Thursday 27 February 2014

සිංහල සිනමාවේ මා දුටු තිරය පිටුපස



සිංහල බ්ලොග් අවකාශයේ බොහෝ බයිස්කෝප් පිස්සෝ,පිස්සියෝ සිටින්නෝය. පරණ එහෙක නමක් මතක් කලොත් එහෙම පස්සෙන් පන්න පන්න කමෙන්ට් කරනවය.මෑතකදී මම ලියපු ලිපියක Blue Lagoon & Sound of Music ඉන්ග්ලිෂ් චිත්‍රපට ගැන පොඩියට මතක් කලාම කීප දෙනෙක් පස්සෙන් ආවය.තව මගේ ගජයෝ දෙන්නෙක් බලපු පිචර් විතරක් නෙමේ හෝල් සමග බංකු වල ඉන්න මකුණෝ ගැනත් පට්ටෙට ලියනවාය.එයාල එහෙම ලියන්නේ හෝල් වල නරඹලය.මම මෙතැන් සිට හිංගල හිනමාවේ රූගත කිරීම් කරද්දී දැක්ක දේවල් කියන්න යනවාය.


දවසකට හෝ පරණ නලුනිලියන් මුණගැසී මා කතා කොට තිබෙනවාය.ඉදිරියේදී ඒවා ලියවෙයිය. දෙනවක ලමයව අතින් අල්ලාගෙන ලොකේෂන් එකට ගෙන ගොස් ද තිබෙනවා.ජෝ පප්පාවද රෑ කාලේ outdoor සුටිං කොරද්දී ෂොට් එක සූට් කොරන පොට් එකට අතින් අල්ලාගෙන ගිහිල්ල තියෙනවාය.ඒ ඇස් පෙනීම රාත්තිරි කාලේ පොඩ්ඩක් අප්සැට් නිසාය.ජරා කතා කියන කොල්ලෝ TBOY හින්දද එහෙම අල්ලන් ගියේ කියා අහන්න එපාය.මම පියකරු පොඩි එකා නිසා එයාල මට ආස නිසා එයාල එක්ක ගැවසෙන්න ලැබුන නිසාත් ලෙන්ගතුකම උඩ එහෙම උනාය.

මෙහි ලිපි ලියන ගොයියල දෙන්නෙකුත් බයිස්කෝප් හරි මෙගා නාට්ටියට හරි සම්බන්ධ වෙලා තියෙනවා කියල කනින් කොනින් ආරංචි වුනාට මට හමුවෙලා තියෙන ජාතියේ සුපිරි නළු නිලියන් ඔවුන්ට මුණගැසිලා තියෙනවාදැයි සැක සහිතය.සිංහල සිනමාවේ සක්විත්තාගේ රත්මලාන අරලිය උයන ගෙදර තිබෙන මුහුරත් උළල වලට පවා කුඩා කල සිට මට යන්න අවස්ථා ලැබිල තිබුනේ මගේ පියා නිසාය.රුක්මණී & එඩි ල දෙන්නත් මාව ඉඹල තියෙනවය.දැන් ඇනකොන්ඩා ඇතිය.

අර ගොයියල එයාලටත් මුණගැහිලා තිබුන අය ගැන කියනවනම් මම ආසය.අන් අය සමග ඔවුන්ගේ අදහසුත් බෙදා ගන්න ඇහැක් වන නිසාය.

ඉස්සර ෂූටින් කොහේ හෝ පිට පලාත්වල මාසයක් එක හමාරක් ශිල්පින් නැවතී එක දිගට රූගත කිරීම් කරනවාය.මම ඒවාට දිගටම සම්බන්ධ නොවුවට දින දෙක තුනක් අනිවා ඉඩක් ලද සැනින් සම්බන්ද වෙනවාය.නළු නිලියන් හැරුණු කොට අනිකුත් සියලු ශිල්පින් වැඩ අවසන් වූ පසු රාත්‍රිය එකම රස ගුලාවකි.සිනා සාගරයකි.

සුවර්ණා හැර අනිත් අක්කිලා එක්ක face 2 face ටෝක්ස් කරලා තියෙනවාය.කොහොමත් ඒ badu ආං ......sorry .....ඒ නිළියන්ගෙන් මගේ සිත් බැදිලා තියෙන්නේ විණා & ෆරීනා ලායිට ය.ඒ මක් නිසාදැයි අදටත් මට ප්‍රෙහෙලිකාවකි.විණා ඇස් අඩවන් කොට යටි තොල විකා බලන ඒ බැල්ම පස්ටය.ෆරිනාට කැමති කොට ජංගි ඇදන් ගිනි පන්දම් කරකව කරකව නටන ලිම්බෝ,කැබරේ ඩාන්ස් නිසා නෙමේය.ඇයට උරුමව තිබු කවුරුත් නොදුටු මා පමණක් දුටු කතා කරන ඇස් දෙක නිසා වෙන්න ඇතිය.මාලලි ,ගීත,අනෝජා ල කතා කරද්දී තොත්ත බබාලා වගේය.වැඩ ගැන නම් මම හොයන්න ගියේ නැතිය.

ඩිරෙක්ටස් ලා ගත්තොත් ටයිටස් T ,වසන්ත O ,සුනිල් A ,යසපාලිත N ,හර්බට් R P ,ඇතුළු එයිට පල්ලෙහා ලපයියෝ ඇත.කැමරා මෑන් ල ඩොනල්ඩ් K ,M A ගෆුර් ඇතුළු සෙට් එකක්ම ඉන්නවාය.ඔය බයිස්කෝප් එකක් කරලා ඉවර වුනාම හදපු කතාවට වඩා වෙනත් සුන්දර/අසුන්දර කතා ගොඩක් රූගත කරන අස්සේ තියෙනවාය.

නිෂ්පාදකයෝ ගත්තමත් අතපය දිගහැරලා වියදම් කරන බුවාලද,එච්චි කමට වියදම් කරන අපතයෝද සිටිනවාය.එහෙම එවුන් නිෂ්පාදනය කරනවට වඩා නිස්සද්දව හිටියනම් වඩා ඔදයි කියල හිතනවාය.සම හරක් එවුන් වැඩ කරන එවුන්ට හරියට කෑම ටිකවත් දෙන්නේ නැතිය.පොදර්සනේට පෙර,,,,.... ලාබ කෑම දීල ලාබ උපයන්න හදනවාය.

මාතර පැත්තේ මොනරතැන්න දෙකද,එකද කරන කාලේ කොල්ලෝ ටික මාතර රෙස්ට් එකේ රෑ කන වෙලාවක මම ගොඩ වැදුනම බත් පිගන්වල දැක්කේ වෑන්ජන් දෙකයි,පරිප්පුයි,තම්බපු බිත්තරේ විතරය.පිචර් එකේ පිරිවැය දරන්නේ තිබිලිගස්යායේ පොසිද්ද සුට් මහන ආයතනයක්ය.මුදල් හසුරවන්නේ මුදලාලිගේ ගෑනි සහ පුතාය.ප්‍රඩක්ෂන් මැනේජර් ගප්පි මු.අරුක්ගොඩය.
වෙලාවක් අවේලාවක් බලන්නේ නැතිව වැඩ කරන කොල්ලන්න්ට සලකන හැටි දැක්කම මට අරක විකසිත විය.(මේ සියලුම ශිල්පින් වෙලාවක් /අවේලාවක් නැතිව කියපු එක ගැන සවිස්තරාත්මකව කරුණු දක්වන්නම් පසුවට හොදේ..)

