Saturday 8 February 2014

කතරගම දෙයියන් මුණගැසීම (අවසාන කොටස)

                කා බි කෙටි විවේකයෙන් පසු වුන සියලු දෙනා,නා කියා ගෙන පුජාවට යන්න සුදානම් වුනා.මම සුදු සරමකින් සහ සුදු කමිසයකින් සැරසුණා. ඒ දින වල මම මුහුණ පුරා රැවුල වවා තිබුනා.හැමෝම මට එතකොට කිව්වෙ "ක්ලින්ට්" ගේ පුතෙක් වගේ කියල.එක එකිල එහෙම කිව්ව කියල මම හිස උදුම්මාගෙන ආඩම්බර කාර කොල්ලෙක් වෙන්න ගියේ නැහැ.
සියල්ල සමග බස් රියෙන් පැමිණ කස්ටියව කඩ හරියෙන් බස්වා,මමත්,ගජයකුත්,කොන්ද සහ රියදුරු සමග බස් රථය ගාල් කිරීම සදහා ඩිපෝ පාරේ ඉදිරියට යනවිට වේගයෙන් පැමිණි පොලිස් ජීප් රිය බසයට ඉස්සර කොට නවතන්න අණ කළා.බසයට ගොඩ වූ කොස්සෙක්.....

" කෝ නඩේ ගුරා..."
මගේ ටිකිරි මොලේට වැටහුනා වැඩේ කොහේ හරි දෙල් වෙලා හරි අල වෙලා හරි ඇති බව.ටාර් ගා මගේ අර ස්තානෝචිතේ දැල්වුණා. මම මෙහෙමෙ කිව්ව & ඇහැව්වා.......
" එයා නඩේත් එක්ක දේවාලෙට ගියා...ඇයි..ලාලාමි...."
" එයාට පණිවිඩයක් යවන්න පොලිසියට එන්න කියල....මම ඩ්‍රයිවර් එක්ක බස් එක අරන් යනවා පොලිසියට."
" මො...මො..... මොකකක්ද ..ලාලාමි හේතුව....?"
" දවල් ඔහෙලා එද්දී මාතර නඩුකාර හාන්දුරුවන්ගේ කාර් එක හප්පගෙන ඇවිල්ල.."
" මො....මොන පික්ෂුද ...ලාලාමි....."
" මේ...ඒවා වැඩක් නැහැ ...OIC මහත්තය කිව්ව දේ මම කරන්නේ...පනිවිඩේ යවල නඩේ ගුරාව එවනවල පොලිසියට.."

                         
බස් රථයෙන් බැසගත් මා හා ගජයාට සියලු දේ පැහැදිලි වී තිබිණ.මගේ කටේ නරිවාදන් සරම පල්ලෙන් ගලා ඇති බව මෙනෙහි වින.නමුත් මෙබුවා අද සේම එදත් සැලෙන බුවෙක් නොවිය.දැන් වාගේ ෆෝන් බහුල යුගයක නම්,ව්මලේ එල්ලගෙන ඉන්න දෙක වගේ නොව මා ලගත් අඩුම තරමින් තුන හතරක්වත් මොබයිල් තිබෙන්න ඉඩ තිබිණි. මා සහ ගජේ ඩිපෝ පාරේ ඉදිරියට ගොස් නිව් රෙස්ට් වෙතින් බස් අයිතිකරුට ඇමතුමක් ගතිමි.
" හෙලෝ....ආ..මහේෂ්ද...මචන් රාජීව්......තාත්ත ඉන්නවද මචෝ..."
" Shop එකේ ඉදල දැන් මග එනව ඇති..මොකද මචන් කලබලෙන් වගේ.."
                              දහවල් නවාතැන් පලට පැමිණීමේ සිට මේ දක්වා සිදු වූ දේවල් පියාට පවසන ලෙසත්,මෙය සුළුවෙන් නොසිතා ගත හැකි ඉහලම ක්‍රියාමාර්ගය ගන්නා ලෙසටත් මා පැහැදලි කර පැවසුවෙමි. ඉන්පසු අප දෙදෙනා කෙලින්ම ගියේ පෝලොසියටය.
" තමුසෙද.....නඩේ ගුරා...."
" ඔබ තුමා තමුසෙ කිව්වෙ කාටද...? "
" ඇයි...අහන්නේ..? "
" නැහැ මට නම කියලයි කවුරුත් කතා කරන්නේ..."
" තමා කාගේ කවුද...? "
" ඔබ තුමාට දැනගත්ත කියල වැඩක් නැති වෙයි..."
"එහෙමද....හහ්..හහ්....."
" එතකොට නඩේ ගුරා කෝ...? "
" එහෙම ගුරෙක් කියල නැහැ මහත්තයෝ...මගේ ෆ්රෙන්ඩ්ස්ලයි,එයාලගේ ෆැමිලි එකේ කට්ටියයි ආවේ..මම තමා ලීඩ් කලේ...."
" හහ්..හහ්....හහ්...හරි,..හරි.... අපිට ඕනා ලීඩර් ව තමයි....එහෙමනම් තමුනුයි,ඩ්‍රයිවයි යමුකෝ මා එක්ක පොඩි ගමනක්....."
මම එහෙමය.මට ඒ කාලේ ඉදලම පොලෝසි පුරුදුය.ගජයෝ පොලෝසි වල ඔසේට හිටියෝය.පොලෝසි මෙස් වල,විශේෂයෙන් කොටුව,තිම්බිරිගස්යාය වගේ තැන්වල එවුන් එක්ක එකට අඩි ගහල තියෙනවාය.OIC වුනාට තමුසේ කියල කතා කරන්න බැරිය.
එසේ පවසා ජීප් රථය වෙත ගොස් මට සහ බස් රියදුරුට එයට ගොඩවන්නට අණ කළේය.කෙලින්ම අධිකරණ වෙදැදුරු වෙත ඉදිරිපත් කළේය.පොඩි බට කැබැල්ලක් පුම්බන්න දුන්නු විට කොළ පාටක් වුනා මතකය.(ඇත්තටම මොනපාට දැයි දැන් මතකයේ නැත.)රියදුරු පොඩ්ඩක්වත් පානය නොකළ බව මම හොදින් දනී.නමුත් ඔහුත් මා මෙන්ම බි ඇති බවට වාර්තා ගෙන ඇති බව පසු කතා වලින් අවබෝධ විය.
                                     නැවත පොලිසිය වෙත රැගෙන විත් බංකුවල අප දෙදෙනා ට වාඩි වී සිටින ලෙසටත්,කොයි මොහොතේ හෝ මාතර පොලොසියෙන් පැමිණ අප දෙදෙනා සහ බස් රථය රැගෙන යන බවත් පැවසුවාය.කියන්න අමතක වුවා ,OIC ගෙ කාමරේ අප විසින ගෙනෙන ලද පණු බේත් පෙට්ටි දෙක දිලිසි දිලිසි තිබුනා.
දැන් මට ෂෝට් ෆිල්ම් එකේ තිර කතාව පැහැදිලිය.මාතර ගෙන ගොස් පසු දින ,B රිපෝටයකින් >> අධික බීමතින් බස් රථය ධාවනය කරමින් ගරු මහේස්ත්‍රාත් තුමාගේ මෝටර් රථය අනතුරට පත් කොට පලා යාම.රියදුරු සහ සහයකයා අධික බීමතින් සිටි බවට වෙද වාර්තාවද මේ සමග ගරු අධිකරණයට ඉදිරිපත් කරමි << 

