Monday 17 February 2014

අවුරුදු දෙකේදී කරාපු හරිය


මා අදින් වසර දෙකකට පෙර සිහල බ්ලොග් අවකාශය ට පිවිසුනෙමි .ඒ ලිපි ලියන අයට කමෙන්ට් කිරීමෙනි.පළමු කමෙන්ට් එක දැම්මේ රයිගම ලොකු අයියාගේ ලිපිය මට රස වැටුන නිසාය...
ඔහොම ලොකු අයියා එක්ක සින්ගිලිෂ් වලින් කොටද්දී ,.,.,.,.,මෙන්න මේ රෙද්දට ගිහිල්ල අමු හිංගලෙන් කොටාපිය කියල ලින්කුවක් එව්වේය..

අම්මට සිලිය,.,.,.,.,, අමු හිංගලෙන් කොටන්න ගත්තා පමණය....මට හිංගලෙන් කොටන්න කියල දුන්න ලොකු අයියාවත් අමතක වුයේය....
මා වටා ලොකු පිරිසක් එකතු වුනේය.මම එහෙම වුනා කියල වියලි කලාපේ වැවෙන මුරුංග කඩන්න ගහට නැග්ගේ නැතිය..
කාලයක් ගත විය.......ඇනෝ ල මම කමෙන්ට් එකක් දාපු ගමන් මට හැමිනෙන වචන කොටනවාය.මේ බුවා ඕවා ගානකට ගන්නේ නැති වුවද රිප්ලය් දෙන්නේ වෙඩි වගේ එකෙන්ය.
මෙහෙම යද්දී කට්ටිය අතර මා "ජන අප්‍රිය" පුද්ගලයා විය.
හැමෝම බොගක් පටන් ගන්න අයියේ කීවෝය... 

මුලින්ම වචනේ දැම්මේ අපේ මාගල් සහනයාය.අද ඌ ට වෙච්චි දෙයක් නැතිය.
මම සිනා මුසු මුහුණින් ඒවා ඉවත දැම්මේ මුචලින්ද ලාට එහා ගිය ඇනකොන්ඩා කතා මා ලග තිබෙන නිසාය.

මගේ බොක්කක් වන නලින් රුක් අත්තන උගේ බොග මට පිදුවේ ඕන දෙයක් කොටහන් කියාය.මෙලෝ රසක් නැති කතා කොටාගෙන ,කොටාගෙන යද්දී කට්ටිය කිවේ ඒකගෙ ජොබට මම මෙහෙම කෙටුවොත් කෙලෙවෙනවා කියලය.

මගේ හිතවතියක් මගේ නමින් බොගක් හදල,ඔයා අද ඉදල හැමෝටම කියවන්න පුළුවන් ලිපි ලියන්න කියල කිවේය.නමුත් ලියවෙන්නේම කෙල්ලෙකුට පැත්ත පලාතක ඇවිල්ල කියවිය ඇහැකි ලිපි නෙමේය.
ඇය හිතන්න ඇත්තේ මා ප්‍රබුද්ධ /සුප්‍රබුද්ධ ලිපි ලියාවි යැයි කියා වෙන්න ඇතිය
නමුත් මා ඇයගේ සිතිල්ල විනාශ කළේය.

මේකේ එහෙම ලියන අය අම්බානකට ඉන්න අන්දා ඇමෝටම සතුටු වෙන්න හැකි විදියට ලියන්න සිතින.
හොද ලියන්න දන්නා පොරකගෙන් උපදේශනයක් ගත යුතු බව වැටහින.
අපේ මහාචාරියට මෙහෙම ඊයක් විද්දේය "කොහොමද මචෝ...බොගට ලිපියක් ලියන්නේ."කියලාය.
සැනින් රිප්ලයි ආවේය."චුටි බබා නොවී ලැප ඉස්සරහ "ඉදගෙන" බොට හිතෙන දේ කොටහන් එතකොට නිකම්ම ලියවෙයි ,හැබැයි මලක් ගහල ලිව්වොත් හොදටම ලියවෙයි "කියලාය.
මගේම බොගෙන් ලියන්න ඉට්ටාට් කළේය.අම්මටම උඩුය.ප්‍රතිචාරය කියල වැඩක් නැතිය.
ඒ අස්සේ කුණු අබ්බ හොදයි එල...එල..කියන අයියලම .....අනිත් අතට ඇනෝ කමෙන්ට් කොටනවාය මට බැනල..

ඒ පෙති චාල මදිවට ලොක්කගේ සින්ඩි යෙන්ද,සුදික මලය වෙනමම ලිපියකින්ද,නලින් කොල්ල එයාගේ බොගෙන්ද දුන්නේ ඔද පොසිද්දීයක්ය.
ලියාගෙන යද්දී මේල් මගින් අටම් ,රාජ් &ඉවාන් බොක්කවල්ගෙන් එක එක උපදෙස්ද ලැබුණාය.
අපේ අරූ(නෙරංජ) මම කමෙන්ට් වලින් සන්ඩු වෙද්දී මාව යහමගට ගන්න ලොකු උත්සහයක් ගන්නවය.
චැට් කොරද්දී දේශ දසයාත් හැසි රෙන විදිය ගැන උප දේසන දෙනවාය.
තව නවකතා/කවි/සිතිවලි ලියන තරු නංගී මගේ ලිපි කීපයක් කියවල කමෙන්ට් කරලා තිබුනේ මගේ සමහර කතාවල කෙටි කතා ලියන්න පුළුවන් යටි අරුත් තිබෙන බවය.සදා නගා කියා තිබුනේ සිහල බ්ලොග් කියවන්නේ තුනක් පමණය ඒකෙන් කෙන්ජිගේ බොග එකක් කියාය.
පෙරේද අපේ ගාල්ලේ පොර හෙවත් දුලා කියන දසයා මට සැනින් හිංගල කොටන්න පුරුදු කළේය.
මට සලකන්නේ එහෙමය....