තවද සක්විති සුවය චිත්තර පටය ප්‍රඩියුස් කරපු ...දැන් ඇමති මණ්ඩලේ ඉන්න ඔසී වලදී බැල්කනියෙන් වැටී කුට්ටම තලාගත් ඩෝබියාට හෙළයේ සක්විත්තාගේ ලොකු දෝනිව කරකාර බන්දන්න හිටපු හැටිත් මම කියමි.
"ප්‍රොඩක්ෂන් මැනේජරයට එන්න කියාපිය .....!@# ගෙ හොද පුතේ...." මම කිවේ T බෝයියටය.කරුමෙට ආවෙ මු.අරුක්ගොඩ නෙමේය.ආවෙ නිෂ්පාදිකාවගේ පුතණ්ඩිය.මට හරි ත්‍රිල්ය.මද පමණට සිටි නිසා වෙන්න ඇතිය.

"ඈ හලෝ ...මෙච්චර මාළු තියෙන පැත්තේ කොල්ලන්ට මාළු කෑල්ලක් එක්ක බත් පිගානක් දෙන්න බැරි හිගන්නොද යකොවූ ........" සහ තව වචන හුවමාරුවක් අවසාන ... අසල සිටි කොල්ලෙක්ගෙ පිගානේ තිබු බිත්තරයකින් දමා ගැසිය.වැදුනේ පුතණ්ඩිය ලග හිටපු T කොල්ලටය.
පස්සෙ මම කොල්ලෝ ටික එක්ක ටිකක් අනුමත වෙලා හොද කෑම වේලක් ඕඩර් කළේය.බිල ගෙව්වෙ මම නෙමේය.පසුවදා උදේ පාන්දර අරුක්ස් මගේ කාමරයේය.

" මොකක්ද බං රාජීව් පුතේ ඊයේ කොලේ...මම දහ අතේ පින්සෙන්ඩු වෙලානේ ගෑනිව නිෂ්පාදනේ ට කැමති කොරෝ ගත්තෙ.අනේ හොද කොල්ල වගේ ගිහිල්ල සමාව ගනින් ...මහා ගෑනිට මල පැනල බං ..."
" සමාව ...මොන සමාවද Mr අරුක්ගොඩ ...කරුණාකරලා කන බොන එක කොල්ලන්ට හරියට දෙන්න කියන්න..එහෙම උනේ නැත්නම් මම කොල්ලන්ට කියනවා පැක් කරගෙන යන්න කියල..."
ඔන්න ඔය වගේ කතාත් තියෙනවාය. නිෂ්පාදකයන් ව කරකවල අතහැරීම හෙවත් දස වද දුන්න තාරකාවියක් ඉන්නවය.ඉස්සර නම් ලස්සන කෙල්ලය.පස්සෙන් පහු කාලෙක වල් කෙල්ලය.දැන්නම් මුණ ප්ලාස්චික්ද ,පපුව මෙට්‍රස් ජෙල් වලින්ද හදාගත්ත නාකි ලොන්තයක්ය.දැන් පලා බබෙක් වෙලා දවස ගානේ මරාගන්නවය.මම පලා බබෙක් වෙලා හිටිය නම් දෑකැති දෙකක් කට දෙපැත්තට දාල කන ලගට එනකම් ඉරෙන්න අදිනවාය.එච්චරට වාචාල කටක් තියෙන එකියෙක්ය.

බොහොම සිම්පල් කේස් මවල හිටපු ගමන් ලොකේෂන් එකෙන් දමල ගහල යනවාය.හැබැයි අසමජ්ජාතියෝ නම් කිව්වේ මැණික් කාරයන්ගේ බුකින් එකක් තියෙන දවසට ඔහොම ඔරොප්පුවක් දාගෙන යනවා කියලාය.
බේරුවල "බාබේරියන් රීෆ් හොටෙල්" එකේ මේජර් සර් චිත්‍රපටය රූගත කිරීම් මසක පමණ එහි නැවතී කලාය.ඒ කාලයේ දිනක මගේ සෙට් එක එක්ක තංගල්ලේ හෝ මාතර යන ගමන් එහි ගොඩවිය. එදින රාත්‍රී කාලයේ දර්ශන ගැනීම් ඇති බැවින් දහවල් කල කට්ටිය ෆ්‍රී එකේය.වගකිවයුතු අය කට්ටිය කොළඹ ගොසින්ය කස්ටිය එක්ක සුරා මේරය මද පවනට ගනිං ගාථාව වයමින් සිටින විට කාමර පැත්තේ සිට ඇදුම් බෑගයකුත් රැගෙන lobby ය දෙසට එන්නේ අහවල් අක්කය.මම නැගිට ඉදිරියට ගියෙමි.

" අලෝ...XXXXX අක්කි.... "
" ආආආ ල්ල්ල්ල් ලෝඕ .... රාජීව් ..මල්ලි කොහෙද මේ......."
" කොල්ලෝ එක්ක ටිකක් සෙට් වෙන්න කියල ආව අක්කි...... කොහෙද මේ ගාල කඩා ගත්ත පට්ටි වැස්සි වගේ දුවන්නෙ... ? "
" බලන්න මල්ලි වග කියන එකෙක් මෙතන නැහැ ...අපි කෑවද බිව්වද හොයන්න එකෙක් නැහැ...මෙහෙම පුලුවන්ද වැඩ කරන්න .... මම යනවා ගෙදර... "
" විමලවීර අන්කොල්ල දැන් එනවා ඇති...ඔන්න ඔහේ ඉන්න අක්කි...අපි කූල් බියර් එකක් බොමු එයාල එනකං... "
" thanks ... මල්ලි වාහනේ ඇවිල්ල ... මම යනවා...චෙරියෝ....."



ඉතින් ඔන්න ඔය වගේ පොඩි සීන් ඔයාලට ගේන්නම් ඉඩ ලැබෙන විදියට.

131 comments:

  1. ගාමිණී ෆොන්සේකාත් මෙලෙස නළු නිළි සහ ප්‍රොඩක්ෂන් කට්ටියගේ අයිතිවාසිකම් ගැන සොයා බැලූ බව අසා තියෙනවා.

    ඔහු සිගරැට් බොන්න පුරුදු වුනේත් ඒ නිසාලු.

    ReplyDelete
    Replies
    1. පිස්සු කකා .... එයා දෙමල අය ට තැන දුන්න සහ හරියට සැලකුව.
      එයා විතරක් නෙමේ පස්සෙ ආපු සහ දැන් ඉන්න නලාකාරෝයොවත් සිනමාවට කරපු දෙයක් නැහැ.ගාමිණීට ලොකු දෙයක් කරන්න තිබ්බ.එයාගෙ මගුල් කරගත්ත විතරයි.

      Delete
    2. එතකොට අර පැය අටේ කෝල්ෂීට් එක , භව දුක භව කර්ම වෙනකං දුන්න සිකරැට් පැකට් එක එහෙම , ඔය පරණ පොරවල් කියන්නේ එව්වට මූලික උනේ ගාමීණි කියල.

