක නෙමේ නේද.....
      මට නම් ඔය ගාමිණි හුත්තව අරහං මචෝ....
      දන්න රෙද්ද මම කියන්නෙ .....
      ඔය යකා සිංහලුන්ට කරපු පාදඩ වැඩ මම කියන්නෙ නැහැ....

      Delete
    2. මට සැක කෙන්ජි ගාමිනිගේ බෑනෙක්ද කියලයි.
      කෙන්ජි ලව්වා අරලිය උයනේ තණකොළවත් කප්පාදු කෙරෙව්වද සක්විත්තා.
      අනේ පව්..!

      Delete
    3. එහෙමද අනී .... හෙක්...හෙක්.....
      ඔයා ඉතිං හැමදේම අනිත් අය නොදකින කෝණයකින් බලන කෙනා නොවැ ....
      ඔයාට බෝරින් නැද්ද..... මේ.....රෙද්ද.........

      Delete
  24. මෙව ලියන්න ඉන්නෙ උබ විතරයි බන්.උබ මෙව ලියහන්.නැත්තන් කොහොමද අපිමෙව දැන ගන්නෙ.එල ලියවිල්ල.ගමිණි නිකන් අලිපුකෙන් වගෙ ඉදල තියෙන්නෙ නේද.

    ReplyDelete
    Replies
    1. හරි මචෝ......
      තොට අරව ලිව්වම.... කිති කියල දන්නව ...

      Delete
  25. කුණුහරුප ලිවීම නතර කරල මේ වගේ දෙයක් ලිව්ව එකටනම් කෙන්ජි මාමට ගොඩක් ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. හා.....
      මං එහෙම ලිව්වද......
      මට මතක නැහැ අප්පා.......

      Delete
    2. අනේ ඔව් (රහසින් ඒ වුනාට එාවත් ලියහන් අයියන්ඞි).

      Delete
    3. හා...මෙන්ඩිය ....

      Delete
  26. මෙන්න මේ වගේ ඒවා ලියපන් බං. කොච්චර ශෝක්ද. කෙන්ජි ඉස්සර ෆිල්ම්ස්වල ට්‍රැක් ඩොලි ක්‍රියාකරු කියලා ඒ පොරගේ නම දානවා නේද....මමත් ෆිල්ම්ස් ෂූට් කරනවා දැකලා තියෙනවා. ඒක හෙන ගේමක් නේද බන්. සිසිර කුමාරතුංග කියලා එකෙක් හිටියා මතකද ඔය පොඩි පොඩි ෆයිට් කෑලිවලට. අපේ බුවා කිව්වා ඌ ගාමිණිගේ බෙන්සන් කොට ගහන එකා කියලා. මචං අපේ බුවාත් ගාමිණි එක්ක රඟපාලා තියෙනවා. ඌත් මෙයා ගැන ඔය විස්තර කියනවා. ඒත් මට නම් ගාමිණි හොඳ නළුවෙක්. විජයගේ හොඳ ගතිගුන ගැනත් හරියට වර්ණනා කරනවා.

    ඉස්සර සිනමාවට සම්බන්ධව හිටිය හොඳ කොණ්ඩා නිරූපණ ශිල්පියෙක් මෑතකදි පත්තරේට ලිපියක් ලියලා තිබුනා. පොර ගාමිණි, විජය, රවීන්ද්‍රයා ගැන කියලා තිබුනා. ගාමිණීගේ කොන්ඩේ හදපු පළවෙනි දවසේ පොරගේ අතපය හිරිවැටුනාලු බයට. විජේ පොඩි ළමයෙක් වගේලු. සමහර දවස්වලට විජේම කොණ්ඩේ හදාගෙන "මේ බලපන් මල්ලි හරිද "කියලා අහනවාලු. එක එක ජාතියේ බනිස් තමයි මචං.

    ReplyDelete
    Replies
    1. සිසිර කියන්නෙ තට්ටෙ පොරක්ද මචෝ.....
      මම මේව ඇසින් දැක වගේම ...තාත්තාගෙන් අහගෙන තමයි නොදන්න දේවල් අහගෙන ලියන්නෙ ...
      මචං විජේගෙ කවුරුත් නොදන්න දෙයක් තියෙනව ... එය මම ඉදිරි ලිපියකදී කියන්නම්...