හැබැයි මොකා උපදෙස් දුන්නත් වැඩකට ඇති එකදු ලිපියක් මේ තාක් ලිවී නැත.ඉදිරියට ලියවෙන්නේද නැතිය.මේකේ මානවයෝ/මාන විකාවියෝ ඕසෙට ඉන්නවය එල ලිපි ලියන්න.ඔය අස්සෙ මා අලුක්කාලක් වියයුතු නැතැයි හැගේ.
අද වෙද්දී බොගට මාස දෙක පැනල දින කීපයකි..
මගේ හිතවත්තු 117 කි .
ගොඩ වැදිලා තියෙන ගාන 20'000 ට සුට්ටක් අඩුය. ඉතින් මම ඉන්නේ තතුටින්ය.
මට මේවා අඩු වුනත් /වැඩි වුනත් එකය.

සමහරු මේකේ අමුතු ලෝකයක් හදන්න තනනවය ...මට නම් ඒවා කියවද්ධි අලි පිච්චුය..
ඒ ..මන්ද කිව්වොත් මේ රට කන්න පාල කපාපු ...අත්තන ගල්ල නාකිච්චිගේ වල්ලභය කරපු කඩ්ඩ කැපිල්ල නිසා .......අම්මට උඩු ඒවා මෙතෙන්ට අදාළ නැති වාගෙය.කොහෙද......? දිනමිණ කියවල පුෂ්පය අරක වී,එක ලග දෙකක් නවාගෙන ලියන්න ගත්තාම ලියවෙන්න යන්නේ මල විකාරාමය.
ඇන්ටිගේ ලිපියෙන් පස්සේ පොඩි කොල්ලෝ ගැට පස්සේ නොයා ඇන්ටිලා පස්සේ පන්නන දුසමාන ආරංචි පැතිර යනවාය.ඇත්ත නැත්ත මම දන්නේ නැතිය. ඇන්ටිලා පස්සේ ගොහින් "ඇන්ටිපා" වෙන විදියත් මීලග ලිපියෙන් කියල දෙන්නෙමි.
ඔයාල තේලමලට තුතිය.....අරිගතෝ ගොසසයිමසු ය..... Thanks ය...තෙරිම කශී ය........
SaYoNaRa ...!!!

137 comments:

  1. /* ඒ ..මන්ද කිව්වොත් මේ රට කන්න පාල කපාපු ...අත්තන ගල්ල නාකිච්චිගේ වල්ලභය කරපු කඩ්ඩ කැපිල්ල නිසා ....*/

    ඔබ මේ කියන්නට ගොස් ඇත්තේ කුමක් දැයි මට අනුමාන කළ හැකයි.

    මගේ අදහස නම්, අපේ අඩුපාඩුවලට වරද අපි පිළිගන්නේ නැතුව අනුන් පිට පටවන්නට හදන තරම් වෙනත් මෝඩකමක් නැති බවයි.

    වෙනත් උදාහරණයක් කියනවා නම්, සාමාන්‍ය පෙළට ගණිතය අනිවාර්ය විෂයක් බව ඔබ දන්නවා නේද? හැම පාසලකම, හැමදාම ගණිතය ඉගැන්වේ. ටියුෂන් පන්ති ද හැම පඳුරක් ගානේම ඇත.

    නමුත් සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතයට ලකුණු 50% වඩා ගන්නේ 27% දෙනෙක් පමණි. තුනෙන් දෙකක් පමණ පිරිසක් ලකුණු හතලිහට වඩා අඩුවෙන් ගෙන ලයිට් කණු ලබති!

    ReplyDelete
    Replies
    1. කකා තුන පාස් නැති හරක් එක්ක කතා කරලා වැඩක් නෑ... ඊට වඩා පොඩ්ඩක් විතර හොඳයි අරුණි එක්ක වාද කරලා දිනන්න හදනවා.....

      Delete
    2. මම කකා එක්ක එකඟවෙනවා මෙතනදි. දේශපාලනේ පැත්තක තිබ්බොත්, තමන්ට ඉංග්‍රීසි ඉගෙනගන්න ඕනෙකමක් තියෙනවානම් ඉගෙන ගන්න පුලුවන්. දැන් ඉංග්‍රීසි ඉගෙනගන්න හැම පහසුකමක්ම තිබිලත් බලාපංකෝ අපේ උන්ට ඕනේ කමක් තියෙනවද කියලා. බලාපංකෝ හරියට වාක්‍යයක් කතාකරගන්න ලියාගන්න පුලුවන්ද කියලා වැඩි දෙනෙකුට. ඔය ඉංග්‍රීසි වල වැරදි හදාගන්න උදව්දෙන MS Word, Google Translator, Online dictionaries හැමදේම තිබිලත්.

      සුභ පැතුම් කෙන්ජි.

      Delete
    3. @ කකා & හෙන්රි උඹල දෙන්න දැන් කාලෙයි ඒ ජහුටලගේ කාලෙයි පටලව ගෙන .
      වැඩි විස්තර කියන්නේ නැහැ ...

      @ ඇනේ ..මම උඹට එදා කිව්වෙ බං තුනට ගියෙත් පළමු මාස තුනයි කියල ..කොහොමත් හැමදාම මාව බලන්න එනවට තුති මචෝ..

      Delete
    4. thanks හෙන්රි ....sir .... :)

      Delete
  2. All The Very Best Kenji !!!!

    ReplyDelete
  3. ඇයි මේ මෑතක දවසක් බොරු ඇක්සිඩන්ට් එකක් ප්‍රචාරය කොරල ප්‍රසිද්දිය ලබා ගන්න උත්සා කොරපු එක. ඒකත් සෑහෙන්න සාර්තකයි නේද, ඇයි අපේ ගොන් බ්ලොග් කාරයො විශ්වාශ කෙරුවනෙ

    ReplyDelete
    Replies
    1. පළමුව උඹට ස්තුතියි නිදහස් අදහස් ප්‍රකාශ කිරීම ගැන...
      හැමදාම මෙතන දොර ඇරල මචෝ...කියන්න තියෙන දේ කෙලින් කියපං ...