      Delete
    3. පොඩ්ඩක් ඉදිං අටම....මම පොඩ්ඩ පොඩ්ඩ මම දන්න දේ කියන්නං ...
      ඔය බයිස්කෝප් වල හොදම අවසන් කාලේ අවුරුදු 3 ක් විතර තමා මම දන්නෙ ..
      උඹල දන්න ඒවත් කොටපන් කට්ටිය දැනුවත් කරන්න...
      හැලපත් ලියයි...

      Delete
    4. මගේ මස්සිනා ෆිල්ම් ට්‍රේඩ් එකේ හිටියා කෙන්ජි .1978 ආශා දෑසින් තමයි ෆස්ට් ෆිල්ම් එක 2000 විතර වෙනකම් ෆිල්ම්ස් වල රඟපෑවා. ප්‍රඩක්ෂන් වලත් හිටියා. දැන් ටෙලි විතරයි. උඹ මෙතන කියන කතාව ඇත්ත. ගාමිණි සෙට් එකේදි හෙන ගෙම්බර්ලු. සිගරට් එක බාගෙට ගහලා විසිකරන කොට ඇහිදින්න පොරවල් හිටියාලු. ඒ අතින් විජේ අවංකවම ආටිස්ට්ලාට සැලකුවාලු.

      Delete
    5. මම නොදන්න උඹේ මචා කවුද බං ...?
      මේකයි මචං ඔය කැමරා ඉකියුප්මන්ට් සප්ලයි කරන එක එක ගෘප් වලට බෙදිලා තිබුන නිසා ගොඩක් නාදුනන අයත් ඉන්නව.
      ඔය සේරම අයියල/අක්කිලා ගැන මම දන්නා දේ ලියන්ම්කො.
      එතකොට උඹලත් දන්න දේ කියවන අයට දැනගන්න කොටන්න.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මේ ලිපිය පටුනක්, පෙරවදනක්ද මන්ද! මොකක් උනත් මම මේකට ලැයික්... අර ගාමිණිය උන්නෙ //අරලිය උයන// නෙමේ බං සිරිමල් උයනෙ අරලිය පෙදෙස. අරවින්දයත් ඔය කිට්ටුවම තමයි.

    ReplyDelete
    Replies
    1. හරි මචං ....නිවැරදි කලාට ස්තුතියි.....

      Delete
  4. තව අලුත් ෆිල්ම් එකක් වගේ...

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්...අනේ අනේ ෂෙහාන්......
      කට්ටිය කාලෙක ඉදං කරන ඉල්ලීමක් නිසා හුග දෙනෙක් නොදන්න දේවල් දිගටම ලියන්න හිතුන.

      Delete
  5. කෙන්ජයියා කතා සාගරයක්නේ බලන් ගියාම...හපොයි අර අක්කිගේ කට නම් දැන් වාචාල එකෙත් උපරිම...

    ReplyDelete
    Replies
    1. කතා නම් දේශපාලන සිනමා ගොඩක් තියෙනව මල්ලි...
      එයාගෙ කට වහන්න මම වගේම එකෙක් ඉන්න ඕන...

      Delete
  6. හෙයි මාරයිනේ......... බලන් ගියාම මෙයත් රිංගපු නැති තැනක් නෑනේ .... තව විස්තර දාන්න අයියෝ .... මොනවට නැතත් අපි මේ වගේ ඔප දුප වලට අලිම ආතයි .....
    අනිතෙක තමයි අර සුවර්නාව විතරක්ම මග හැරුනේ කොමද ...... මට මතක් උනා ගෙදරට හොරෙන් සුවර්ණා අක්ක හිටිය කැඩපතක චායා, ඉස්කෝලේ අල්ලපු වත්තේ තිබුන පිචර් හෝල් එකේ බලපු හැටි

    ReplyDelete
    Replies
    1. අලි..අලි..දෙන්නම්....
      මම ආසම නිළිය ස්වර්ණා ...ෆෙස්ටිවල් වලදී මුණ ගැහැවුනට face 2 face කථා කරන්න ලැබුනේ නැහැ බං ...

      Delete
  7. කෙන්ජිට අයියා කියන්නද, මාමා කියන්නද, සීයා කියන්නද කියල මම මේ හිතන්නේ.. :D

    ReplyDelete
    Replies
    1. පැතුමටත් බයිස්කෝප් කිව්වොත් පිස්සු වගේ නේද.... :) ?
      මචං කියහන් මල්ලි....

      Delete
  8. හෙක් මෙන්න මෙයත් වැඩ පටන් අරගෙන... එළ එළ දිලටම ලියමු...
    අපි වගේ පිච්චර් පිස්සන්ට නම් මේව කියවනකොට මල් පිපෙන්නේ හැමතැනමය...
    ඇත්තට ඇයි ස්වර්ණා M මගෑරුණෙ ...............?
    ගීත නං චොර.... චොර කියන්නෙ චප්ප චොර.......... එයත් *******ක්ද අය්යො.... එහෙම ගිහාම අර රංජන් අංකල් කියන කතාව හරි.... ගණිකාවොම තමා.... තූ......
    දිගටම ලියමු හොදේ ඈ....
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාාාාාාාාා...............

    ReplyDelete
    Replies
    1. ආසම කෙනා මට මග හැරුන බං ..එයා ජෝ පප්පටම උරුම දෙයක් හින්දද මන්ද...?
      අනිවා දිගටම මේව තමා...

      Delete
  9. ඔන්න කෙන්ජා බොට නියම ට්‍රැක් එක වැටිලා. මං කිව්වේ කුනුහරුප හරි ලියන්න ඕන නැත්නං අත හුරු වෙන්නෑ.

    එළිකිරිස් වගේ ම තියෙනවා මොකද මේක උඹෙ ශෛලියි නේ..

    අර අක්කගේ කට චන්දෙන් පස්සේ නං කපාවි.. මාත් අහල තියෙනවා එයාගේ රැස්පොට් ගැන.

    දිගටම ලියපු.. මොකක් හරි පිළීවෙලක් හදාගනිං ලියන්න ගියාම. එකම හට්ටියට බිත්තර ඔක්කා්ම දාලා ඔම්ලට් එක නොදා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්..හැම දෙයක් ම පැහැදිලියි බොක්කා...
      >> මොකක් හරි පිළීවෙලක් හදාගනිං ලියන්න ගියාම.<< අනේ බං අවවාදයට තුති..
      කොහොමත් මම ප්‍රසිද්ද ලේඛකයෙක් වෙන බව හදහනේ නැති නිසා ඒ ගැන වැඩිය හිතන්නෙ නැහැ මචං ....

      Delete
  10. පොහ්..................පොඩි පොඩි ගෙරවිලි එක්ක කළු වළාකුළු එන විදිහට පෙනෙන්නේ හෙණ ගගහා වහියි වගේ.

    ReplyDelete
    Replies
    1. පොහ් ......??? හෙහ්....හෙහ්..... :)විචාරක තුමණි ....මටම උරුම උන ගෙරවිලි තිබුන ඒ කාලේ ඉදන්ම ඉදගෙන /හිටගෙන :)
      ඔබ තුමා ඇතුළු ගොඩක් අය අකමැති නිසා "අරවට"තිත තබමි.(මතට නොවේ...)
      හෙන ගහන්න නොවෙයි සුනාමි සල්ලි වලට අහවලා කෙලෙව්ව වගේ දෙන්නෙ හෙහ්.....