      Delete
    2. ඔව් බං තට්ට පොරක් තමයි.

      Delete
  27. කතාව මරු....
    පොඩි ප්‍රස්නයක් තියෙනවා... ඔය චිත්තර පටි කැමරාවල..Auto focus නැද්ද ? නැත්තම්.. මෙහෙ පාවිච්චිකල ඒවා.. ආදිකාලෙ ඒවාද ? දැන් තියෙන ඒවගේ ඔහොම කරදරයක් නැතිව ඇති නේ ?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ...පරණ කැමරා ගැන කීවෙ ...
      දැන් ඉතා ඉහලයි.....

      Delete
  28. කෙන්ජි, දන්නැති දේවල් ගොඩක් දැනගත්තා, බොහොම ස්තූතියි!
    විජය කුමාරතුංග, ෆ්‍රෙඩී සිල්වා ලගෙ විස්තර හෙම දන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. එහෙමද.......
      අපෝ ලියන්නම්.....

      Delete
  29. එළ! ඔය ට්‍රැක් ඩොලියක් මම ඉස්සෙල්ලම දැක්කෙ මේ අවුරුද්දෙ සිංහල අවුරුදු උත්සවේ රූගතකිරීමකදි. මගේ හිත සෑහෙන්න ඇදිල ගියා ඒකට.
    ගාමිණි ගැන නං කියල වැඩක් නෑ කියල මටත් හිතෙනව. නමුත් ඔයවගේ ඌට ගොට්ට අල්ලන එවුන් මැද ඌ පොරක් වෙන එකත් පුදුමයක් නෙවේ. ත්‍රිමාන එකේ තිබුව මෙන්න මේක බලපං,

    ""ගාමිණී යනු තමන්ට රගපෑමට ලැබෙන තිර කතා වල තම විරුද්ධවාදියා ගේ ඉරණම ස්වකැමැත්ත මත වෙනස් කළ පුද්ගලයෙකි. උදාහරණයක් වශයෙන් ‘වැලිකතර’ චිත්‍රපටියේ මුල් තිරනාටකයට අනුව ගෝරිං ගේ චරිතය වෙඩි කා මැරී වැටෙන්නේ ප්‍රතිවීරයෙකු ලෙසය. නමුත් ගාමිණී විසින් තිර නාටකය තමන්ට අවශ්‍ය අයුරින් වෙනස් කරනු ලැබූ පසු ගෝරිං මිය යන්නේ ගාමිණිගේ කකුල් ඉදිරිපිට බිම දගලා වැද නමස්කාර කිරීමෙනි"

    මං හිතන්නෙ ලෙඩක් ඕක

    ReplyDelete
    Replies
    1. ඕක තමයි එයාගෙ ඇත්ත මචං ....
      මමත් ඇස් දෙකට දැකල තියෙන බුවෙක් නෙ බං ......
      උඹල මෙහෙම අහල තියෙන එකත් ලොකු දෙයක්.....
      මම ලියල තියෙන ඒව බොරු නෙමේ බව කියන්න....
      thnx ........

      Delete
    2. Local MGR? :D

      Delete
  30. සෙන්ට් තෝමස් ගිය, ඉන්ග්ලිෂ් drama කරපු, ඉංග්රීසි කතාකරන, ගාමිණී වගේ අය ඔය සිනමාවේ හිටපු කබ්බෝ එක්ක ඔහමවත් හිටපු එක පුදුමයි. අනික ගාමිණී සිනමාවට ආවේ ෆස්ට් අස්සිස්ටන්ට් ඩිරෙක්ටර් හැටියට නේද ? ඉතින් කැමරාව තුලින් සීන් එක බැලුවට මොකද ? කොහොමටත් ඔය ගමේ කබ්බන් ගේ ඉරිසියාව අපිට පුරුදුයි , ඉතින් අපිට පාන්ද ? dogs may bark but the caravan moves on......