      Delete
    2. කෙන්ජිය ගෙ මොන හිඟන වැඩ තිබ්බත් එකක් තියනවා - ඇනෝලට උත්තර දෙන මහත්මා විදිය නම් සුපිරි.

      Delete
    3. හැක් ...හැක් ...ඉස්සර මම උඹල එක්ක යකා නැටුවට ගොඩක් අය පහදලා දුන්න,බ්ලොග් අවකාශයෙ ඔබලා කරන මෙහෙය ගැන....

      Delete
  4. උඹ සෑහෙන්න ජනප්‍රියයි නෙව බං.. හැක්..

    කෝමත් උඹේ බලුවලිගේ ඇද අරින්න බැරි විත්තියි අපි දන්නවා.. එළකිරි.. ජය වේවා බොකුස්... මහාචාරයා මහාමාරිය තුමා ආයි වල් සුද්දියෙක් පන්නලද පේනන නැත්තේ..

    ReplyDelete
    Replies
    1. ජන අප්පිරියා කියල අදද දන්නෙ බොක්ක....?
      ඇදේ නම් අරියි...හෙක්...හෙක්...අද ඉදල බලධාරියාගෙන් තොරව මා විසින්ම පබිලිස් කොලා .. ඇයි පුරුෂ කම තියා ගන්න ඕන මොන රෙද්ද කොරන්නත්..හැක් ...හැක් ..
      ලොක්ක එක සුද්දී නෙමේලු බං ....පව් ඒකා හැමදාම සුද්දියන්ගේ අතවරයට පත්වෙනව ..

      Delete
    2. පව් අහිංසක සුදු බෝල මහාචොර මාතා.. හැක්..

      අනේ බොල දැන්ද බොට පුරුස සත්තිය ආවේ..

      Delete
  5. හැක් ...එල එල

    සමහරු මේකේ අමුතු ලෝකයක් හදන්න තනනවය ...මට නම් ඒවා කියවද්ධි අලි පිච්චුය..////
    මෙතන ඉදන් තව ලියන්න තිබුණා ..හැක්

    ජය වෙවා ....

    ReplyDelete
    Replies
    1. හෙක්...හෙක්...ලියන්න තිබුන පුත්‍රයා....පේන් නැද්ද අපේ මාමල නැට්ට කෙලින් කරගන්න හැටි පොඩි වචනයක් මිස් වෙච්චි ගමන්...

      Delete
  6. දෙකට සුභ පැතුම්.....කෙන්ජී .....දෙක කියුවේ බ්ලොග් ලෝකේට ඇවිත් අවුරුද්දූ දෙක යි....බ්ලොග් ඒක පටන් අරන් මාස දෙකයි කියන දෙකටම....
    සහන්ව කන්ටැක් කර ගන්න මාත් මේ බැලුවේ...මුට වෙච්ච දෙයක් නෑනේ...

    ReplyDelete
    Replies
    1. මම දන්නවා බං උඹ කුණුහබ්බ නොකියන බව බං ....
      ඒකා හිටපු ගමන් එයි සැබෑ වෙනසක් එක්ක කාංච සාන් ...
      අරිගතෝ.....

      Delete
  7. අම්මට සිරි කෙන්ජි දිවුනු උනු පාර...

    ReplyDelete
    Replies
    1. හැක් ...හැක් ...මචෝ....දැන් උඹ දීපු එකෙන් තමයි මෙහෙම කොටන්නේ බං ...
      තොපේ කැත කතා වලින් තමා ඩෝ ...මම දියුණු වුනේ... :) :) ..
      Thanks again .....

      Delete
  8. අර කතාවේ ඉතුරු ටික දාහං බං

    ReplyDelete
    Replies
    1. උඹ මගේ කතාවල අහුමුලු හොයන බොක්ක නේ...
      කොයි කථා වද ...ඇන්ටි පා ද ...?

      Delete
    2. හැක් හැක් අපිත් ඉල්ලන්නෙ ඒ කතාවම තමා :D

      Delete
    3. දෙන්නම් බොකු පැලෙන්න...

      Delete
  9. සුභපැතුම් කෙන්ජි!
    ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වයත් කුප්‍රසිද්ධියත් කියන තුනම අඩු නැතිව උඹට තියනව.

    ReplyDelete
    Replies
    1. thanks ....රාජ්....
      උඹ ඉතින් කවදත් බොක්කෙන් කියන බුවානෙ ...
      ඇත්ත නාම පුවරු තුනම කිව්ව එහෙනම් පොසිද්දියේ..... :)

      Delete
  10. මුලින්ම අවුරුදු දෙකට බොක්කෙන්ම සුභ පැතුම් කෙන්ජි අයියා.

    මම නම් හිතන්නේ මේ බ්ලොග් අවකාශෙ තනන්නට තටමන මහා අමුතු ලෝකෙට වඩා මේ තියෙන විදිය දාහෙන් සම්පතය. දැනට මේ බ්ලොග් තුල විවිධාකාරයෙන් ලිපි පල කරන්නන් සිටින නිසා සැහැල්ලු කෙන්ජි ශාස්ත්‍රීය කෙන්ජි වනවාට වඩා අපි කැමති අවයාජ සැහැල්ලු කෙන්ජි ලෙසම සිටිනවාටය.

    ඔයාගෙ ලිපි තුල මමනම් විවිධත්වයක් දකිනවා. මොකද අර කුණු මාළු කතාව ලිවුව ඔයාමයි ඉමෙල්ඩා ඇන්ටික් ගැන ලිවුවෙත් ඊටත් පස්සෙ ඔයාමයි චිත්‍රපට ගැන ලිවුවෙත්. මම නම් ඕනම බ්ලොග් එකක බලාපොරොත්තු වෙන විවිධත්වය කෙන්ජිගේ කොලමෙත් දකිනවා.

    ජය වේවා……!!!