      Delete
  11. දේශකය කියන්න වගේ උඹේ ට්‍රැක් එක මේකයි. මේ වගේ සිද්ධි ගැන එහෙන් මෙහෙන් ලියල තිබුන ලඟදි මොකක්දෝ පත්තරේක.

    ReplyDelete
    Replies
    1. හරි මචං ඌ වගේම උඹත් තව අයත් කිව්ව .
      එහෙන් මෙහෙන් පත්තර වලට දෙන්නෙ බොරු ඒව බං ...
      මම දෙන්නම් මෙතැන ඉදල ඇත්ත දේ.....

      Delete
  12. අඩෙ අෆ්ෆා නියමනෙ.

    ගීතා නම් පැරණි නිලියන් ගෙන් මම ආසම කෙනා. (නිලියක් ලෙස පමණයි) මම නම් කැමතිම ෆිල්ම් එක අර විජෙයි සනතුයි එක්ක රගපෑවෙ "දියකිඳුරිය සේසාගරේ" සිංදුව තියෙන්නෙ. (නම මතක නැත)

    අපෝ දැන්නම් එයා කෑ ගහන විදියට ඉරන්න හිතෙන්නෙ කට හතට. ඒත් ඉතින් ඔය කට ඉරන්න ඕන් නෑනෙ ඒ කාලෙ ඔය සෙට් වෙච්ච වෙලාවක අල්ලන් කට කෑවා නම් ;) හි…

    ReplyDelete
    Replies
    1. අල්ලන් කට කෑවා නම්/// හ්ම් හ්ම්ම්ම්ම්ම්

      අපේ මහා ඇමතිතුමියට ජයවේවා

      Delete
    2. ආයෙත් අහලා. එකෙන්ම කෙළ වේවා!!!

      Delete
    3. ප්‍රියා මල්ලි ඕකි ගැන හරියට ලිව්වෙ නැහැ.
      නිෂ්පාදකයන් අමාරුවෙ දැම්ම ඔය වගේ බඩ්ඩක් වෙන නැහැ.
      ඕකිට චන්දෙ දීපු එවුන්ටත් ,,,.... එක්කෝ ඕන නැහැ...

      Delete
    4. (නම මතක නැත)=ඔබටයි ප්‍රියෙ ආදරේ

      Delete
  13. kenji ඈයි ඕමාගේ ෆොටෝ එකක් එන්නේ ඔයාගේ වෙබ් ලින්ක් එකේ tool bar එක උඩ ??????

    ReplyDelete
    Replies
    1. ආ....ඒ මම එයාව උදේ සවස දකින්න ඔනෑ නිසා බං ....
      උඹට අවුල්ද මචං ....
      අවුල් වුනත් කරන්න දෙයක් නැහැ බං ...
      ඒ මගේ No 1 කැමැත්ත....

      Delete
  14. ලේඛකයෙක් විදිහට කෙන්ජිගේ හොදම දේ තමයි කලු සුදු වලට සීමා නොවී කිසිම කෙනෙක් hero worship නොකර ( ඈනෝ ලා කෙන්ජි තමන් ගෑනම එසේ කරතෑයි චෝදනා කලත්, සෑහෙන ego එකක් තිබුනත්, තමන්ගේ වෑරදි දකිමින්, පිලි ගනිමින් ) චරිත වල අලු (grey) බව දෑකීම සහ විස්තර කිරීම.

    "රුක්මණී & එඩි ල දෙන්නත් මාව ඉඹල තියෙනවය." කපල්ස් කෙන්ජිට හරි ආසයි නේ.
    තාමත් එහෙමද? දෑන්threesome වලින් sixsome විතරට ප්‍රොමෝට් වෙලාද දන්නෙ නෑ. king/queen size මදි ඈති . ජපානෙ king long සයිස් කියල තියනවා නේ? නෑත්නම් බිම

    ReplyDelete
    Replies
    1. උඹ ඉතිං විග්‍රහ කරන ඒවාට උත්තර ලියන්න අහවල් අක්කිගෙන්ම අහන්න වෙනව ...
      ජපානෙ නම් තතමි උඩ එලපු ෆුතොන් උඩ ලබන සතුට නැහැ...
      සමහර Love Hotel වල තියෙන කැරකෙන bed වල වාගේ...

      Delete
  15. //"දෙනවක ලමයව අතින් අල්ලාගෙන ලොකේෂන් එකට"// අම්මප කෙන්ජයියේ දෙනවක හාමිනේ ළමයා වුනේ කොහොමද අප්පේ..පට්ට එළකිරි කියන්නේ මේ වගේ ලිපි වලටය. දන්නවා කියලා හිතන ගොඩ දෙනෙක් නොදන්නවා කියලා හිතෙන්න ලියලා තියෙනවාය. මමත් දන්නා පරිදි බොහෝ නිෂ්පාදකලා ,ප්රෙධාන නළුවා සහ නිළිය හෝ කචල් වැටෙයි කියලා හිතන එකෙක් දෙන්නෙක් අල්ලාගෙන සලක්නවාය . අනිත් එවුන්ට හොදිත් නැත. කොස්ට් කටින් කියන්නනේ ඒවාටය.

    ReplyDelete
    Replies
    1. පව්ලූෂා මලේ උඹේ පෝස්ටුව බලන්න දෙසැරයක්ම උත්සහ කලා. ඒත් මට ඉඩදෙන්නේ නෑ. උඹේ ආරාධිතයන්ට විතරයිලු යන්න පුලුවන්...

      Delete
    2. ආ ඒ කේස් එක හරි දැන් , පොඩි මිස්ටේක් එකක් මෙව්වා වෙලා ,දැන් බලන්න

      Delete
    3. ඉවාන් මල්ලි මම ලියපු ටිකෙන් ඔබ නියම කරුණක් අවබෝධ කරගෙන තිබෙන එක සතුටුයි.
      මම ඉදිරියෙදි තව විස්තර දෙන්නම්.
      අනිත් කරුන උඹේ ලිපියක් පල වුනාම එක එක පොරවල් දෙන පොරි ටෝක් වලට සැලෙන්නෙ නැතිව දිගටම ලියපං.
      ලොරි/පොරි ටෝක් දෙන එව්වො ගැන මම බලා ගන්නම් හරිය...

      Delete
    4. අන්න ඒ ටික නම් මාත් ඉවාන්ට කියන්න හිටියෙ. ඔය එක එකාගෙ කක්කි කතා පැත්තවත් බලන්න එපා ගෙඹි අයියේ. නහය වහගෙන ඔයාගෙ ගමන ඔයා යන්න.

      Delete
    5. බස්සි +++++++++++++++++++++++

      Delete
  16. digatma liyamu...api kiyawanwa.

    @iwan
    mata oyage blog ekata yana bari vidihata block karala..waradak unada?

    ReplyDelete
    Replies
    1. මගෙ මෙන්ඩියත් ආස බව දන්නව .දිගටම මේ වගේ දේවල් තමා ඉස්සරහට කියවන්න වෙන්නෙ ඉදගෙන ...

      Delete
  17. ෆිල්ම් කතා ගොඩක් කියවන්න පුළුවන් වෙයි ඉස්සරහට ...

    ReplyDelete
    Replies
    1. අනිවා තුෂි ...
      මොකද බං ලගදි මොකුත් ලිව්වෙ නැතෙයි....

