Friday 7 March 2014

HORSE RACE & WHISKEY


මට බොක්කෙ එල යාලුවෝ ටිකක් හිටියේය.උන්ගේ අයියල සමහරක් පිටරට නැව්වල,හෝටල් වල,ලංකාවෙ ආයතන වල රැකියාවල ය.එක බොක්කෙක්ගේ ලොකු අයිය සුමතිපාල මුදලාලිගේ රේස් අංශයේ ප්‍රධානියෙකි.රැජිණිගේ රටේ ඒ කිව්වෙ එංගලන්තෙ රේස් සීසන් එකක් තියෙනවාලුය.එහෙම කාලෙට රේස් පත්තරෙන් ඔට්ටු කොරවන තුප්පහි රටවල මුදලාලිලා එහෙට යන්න ඕනලු සල්ලි ගෝනියකුත් අරන්.
මුදලාලිලාට දන්නේ හුද්ද හින්ගලම නිසා නියෝජිතයන් යවනවාය.මැනේජර්ලා යැව්වම සට සට ගා කඩ්ඩ වනන නිසා වෙන්ඩ ඇතිය.

එහෙම යවන්නේ වෙන මොකොටවත් නෙමේය.ඇස් පනාපිට දුවන අස්පයන්ට ඔට්ටු අල්ලන්නය.පැරදීගෙන යද්දී වච්චිල් නම් වානා ලුය.ගෙනිච්ච සල්ලි පිච්චියට ඉවර වෙනකම්ම කිරිඩාවේ නිරත විය යුතුලුය.

ඒ අයිය එහෙම ගිහිල්ල එනවිට විස්කි ගේන්නේය.ගෙනාපු විස්කි ඌ බොන පාටක් නොතිබුනේය.උස කැබිනෙට්ටුවේ දිලිසි දිලිසි පොදර්සනෙට තබනවාය.සමහර සෙනසුරාද හවසට උන්ගේ ගෙදර සෙට් වෙන්නෙ 7years old /ඩබල් ඩිස්ටිල්/VSOA හරි ඕල්ඩ් අරක්කු බෝතල් කීපයක් එක්කය.බයිටට රතු ලුණු මිශ්‍ර උම්බලකඩ සම්බලය,සැමන් සම්බලය,හරක්මස් බැදුම,වල් ඌරුමස් බොරට උයපුව ඔය මොනවා හරි ජාති දෙකක් විතර පටන් ගැන්මේදී තියෙනවය.රෑ වෙද්දී පොලෝසියේ යාලුවෝ දෙතුන් දෙනෙකුත් සෙට් වෙන්නෙ තැටි පාන් හරි රෝස් පානුත් එක්කය.ගෙනාපු අරක්කු අහවර වුනාම කැබිනෙට්ටුවේ තියෙන විස්කි එකක් දෙකක් ගන්නවාය.හැබැයි නැවත දවල්ට ගෙනත් තබන්න වෙන්නෙ මටය.
ඒ කාලේ කොල්ලුපිටියේ ඩියුටි ෆ්‍රී එක තිබුන නිසා,ඉට්ටේසම ලග තිබ්බ පෙට්ටි කඩේක විස්කි හොරෙන් වික්කේය.ගෝල්පේස් වල එන්ජෝයි කරද්දී රෑ දෙකටත් ඇහැරවල විස්කි ගත්ත අවස්ථාත් තිබුණාය.

ඔය දඩ මස් දෙල්කද පොලට ගෙනාවේ පියදාස විජේකෝන් කියන නළුවය.ගෝලයෙක් එක්ක එයාම එලවාගෙන සුදු වෑන් එහෙක ගේන්නෙ පෝමිට් තියෙනවා වගේය.ආරංචිය තිබුනේ නම් ඇඹිලිපිටිය,උඩවලව පැත්තෙන් ගේනවා කියලය.
යාලුවාගේ අයිය රෑට ගෙදර නැත්තේ රාජකාරිය.උදේ පාන්දර කුණු කෙල පිටින් දුවගෙන එන අන්තුවන්ට රිසාල්ට් පත්තරේ පාන්දර 4 වද්දී අතට පත් කොරන්න ඕන නිසා ඒ වැඩ කොරෝනවාය.