                               එතකොට නඩුව ඉදිරිපත් කරන්නෙත් හැප්පුවයි කියන නඩුකාරයාටය. එයාගේ නම ඒ සිටි එකේ පාලමටත් කියනවා වගේ මතකයක් ඇත.කතා දෙකක් නැත.ඇප නැත.දින 14 කට ඇතුලේය.ඇතුලට ගිය ගමන් ඇතුලේ අයියලාට කියා අපි දෙන්නට පෝරියල් එක ලැබෙනවාය.නඩුයි බඩුයි එකාටම අයිති වුනාම වෙන්නේ එහෙමය.අදටත් එහෙම වෙනවාය.

                             මෙහෙම සිත් භාගයකින් කෙටි චිත්‍රපටය නැරඹුවාට,ඉතිරි සිත් භාගය දුවන්නේ වෙන අතකය.මගේ හදහනේ හැටියට දැම්ම ඇතුලට යාමේ ඉඩක් නැති බව ගම ආරිය උන්නැහේ කිව බව සිහියට නැගින.හැබැයි 23 දි නම් අනිවා කන්න වෙනවා කිවූ බවත් මතකට නැගින.මා කොළඹට දුන් පණිවිඩය අනුවනම් මේ වෙද්දී බඩු වැඩ කල යුතුය.සිතිවිලි අතරේ සැරි සැරුවාට මගේ කන් යොමු කොට තිබුනේ වෙනතකය.

(මේ මෙසේජ් විස්තරය ඒ අයුරින් නොවන්නට පුළුවන.මට මතක හැටියට ලියමි.)තොරක් නැතිව එක එක හඩ පිට කරමින් සිටි රේඩියෝ මෙසේජ් යන්ත්‍රයෙන්..කතරගම....කතරගම....පොලිස් මුලස්ථානය අමතන්න.................මුලස්ථානය........කතරගමින් ....අමතනවා........අහවල් නියෝජ්‍ය පොලිස්පති තුමාගේ අනින් රදවාගෙන සිටින xxxxxxxxx ටිය මෝටර්ස් බස් රථය සහ දෙදෙනාව වහා නිදහස් කොට මුලස්ථානයට වාර්තා කරන්න ....ඕවර් .......
පණිවිඩය ලද සාජන් කුක්කා OIC ගේ කාමරය වෙත ගොස් කතා කරන බව දුටිමි.අපව කැදවනු ලැබිණි.