      Delete
    2. ලිව්වා ලිව්වා.. ඇවිත් යන්න එන්නකෝ..

      Delete
    3. ඔන්න කියෙව්වා ....කවුරුත් නොදකින පැත්තක් කෙල්ලට පෙනිල ....

      Delete
  18. අන්න හොඳයි.. මං බොහොම කැමැත්තෙන් කම්මැලි නැතුව කියවන වර්ගයේ ලිපියක්.. එලාස් කෙන්ජයියා !

    ReplyDelete
    Replies
    1. උඹේ ලයික් එක මොකක්ද කියල දන්නව මල්ලිය ...බොලා ලියන කතා කියෙව්වම..
      දෙන්නම් දිගටම...

      Delete
  19. කතාව නම් එල කේන්ජි මාමේ හැබැයි භාගයක් යනකොට හිතුණා අයේ පරණ පාරෙම ද යන්න හදන්නෙ කියලා ..
    අපි දන්නෙ නැහෑ මේ කතා .එක නිසා ලියන්න අරවා මෙවා මැද්දට ඔබන්නෙ නැතුව ...පුළුවන් වෙයි නේ ..හැක් හැක්

    ReplyDelete
    Replies
    1. එල නම් හොදයි පුත්‍රයා...අර කෙන්ජි ඉට්ටයිල් එක ගන්න ඕන නිසා මැදින් අතුරුපස ටිකක් වැටෙනව ,ඒ ගැන බිය නොවන්න ...පරණ කතා එන්නෙ නැත නැවත...
      හ්ම්ම්..කීප දෙනෙක් කියල තිබුන...මීලග එකේ සිට බලමු..

      Delete
  20. /"දෙනවක ලමයව අතින් අල්ලාගෙන ලොකේෂන් එකට/ ‍දෙනවක ළමයා වෙන්න තරමට ඒ කෙන්ජි තුමා එච්චරටම නාකිද හෑ...?:o

    අවුල් වන්නට පෙර කියවං එද්දි දාලා තිබුන කොමෙන්ට් නිසා මම අහන්න හිටියෙ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධයි වගේ නිසා ඒ ගැන ලියාපු ලිපි නැද්ද කියලා.දැන් ඉන්න සීනි බෝල නිළියො නළුවො ගැන අහල දැකල එපා වෙලා අනේ

    ReplyDelete
    Replies
    1. ඉන්නකො අනේ ලගදීම මං මගේ පින්තුරයක් දාන කන් ...
      මම කෙටි කාලයක් සුපිරි කට්ටිය එක්ක කාටවත් නොලැබෙන ලබපු ඇත්ත අත්දැකීම් මේ...
      ඔයා හිත බිදව ගන්න එපා මං තාම තරුණ වයසේ....... :) :)

      Delete
    2. හඃ හඃ හඃ පින්තුර එපා නොදැක විස්වාස කරන්නෝ භාග්‍යවන්තයෝය කියල කියනවනෙ

      Delete
    3. හෙහ්....හෙහ්...... එහෙමද.... :) :) ?

      Delete
    4. කැතලික් කට්ටිය එහෙම කියනවා අහල තියෙනවා :)

      Delete
    5. මම තරුණ වයසේ… හැන්ඩ්සම් කොල්ලෙක්……
      හොයාලා දෙනවද… හොටු කැත නැති කෙල්ලෙක්…

      ;-) ;-)

      Delete
  21. මේ තියෙන්නේ ලෙසටම පත බාලා.... පරණ ෆිල්ම් දිගටම බලන්න ඇහැකි වගේ

    ReplyDelete
    Replies
    1. හෙක්...හෙක්...එහෙමද...?
      කෝ බං උඹේ කවි සිතිවිලි....
      ලියහන්කො ...පන....

      Delete
  22. මේ කතා අර පත්තර වල යන ඒවා වගේ නොවේ කෙන්ජි, විස්වාසයක් ඇති කරනවා. අරවා තිරයෙන් පිටුපස කියුවත්, ඇත්තටම අප කවුරුත් දන්නා තිරයේ තියන කතා විතරයි. අර කෙන්ජිලගේ පොල් වත්තේ රණවරා රා කතන්දරත් ලියන්න පුලුවන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔව් රයිගම....මෙතන ඉදල මේව තමා ලියන්නෙ ...
      රණවරා නෙමේ ඉරමුසුයි,බෙහෙත් නෙල්ලියි වනේ කොටල ගැලුම් 8 ටේ මැටි කලගෙඩි වල පොල් රා සමග දින 2 ක් පල් කර මසකට වරක් පමණ සියා මිනිසුන්ට කියා පෙරවා ගෙදර පාවිච්චියට ගන්නා අරිෂ්ටය හෙවත් එල කෂියා...
      අනිවා ලියනවා ඒ ගැනත්...

      Delete
  23. සුපුරුදු ශිලියෙන් එකෙන්ම... ලොක්කා මේක පුර්විකාවද හැදින්විමද 1 කොටසද.. කෙරෝලකින් පටන් ගත්ත නම් ෆට්ට ෆට ෆටය

    ReplyDelete
    Replies
    1. ඔය දෙකම කියල හිතා ගනින් බං ...අපේ ඉන්දික බොක්කත් උදේ පාන්දරම ඕක ඇහැව්ව ...
      මගෙ හැම රෙද්දම සම්ප්‍රදායෙන් බැහැරනේ මචෝ...
      ඊලග එකේ ඉදල ක්‍රමේකට යමු...

      Delete
  24. හැක්.. කතාව, දෙබස්, තිර රචනය, ඇක්ටිං, ඩිරෙක්ෂන්, ප්‍රොඩියුසිං ඔක්කොම වන් මෑණ් දා‍ල ගේමක් දෙන්න වගේ හදන්නෙ.
    අන්තිමට මේකත් සම්බාවය පස්වන මණ්ඩලෙං නවතීද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා....උඹ තමා ඒක තීරණය කරන බුවා...

      Delete
  25. ස්තූතියි මචං මේ රස කථා අපට ගෙනාවට... ආසාවෙන් බලං ඉන්නවා තව තව තොරතුරැ දැනගන්න. උඹට ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. උඹට ඉවසිල්ලක් තිබුනෙ නැහැනෙ ...
      ලියද්දි ඉරිසියා හිතන්න එපා... උඹ බයිස්කෝප් පිස්සනේ.... :)

      Delete
  26. මේවා ගැන දන්නේ නැති නිසාත්.. වෙඩි කැමැත්තක් නැති නිසාත් එච්චරම අල්ලන්නේ නෑ කෙන්ජි... but it's ok.... ලියන ඒවා කියවනවා...
    ඔබට ජය හා සතුට...!!!! :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...නගා කියල මෙච්චර කල් හිතුවට අදයි දැනගත්තෙ අයිය කෙනෙක් කියල බන්ස් ..
      කොහොමත් පොඩි දෝනිව කෙන්ජි සාන් මතක් කළා කියපං ... :)

      Delete
    2. මොකක් කිවුවා...??? අයියා කෙනෙක්...???