කොලේ අතට ගන්න අන්තුවන්ගේ පෙරදා සිහින බොද වී යද්දී ඒ මුහුණවල් නම් බලන්න අප්‍රසන්නය.මගේ අඩවන් වූ ඇස් වලටම දැක තිබෙනවාය.අඩවන් වූ කිව්වෙ,අපේ සෙට් එක එම එවෙලාවෙත් බොන ගමන්ය.
හවසට යාලුවාගේ ගෙදර සෙට් වුනාම අර අයියගේ මල්ලිත් එක්ක එයාලගේ රේස් පොට් එකට, ඉතුරු අඩුම කුඩුමත් දාගෙන අපිත් යනවාය.පොට් එක ඇවිල්ල කොච්චිකඩේ පල්ලිය ඉස්සරහ මල් කඩ පේළියක තිබුනේය.මේවා හැමදාම වෙන්නේ නැතත් ඉද හිට වූ ආතල් ක්‍රියා දාමයන්ය.

චිට් වැඩ කොරල තියෙන අන්තුවො නම් යාලුව ගේ ලියන්නලට තුණ්ඩුව පෙන්නලා සුළු ගානක් කපන් යන්නේ ලගම පොට් එකටය.ඒ වෙන මොකටවත් නොවේය.පාන්දර කාලකින් බොකු බඩවැල් පොගවා දෑත සක්තිමත් නොකොළොත් දෑත වෙවුලන බැවින්ය.
පැරදුන උන්ට සලකන්න එක ඩොගි යෙක්වත් නැතිය.උන් ලහි ලහිහේ දුවන්නේ පිටෝටුව පැත්තටය.මාළු/තොග/මැනිං මාකෙට්ටු වල උන්ගේ "කර" සල්ලි කරන්නය.මම නම් ඒ අහින්සක යං එකෙකුට දෙන්නකුට සොට් එකක් දීල,කැහි කොටයක් දුන්නම හැම දෙයක්ම වමාරනවය.සමහරු එහෙම දෙද්දී බොරු බේගල් ඇදල ගාන කපන්නත් හදනවය.
ලියන්නා තුන්ඩුවේම දුන්න ගාන මාක් කොරල මුදල දෙන්නේය.මිනිස්සුන්ට කියන්නේ බැංකුවෙන් සල්ලි ගෙනත් දෙන බවය.ඒ හෙන ගහන පට්ට බොරුය.දවල් 10 වෙද්දී හොද ගානක් එකතු වෙලාය.ගෙවන්නේ එකතු වෙන මුදලින් තමාය.
හැබැයි ඉතින් කලාතුරකින් බැංකුවෙන් අදින්න වෙන දවසුත් තියෙනවාලුය.ඒ හිතපු නැති අස්පයෝ win කොලාමලුය.සමහරු අස්පයාගේ ඔලුවටම ගහනවලු.පොල්ලකින් නෙමේය.සුපියල් වලින් තනි අස්පයට ඔට්ටු අල්ලද්දී කියන්නේ එහෙමලුය.සමහරු ඩබල්,ට්‍රිබල් කියල d .t .w /o කියලත් සුපියල් දානවාලුය.මට නම් අන්ඩර දෙමළය.


අපේ ජෝති අයිය තනි අස්පයට 500 හරි 1'000 හරි ඔලුවටම ගහල මරිය කඩේ බුකියට චිට් එක යවන්නෙ එයා ලග උදව්වට හිටපු කළු අයියා අතය.ඒ දෙන්නම් කාසි වලටය.එහෙම යවල එයා චිත්තර පටියක සිංදු රෙකෝඩිමකට චිත්‍රාගාරයකට යනවාය.ඒවා අහවර වෙලා පාන්දර එනගමන් රිසාල්ට් කොළෙත් අරං පෙරදා දෙන්නම් කාසිත් ගෙවල ප්ලැට් එකට යනවාය.සරමට බැහැල කළු අයිය ඔතල තියෙන සුස්තියත් උර උර කොලේ බලන්නේ බොග දමන ගමන් ලැට් එක තුලය.