    ReplyDelete
    Replies
    1. මේ අර 'වල්ලභය' කියන වචනේ මන් පොඩි කාලෙ (දැනටත් පොඩී තමා) හිතුවෙ මහා කුණුහබ්බයක් කියලයි. ඕකේ සන්ධි විසන්ධි කලාම මහා කැත වචනයක් නෙ එන්නෙ. ;-)

      Delete
    2. ඕකෙ ඇති කුණුහබ්බයක් නෑ බං. අර වනචර අබෙසිංහට තමයි වල් අබයා > වල්ලබයා කිව්වේ. :D

      Delete
    3. වල් + අබයා = වල්ලබයා. හි… ඒකත් ඇත්ත නේන්නම්. මාගේ වැරදි වැටහීම දුරු කිරීම සම්බන්දයෙන් ඩූඩ් අයියට ප්‍රමාණය.

      Delete
    4. @ ප්‍රියා මල්ලි thanks ඇගැයීම ගැන...අද සිට බලධාරයන් ගේ කැපීම් වලින් තොර කියවන්න ඇහැකි වෙයි..

      Delete
  11. දෙක සමරන්න හොඳට දාල වගෙයි ලියල තියෙන්නෙ.
    සුබ පැතුම් දිගටම ලියන්න මොන හරුප හරි.

    ReplyDelete
    Replies
    1. දෙක සමරන්න විතරක් නෙමේ ප්‍රසා ...කොහොමත් එහෙමනෙ ...
      අනිවා....ස්තුතියි...

      Delete
  12. ඇත්ත වුණත්/බොරු වුණත් කෙන්ජි කියන චරිතය අපි තේරුම් ගත්ත විදියක් තියෙනවා. ඒ විදියෙන් තමයි අපි කෙන්ජි දිහා බලන්නේ. මොනවා වුණත් මොන නමකින් ඇවිත් හරි මොනවා හරි කියන එක හොඳයි. එතකොට තෝරාගෙන කියවන්න පුළුවන්. නමුත් කවුරුත් ලබා නොගත්ත ප්‍රගතියක් ලබාගෙන තියෙනවා. ඒකට සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ම්ම්...කෙන්ජිය එක්ක ඔහොම යමුකො නේද....? :)

      Delete
  13. මේකට කමෙන්ට් කරද්දි මොනව ලියන්නද කියල හොඳින් හිතන්න ඕන. හි හි

    මගෙ පොස්ට් එක කියවල කමෙන්ට් කරන කල් බලන් ඉන්නව.

    ReplyDelete
    Replies
    1. අම්බෝ...දැන් අපේ ගම් පළාතේ කෙල්ලො දෙන්නෙක් වුනා බස්සි කෙල්ලත් එක්ක...
      අනිවා කියවල වනසනවා ....කමෙන්ට් එහෙකින්..... :)

      Delete
  14. සුබ පැතුම් kenji .

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ...චුති ...නංග ....

      Delete
  15. ඔහොම ලියාගෙන ලියාගෙන යන්නකෝ කෙන්ජි, මොනවා හරි දෙයක් ලියවෙන්නේ නැතෑ.....

    ReplyDelete
    Replies
    1. හෙක් ...හෙක්...yeh .....sir ......

      Delete
    2. තිසරය කිව්වොත් ඉතිං ඕම කතාවක්ම තමා.. බඩ පැලෙන්න හිනා සහ අනාගතය දුටුවෙමි..

      Delete
    3. හෙක් ...හෙක්...දේශා....තිසර යමක් කියන්නෙ දුර දිග බලල බොක්ක...

      Delete
  16. ඔහොම නිදහසේ ලියාගෙන යං.. ජයවේවා කෙන්ජයියා...!

    ReplyDelete
    Replies
    1. ok ...චන්දනයා.....
      ඔබටත් එසේම වෙයෑ ....

      Delete
  17. දෙක මෙහෙමනම් තුන කොහොම වෙයිද! :D ආයිබෝ වේවා!!!!

    ReplyDelete
    Replies
    1. :) :) හ්ම්ම්ම්ම්ම්ම් ....තුන නේද....
      බොලා ගේ පෝස්ට් එහෙකදී කියන්නම් කොටා ..හොදේ.... :) :) :)

      Delete
  18. අවුරුදු 2ක බොග් ජීවිතේට සුබ පැතුම් කෙන්ජයියා :)
    මගෙ බොගටත් හෙටට අවුරුදු 2ක් වෙනවා :)

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මල්ලියා...
      උඹටත් පැතුම් මගෙන් කොල්ලො .....

      Delete
  19. බ්ලා..චිකි චිකි චිකි බ්ලා... කෝ බං අය්යෙ මේක රීමික්ස් වෙන්නෙ නෑනෙ...

    එළ ලෙසටම ලියමු...
    අනේ මංද මටනං පොරක් වෙන්න ඕන නෑ... හිතට එන දෙයක් ලියල දානව... මං මේ පැත්තෙ එන්නෙත් අනං මනං ආරළු බූරළු පොර ටෝක්ස් නැති හිංද නෙව...
    මාස දෙකට ගොඩක් දුර ඇවිත් තියෙනව... ඉස්සරහටත් ලෙසටම යං
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං ...මටත් ඔය පොර මේනියාව නැහැ මච්චෝ....
      සම හරක් සංවේදී බව තමන්ම කියන බුවාලා ගැන දුකයි බං
      අනිවා ..යනවා...

      Delete
  20. සුබ පැතුම් කෙන්ජි කොල්ලෝ.... බ්ලොග් අතර මේ දිනවල ජනප්‍රියම සුඩෝ චරිතය කෙන්ජි තමා

    ReplyDelete
    Replies
    1. රුක්කා...මගේ බොක්ක ....දුන්න & දෙන උදව් වලට උම්මා දාස් ගානක් හරිය....
      උඹ මගේ හොද බොක්කක් මචෝ.....