" වාදී වෙන්න පුතා.... "
" Thanks Mr විජේරත්න...."
" අපේ DIG මහත්තය පුතාගේ කවුද..?කියන්නෙපා ඉස්සෙල්ල... ?"
" ඔබ තුමා මගෙන් මොකුත් ඇහැව්වය....මම හිතන්නෙ බස් අයිති අන්කල්ගේ යාලුවෙක් වෙන්න ඇති...."
" එහෙමද....?අපේ මේ රාජකාරියත් පුතා ...හරියට දැලිපිහියෙන් කිරි කනව වගේ වැඩක්....."
" අපි එහෙනම් යන්නම් Mr විජේරත්න.... "
" ok ... ok ....පුතා.......පෙරේරා ආආඅ මේ පෙට්ටි දෙක බස එකට යවන්න ...."
" Mr විජේරත්නට නිවාඩු නම් රෙස්ට් එක පැත්තේ ඇවිත් යන්න එන්න...අපේ කොල්ලො එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න පුළුවන්....."
" හෙහ් ...හෙහ්....thanks ...දැන් සෙල්ලට යනවා රේඩ් එහෙකට ....ගොහින් එන ගමන් පොඩ්ඩක් ගොඩ වැදිලා යන්න එන්නම්....."
නවාතැන් පලට ආවෙමු.අම්මා වරුන්ට හරි ප්‍රීතිය.ප්‍රීති කිව්වේ අරව නෙමේය. සතුටය.අපිව බේරලා එවල තියෙන්නේ දෙය්යියෝ කියල හිතලාය.මෑණිවරු තියෙන දේවාල සේරටම වෙන වෙනම භාර විතරක් නෙමේ හාරත් වෙලාය.මාව එක්කන් ඇවිත් පේ කොරල ඔප්පු කොරන විදියටය.

                        මම විකසිත වූ පුෂ්පයෙන් මගේ ස්ථානෝචිත එකෙන් ගොඩ ගිය බව කී විට ඔවුන් බාර හකුලා ගත්තෝය.නැවත නා කියාගෙන එලි මහනේ ගිනි මැලයක් ගසාගෙන,මුව බයිට් සමග සතුටින් අනුමත වෙමින් සිටියදී,OIC තවත් නිලධාරින් තිදෙනකු සමග පැමිණ අප සමග අනුගත විය.බොමින් දඩ මස් තළුමරමින් සිට රාත්‍රී ආහාරයද අනුභව කොට සතුටින් විසිර ගියහ.අපේ කස්ටියද සියල්ල අවසන නින්දට ගියේ පසුදා උදෑසනම බණ්ඩාරවෙල යන බලාපොරොත්තුවෙන්ය.


***** නිමි ය *****

107 comments:

  1. කොන්නිචි වා..
    නඩුකාර උන්නැහේ කාමරෙන් යනකොට දෙන්නම් බොට කියලා හිතාගෙන යන්නැති...කොහොම හරි නඩුකාරයත් කෙන්ජිට පැරදුනා...
    ඇවිත් යන්න එන්න....http://driverkolla78.blogspot.com/

    ReplyDelete
    Replies
    1. සේම්...ටු ....උඹටත්...
      ඔව් බන් නුලෙන්...
      උඹේ එකටත් ගොඩ වුනා එල...දිගටම ඇහැකි විදියට ලියපන්...
      අපේ ලොක්කටත් දැන්නුව සින්ඩියේ එල්ලන්න ..
      ඔමාත් එයාගේ සින්ඩියේ එල්ලයි..
      ජය...

      Delete
  2. අර කොහෙද ලියලා තියෙනවලුනේ සිරකරුවොත් මනුෂයයෝය කියලා.... ඕකා දැක්ක පොලිස් කාරයෙක් කිව්වලු පෝලිස් කාරයොත් මනුෂ්‍යයෝය කියලා .... එත කොට නඩුකාරයොත් මනුෂ්‍යයෝය කියලා තියෙන්නේ පොලිස් කාරයාගේ කතාව අහපු නඩුකාරයෙක්...... අන්තිමට බලන් ගියාම අමනුස්සයෝ ඔය මුකුත් නොකරන අපිවවගේ සාමාන්‍ය මිනිස්සු තමයි

    අර අහිංසක නඩුකාරයාගේ ආතල් එක කෑවට හැබැයි උබට කෙන්ජයිය්යේ පොලිස් කුඩුවට නොගියට ආපයටනම් යන්න වෙනවම තමයි

    ReplyDelete
    Replies
    1. මම ආතල් කුඩු කරන බුවෙක් නෙමේ බන්...
      අර උත්තිගේ කොල්ල කිව්වනම් හරියට විස්තරේ ..
      මම ඒකටත් ෂොට් එකක් යවල තව ආතල් ගන්න දෙනවා.

      Delete
  3. මම හරි කැමතියි ඕකුන්ගේ රෙස්පෙක්ට් බහිනවට.. දෙවිවරු කියලා හිතාගෙන ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. කොහෙදි හරි ගුටි කාලා තියනවා කොස්සන්ගෙන් හොම්බ රිවෙට් වෙන්න.

      Delete
    2. ඔව් මචන් ...උඹ දන්නවා ඇති පොලිසියේ ඩග්ලස් පීරා පැලියගොඩ ඉද්දි...
      ඌ ටත් දුන්න එල ගේමක්..

      Delete
    3. එකත් ලියන්නකො කෙන්ජයියෙ :D

      Delete
    4. ලියාගන යද්දී ඒවත් ලියවෙයි සසිදුවෝ ....

      Delete
    5. ලියපන්....ලියපන්.....ඕකා නම් නසරානියෙක්ම තමයි.