      Delete
    3. බොහොම කණගාටුයි කෙන්ජි මේ කියලා තියෙන දේ ගැන.. කාගෙන් හරි මොකක් හරි අහගෙන ප්‍රසිද්ධියේ මෙහෙම කියන එක හොඳයිද..?? ඔයාලා ගෑණු අයව පිරිමි කරන්නත් දන්නවාද..??
      මෙච්චර දවසක් මම කවදාවත් දැකලා නැති වුනත් බොහොම හිතවත්කමකින් මෙතනට ඇවිත් කමෙන්ට් කළා.. සමහර වෙලාවට ඔයාගේ පෝස්ට් වල කමෙන්ට් කරන ඒකම ගෑණු කෙනාත් මම කියලා දැක්කා..
      කමක්නෑ කෙන්ජි.. මම පිරිමියෙක් කියලා කවුරුහරි කිවුවා නම් ඒක විශ්වාස කරන්න..
      මට ඒවා හරි ගස්සන්න වුවමනාවක් නෑ... මොකද මෙතන ඉන්න කවුරුත් මාව දන්නේ නැති නිසා..
      බොහොම අවංක විදියට මෙතනට ඇවිත් මගේ අදහස් පළ කළාට මට ලොකු තෑග්ගක් හම්බුනා.. ඒ මම බොරු කළා කියන එක..
      බොහොම කණගාටුයි කෙන්ජි..

      Delete
    4. ඒකනේ , අනේ මන්දා මේ කෙන්ජියත් ,

      ඔයාටත් හොද වැඩේ අපේ බොගවල් බලන්නේ නැතුව මෙව්වා බැලුවට

      Delete
    5. ඒක තමයි නේද අටම්,.. බ්ලොග් කියවන එකත් එපා වෙනවා මේ වගේ කතා අහනකොට..

      Delete
    6. @සඳා......ඔය මොකක් හරි වැරදි වැටහීමක් වෙන්න ඇති. අනිත් කාරණය තමයි අදහස විතරයිනේ අවශ්‍යය. ගෑණුද පිරිමිද කියන එක දැණගන්න ඕනෙද කියන ප්‍රශ්ණය තියෙනවා.

      ඕවා අත හැරලා දාන්න...බ්ලොග්ස් කියවන එක අතහරින්න එපා.

      Delete
    7. අනේ සදා නගෝ ...මට නිකමට හිතපු දෙයක් මම මෙතැන කොටල බොලාගෙන් ඇහැව්වෙ ..
      නගාට මෙච්චර හිත අමාරු වෙයි කියල මම හිතුවෙ නැහැ...
      අනිත් එක බං මම අහන්න/කියන්න තියෙන දේ පන්දම් කාරයෝ නැතිව කෙලින් කියන/අහන බුවා නෙ dalo ....
      සිත බිදුනට දහස් වරක් සමාවුව මැනවි මගෙ සුදු නංගෝ........

      Delete
    8. අරූ මං නිකං හිතුන හිංද ලිව්වෙ බං ....
      මං නම් ගොඩක් ආසයි ගැහැනුද/පිරිමිද කියල දැනගන්න...
      කෙල්ලො එකියක්වත් එන්නෙ නැති මගේ සමහර පෝස්ට් වලට දිගට විස්තර ඇතිව කමෙන්ට් කරන එකම කෙල්ල සදා නගා විතරයි..
      එයාගෙ කමෙන්ට් කියවද්දී මගේ සහෝදරියක් එක්ක කතා කරනව වගේ දැනුන අවස්ථා තිබුන ....මොකද එයාගෙ පොඩි දෝණිගේ විස්තරත් කමෙන්ට් එකේ සදහන් කරන නිසා.
      අනේ...සදා නංගි මට සමා වෙයන් බං ....

      Delete
    9. @Sada Naga
      Kenji Ayyandi samwa iluwane, oka ata arala dana.

      Delete
    10. පිරිමි ගොඩේ කුණුහරප කියද්දී කවුද හිතන්නේ ගෑනියෙක් කියලා,ඔච්චර කියවන්න බ්ලොග් තියෙද්දී මේකෙම කොමෙන්ට් කරකර් ඉන්නේ ලැජ්ජා නැති කමටනේ

      Delete
  27. අපි මුට සලකනවා මදිනේ බොලව්......

    ReplyDelete
    Replies
    1. උඹ මට සලකන එක ඇති මචෝ මට...
      උඹේ බොග මට ලියන්න දීපු නිසයි මම මෙහෙම ලියන්නෙ ...
      අරිගතෝ මගෙ නලින් බොක්ක...

      Delete
    2. ජයම වේවා කෙන්ජයියේ

      Delete
    3. මං උඹේ ඉල්ලීම මීලගට දෙන්නම් නලින් මල්ලියා,,

      Delete
  28. ඇති යාන්තං සොඳුර පත්තරෙන් අයින් වෙලා සරසවිය පත්තරේ වැඩ පටන් ගත්ත එක. congratulation මචං

    ReplyDelete
    Replies
    1. උදිත..... :) :)
      Thanks ...මචෝ....
      අර ජරා එකෙන් මිදුන....
      සරසවියෙන් දෙන්නම් ගොඩක් අය නොදුටු දේවල්....

      Delete
  29. කෙන්ජයියා නිශ්පාදකයන්ව අල්ලෙ නැටෙව්වා එහෙනම්!

    එල ලිපිය! හොඳ කෙල්ල- පස්සෙ වල් කෙල්ල ගැනත් කතාවක් දාන්න!

    ReplyDelete
    Replies
    1. නැහැ බං පට්ට නිෂ්පාදකයොත් ඉන්නව ...
      ලියන්නං ...

      Delete
  30. Oppa කෙන්ජිstyle!! එල එල කෙන්ජයියා.... මේ ලිපි පෙළ බොහොම අගෙයි. දිගටම ලියන්න හොඳේ. ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. පල යන්න බස්සි...
      තෝ එක්ක චැට් කොරලම මගෙ වෙලාව කෑව ,,,, හැක් ...හැක් .... :) :)

      Delete
  31. කෙන්ජයියෙ නිළි මස් එහෙම කෑවෙ නැතෙයි ඒ කාලෙ? :D

    ReplyDelete
    Replies
    1. චැක් ....අහන කැත කතා...
      ලොකු අයියලාගෙන් චුට්ටි මල්ලිලා අහන කතාද මේ... හෙහ්...

      Delete
    2. චැක් මූ අපි වගේ හොද කොල්ලො නරක් කරන්නමයි හදන්නෙ. හැක් හැක් :)

      Delete
    3. බලහං ප්‍රියා අහන කැත කතා...

      Delete
    4. හා හා උබල බබාල :P

      Delete
  32. පංකාදු පහයි, +++++
    පිස්සු හැදිලා සනීප වෙලා ආයෙත් හැදෙනවා

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙමද.....
      පික්ෂු හදාගන්න එපා විදානෙ තව හොද දේවල් කියවන්න තියෙනව ..

      Delete
  33. කෙන්ජයියගේ ලිපියක් කියෝපු පලවෙනි දවස අද තමයි ඕන්. එදා එන්න හැදුවට බැරි උනා නෙව. කියන්න ගොඩක් දේවල් තිබුනත මේකේ සිංහල අවුලක් නිසා අකුරු කොපි පේස් යන්නේ. දන‍ට කියන්න එහියෙන්නේ "ඔහොම යන්" කියලා.

    ReplyDelete
    Replies
    1. මම දැක්ක මල්ලි ඔයාට නෙට් එන්න බැරි ගැටලුවක් ගැන ඔයා ලියපු ලිපියක්.
      ඇහැකි වෙලාවට එන්නකො මල්ලි.