      Delete
  21. හරියටම කියපන්කො බොගට මාස දෙකද අවුරුදු දෙකද කියල,පොඩ්ඩක් පැටලිලා නේද තියෙන්නෙ,ඊට පස්සෙ සුබ පතන්නම්.

    ReplyDelete
    Replies
    1. බොගට මාස දෙකයි. බ්ලොග් කොමෙන්ට් දිවියට වසර දෙකයි.

      Delete
    2. හැලප ...උඹේ මීටර ය ලගකදී ඉදල මාරු වෙලාද බං ....
      උඹත් ඉල්ලන්නේ කුනුහරුපෙන්ද මචෝ...
      ඔය ප්‍රසා කියල තියෙන්නේ.... :)

      Delete
    3. හරි ඉතිං උඹ කුණුහබ්බ කිව්වත් මට ගාණක් නෑ බං,බොගටත් කමෙන්ට් දිවියටත් මගෙන් උණුසුම් සුබ පැතුම්.
      බොගටත් වඩා උඹගෙ කමෙන්ට් තමයි නැගල යන්නෙ මචං.

      Delete
    4. මුල් කාලේ මචන් උඹේ බොගේ කුණුහරුප කමෙන්ට් වැපුරුවා මතකද මචං .

      Delete
  22. කෙන්ජි මාමේ..

    කමෙන්ට් නොකලට හැමදාම කියෙව්වා.
    අහලා තියනවද අර ගමරාලයි,පුතායි බුරුවෙක් විකුණන්න පොලේ ගිය කථාව?
    අරයා මෙයාට ඕන විදියට ලියන්නැතිව ඔයාට ඕන විදියට ලියන්නකෝ
    නිල් බාල්දියේ පැනපු නරියා වෙන්නැතිව..

    තමුන් තමුන්ම වුනානම් නරකද?

    ඔබ ඔබම වෙන්න..!!!!



    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ...ආනන්ද බුරු කතාව ලස්සනට ලිව්වා වගේ මතකයි..
      මම කට්ටියට පොඩි කිචියක් දෙන්න කියන ඒවා ගණන් ගන්න එපා අනේ...
      මම ...මම ..ම....විදියට තමයි ලියන්නෙ ....බං
      පැමිණීමට thanks

      Delete
  23. අනේ මන්දා කියන්නද නොකියන්නද කියලා....කෙන්ජිගේ කට දන්න නිසා ටයිටල් එකයි ඇඟිලි ටිකයි දැක්කාම හිතුනෙම වෙන කතාවක් මෙතන ඇති කියලා...අවුලක් නෑ මොනවා වුනත් අපි හැමදාම කියවනවා..

    ReplyDelete
    Replies
    1. හැක් ...හැක් ...මම ඉතින් මේකේ අමුතු බුවා නෙ බං ...
      උඹ ජපන් දන්නා බව කියෙව්ව පෝස්ට් එකෙන්...
      දිගටම ලියපං ...ඉඩ ලැබෙන විදියට...
      හැකි නම් යුරෝපා රටකට යන්න බලපන් ඔය වැඩ කරන තැන කට්ටියගේ ආධාරයෙන් ...

      Delete
  24. කෙන්ජි මචෝ මගේ සුභ පැතුම් උඹට! තව තව ලියපං... ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. Thanks මචා ...උඹ පරක්කු වෙලා හරි එන බව මම දන්නව ......

      Delete
  25. "රට කන්න පාල කපාපු ...අත්තන ගල්ල නාකිච්චිගේ වල්ලභය කරපු කඩ්ඩ කැපිල්ල නිසා"
    කෙන්ජි, මෑන් ජනප්‍රියවෙලා චන්ද ගන්න හදා ගත්ත ප්‍රතිපත්ති සමහර වෙලාවට වෙනස් කරන්න හෝ අඩු හානියක් වෙන විදිහට කරන්න තිබුන ජීවත්ව හිටියනම්.
    ඒවුනාට මිනිහව අවුරුදු 2න් මෑරුවට පස්සෙ වෑන්දඹුව සහ පාක්ශිකයන් උන්ට බලේ තියගන්න මිනිහව දෙවියෙක් වගෙ කරල අර චන්දෙට හදපු කපටි හානිකර ප්‍රතිපත්ති දේව වචනෙ වගෙ ගෙනියන්න පටන් ගත්ත. මෑන් හිටියනම් වෙනස් වෙන්න තිබුන. මොකද මිනිහ ඔක්කොම කලේ බලය ගන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ...මචං ...අපි ඔය ගැන කථා නොකර ඉමු බං ... :)

      Delete
  26. "වල්ලභය'කියන එකේ ස්ත්‍රී ලින්ග වචනෙ "වල්ලබාව" ලු . හෑබෑයි ව-ල සහ -ව දෙකම ඒගොල්ලන්ට නෑ

    ReplyDelete
  27. "මොකා උපදෙස් දුන්නත්" වෑදගත් දේ "ඉන්නේ තතුටින්ය".

    ReplyDelete
    Replies
    1. අනිවා...ඇත්ත කථාව බොල ...

      Delete
  28. කෙන්ජි මම මේක අහන්නෙ අරු ගෙ ලිපි සහ ඒවට ඔබේ කොමෙන්ට් කියවල සහ ඔබේ සිනමාවට ඈති සම්බන්දය නිසා . සින්හල චිත්‍රපටි වල හුගක් නගර, පාරවල් සහ ගම් වල දර්ශන තියනව. ඒව ගොඩක් දෑන් වෙනස් වෙලා. ඒවලින් "then and now"එකක් හදන්න බෑරිද? If there is an email address I can elaborate.

    ReplyDelete
    Replies
    1. මං දැන් සම්බන්ධයක් නැහැ මචං ..
      නමුත් මම ලියනවා සිනමාව ගැන ...
      අනිවා උඹට නොදෙන මගුලක් තියෙනවද බං ...
      kenji.oas@gmail.com

      Delete
  29. මාස ගානකට පස්සේ කියවන්න ඇවිත් මාත් බොගේ බොගේට ගොඩ වැදුනා කියහංකෝ...නිකන් මෝල් වගේ :3

    ReplyDelete
    Replies
    1. තරහ අවසර තරුවා .....
      හෙමින් කියවපන් පස්සෙ ලියන ඒවා...
      thanks ගොඩ වැදුනට මචෝ ....