රේස් බය් කියල පස්සේ ආපු කාලෙක කොටුවෙ මිලර්ස් බිල්ඩිමේ උඩ තට්ටුවේ නුවර තදයෙක්ගේ එහෙම එකක් තිබ්බේය.ඇතුල් වෙද්දී ලොකු මුදලක් පෙන්නුවාම විස්කි බොන්ඩත් දුන්නාය.යාලුවාගේ ආරාධනාව මත බලන්න ඕන නිසා මමත් එක වරක් ගියාය. මට නම් ඕවා අරහන්ය.මිත්තර කමට ආශ්‍රය කළා පමණය.ලගදි ආව තුන් දෙනා එහෙම සම්බන්ධ උන්ය.රේස් නෙමේ වෙන්න ඇතිය.මම ඕවා අහන්න යන්නෙත් නැතිය.


121 comments:

  1. දවසක රේස් පාරක් දාල බලන්නත් හිතුනා

    ReplyDelete
    Replies
    1. අපිට හරියන දේවල් නෙමේ මල්ලියො ඕව.
      රේස් දාන එව්වො අස්පයගේ අම්ම ඉදල ජොකියගේ අම්ම ගැනත් දන්නව.

      Delete
    2. පචීන්කෝ වලට කෙන්ජීගේ කැමැත්ත කොහොමද?

      Delete
    3. මම එකම සැරයක් වැඩේ මොකක්ද බලන්න ඕන නිසා කලා ගයිය.මට සුදුවයි,ස්වීප් වැඩෙයි අල්ලන්නෙම නැහැ බං.
      ජපන් කෙල්ලෝ කොල්ලො ඉන්නව පචින්කො වලින්ම ජිවත් වන.
      හොද වාහන,ලක්ෂරි අපාට් වල ජිවත් වන.

      Delete
    4. //පචීන්කෝ//

      ජැක්පොට් මේෂින්වලට නේද

      Delete
    5. ඔව් බං ඇතුල එකම කන් කරච්චලේ ...වෙලාවක දාන්නම්...

      Delete
  2. ජෝති අයියත් රේස් දැම්මද ආෆ්ෆා'''

    ReplyDelete
    Replies
    1. ජෝති අයිය නොකලෙ මොනාද නංගෝ ..... :)

      Delete
  3. දැන් කොහෙද පත්තර ඒවත් ඔන්ලයින් වෙලා,,අස්පයො දුවලා පොඩ්ඩකින් දිනපු උන්ට සල්ලිත් බේරනවා,,අස්ප කරත්ත රේස්,බලු රේස් පවා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඩිලා දැන් සේරම ඔන්ලයින් වෙලානෙ.
      බලු රේසුත් තියෙනව නේද....

      Delete
    2. මේ පැත්තෙ තාම පත්තර තියෙනව ඩිලා.

      Delete
    3. එහෙනං තාමත් තියෙනව දෙමල නයන්න... :)

      Delete
    4. මට රේස් නැති දවසක ඔය රේස් පිට්ටනියකට යන්න හම්බවුනා. අශ්ව රේස් බලන්න එන්නේ නම් යමක් කමක් තියෙන උදවිය. බලු රේස් දුවන ප්‍රසිද්ධ පිට්ටනියක් මම කලින් හිටිය පැත්තේ තිබුනා. මේ රට රේස් වැඩේට හරිම ප්‍රසිද්ධයිනේ. මෙහේ බුකිවල ඕනෑම දේකට ඔට්ටු අල්ලන්න පුළුවන් නීත්‍යානුකූලව.

      විලියම් කුමාරයාට දුවෙක්ද පුතෙක්ද? දාන නම මොකක්ද? ඔය හැම එකක්ම ඔට්ටු.

      Delete
    5. මෙහේ රේස් කොලේ කියන්නේ පත්තරවල ස්පෝර්ට්ස් සෙක්ශන් එකේ පිටු 2ක් හෝ3ක්.