      Delete
  34. මචං මේ මම එකක් කියන්නං,මෙව්ව ලියනව නං තව ටිකක් ලස්සනට හදල ලියපං,බලපං කොච්චර ලස්සන කතාද මේ කිසි කමකට නැති විදියට කියල තියෙන්නෙ.
    මේ වගේ රස බේරෙන කතා රසවත් විදියට ලියපං මචං.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං මට කරන්න බැරිම දේ උඹල කියන්නෙ හෙහ්...හෙහ්....
      අරූ වගේ උඹල දන්න පොඩ් විස්තර හරි කොටපල්ල බං අපේ අයට දැනගන්න.
      උඹෙත් අත්දැකීම් තියෙනවනෙ.

      Delete
    2. මටත් ඔන්න ඕකම හිතුණා.

      Delete
  35. අද පෙර වදන විතaරයි වගෙ නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් දමිය ...
      ඉදිරියේදී දෙන්නම් විස්තර.

      Delete
  36. මේ වගේ කතා දැන ගන්න ඉතින් අපිට කෙන්ජි අයියලම ඉන්න ඕන.. අර සුර චෞරයා එකේ පෝස්‍ටරේ මරු ඈ.. මරු වැඩ කෑලි ඒ කාලෙත් තිබිලා තියෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මල්ලි හංගන් ඉන්නෙ නැතිව එලියට දාන්න හිතුවෙ.
      ඒ කාලෙත් හොද වැඩ කිඩ තිබිල තියෙනව.

      Delete
  37. මචෝ.....ආතල් කණෙන් බේරෙනවා. ලියපන්..ලියපන්.

    මම ඔය සීන් වැඩිය දැකලා නැතිවුනාට මස්සිනා ඕවා මාත් එක්ක කියනවා. ජෝ හරි ආදරෙයි මෑන්ට. ජෝ ගල් බොන්න තමයිලු කැමති නේද? බොග දාන්න කැලේට එක්කන් යන්න ඕනලු ඔය ඈත ගියාම. ඇස් දුර්වල කාලේ මෙයා තමයි එකට ෂූටින්ග් ගියොත් බලාගන්නේ. රස කතා ගොඩාක් තියෙනවා බන් ඌ කියපු. ඌ පිස්සු බුවා. දැන් නම් බෝ පැලේ වගේ.

    මේ ඊයේ පෙරේදා මන්දිරේට එන්න කියලා තිබුනා ඌ ගිහින් නැහැ. ලොකු තැන එක්ක එකට රඟපෑවා ඒ කාලේ..මූ ඔය පාටි බාටි උත්සවවලට යන්නේ නැහැ.

    ඉස්සර ඔය කායකර්මයක් ඕනෙනම් ඔය සමහරක් අක්කිලාව සෙට් කරලා දෙන්න අහනවා. මම ඕවාට නැහැනේ.

    මචෝ මම මේවා ලියන්නේ උඹට උත්තේජනයක් හැටියට. මම ගොන් පාට් දානවා නෙමේ හොඳේ.
    දෙනවක ඇන්ටි හිටියේ මරදානේ ෆෝබස් රෝඩ් හරි පිචස් ලේන් එකේ හරි. ගේ සාලෙම ඇබිත්තම් කඩයක් දාගෙන හිටියා. මම ඔය පැත්තේ චාටර් ගැහුවා එක් කාලයක්.

    උඹ දිගටම ලියපන් මචං. උඹට ලියන්න පුළුවන්. අර හැලපයා කියපු එකට හිත යොදවපන්. මොකද මේවා පැනි පිටින් කන්න ඕන.

    ReplyDelete
    Replies
    1. උඹේ විස්තර ටික මේ ලිපියට වැඩි වටිනාකමක් එකතු කරනව මචං.
      කෝ අනිත් දෙන්න කිසිම විස්තරයක් දුන්නෙ නැහැනෙ.
      ඔය කායකර්ම වැඩ වලට "ජිනා"මැඩම්ගේ කාර්ය බාරය කරපු කට්ටි ගැනත් ලියන්නම් කො.
      Thanks නෙරංජ ....

      Delete
    2. අරුවයි කෙන්ජයි
      යාළුවො දෙන්නයි
      හරි වල් හින්දයි
      අයියෝ මමනං නෑමයි

      මේ දෙන්නා ඉන්න තැනක
      යන්නේ නම් නෑ ඉඳගෙන
      අපිවාගේ අවිහිංසක
      කොල්ලෝ වෙනවානේ නරක

      Delete
  38. ගීතාගෙ කට ගැන නම් හොඳට දැක්කා දවසක් එයාපෝට් එකේදි... ප්ලේන් එකේදි හොඳටම බීලද කොහෙද ඇවිත් එයාගෙ රියැදුරු තැන වෙලාවට ඇවිල්ලා නැහැ කියලා දුන්නා ආයෙ ඉස්තරම්ම ඒවයින් අහළ පහළ උන්ටත් කණ්වල ඇඟිලි ගහගන්න... එතැන හිටපු කස්ටම් එකේ අයියලද කොහෙද තව තව ෆෝම් කළා ගෑණිව... ආයෙ නොම්මර එකයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මියුරු ඔහොම තමුන් දැක්ක/ඇසුන දේවල් මෙහෙම කමෙන්ටුවක ට එකතු කලාම ලිපියට වැඩි වටිනාකමක් එනව.
      ස්තුතියි ඔබට.

      Delete
  39. අවංකව කෙන්ජි අයියේ ඔය නම් වලින් මම දන්නේ ගීතා විතරයි අනෙක් අයගේ නම් නම් වැඩිය පුරුදු නැති නම් වැඩිය ජනප්‍රිය නැතිව ඇති නේද?

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්...ඒක වෙන්න ඇති පෝස්ට් එහෙකුත් ලියල තියෙන්නෙ.
      පුදුම කොල්ලෙක්නෙ උඹ අනිත් උන්ගෙ නම් දන්නෙ නැහැ කිව්වම.
      පැටියව අපිට දකින්න ලැබෙන්නෙ කොයි කාලේද මල්ලි....?

      Delete
  40. මෙන්න පත්තරේ විස්තරේ. කොමෙන්ට් වලත් මරු විස්තර තිබෙන නිසා කෙන්ජිගෙ කොමෙන්ට් මට පට්ට ගැම්මක් දෙනවාය. ඉතිරිවා ඉක්මණට පල කරන්නය. අපි කියවන්නට බලාගෙන සිටිනවාය.

    ReplyDelete
    Replies
    1. එහෙමද......දෙන්නම් ටික ටික කියවන්නකෝ......
      ඈ බං ...උඹ දත් දොස්තරයාගේ නෑදැයෙක්ද බං :) ...?

      Delete
    2. හැක්.. හැක්.. කෙන්ජෝ මගේ දත් නැති බව උඹ දන්‍නැතිද ?

      Delete
    3. උඹේ දත් තියෙන බව මම දන්නව ...
      මම ඇහැව්වෙ රාජිතලගේ නෑදැයෝද කියල බං ..

      Delete
  41. බලපං කෙන්ජයියේ උඹ දියමන්ති පතලක් උඩ වාඩි වෙලානේ කුණුහර්ප කිය කියා උන්නේ.