      Delete
  4. මට නිකන් මැවිලා පේනවා OIC ගෙ මූණත් තහඩුව තිබුන විදිය. රේඩියෝ මැසේජ් එක ආපු ගමන් කෝච්චියට අහුවුන ශත පහ වගේ වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. එවුන් එහෙම සත පහ කරගන්නෙ නැහැ....
      ආරූඩ කරගන්නවා පුදුම මිත්‍රත්ව මුණක්..සත පහේ මුණ වහගෙන...

      Delete
    2. ඒ කතාවනං සහතික ඇත්ත කෙන්ජි මාමෙ. .&$ බල්ලො යමව් පොලිසියෙදි තොපි ගැන බලාගන්න කියල පටෝගෙන ඇවිත් එක කෝල් එකක් ආවම ඒ ( කටින්ම ?? )
      අගේට පුතාල :D කියනවා .. !! සංසාරේ !!

      Delete
    3. තව පොලිසියේ වැඩ කාරයෙක් හිටිය "ෂෝ"කියල ඌ ගැනත් කතාවක් තියෙනවා පස්සේ ලියන්නම්.

      Delete
    4. වික්‍රමසිංහ ගැන වෙන්ඩැ මේ කියන්නෙ

      Delete
    5. වෙන කවුද ඉතින් ..

      Delete
    6. ඒ අනිත් සංසර්ගයා.....මරියකඩේ ඉන්න කාලේ මිනිස්සු පේමන්ට් එකේ බඩු විකුණනවා කියලා මෝටර් බයික් එක ඒවා උඩින් ගෙනියනවා.

      Delete
  5. අහිංසක OIC කාරයා නඩුකාරයගෙන් කන්නැති මදි නොකියන්න.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. නඩුකාරයට වඩා DIG ගෙන් කන්න ලැබෙන එක නවත්වල දුන්න.
      බොන ගමන් කතා වෙච්චි ඒවා ලිව්වෙ නැහැ බන්..
      අපේ සම හරක්ට දිරවන්නෙ නැති නිසා.
      අන්තිමට එයා ආස කොළඹ කිට්ටු නගේරකටත් එන්න උදව් කළා.

      Delete
  6. ඔය පොලිස් %රියන්ට නැති වැරදි මවල නඩු දානවට වඩා වෙන වැඩක් නෑනෙ...නඩුකාරයට නඩුව බලවගන්ඩ ඉඩ දුන්නෙ නැති නිසා උන වැඩක්, හොද වෙලාවට DIG මහත්තයගෙ ඇදුනුම්කමක් තිබ්බෙ නැත්තන් කොල්ල රිමාන්ඩ් :D

    ReplyDelete
    Replies
    1. අනිවා බන් .. මමත් කනවා හොද කැවිල්ලක්..
      පොලිසි වලට එන්න කීවාට කෙලින්ම යන්න නරකයි යන බව කිසිවෙකු දැනුවත් නොකර..

      Delete
  7. නඩුත් හාංදුරුවංගෙ බඩුත් හාංදුරුවංගෙ කියන්නෙ නිකංයැ... නැද්ද මං අහන්නෙ..
    හැබැයි ඕ අයි සී බුවාට නං සොරි වෙන්න ඇති... හි හි

    ReplyDelete
    Replies
    1. ඔය නඩු/බඩු දෙකම හාන්දුරුවන්ගේ කතාව අද වැඩියි.
      නැහැ මහේෂ්...මම ලොකු උදව් දෙකක් කොලා උන්දැට..
      සේරම ලිව්වෙ නැහැ ...බන්..
      අපේ උන් දන්නවනේ...

      Delete
  8. ඔන්න බලමුකෝ ඒකෙත් හැටි. අර මනුස්සයා ලැජ්ජාවක් නැතුව ආවානේ ආපහු සෙට් වෙන්න.

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාව කිව්වෙ පොලෝසියේ එව්වන්ටද යකෝ... :) ?

      Delete
  9. ගමආරිය හදපු මගේ කේන්දරේ බලපු අපේ ගමේ ජෝති මමට හරිම අපලයි කියපු නිසා අපේ අම්මා ඒ ජෝතිට කියා කේන්දරය නිවැරදි කළා. අපලේ දුරුවුණා.

    ReplyDelete
    Replies
    1. මට නම් ගම ආරිය කියපු සේරම හරි..
      ඔයාගේ වෙලාවේ වෙනසක් වෙන්න ඇති..

      Delete
  10. නඩුකාරයා කවුද කියලා නම් දීපු ඉඟියෙන් තේරෙනවා.
    හැබැයි නඩු ගියත් බස් එකේ හීරීම් නැත්නම් උඹලට ගොඩයන්න තිබුනා.
    පවු බං පොලිස් කාරයා.

    ReplyDelete
    Replies
    1. උඹ නම අල්ල ගත්ත..හැක්..හැක්..
      ඒවා පසු කතානේ බන්...
      මේ බල්ලෝ අහිංසක අයට
      කරන දේවල් කොහොමද කියල පේනවා නේද...?

      Delete
    2. තිලකරත්න උන්නැහේ ගැනෙයි මේ කියන්නේ

      Delete
    3. එයා නම් ඉස්සර හොඳ බුවෙක් කියලා නේද ප්‍රසිද්ධ?