      Delete
    6. ++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  4. පියදාස විජේකෝන් අහිංසක බුවානේ , මිනිහා එහෙමත් කලාද? කොහොම වෙතත් රේස් දාන්න පුරුදු වෙච්ච එවුන් ට ඔය රේස් අස්ප්යෝ ගැන මාර දැනුමක් තියෙන්නේ ,හැබැයි හැමදාම පරාදයි

    ReplyDelete
    Replies
    1. අනේ අහිංසක බුවා... හිගන නිෂ්පාදකයන්ගේ බයිස්කෝප් වලට ආවම කුනුකමට දවල්ට කඩෙන් ගෙනත් දෙන කෑම එක මදි ඔහුට...
      මම ඉන්න වෙලාවට තව දීලා තියෙනව ...
      අම්මට සිරි අස්පය,ජොකිය ගෙ පරම්පරාව ගැන කියනව මල පොතේ අකුරක් නොදන්න උත්තල...

      Delete
  5. රේස් දාන...., සුවිප් ගන්න ඈයන්ට කවද්ද හරි ගියෙ අප්පා.... අද තිබ්බොත් හෙට නෑ...
    පොල්ගහවෙල පොඩි 1යි ලොකු එකයි තියෙනව දැකල තියෛනව.... හැමදාම නසුපුට් වෙච්ච අංකල්ල එළියට එනවත් දැකල තියෙනව... ඕව දැකපු අපේ එකෙකුත් දවස් කීපයක් ඔට්ටු දැම්ම... හැමදාම පරාදයි

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි ඔහොම අත්දැකීම් දන්න අය බොහොම ඉන්නව මහේෂ්...

      Delete
  6. 1970 ගණන්වල රුපියලක් දාලා 6.50 දිනුවා. රු 5ක් දාලා 15.60 ක් දිනුවා. ඊටපස්සේ දිගටම කෙලවුනා. වහාම නැවැත්තුව. ඒ කාලේ නෝනලාත් හොරෙන් රේස් දැම්මා.

    ReplyDelete
    Replies
    1. නෝනලත් රේස් දැම්මද? :o අනෙ අම්මෝ.

      Delete
    2. විචාරකට මතකද රේස් ඔට්ටු තහනම් කරලා තිබුනා 70 යුගයේ ටික කාලයකට?

      Delete
    3. ඔය එන්නෙ කස්ටිය ගෙ තොරතුරු...
      හුගක් මුහුදු කරයේ ගැහැණු උදවිය හදුන්/කළු සුරුට්ටුව උරමින් බලන එක මිගොමුව,හලාවත ලෙල්ලම් වල දැකල තියෙනව ...

      Delete
    4. 70 මොනවාද තහනං නොකරල තියෙන්නෙ නෙරංජ ...

      Delete
    5. මට මතකයි අරු, ඉතා හොඳින් එය ක්‍රියාත්මක වුණා. මොකද එතකොට අන්තර්ජාල පහසුකම් තිබුණේ නැහැ. කේබල් පණිවිඩ විතරයි.

      @ කෙන්ජි, හෙහ්... අපි නොදන්න රේස්.

      Delete
    6. හැක් ...රේස් විතරද විචාරක තුමණි ..... එතකොට අර අපි දන්න චැස් .... ???? :)

      Delete
  7. මමයි යාලුවො ටිකකුයි, දැනට අවුරුදු 3 කට විතර ඉස්සර බේබිගෙ නයිට් රේස් බලන්න ගියා... කොම්පඤ්ඤ වීදිය පැත්තෙ යාලුවෙකුත් සෙට්කර ගත්තා.. බලන්න ගියාට පේන දේකුත් නැති නිසා ඉවර වුනාට පස්සෙ බොන්න කියල බෝතලයක් ගන්න කල්පනාකරල සල්ලි ගනන් කෙරුවාම, චුට්ටක් මදි. කොම්පඤ්ඤ වීදියෙ යාලුව 'පොඩ්ඩක් හිටහන්... 300ක් දියන්; මම තව බෝතලයකටයි බයිට් වලටයි සල්ලි හොයන් එන්නම්' කියල, ස්ටේශන් එක ගාව රේස් බයි එකකට රින්ගුව, විනාඩි 10න් එන්නම් කියල. විනාඩි 10ක් ගියා.... 20ක් ගියා... තාම නෑ..... විනාඩි 30කින් අපි ඔක්කොම ගියා බලන්න... මිනිහා පරාද වෙලා... යන රේස් බල බල ඉන්නවා... එලියට එන්න විදිහක් නැති නිසා..... අන්තිමට අපි එදාට විතරක් අවසර තියෙන බියර් කෑන් එකක් බීල ආව......
    රේස් දාන මිනිහ හැමදාම පරාදයි කියල, ඒ මිනිහටම තේරෙන්නෙ නැති හැටි.....