      Delete
  30. "අපේ ගාල්ලේ පොර හෙවත් දුලා කියන දසයා"
    හොක් හොක් ඌත් පොරක්ද? ඌත් දසයෙක්ද? අවුරුදු 17තේ පාලම් කොකා...

    ReplyDelete
    Replies
    1. මට නම් මචෝ ඌ සැබෑ පොරක් & බොක්කක් ...
      උඹට අවුල් වගේද මචන්...

      Delete
    2. මගේ කෙරුවාවල් දන්නේ බ්ලොග් අවකාශයේ අතලොස්සක් විතරයි.මගේ ජීවිතය තව ටික කලක් පවත්වාගන්න ඕන නිසා මගේ පෞද්ගලික අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම හෙළි කිරීමට නොහැකියි.ඒක නිසා උබ මට අවුරුදු 7යි කියල හිතන් හිටියත් කමක් නෑ .

      වයස අඩුවෙන් හිතන තරමට හොඳයි.

      Delete
    3. නැද්ද කෙන්ජයියේ ...

      Delete
    4. නැතුව...නැතුව,,,,මල්ලියේ ....

      Delete
    5. "මගේ කෙරුවාවල් දන්නේ" උබත් මහලොකු කෙරුමෙක්ද බන්....
      "මගේ ජීවිතය තව ටික කලක් පවත්වාගන්න ඕන නිසා මගේ පෞද්ගලික අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම හෙළි කිරීමට නොහැකියි" අනන්‍යතාව ඔප්පු කරන්න බැරි උබට තාම අවුරුදු 17ක් කියල ඔප්පු වෙන නිසා.පුලුවන්නම් බ්ලොග් කාරයො එකතුවෙන අවස්ථාවකට ඇවිත් උබ ඔය කියන තරම් කෙරුමෙක් කියල ඔප්පු කරපන්.

      කෙන්ජියො මචං මුගෙ බයිල වලට අහුවෙන්න එපා මං මේ හොදට දැනගෙන කියන්නෙ මූ ඇවිල්ල පුස් වෙඩිල්ලෙක්..අවුරුදු 17යි කියල ඔප්පු වෙන එක නවත්තන්න මූ රගනවා අවුරුදු 30 35 පැනපු එකෙක් වගේ...

      Delete
    6. එහෙමද මචං ඇනෝ ... උඹත් මාර හෝඩුවාවල් දෙන්නෙ බං ...TQ
      මගේ නංගිල 3 දෙනාම බැදල ....ආයේ ඔය වගේ මොනව හරි තියෙනවනම් කියාහන් ..

      Delete
  31. කෙන්ජි මාමේ කෙන්ජි මාමේ හෙට අනිද්දා සැට් වෙලා දෙකක් නවාගෙනම දෙකේ ඒවා සමලමුද ?????

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...තුවාල ටික ලබන මාසේ හොදටම සුව වෙයි පුතේ...එතකොට බලමු...
      අර මනමාලියෙක් බලන්න කිව්ව එකත් මම තාත්තට කිව්වා.... :)

      Delete
  32. මාස 2ට 20,000ක් ඇවිත් නම වැඩේ නැගලා යන බවට වෙන කතා කුමටද? සුභපැතුම් කෙන්ජි! දිගටම ලියන්න. ජයවේවා....!

    ReplyDelete
    Replies
    1. පල යන්න උඹේ පැතුම් මට ඕන නැහැ..... :)
      Thanks ...බස්සි නගා .... :) :)

      Delete
  33. කෙන්ජියාට දිගු ගමනකට ජය පතමි !
    මාවත් මතක් කලාට තුති !

    ReplyDelete
    Replies
    1. උඹ දිගු ගමන කිව්වෙ ...මරණ මංච කේට ද ...බොක්ක....
      හෙක් ...හෙක්...
      ස්තුතියි ....දුලා ....හැම දේකටම ....

      Delete
    2. බොක්ක නෙමේ හොක්ක හක්ක..

      Delete
    3. ඇනෝ ....තෝ ඇවිල්ල දුලාගේ පරම හතුරෙක් ද මචන් ... :)

      Delete
  34. මට සිතෙන පරිදි,
    රෙඩියෝ, ටීවී, පුවත්පත්, අන්තර්ජාලය මෙන්ම බ්ලොග්, වැනි මාධ්‍යයන් ඔසේසේ අප බෙදිය යුත්තේ හරවත් යමකි. එය විනෝද, අධ්‍යාපනික, පුවත් වැනි විලාශයක් විය හැකිය. නමුත් සමාජය ප්‍රගමනයට වැදගත් යමක් ඉටුවේනම් කිසිවෙකුට ඇඟිල්ල දිගු කළ හැකිද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්....ගැඹුරින් සිතිය යුතුයි ...මචී .....

      Delete
  35. බ්ලොග් කලාවේ දෙවන සැතපුම පසුකරන ඔබට සුභ පතමි.

    ReplyDelete
  36. ඔබ ලියූ ලිපි අතර බොහෝ හරවත් ලිපි ද කියවන්නට ලැබුනා.. ඇන්ටිලාගේ කතන්දර උවද මනා සංයමයකින් යුතුව හසුරුවයිනම් වරදක් නැත...

    දිගු ගමනකට සුභ පැතුම්.....

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. Thanks CJ ....එහෙම කරන්න බලන්නම් මීලග පෝස්ට් එකේ ඉදල මචං ...
      හැමදාම ගොඩවදිනවා ට ටැංකිවූ ...කිව්වා... :)

      Delete
  37. අම්මටහුඩු බොස් !!
    ජය වේවා ජය වේවා .. මේක අපේ තැන .. !!
    ඔහොම යං !!