      Delete
  11. බොලාට තිබුණෙ මිස්ට විජේරත්නට සතියක් ටොයිලට් එකේ ඉන්න විදියට බයිට් එකක් සැට් කරන්නනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා ...සමහරුන්ගේ කතා ඇහැව්වම හරිම දුකයි බන්..

      Delete
  12. කෙන්ජයියා හයිය තිබුන නිසා හොදයි.නැත්තම් අර ෆිල්ම් එක ලයිව් වෙනව නෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා එකෙන්ම දමීය ...
      කොස්සො කිව්ව කතා තමා බන්..

      Delete
  13. පණු බේත් පෙට්ටිය හබක් වෙයි කියල පණ බයේ හිටියෙ,අම්මෝ ආපහු හම්බ උනානෙ.

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්...ඒකනෙ මචන්...

      Delete
  14. අර නඩුකාරයගේ අම්මට @$$%^& එපැය කෙන්ජි අයියේ

    ReplyDelete
    Replies
    1. කේන්ති ගන්න එපා මලේ...
      උන්ගේ මා පියන් පවු....ඌඌඌ
      අරන් ඇවිල්ල හිටපු කැබැල්ලට තමා අම්ම කෑල්ල ලොප් කරලා ...
      ඉතිරි හරිය කරන්න ඕන බන්...

      Delete
    2. නඩුකාරයගෙ බඩුවට කෙලින්ඩයි එහෙනම් කෙන්ජයියගෙ ප්ලෑන :D

      Delete
    3. පික්ෂුද බන් අන්සතු ඒවාට.....?
      එදත් නැහැ අදත් නැහැ......

      Delete
  15. මේක හරියට අර ඒ කාලේ රේඩියෝ එකේ ගිය 'විනෝද සමය' වැඩසටහනේ කොටසක් වගේ.

    පොලීසියේ පණිවිඩ හුවමාරු යන්ත්‍රවල මෙහෙමයි කියන්නේ

    'අමතන්න වලස්මුල්ලට බකමූණ' මෙන්න උත්තර දීම. 'හූම්...............හූම්'

    අමතන්න බකමූණට වලස්මුල්ල' මෙහෙමයි උත්තරය. 'ගර්........ගර්.......'

    වැඩ කරලා බඩගිනි වුනාම? 'අමතන්න චෝදනාගාරයට භෝජනාගාරය' :D :D

    ReplyDelete
    Replies
    1. හැක් ...හැක්...එල විචාරම තුමා....!

      Delete
  16. හරි අහිංසක OIC. පවු.

    ReplyDelete
  17. කෙන්ජි මාමෙ එනගමං උසාවිය ලඟිං හෝන් පාරක් ගහන් ආවෙ නැතෙයි ???

    ReplyDelete
    Replies
    1. මම පත්තරයෝ...කතාවෙ ගොඩක් ලිව්වෙ නැහැ...
      අපිව නිදහස් කරපු කතාව අහපු බලු නඩුකාරය ..
      අපි කොළඹ යද්දී ඇරෙස්ට් කරන්න වැඩ පිළිවලක් දාල තිබිල...
      OIC ට ලොකු උදව් දෙකක් දෙන්න පොරොන්දු වුන නිසා දැනගත්ත.

      Delete
    2. රසවත් දේවල් මග හලලනෙ ඉතින්...

      Delete
    3. ඒකනෙ බං ..ඉතුරු ටික බැංකුවෙ දාල :D

      Delete
    4. නැහැ බන්ස් ල OIC කාරය ලයි දෙන්නව කොළඹ පාසලකට දාගන්නත්,ඒකට කොළඹ කිට්ටුව පොලෝසියකට එන්නත් ඕන බව බොන ගමන් කතා කොලා ....
      ඕව ලියන්න ගියාම කැටයම් දානවා කියන නිසා කෙටුවෙ නැහැ...

      Delete
    5. //ඕව ලියන්න ගියාම කැටයම් දානවා කියන නිසා කෙටුවෙ නැහැ...//

      මම විරුද්ධයි මේකට
      අනේ මංදා ඉතින් මේක ඔබතුමාගේ බ්ලොග් එකනෙ

      Delete
    6. N කොල්ල ....නැහැ බන් සමහරු කියනව ලොකු කතා කියල...
      පසුගිය ලිපිය බලන්න.

      Delete
  18. එතකොට අන්තිමට වැරදිකාරයා කෙන්ජයියා....එහෙම බලනකොට හිරේ ඉන්න උන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් ඔය විදියට ඇතුලට යවපු උන් වෙන්න ඇති...ඊට පස්සෙ උන් නිකම්ම අපරාධකාරයෝ වෙනවා......නඩුකාරයෝ =බඩුකාරයෝ

    ReplyDelete
    Replies
    1. මම වැරදි බාන්න නිසානේ බන්..
      ඇත්තටම ඌ කියල අර උත්ත කිව්වා නම් මම එල සප් එක දෙනවා..
      අනේ ඔව් බන් යමක් කරගන්න බැරි අහිංසකයන්ට අබ සරණං ගච්චාමි...
      පස්සෙ කාලෙක මම මාස කීපයක් ඇතුලේ ඉද්දි ඇස් දෙකෙන් දැක්ක...
      රට ඉන්න තමන්ගෙ බිරිදට ලිපියක් යවා ගන්න බැරිව හිටපු එව්වන්ට ලියන කොළ /ලිපි කවර පවා ගෙනත් දීල ජේලර් ලට කියල තැපැල් කෙරෙව්වා බන්.
      පොඩි දඩේ ගෙවාගන්න බැරි අසරණයො අවුරුදු ගණන් තපිනවා.