    ReplyDelete
    Replies
    1. ඌ අම්මගේම යාලුවෙක් නෙ යකෝ..
      මම නං කන පලනව වේශිගේ පුතාගෙ එතනම.... හෙක්...හෙක්..

      Delete
    2. අද ලෝක කාන්තා දිනය මනුස්සයෝ :(

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඒකා ඒ දවස් වල ඉඳම්ම එහෙමලු... හෙන කතන්දර ගොඩක් තියෙනවා මිනිහයි රේස් දැමිල්ලයි ගැන.... මිනිහා තාත්තගෙන් සල්ලි ගන්නෙත් මරු විදිහකටලු... 'අනේ මගෙ සුදු තාත්තා' කියල බදාගෙන උම්ම එකකුත් දීල.. කීයක් හරි දෙන්න කියනවලු..තාත්තා.. පර්ස් එකම දෙනවලු...

      Delete
    5. පුදුම පියෙක් නෙ බං ...

      Delete
  8. මට මතක් උනේ සුනිල් එදිරිසිංහගෙ 'මිනිසෙකු පිට නැගි…' සිංදුව.

    මොනමාකාරයෙන් වත් සූදුවට ඇබ්බැහි උන එකා සැමදා දුකේ තමා. උට විතරක් නම් කෙළ උනත් කමක් නෑ, උගෙ පවුලටම කෙළවෙන එකයි දුක :(

    ReplyDelete
    Replies
    1. ඔහොම කියල ස්විප් එකක්වත් නොගෙන ඉන්න එපා බන්, ඉදල හිටල ස්විප් එකක් අරන් බලහන් කෝටි 3 4ක් ඇදුනොත් කාටද ආඩම්බර :D

      Delete
    2. අනිවා ප්‍රියා මල්ලී ...
      අනේ සසිදුව...අතේ තියෙන 20 ට කෙලවගන්නෙ නැතිව තව 100 ක් දාල අර පෙති දෙකක් අරං හස්ත නිර්මාණයක් කොරහන් යට ලීය බලං ජින්ජර් මතක් කරන් ...

      Delete
    3. සසියා සිරාවටම මම ස්විප් ටිකට් වත් ගන්නෑ බන්. නිකන් අපරාදෙ කියලා හිතෙනවා. හැබැයි ඔන්න කවුරු හරි කෝටි ගානක් ඇදුන ටිකට් එකක් මට රැපියල් 20කට විකුණනවා කිවුවොත් මම 50ක්ම දීලා ඒක ගන්නවා. හැක්… ;)

      Delete
    4. කෙන්ජි අයියත් මාර උපදෙස් දෙන්නෙ. ඇත්තටම අර පෙත්ත 120යිද? ;) ලාබයි නොවැ. :)

      Delete
    5. ප්‍රියා මල්ලි සැමා තමා ඔකේ මාකටිං පැත්ත දන්නෙ එයාගෙන් අහන්න...
      මං කිව්වෙ 2008 මිල දර්ශකය....

      Delete
    6. මන් අයියට කිව්ව කියල හිතාගන්න කෙන්ජයියෙ ඉතිං :D

      ප්‍රියා උබ සතියකට පාරක් අරන් යන ටැබ්ලට් එකේ ගාන දන්නැද්ද බන්, බොරුවට දන්නෑ වගේ පෙන්නන්ඩ එපා :D

      Delete
    7. හා...තූති ..මල්ලි...