    ReplyDelete
    Replies
    1. මොකද මල්ලියා....
      අනිවා...ඕන වෙලාවක ගොඩ විය හැක නේද බං .....
      එකටම යමු..... :)

      Delete
  38. සුබ පැතුම් !කෙන්ජි අයියා මාමේ ........

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ....මගේ රෝම නංගියා....දෝණියේ .... :)

      Delete
  39. උඹ ආපු දුර ඊට වඩා කියලයි මම හිතුවේ.. අද මචෝ බ්ලොග් ළෝකෙට නැතිවම බැරි තරුවක් තියෙනවනම් ඒ ඉතින්, වන් ඔන්ලි කෙන්ජි තමයි.. තනි තරුවයි අඳ පලුවයි..

    එතකොට කව්ද ඩෝ අඳ...?

    ReplyDelete
    Replies
    1. Thanks මචෝ....... හැක් .... හැක් ......
      පලු නම් වැඩක් නැහැ මචන් පුර්ණ චන්ද්‍රාවක් තමා අවැසි.... :)

      Delete
  40. අරිගතෝ ද මොනගතෝ ද මම දන්නේ නැහැ. ඔය දැන් ලියන විදිහ හොඳයි. බකතරියෙක් නොවී දිගටම ලියපන්.

    ReplyDelete
    Replies
    1. අම්බෝ ආමි වර්ඩ් වලින් අණ දෙන විදියක් මම දැක්කමයි විචාරක තුමාගෙ :) :).
      OK .......Sir ........

      Delete
  41. හෆ්ෆේ ඇවිත් එච්චර කල් වෙනවද.. මම නම් හැබැයි දැනගත්තේ, බ්ලොග් එක පටන් ගන්න ටික කාලෙකට කලියෙන්.. අනිත් බ්ලොග් වල කමෙන්ට් වලට ඇනෝලා කට්ටිය වට වෙලා ගහද්දී කවුද මේ පොර කියලා තමයි මම නම් බැළුවේ.. ඔන්න ඇත්තම කිවුවා.. ඊට පස්සේ ඉතින් බ්ලොග් එක පටන් ගත්තම මම පුළුවන් හැම වෙලේම මෙතන..

    සුභ පැතුම් කෙන්ජී අයියේ.. දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. මම ඒත් බැලුව හැමදාම එන මගේ සුදු මල්ලියා කෝ කියල...
      Thanks ....දිනා......
      මට හැමදාම උඹේ පෝස්ට් එක හැම වෙලාවෙම මිස් වෙනව බං .
      හොයාගෙන ගිහිල්ලම තමයි බලන්නෙ.

      Delete
  42. ජයවේවා ! දිර්ගායුසම වළදන්න ලැබේවා බොග් ලෝකෙ අපිනම් අළුත්...මේ කියවද්දි හිතුනේ..අපිටත් මෙහෙම එකක් ලියන්න දවසක් එයිදෝ දෝ කියලා

    ReplyDelete
    Replies
    1. හැක් ....හැක් ...ජය....
      ඔය කියල තියෙන විදියට හිතට එනදේ අපේ හැත්තට අකුරු කොරාපන් බං ....
      ඒ වගේම අපේ වරිගෙ එකාල ලියන හැම බනාන ෆ්ලවර් එහෙකටම "හරී ෂෝයි අනී ලියල තියෙන විදිය සුප් ඕනී නැහැ කියල හිතෙනවා මෙයා..."කියල හරි කොටහන්....
      එතකොට පුළුවන් මෙහෙම පෝස්ට් දාන්න... :)

      Delete
  43. This comment has been removed by the author.

    ReplyDelete
  44. කෙන්ජි.., මේ ඔයා පොඩි ළමයෙක් ළඟ තියාගෙනද මේක ලිවුවේ...??? නියම වචන සෙට් එක.. :)
    දන්නවද මම මේ පොස්ට් එක දෙසැරයක් කියෙවුවා.. ඒ උදේ පාන්දර මේ වචන සෙට් එක නිසා ලේ පිරිසිදු වුණ නිසා... Thankx... :)
    මේ ලෝකේ හැමෝම serious වෙන්න ගියොත් කිසි රහක් නැතිවෙනවා නේද..?? ඒ නිසා මේ යන විදිය හොඳයි කෙන්ජි...
    All the best...!!!!

    ReplyDelete
    Replies
    1. ඇයි බං එහෙම ඇහැව්වෙ ....දෙවෙනි කසාදෙ ලොකු කෙලීට 18 වුනෙත් දෙසැම්බර වල නොවැ ... :)
      මට පොඩි එව්වො කොහෙන්ද බං ... තනිකඩය වෙච්චි මට...
      ලේ දන් දෙනවා වගේම පිනක් නේද පිරිසිදු කිරීමත්...
      ඒක තමා සදා නංග ...අපේ මාතලන් ලොක්ක කිව්ව ලෙසට ඔහේ අකුරු කොටන්නෙ ...
      Thanks උඹ හැමදාම මෙහාට එනවාට...
      දෝණි ට කියන්න සදා නංගි මම මතක් කළා කියල...
      පැන්චිට ...උම්මා...දුන්න කියන්න...

      Delete
  45. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පොඩි ළමයෙක් ළඟ තියාගෙනද ලිවුවේ කියලා ඇහුවේ.. මේකෙ තියෙන වචන පොඩිඋන් කියනවා වගේ නිසා අනේ...
      okkk... මම කෙල්ලට කියන්නම් kenjiiiiiiiii.... :)

      Delete
    2. ආ...දැනුයි මතක් වුනේ නංගි ...හරි ....හරි.....

      Delete
  46. කෙන්ජි අයියේ අර ඇන්ටික් කතාව ඉදිරියට ලියන්න යන්න අදහසක් නැද්ද? අම්මපා මම හිතුවේ මේ එකේම කෑල්ලක් කියලා වෙන එව්වා එපා ඒක ලියන්න ලියල ඉවර කරන්න වෙන එව්වට යන්න කලින්

    ReplyDelete
    Replies
    1. හාහ්...හාහ්....දැන් හෙට අනිද්ද තාත්ත වෙන්න ඉන්න එකෙක් අහන කථා .. :)
      සදුද ඒ මලදානේ ඉවර කරල දානව මල්ලියා...