    ReplyDelete
    Replies
    1. අප්පට සිලි සුදික මල්ලියට මාව ලෝකෙ ඉස්තරම්ම "ගලක්"ගානට වටිනව වෙලානෙ :) ...
      ඔව් මල්ලි දැන් මේව තම දිගටම ලියන්නෙ .

      Delete
  42. අන්න එහෙම behind the scene දැනගන්න අපි කවුරුත් කැමතියි. නමුත් මේ චරිතවලින් අද ජීවත් වෙන අයට සහ ඒ අයගේ නෑදෑයන්ට හිතේ අමාරුවක් ඇතිවෙන එකක් නැද්ද මේ සමහර විස්තර වලින්. මට එහෙම හිතුනා.

    ReplyDelete
    Replies
    1. හුග දෙනෙක් පිටුපස සිදුවීම් දන්නෙ නැහැ මචං .
      එහෙම හිත රිදිච්ච බුවෙක් හරි බුවිච්චියෙක් හරි කමෙන්ට් එහෙකින් හෝ මේලකින් මගෙන් කරුණු විමසයිනෙ බං ...එතකොට මං දෙන්නං රිප්ලයි....
      අරකි පළාත් සභාවෙ නටන පිස්සුව දකිද්දී ලංකාවට ගිහිල්ල මුනටම දෙකක් කියල එන්න හිතෙනව පට්ටිට ...
      උඹ සිත රිදව ගන්න එපා මචෝ ....

      Delete
  43. මෙන්න මෙහෙම දෙයියනේ කියලා ලෝකයාට වැඩක් වෙන දෙයක් කොටාගෙන ඉන්නවනම් අම්මපා කෙන්ජියෝ උඹට විරුද්දව එක කොමෙන්ට් එකක් දාන්නේ නැ මීට පස්සේ. ආයවත් තැන තැන වල කුණුහරුප නොලියා බෙටි නොදමා ඉන්නවනම් ඇනෝ කොමෙන්ට් වලින්ම උඹට hit කවුන්ටරේ කරකලා දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. හා මචෝ...මට නම් ඔය හිට් කවුන්ටර් වලින් වැඩක් නැතිය බං ...
      හැබැයි කවුන්ටරේ හිට් ගාන සල්ලි වෙනව නම් මං ආසය...
      ඒ වෙන මොන සෙද්දටවත් නොවෙයිය....
      ඒ මුදලුත් යොදෝල මා උපං රටේ ඉගෙන ගන්න දරුවන්ට තවත් මට උදව් කොරන්න ඇහැකි වන නිසාය...
      Thanks ... මචං ..

      Delete
  44. කෙන්ජෝ, සුවර්ණා ජෝ එක්ක හිටියනම් කොහොමද ධර්මසිරි ගෙන් ලමයෙක් ලැබෙන්නේ ? ළමයා කොහොමත් එයාගේ නෙද? දැන් තියන් ඉන්නේ නිමල් සිරිපාල නේද? පත්තර වලින් ගත්ත ඒවා කිව්වේ මචං. උබ දන්නවද එහෙම එකක්?එයාව කව්රුත් බැන්දේ නැද්ද මචං

    ReplyDelete
    Replies
    1. මචං ... සුවර්ණව ලංකාවට එක්කං එන්නෙ ජෝ පප්පා..
      එයාගෙ නෝන මාත්තය IDH ඉටියෙ (IDH කොහෙද කියල ආන්න එපාය)
      කැසිලි බඩු වලට මහල්ලන්ට වඩා තමා රගන සම්භාව්‍ය චරිත වලට, අදහස් තියෙන තරුණ කෙනෙකුට හිත යන්නෙ වෙන අරමුණු නිසා.
      ධර්මයට පෙර ඔය කෙල්ල කැමරාමන් කෙනෙක් එක්ක කඩවත කාමරයක විසුව .
      ධර්මය ගෙ තමයි ළමය..
      පළගැටියෝ කරද්දී ධර්මය මට ලව්..
      ෂොට් එකක් දාගෙන කස්ටිය එක්ක වාහනෙ එද්දී මගේ කනට කිස් එකක් දීලා....
      එක්කෝ ඕන නැහැ බං ..පෝස්ට් එහෙකදී ලියන්නං ..

      Delete
    2. මන් ජෝ ගේ මුළු පවුලම ගැන දන්නවා මචං. පව් ජෝ ගේ පවුලට මානසික ලෙඩක් තිබ්බ, පුතාත්, දුවත් පව්. එයාල දැන් 40 ගණන් වල. එයාලටත් ටිකක් ඒවගේ. මචන් මන් අපහාසයට ලිව්වා නෙවෙයි. ඒ මුළු පවුලම නාස්ති උනා..... මචන් ජෝ මරණය ගැනත් සැකයි නේද ? උබ ලංකාවේ නෙවෙඉ වෙන්න ඇති එහ දවස් වල. පුතාවත් සැක කල. ඒක යට ගැහැව්වා.

      Delete
    3. ඇයි ධර්මසිරිගේ එක ජෝ දැක්කම මැරෙනවාළුද?

      Delete
    4. ලොකු දෙයක් උඹ වගේ දන්නා එකෙක් ඉදීම...පාගොඩ පාරේ ගෙදර මට නොපුරුදු තැනක් නෙමේ ....
      උඹ කියන කාරනා වලට හ්ම්ම්ම්... කියනවා ඇරෙන්නට වෙන කිසිවක් කිය නොහැක...
      Thanks ....braa .....

      Delete
  45. මේ පොස්ට් එක නිසා අපි නොදකින පැත්තක් ගැන දැනගත්ත . ඇත්ත තිත්තයිලුනේ.
    ඔහොම යන් .

    ReplyDelete
    Replies
    1. අනිවා....කුමා....වැල් කං මගේ අඩවියට...
      ඉදිරියේදී තව ගොඩක් කියවන්න ලැබෙයි.

      Delete
  46. ගීතාගේ ඒ කාලෙයි අද කාලෙයි වෙනසක් නැහැ වගේ ඒ කියන්නේ. මම හිතුවේ දැන් තමා බෙලෙක් කටයි වට්ටි අම්මයි ඒ කාලේ ටිකක් හරි සංවරව ඉන්න ඇති කියලා :P

    ReplyDelete
  47. ගලගෙදර නෙලුම් නෝනා මල්ලි කියනවනම්,කෙන්ජි තාම ඉස්කෝලේ යන වයසෙ හිච්චි කොල්ලෙක් වෙන්න ඇති.

    සමහරවෙලාවට කෙන්ජි ඉතා ළගින් යන බව දැනෙනවා.
    අහවලාගේ පුතා හෝ අහවලීගේ පුතා යයි හිතෙන තරමට.!!

    එහෙම කාටවත් හිතවන්න ඕනිනම් “කෙන්ජි“ නමින් ලියන එකක් නැහැ මගේ හිතේ.
    ප්‍රසිද්ධ මිනිස්සු සාමාන්‍ය නැහැ.
    සාමාන්‍ය මිනිස්සු සුන්දරයි.!

    ReplyDelete
  48. මට හිතෙන්නේ ඔයත් බිහි වෙන්න ඇත්තේ හැත්තෑවේ දශකයේ වෙන්න ඕන.....මොකද දැනට තිබුන සිනමාවේ සාර්ථකම යුගයනේ.....

    ReplyDelete