      Delete
    8. චඃ මම කියන්න හිතාගෙන ආපු එක මෙන්න කියලා

      Delete
  9. ඔය රෙස් කිවුවම මතක් වුනෙ 80ගනන්වල මැද හරියෙ අපි කොට කලිසමෙන් ඉස්කොලෙ යනකොට උදෙ 6ට අහන්ගමට එන්නෙ.එ වෙලාවට වැන් එකකින් යනව ඔය කොල බෙදාගෙන.හැටට හැටෙ යන ගමන් මිටිය විසිකරගෙන යන්නෙ.හැමදාම එකම තැනට දානව.අහල තිබුනෙ කතරගමට යනකන් එ වැන් එකෙන් බෙදාගෙන ගියා කියල.අපි හැමදාම බලන් ඉන්නව ඔය සීන් එක.
    සුදුවනම් මටත් හරියන්නෙ නැ අයියෙ.මහන්සියෙන් හම්බකරපු දෙයක් විතරයි.වාසනාව නැ

    ReplyDelete
    Replies
    1. මට සතුටුයි දමිය උඹල මෙහෙම කමෙන්ට් කරද්දි .... මම ලියන ලිපි බොරුවක් නොවන බව ඔප්පු වෙනව මචං ...
      උඹේ විස්තරේ එල...
      මම යාලු කම ලොකු නිසා ආශ්‍රය කලා ...සුදුව අරහං ....සුරාවට ලයික් වුනාට... :)

      Delete
  10. ඉස්පිරිතාලෙ වැඩ කරද්දී බුකියක් කරන එකෙකුට සෙට් වෙලා රේස් සුදුව පරතෙරටම ඉගෙන ගත්තා.දවසක්ද දෙකක්ද කීයක් හරි ඇදුනා නමුත් මට සුදුව යාදෙන්නෙ නෑ,ඉක්මනටම අයින් වුනා.මිත්‍රයෝ නං සුදුවේ ගොඩක් දුරට ගිහිල්ල නට්ටන් වුනා.
    ඔන්න උඹ පියදාස විජේකෝන් ගැන මතකය අවදිකළා.අහිංසක මනුස්සය බං.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං ...ඔය රාජ්‍ය ආයතනවල ගොඩක් අය ඕකට ඇබ්බැහි වෙලා ...උඹ ,විචාරක තුමා වැනි අය කලින් ඉවත් වුනේ බුද්ධිමත් නිසා.
      මං හිතුව මම බොරු කියලද පියදාස W .ගැන කියල මාරයා මල්ලි දාපු කමෙන්ට් එක දැක්කම මචන් ...
      ඔහුට එන බඩගින්න දැක්කෙ නැහැ බං සමහරක් නිෂ්පාදකයො & පර ඩිරෙක්ටස් ල .
      කියනවනම් තියෙනව පරයො ගැන ලියන්න බං ..
      හැමදාම වගේ අපේ නෙරංජ කියල තියෙනව ඇත්ත...

      Delete
  11. හප්පට සිරි. විචා කිව්ව වගේ මේ මෑතක් වෙන තුරුම අපේ පැත්තේ ආච්චි කෙනෙක් හිටියා සුරුට්ටුව ගහගන හවසට බුකියට වෙලා රේස් පත්තර බලන. උදේ පාන්දර රේස් පත්තරේ ගේන සුමතිපාලයගේ වෑන් එකෙන් ඒ පත්තරේ ගන්නෙත් ඒ ආච්චිමයි. දැන් නං මිය ඇදුලා ඒ ඇත්ති..

    ReplyDelete
    Replies
    1. උබනම් දවසම බුකියෙනෙ ඉන්නෙ :D

      Delete
    2. එකම වෙනස සුරුට්ටුව වෙනුවට කෝක් එක ගහන එක තමයි සසිඳුවො. :D

      Delete
    3. ඔව් දේශා බොකුස්‌ ...ආච්චි ගැන කිව්ව හිංද ඔයාගේ මිතුරො දෙන්න ඇත්ත වයසත් හිතලද මන්ද බන් ...

      Delete
    4. දේශො බුකිය කොබුවෙ ෆේස් ටු ෆේස් බුකියද?

      ඒ ගෑල්ලමය අපිට ආච්චි උනාට දේශාට නංඟි කෙනෙක් වගේලු කෙන්ජි අයියෙ. හැක්… ;)

      Delete
    5. හෙක්...හෙක්...අනිවා...
      දන්නවද දේශා ගේ ඇත්ත වයස...58 යිලු

      Delete
    6. කෙන්ජයියා වයස උනත් දේශකයට වැඩි වයසක් නෑ :D

      Delete
    7. දැකපු අය ගැන කොහොමත් කියන්නෙ ඔහොම...

