...........................................................................................................
මුලින්ම අවශ්‍යය මිශ්‍රණය සාදාගමු....
මෙය අපට උවමනා ලෙසට සෑදූ මිශ්‍රණයකි.පහත ඉදිරිපත් කරන යු ටියුබයේ ජපන් ක්‍රමයට ටිකක් හෝ ගොඩක් වෙනස්ය ....
# පොතු හැරගත් අමු ඉගුරු ග්‍රෑම් 50යි.
# " " සුදුලූනු ග්‍රෑම් 50යි.
# ලයිට් සෝයා සෝස් තේ කෝප්ප 1/2යි.
# ගම්මිරිස් කුඩු සහ ලුණු
# කටු රහිත කුකුළු මස් තනි කටට හෝ කටවල් දෙකකට තමන් රිසි සේ කපා සෝදා හොදින් මිරිකා වතුර ඉවත් කර වටකුරු බාජනයක බහා පසෙක තබාගන්න.කිලෝ 1 ක්.
ඉගුරු සහ සුදු ලුණු සිහින්ව ග්‍රේටර් (උරච්චි )කරගන්න.එසේ කරගත් දෙජාතිය සහ සෝස් සමග තමන්ට ඇති පමණ ගම්මිරිස් කුඩු මස් බාජනයට දමන්න.දැම්මම ලුණු එකතු කිරීම සපුරා තහනම්ය.ඒ මන්ද කියා ගොන් ප්‍රශ් අහන්න එපාය.සෝස් ලුණු රසයෙන් යුක්ත බව ඕන මොලේ කළදක් හරි තියෙන උන් දන්නවාය.
මම නම් දමන්නේ ජපන් කිකොමන් බ්‍රෑන්ඩ් එකේ සෝස්ය.ඒවා ඔය "ගෙදර යනගමන්"පොඩි සුපිරි කඩවල නැති වෙන්න බැරිය.ලබ්බේගිනි කාර් තියෙන රටේ ඔය රෙද්ද නැතිවෙන්න නොහැකිය.
දැන් බාජනයට දමාගත් සියල්ල විනාඩි 5 ක් පමණ හොදින් අතේ ගහන්නය.අප්පට සිලිය ....වල් කතා ලියවිල්ල තවමත් නතර වී නැති හැඩය...හොදින් අත දමා කලවම් කරන්න.ඉන්පසු මැදට දබර ඇගිල්ල අඩියටම ඔබා එම ඇගිල්ල දිව ගා ලුණු රසය බලා....... තමන්ට ඇති පමණට ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.කිසි විටක පිරිමි උදවිය මැද ඇගිල්ලෙන් රස නොබලන්න.මොකද වෙනත් රස ඒමට ඉඩ තිබෙනවාය.ඉන් පසු හොදින් වසා බ්‍රිජ් එකට දමා විනාඩි 15 ක් පමණ තබන්න.

විනාඩි 15 ට පසු ඉවතට ගෙන පාන් පිටි කප් එකක් පමණ දමා දිය ගතියට හිටින සේ කලවම් කරගන්න.දියාරු ගතිය වැඩි නම් ඔබට රිසි පමණ තව පාන් පිටි ස්වල්පය බැගින් එකතු කර කලවම් කරන්න.ඉන්පසු කෝන් පිටි ටිකෙන් ටිකෙන් එකතු කරමින් මස් කැබලි වියලි ගතියට වෙන්වන සේ ගත හැකි ලෙස සකස් කරගන්න.පසුව ගැඹුරු තෙලේ බැදගන්න.මස් කැබලි තෙලට දැමීමට පෙර කැබැල්ලේ ඇති වැඩිපුර තැවරී ඇති කෝන් පිටි ගසා දමන්න. වෙන දේවල් බැදපු තෙල් වලින් බදින්න එපාය.රසය වෙනස් වනවා අනිවා ය.
බැදගත් මස් කැබලි එලෙස මද රස්නයෙන් ආහාරයට ගන්නවා සේම,ලෙටස් කොළ වල තබා මයෝනිස් තවරා දවටා දරුවන්ට දිය හැක.
මෙම මිශ්‍රණය ඌරු මස් කැබලි හෝ කුකුළු මස් වල පෙරදා රාත්‍රී කලවම් කොට බිජ් එකේ තබා පසුදා දහවල් BBQ කොට කන්න හැකිය.කුකුල් කකුල් වල සිහින් පිහිතල පහර කීපයක් ඇද සහ වල්ගෙ කොටාගේ ලොකු පෙති වලට ගෑරුප්පුවකින් කොටා මිශ්‍රණය පෙර දින කලවම් කොට තබා බේක් කොට ගත් විටද රසවත්ය.
වැඩි ගණන් දීල ගන්න එක එක විෂ සෝස් වලට වඩා මටනම් මෙය රසවත්ය.
සිය පවුල සමග එක වරක් රස විද බලන්න.
මට නම් පවුලක් නැති නිසා දරු දෙදෙනා සහ එයාලගේ මිතුරු මිතුරියන් සමග මසකට දෙසරයක්වත් රස විදින්නෙමි...... Enjoy .............
සිය පවුල සමග එක වරක් රස විද බලන්න.
මට නම් පවුලක් නැති නිසා දරු දෙදෙනා සහ එයාලගේ මිතුරු මිතුරියන් සමග මසකට දෙසරයක්වත් රස විදින්නෙමි...... Enjoy .............