      Delete
  19. ඔය වගේ මෑනියන්ගෙ වස්තරේ නඩුකාරයෙක් උන්න බං කෙන්ජි මාමෙ අපේ පැත්තෙ උසාවියෙ..
    ටවුන් එකේ කොල්ලන්ගෙ බයික් වල සද්දෙ වැඩියි කියල ට්‍රැපික් ඕඅයිසී ට ඕඩර් කරල ඒ බයික් සේරම අල්ලල උසාවි දාන්න කියල..කීපයක් දැම්මත් එක්ක..!! දඩත් ගැහුවා..

    ඌට ඒ කාලෙ බයික්කෙයක් පැදගන්න බැරි උන ඇරියස් එක ඇරියෙ දැං ඉන්න කොල්ලන්ගෙ උන්ගෙ පිටින්..
    ජපානෙන් හදල එවන්නෙ එහෙමනං ගන්න එවුං මැ‍රෙන්නද අප්පා..නොදකිං !!
    හොඳ වෙලාවට අවුරුද්දක් වගේ තමා හිටියෙ..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ බන්...
      මේ යකත් ඒ දවස් වල රෑට ලයිට් නැතිව ගිය පා පැදි කරුවන් එකසිය ගානකට එක දවසේ දඩ ගැහැව්ව්...
      දැන් කඩේ යනවා...

      Delete
  20. මේ නඩුකාරය ම....ති****න නම් මමත් දන්න කතාවක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. තියෙන වනම් ඔතනම කියපන් මචන්...
      එතකොට අගෙයි බන්...

      Delete
    2. එයානම් රජතුමා රිමාන්ඩ් වුනකාලෙ එතුමාගෙ මෑණියන්ගෙ මලගෙදරට යන්න අවසරදුන්නෙ තමාතමයි කියල දෑන් හරියට කියනව. ඒවගේම රජයේ ආයතන වල දුෂිත නිලදාරීන් ගෑනත් කියනව

      Delete
    3. PJ ජහමනය සතුටු කරන්න කිව්වට කිසිම දෙයක් නවත්තල නැහැනේ...

      Delete
  21. Ō! Kenji wa kyōryokuna otokodesu. Watashi wa, keisatsu de no toraburu ni shutoku suru baai, watashi wa tashika ni anata o yobidashimasu.

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්...දුලා හැමෝම නොදන්නා රෙද්දවල් කොටන්න එපා බන්...
      මේක කරුණා කොරල සිංගලෙන් දාපන්..
      නැත්නම් තෝ දේශා ,මගේ බොක්කට දැම්ම වගේ පෝස්ට් එකක් මම දානවා ...
      හරිය...... :).....
      උඹ ෆෝන් එකෙන්ද කෙටුවෙ බන්....?
      thanks ....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හරි හරි !
      මාටත් පොලිශ් කේශ් එකක් වැටුනොත් කෙන්ජිට කියන්නම්

      Delete
    4. උඹත් පැය 24 ම මම වගේම...
      ලංකාවට ආපු දවසක කියපන්....
      දැන් ඉන්නෙ ජංගි ඉල්ලන්කෝන් ...
      කඩේ යන බල්ලෙක් බන්...

      Delete
    5. අපිත් ජපන් ටිකක් දන්නවෝ...

      Delete
    6. ජපන් දන්නවනම් සිංහලෙන් කොටපන් කාටත් කියවන්න පුළුවන් ලෙසට.

      Delete
    7. අනේ ඔව් බන් කෙන්ජි දන්න භාශාවකින් කොටන්න කියහන් බන් . මුන් පිස්සු කෙලිනවානේ.

      Delete
  22. ඔය පොලොස් කොට්ටෝරුවන්ට සලකන්න ඕනෙ ඔහොමම තමයි.

    ReplyDelete
    Replies
    1. හබ්බෝ...ගෑලමයි ඕම කේන්ති ගන්න එපා... :)
      ඇත්තටම බස්සි අදත් ඔයදේ වෙනවනේ...
      මම නම් දෙන්න පුළුවන් තැන් වල හැම එකාටම පහර දුන්න.
      ඒ වගේම කරන්න පුළුවන් උදව් කලා......

      Delete
  23. මම නම් පොලිස් මමලගෙන් ඇදුරුම් කම් වලට වඩා දෙයියන්ගේ මල්ලි ට කියලා වැඩ කරවාගෙන තියෙනවා... ඕනෑම පොලිසියක පප්පෙක් හොයාගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. මට නම් දෙයියන්ගේ රෙද්දේ පිහිට ලැබිලත් නැහැ/ඉල්ලලත් නැහැ මචෝ...
      හැබැයි ඒ කාලේ ඉදල ඇසුරු කල එල බුවාලා දෙයියෝ වගේ තමයි...හෙක්...හෙක්...