      Delete
  47. හුඟක් අය හුඟක් දේවල් කියල තියෙනව.. ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ.... ආ දුර කෙටියි... යායුතු දුර දිගුයි..... ශක්තිය හා දහිරිය ලැබේවා......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.....පුත්‍රයා ......
      කියෙව්වට මේ වගේ වල් වෙනවා හෙම නොවෙයි හරිය....

      Delete
  48. කෙන්ජි "මල්ලි", නිතරම ඔබගේ තුති පුද කිරීම ඇත්තටම අවශ්‍ය නැහැ. මොකද ඔබට ඕනේ කමක් නොතිබුනා නම් අදත් ඔබ සිංහලයෙන් ලියන්නේ නැහැ. අප දෙදෙනා අතර මොන වෙනස්කම් තිබුනත්, ඔබ නිතරම මගේ බ්ලොගය කියවල මොනවා හෝ ලියල යාම මට දිගටම ලියන්න උත්ප්‍රේරකයක් උනා කියන එක නම් නොකියා බැහැ. ඔබට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. අම්බෝ...ලොකු අයිය ආපු එක සතුටක්....
      එදා ලංකාවේ ලොකු අයිය බඩ කෙනිත්තුවට වඩා සතුටක්....
      Thanks රයිගම .,.,.,. :)

      Delete
  49. මගෙනුත් සුබ පැතුම් ..

    ReplyDelete
    Replies
    1. Thanks .....Fanta .....
      ඔබටත් මගෙන් පැතුමන් දිගු ගමනක් යන්න......

      Delete
  50. මම කෙන්ජිගේ හැම පොස්ට් එකක්ම කියවලා නෑ... ඒත් කියවන්න ආව හැම වෙලාවකම වගේ තියෙන්නේ අර පිටකොටුවේ තේල් බේත් විකුණන වෙළෙන්දා "මේ වහපු පෙට්ටියේ තමයි නයා ඉන්නේ තව ටිකකින් පෙන්නනවා" වගේ පොස්ට්... :) (හැම පොස්ට් එකම කියවන්න වෙලාවක් ලැබුනේ නැති හින්දා මම සමහරවිට වැරදි ඇති...)

    ලියපු, ලියන විදිය ගැන ලියන්නේ නැතුව ඇත්තටම කියවන්න ලියන බ්ලොග් එකක් වේවායි සුභ පතමි... :)

    ReplyDelete
    Replies
    1. Thanks Beetle ....සමහර විට එහෙම වෙන්න ඇති...
      හෙහ්...හෙහ්...ඔබලා තරම් ලිවීමේ හැකියාවක් මට කොහෙත්ම නැහැ...නමුත් ඔබලා වැනි අය මෙලෙස පැමිණ සුභ පැතීමෙන් කෙදිනක හෝ යම් සතුටු විය හැකි තැනකට පැමිණෙයි කියා සිතනවා.
      Thanka again .....

      Delete
    2. සිංහල බොග අවකාශේ නොකළ යුතුම වැරදි කියලා පුරාණ ගූගල් පුස්කොල පොතක් තියෙනවා... :D ඒකේ දෙවනි වැරැද්ද තමයි කවුද වඩා හොඳට ලියන්නේ කියලා කම්පෙයාර් කිරීම... :) පළවෙනි එක තමයි ඇනෝ කමෙන්ට් දැම්මේ අහවලා යැයි ගෙස් කිරීම... :)

      ඒ පොත කියෝපු තව අය ඇතොත් අනිත් වැරදිත් යටින් දමාවි :)

      Delete
    3. මට නම් මචන් උඹ මේ කොටලා තියෙන රෙද්ද ඇත්තටම තේරුම් ගන්න අමාරුයි...
      මම සරලව ජිවත් වන කෙනෙක් නිසා කියන දේවල් මට කෙලින් කියහන් ..
      ඔලුව වටේ අත යවල නහය කැසිලි මා ලග නැහැ බං ...

      Delete
    4. "ඔබලා තරම් ලිවීමේ හැකියාවක් මට කොහෙත්ම නැහැ..." කියන එක කියන්න එපා කියලා කිව්වේ...

      Delete
    5. උඹ උත්තරයක් දීලද කියලා බලන්න ඇවිල්ලා සේරම කියෙව්වාම මට හිතුනේ මම මෙතන හෙන රූඩ් විදියට කමෙන්ට් කරලාද කියලා... හිතට එකපාරම ආව අවංක අදහස කිව්වේ හිත රිදුනානං සමාවෙයන්... උඹ මෙහෙම ලියපං කියලා කියන්න මම කවුද... උඹට ඕනේ දෙයක් ලියපං,,, :D

      Delete
  51. මම මෙක ඉයෙ බලන්න ට්‍රයි කල බැරි වුනා.සුභ පැතුම් කෙන්ජයියේ

    ReplyDelete
  52. කෙන්ජියෝ.........මම පරක්කුයි. නමුත් නෑවිත් ඉන්නේ නැහැ.

    දෙකට වගේම තුනටත් සැප සම්පත් ලැබේවා! උඹට හරියි කියලා හිතනදේ ලියපන් කියලා තමයි මම නම් කියන්නේ. ෆිට් එකේ හිටපන්.

    උඹේ අළුත් පෝස්ට් එක බලන්න බැරි ඇයි? මගේ අප්සට් එකක්ද? නැත්නම් හැමෝටම බලපාන එකක්ද?

    ReplyDelete
  53. අලුතෙන් ලියන්න පටන් ගන්න අයට වටින කියන අදහස් තියන ලිපියක්. දිගටම ලියනන මගෙන් සුභ පැතුම්.

    ReplyDelete