    ReplyDelete
  31. සෙන්ට් තෝමස් එකට ගිය ඉන්ග්ලිෂ් drama කරපු හොඳට ඉංග්‍රීසි කතාකරන පොෂ් ගාමිණී වගේ කෙනෙක් ඔය ඉන්ඩස්ට්‍රී එකේ ගමේ බයියන් එක්ක ඔය තරමටවත් හිටපු එක පුදුමයි. ඉතින් ගාමිණීගේ බට් එක අල්ලන්නේ නැතුව උන් ගාමිණී එක්ක එකට සෝෂලයිස් කරන්නද?
    ගාමිණී විව් ෆයින්ඩර් එකෙන් බලන එකේ වැරැද්ද මොකක්ද ? ගාමිණී සිනමාවට ආවෙත් සහය අධ්‍යක්‍ෂවරයෙක් හැටියට

    ReplyDelete
    Replies
    1. Methana katha wenne thiraya pitupasa seduweem misak apahasa kirimak nowe. Gamini thamai sinama sakwithi. Dan enna ewun cinamawa epa karawanwa.

      Delete
    2. ඔව් නේ මචං .........
      මට නම් අරහං බං .........
      >>ගාමිණී විව් ෆයින්ඩර් එකෙන් බලන එකේ වැරැද්ද මොකක්ද ?<< එයා අධ්‍යක්ෂණය කරන ඒවල ගැටලුවක් නැත,,,,
      එයා රගපාන ඒවට හොට දාපු එකටයි මට අප්ෂට්.......

      Delete
  32. If you obtaіn Master Resell rights, ƴou'll Ƅe
    anle tߋο tradee the software program, е-book oг PDF file, occasionally video series as well yoսr money can buy you select, ߋr msybe give itt away to yߋur subscribers.
    Ҭheге іs a lwrge aamount oof specifiocs of freelancing оr telecommuting, but otside օff books and
    blogs, it сan bee hard to locate specific advvice fоr ɑny ɦome-based business.
    Ҭhіs may bе the best online internet marketinng affiliate marketing pdogram ɑround tthe net.


    Аlso visit mƴ web site; colon eliminates waste

    ReplyDelete
  33. Hi there! Do you know if they make any plugins to assist
    with Search Engine Optimization? I'm trying to get my blog to rank for some targeted
    keywords but I'm not seeing very good success.
    If you know of any please share. Thanks!

    Feel free to visit my site Planet Aid

    ReplyDelete
  34. What i do not realize is if truth be told how you are
    not actually a lot more well-appreciated than you might be right now.

    You're so intelligent. You recognize thus considerably relating to this subject,
    produced me personally imagine it from so
    many numerous angles. Its like men and women don't seem to be involved except it's something
    to do with Lady gaga! Your personal stuffs nice.
    At all times maintain it up!

    Here is my web blog :: putting kit

    ReplyDelete
  35. Awesome blog! Do you have any tips for aspiring writers?
    I'm hoping to start my own site soon but I'm a little lost on everything.
    Would you recommend starting with a free platform like Wordpress or go
    for a paid option? There are so many options out there that
    I'm completely overwhelmed .. Any ideas? Bless you!


    Also visit my blog post; bondage chat ()

    ReplyDelete
  36. Wow! At last I got a web site from where I can genuinely take helpful information regarding my study
    and knowledge.

    Here is my weblog; single women in maryland

    ReplyDelete
  37. This is especially important for a home that is on the
    market and for shop window displays and showrooms whose purpose is
    to draw in buyers. Fumes from oven cleaners can cause respiratory irritation,
    ammonia in window cleaner can irritate the eyes and many
    added fragrances can cause headache, water eyes and irritation. This then means that the glass looks really dirty,
    but at the same time it means that not as much light gets in as should and that in turn is a problem because it will make your rooms
    feel smaller and dirtier.