      Delete
    2. ආච්චි ගේ වස්තර දෙයියෙක් ගැන නෙමේ සහෝ මම කිඋවේ සල්ලි ගැන පගාව නොහොත් ජරාව ගැන

      Delete
    3. සල්ලි සල්ලි දෙවියන්ගේ මල්ලී....

      Delete
    4. පාගා ගැන නම් කතා කරලා වැඩක් නැහැ.

      Delete
  24. පව් කෙන්ජයියා OIC කාරයා .. උන් මාර කට්ටක් කන්නේ ..උන් අපිට රෙස්පට් දාන්නේ උනාට දැන් එව්වා කොහෙන් හරි යවා ගන්න ඕන නිසා. ඔයා නිදහස් වෙච්ච් එකේ ගෞරවය දෙයියාන්ට දෙන්න කැමතිම නෑනේ..?

    ReplyDelete
    Replies
    1. උඩ කමෙන්ට් කියවපන් දෙයිය...
      මම ඕ අයි චි කාරයට සුවිප් දිනුම් දෙකක් දුන්න ..
      බොන ගමන් ... කාමරේට ගිහිල්ල එයාලගෙ දුක කිව්වම ඇස් දෙකටම කදුළු බන්..

      Delete
  25. පොලොස් මහත්තුරුන්ගෙ මූඩ් වෙනස් වුනු හැටි මට මැවිල පෙනුන..

    උපාය දන්නෝ අපායේ නොවැටෙති කියන්නෙ නිකන් යැ.. නැද්ද කෙන්ජි අයියා :)

    ReplyDelete
    Replies
    1. ලස්සනම වැඩේ අප්ෂට් මුහුණ වහගෙන ආරූඩ කරගන්න හිතවත් මුණ තමයි බලන්න ඕන.
      අනිවා කොළඹට කෝල් එක දුන්නෙ නැත්නම් එල පරිප්පුවක් කනවා.

      Delete
  26. මටනම් ඔය පොලොසියයි ඕක ඇතුලෙ ඉන්න එකාලයි දකිනකොටත් ඌරු ජුවල් වගේ කෙන්ජියෝ..ඒ තරමටම මට ඕකුන්ව අරහන්..

    ReplyDelete
    Replies
    1. හැබැයි මගේ යාලුවෝ කීප දෙනෙක් හිටිය එකට කන බොන එල අදහස් තියෙන බුවාලා කීප දෙනෙක්.
      එවුන් කාටවත් යට වෙච්චි එව්වෝ නෙමෙයි.
      හැබැයි දැන් වෙනත් රටවල ජිවත් වෙන්නේ.

      Delete
  27. පොලිස් මහත්තයගේ මූන කොයි වගේ වෙන්න ඇත්ද කියලා හිතා ගන්න පුළුවන්.. මේවට ඉතින් මොනවා කියන්නද මන්දා..

    ReplyDelete
    Replies
    1. අච්චාරු වෙච්ච මුණ පානි මුනට හරවා ගන්න එක තමයි මරු.
      යමක් කරගන්න බැරි එකාට දුක තමයි රන්ජනී කිව්වලු.

      Delete
  28. එදා ඉඳලා ඇත්තේ නඩු කාරයෙක් නොවන බව හොඳටම පැහැදිලිය. IOC ගේ කවුරු හරිය. මේ පාරත් පරක්කු වුණා.

    ReplyDelete
    Replies
    1. බඩුකාරයා නඩුකාරයාමය.
      ඒක බුදු ෂුවර්ය.
      පරක්කු වී හරි එන ඒක ලොකු දෙයක්ය.

      Delete
  29. උඹ 14කට ඇතුලට යන්නයි තිබ්බෙ. එහෙම උනානං නඩුකාර හාන්දුරුවන්ගෙ කෝට් එකත් ගලවන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. නැහැ මචන් ඇත්ත වරදක් කළා නම් දඩුවම් ලැබිය යුතුමයි.
      මම මාසෙකට කලින් වෙන්කළ සම්පුර්ණ (මට මතක ලෙසට කාමර 7 ක් සහ ලොකු ශාලාවක් සහිත) රෙස්ට් එක දහවලින් පස්සේ බුක්ති විදීමේ අයිතිය මට.
      හැබැයි භාරව ඉන්න බුවා මට කිව්වා නම් අහවලා ඉන්නෙ කියල ....
      මම කවදාවත් එහෙම හැසිරෙන්නෙ නැහැ බන්
      මාව එහෙම යැව්වා නම් ගලවන්නේ උගේ හම...

      Delete
  30. කෙන්ජි මාමත් හෙන පොරක් නේ ...අපි වගේ ඔය වගේ දෙයක් වුණා නම් අර පික්චෙර් එක ගෙඩි පිටින්ම හම්බවෙනවා අයේ අඩුවක් නැතුව ....

    ReplyDelete
    Replies
    1. නැහැ පුත්‍රයා....පොර නෙමේ ..
      ලංකාවේ පොලිසියකට යනවනම් ...
      යන්න පෙර කිසිවකු දැනුවත් කල යා යුතු බවයි මම මේ සත්‍ය සිදුවීමෙන් කිව්වේ.
      එදා තත්වය එසේ නම් ...
      අද තත්වය කිව යුතුද ඔබට....?

      Delete
  31. හරි නාකයි උන් දෙගොල්ලන් ගෙම ආතල් කාලා කෙන්ජලා ආතල් අරං.

    ReplyDelete
    Replies
    1. කොහේ යනවද බන් හිටපු ගමන් පේන්න නැත්තේ බන්...
      මම මචෝ කාගේවත් ආතල් කඩන්නෙ නැහැ බන්..
      අර උත්තිගේ කොල්ල හරියට කිව්වා නම් ඔහේ යන වෙලාවක යන්න දීල නිකන් ඉන්නවා.
      OIC කාරය ට උනත් බොන්න දීල සැලකුවේ මනුස්ස කමට මචන්.

      Delete
  32. ලංකාවේ ඉතිං ඔහොම තමයි. හොඳ වෙලාවට කෙන්ජියෝ උඹට කන්ටෑක්ස් තිබුනේ. නැත්නම් ඇතුලේ තමයි. කථාව හොඳින්ම රස වින්ඳා. උඹට කතරගම දෙයියන්ගේ පිහිටයි!!

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ලංකාව එදත් අදත්...
      සම්බන්දකම් නැතිව පොලෝසි යනවා කියන්නේ ඉතින්....

      Delete
  33. මාතෘකාව දැක්ක ගමන් ඇතුවුන හැගීමට වඩා වෙනස් වුනා කියවපුවාම ! හැහ්.. කට වරද්ද ගන්නව හේම නෙවෙයි..

    ReplyDelete
    Replies
    1. හැක්....හැක්.... කුරුළු මගේ කට ඉතින් කවදත් එක වගේ බන් ... :)

      Delete
  34. අම්මපා කෙන්ජි අයියේ මේ කතාවට් මගේ ඇඟේ ලේ කෝප වුනා පොලිස් කාරයෝ කියන්නේ මට පෙන්වන්න බැරි ජාතියක්

    ReplyDelete
    Replies
    1. අනිවා මල්ලියා...
      නමුත් එව්වන්ගෙත් යම් ගැටළු තියෙනවා බන් කතා කලාම

      Delete
  35. දෙවි පිහිටයි.!
    වැරැද්ද නිවැරැදි කරන්නත් නිවරැද්ද වැරැදි කරලා පෙන්වන්න පුළුවන් දෙවි කෙනෙක් ඔබට මුණ ගැසී තිබෙනවානේ!!

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්.... නිර්මලාට එහෙම හිතුන එහෙනම්....

      Delete
    2. ඔව්
      ශ්‍රී ලංකා පොලීසිය

      Delete
  36. ඕක නං පුතේ අන්තිමට වෙන්න ඇත්තේ මේකයි. අයිජී නඩු කරයට කියන්න ඇති අනේ සර් මේක මොකක් හරි සේප් කරන්න නැත්නං ඔබවහන්සේයි ඔබවහනේසගේ පොඩි උන්නාන්සෙයි දෙන්නම ඉවර වෙනවා කියලා.. හැක්.. ඔය යක්කුන්ගේ බොරු රැස්පොට් යවන එක නං එළ..

    ReplyDelete
    Replies
    1. ලිව්වේ නැත්තේ සර වැඩි නිසා ..හිටපු රටේ ලොක්ක ගේ ලේකම් මුලස්ථානය ට දුන්න නිසයි නම් ගං එක්කම මෙසේජ් ආවේ...

      Delete
  37. Replies
    1. ඔව් මෙන්ඩිය..යවන්න පුළුවන් එව්වන්ගේ යැව්වා...
      හැබැයි අපි තුන් දෙනෙක් නිතිය අතට අරන් හයිරන් පාන්න ගිහිල්ල මාස 3 ක් විතර ලග්ග..

      Delete
  38. මචං ඔය හාල්පාරුවෝ එදත් එකයි අදත් එකයි....පුම්බගෙන ඒනවා..එක කෝල් එකෙන් අකුලගන්නවා...බලපන් ඔය සත්තු නිසා කොච්චර අහිංසකයෝ නඩුවලට පටලලා ඇද්ද...කොච්චර මිනීමරුවෝ ශේප් වෙලා ගිහින් ඇද්ද?

    ReplyDelete
  39. හහහා.... නියම කතාව... :)

    ReplyDelete
  40. නඩුකාරයෝ තමන්ගේ බලය අතට අරගෙන කරපු චණ්ඩිකම් කීපයක් ගැන මාත් අහලා තියෙනවා. එක නඩුකාරයෙක් පාරේ යන ගමන් එයාගේ කාර් එක ඉස්සර කරගෙන ගිය පොරක්ව අල්ලපු හැටි, ආයේ උසාවි භූමියේ පොල් ගහකට කකුල තියාගෙන තනි කකුලෙන් හිටිය එකෙක්වත් කූඩුවේ දාපු කතාවක් අහලා තියෙනවා :D

    නඩුයි බඩුයි දෙකම නඩුකාර හාමුදුරුවන්ගේ තමා :P

    ReplyDelete