    Also visit my website :: Start A Window Cleaning Business

    ReplyDelete
  38. This is more fun for them than if you had mixed the sauce into it yourself, and that means they
    are more likely to eat it. All these factors must go hand-in-hand in order to ensure a more balanced and fit result that can only be achieved through
    the success of being able to maintain the harmony between these factors.
    We must know that what we eat has a dramatic effect on our health.


    My homepage - Health Excercise Meals

    ReplyDelete
  39. Sariska National Park, with its proximity to Delhi and Jaipur,is one of the most visited and most famous tiger reserves in India is about 30kms away from "Arch Village ".

    Perhaps if more consumers are aware of this problem,
    then they can contribute in their own way to eliminate such wastes by totally eliminating biodegradables from their shopping
    lists. Farm Credit score Techniques are wonderful for funding rural housing development and rancher and
    farmer operations.

    Feel free to visit my blog post ... land sales wyoming

    ReplyDelete
  40. It can also damage memories and other heirlooms which can be very precious.
    Damage restoration professionals are trained individuals who do more than just restore a building
    or recover the damage caused, they truly fix life and the affected business.

    You can then have powered restored to the rest of your home so you can run the equipment you need
    to start cleaning up.

    Also visit my weblog :: restoration company Detroit Metro

    ReplyDelete
  41. Flash mobs generally only last for one minute to three minutes.

    1 home where you can experience the other colours and variety of lanyards
    is Red Fish Marketing. If you are purchasing a substantial quantity of
    promotional clothing as free items for a trade show
    or exhibition, then the unit selling price can be
    driven down to really low levels.

    My web site: brochures 48204

    ReplyDelete
  42. When leaking water enters the foundation, this part of
    the house is weakened. For repairing, all you need to do is just spray Gunite on the
    cracks. You might be feeling the need of looking out for the options of
    how to repair basement foundation wall crack for your residential or the commercial property.


    My web page :: cracked walls Macomb County

    ReplyDelete
  43. Remember that most tubes of caulk have a patch at the base of the nozzle that needs to
    be punctured prior to use (I find a long nail is the easiest way to do this).
    You need to drain the tank and refill it once again with fresh
    gas when this happens. Not only are tablets mounted on ATVs should be durable enough, they also are, as they
    should be, powerful in terms of communication.

    My website :: Bid's Chain Saw Repair Center Warren Michigan

    ReplyDelete
  44. Most people don't think of this, but what would happen if your car was stolen or the
    building burned down with your vehicle in it. Jack Barker
    is the owner and operator of Collision on Wheels, a mobile
    auto body shop in the North Dallas Metro area.
    There are different designations on the labels, indicating the oil's viscosity
    levels.

    Stop by my site p80.co

    ReplyDelete
  45. Wow, amazing weblog layout! How lengthy have you been blogging
    for? you make running a blog look easy. The entire glance of your site is
    great, let alone the content material!

    Feel free to surf to my website ... cruise compete reviews

    ReplyDelete
  46. The resulting changes in the amount of water from the runoff should not be of the volume that causes detriment to other locations, particularly those that are found downstream.
    If this is the case for your home it is best to dig pathways away from your home to alleviate the gathering of water in your basement.
    If you have got an insurance policy, your 1st point of call will likely be to make contact with them
    to let them know of the issue.

    Look into my page 24/7 Flood Damage Repair West Bloomfield MI

    ReplyDelete
  47. Examples of asbestos containing materials; drywall mud, ceiling textures,
    wall plaster coatings, attic and wall insulation, vinyl sheet flooring and floor tiles are just some examples.
    All of these things adversely effect your basement and foundation. You
    might be feeling the need of looking out for the options
    of how to repair basement foundation wall crack for your residential or the commercial property.



    Feel free to surf to my blog post Metro Detroit Basement Waterproofing Company

    ReplyDelete
  48. My brother suggested I might like this blog.
    He was entirely right. This post truly made my day. You cann't imagine just how much time I had spent for
    this information! Thanks!

    My page :: buying kids furniture

    ReplyDelete
  49. කාලයකින් සිංහල චිත්‍රපටියක් බලන්න ආවා. තාම ෂූටින් වැඩ ඉවර නෑ වාග‍ේ.

    ReplyDelete