      Delete
  12. Replies
    1. ජීවිතේට අත තියන්න එපා සංජීව. මගේ හොඳම යාළුවෙක් සිය දිවි නසාගත්තා ඔය කරුමේ නිසා.

      Delete
    2. නැහැ මෙන්ඩිය ...අද්දැකීම් ලබන්න ඕන ජිවිතේ....හැබැයි ඇබ්බැහි නොවිය යුතුයි...ඒ මගේ හැගීම....
      ලංකාවෙ ගංජා උරල තිබ්බ මම ලාහෝර්,කරච්චි වලදී ලාකඩ වගේ තිබෙන දුඹුරු කෑල්ල (චරාස්) ලයිටරයෙන් පුච්චලා කුඩු සිගරට් දුම්කොළ එක්ක මිශ්‍ර කරලා නැවත සිගරට් බටයටම ඔබල ඉරෙව්වම අම්බ සැප ලැබෙන්නෙ සිතල ලැසී එකක් බොන ගමං කොලාම.
      පෙෂාවෝර් වල තුවක්කු කරේ එල්ලං ඉන්න ලෝගු කාරයො එක්ක සෙට් වුණාම හැන්දෙ තියල යටිං ලය්ටරේ ඇල්ලුවම නගින සුදු හීන් දුන් රැල්ල පිටතට නොයා නාස් පුඩු දෙක ඇතුලට ගත්තම පුදුම ආතල් ය.
      බලන්න ඕන නිසා ගත්තට මට නම් ආයේ ඕන වුනේ නැතිය.

      Delete
    3. අපේ ආඩම්බරකාර තාත්තා අපිටත් ඔදවයෙන් කැසිනෝ එකක් දාලා දෙන්න කන කට්ටක්. ජේම්ස් පැකර් එක්ක සෙට් වෙලා. ;)

      Delete
    4. හ්ම්... ලබන අවුරුද්දෙ ලැබෙයි...කාටත්...

      Delete
    5. @arugeadaviya,
      istuti Ayyandi...mata bayta eki.

      @Kenji,
      oyage jivityan ganna godak dewal tiyanawa.

      @Priya,
      apita ewata yanna bati wevi...ewa loku unta.

      Delete
  13. සුදුවනම් හොඳනෑ කියලා ගොඩක් අයට තේරෙනවා ...... එතකොට සුරාව හොඳයිද අයිබෝවන්ලා ???

    ReplyDelete
    Replies
    1. ඔය දෙකම හොද නැහැ බුවා ඔබ වැනි බුදු සාදුගෙ වැඩ වල නිරත තනිකඩ කෙනෙකුට ...
      මං අර එක දරු මව සෙට් කරන්නද ....ඔයාට ගොඩක් ආදරෙලු ...එයා.....

      Delete
  14. කෙන්ජයියලනම් මොකට රේස් දාන්නද උපතින්ම කෝටි පතියොනෙ ;)

    ReplyDelete
    Replies
    1. අනේ මල්ලි...ඌ මැලුම් කෑවෙ වේලුමුල්ලේ කලපුවෙ නේද....
      කොටි පති කියල මට අපහස කලන්න එපා මල්ලි...
      මං ඇවිල්ල උඹල එක්ක ලුනුයි බතුය්...තියෙනවානං පොලුත් අනං කමුකෝ සත්තලන් ගනයෙ එකෙක් බං ...

      Delete
    2. මට මතක් උනේ නන්දා නැන්දාගෙ සිංදුව… :)

      Delete
    3. හරි ඉතින් මන් කිව්වෙ සල්ලි තියනව කියලනෙ :D

      Delete
    4. හැක් ...බල්ලොත් නොකන.... ???

      Delete
  15. හනේ මන්ද මටනම් රේස් විතරක් නෙමෙයි ස්වීප් ඇදිල්ලත් පේන්නෙ සූදුවක් විදියට. :D

    ReplyDelete
    Replies
    1. උඹ ඉතින් මම හිතන එකම හිතන එකිනෙ...

      Delete
    2. හෙහ්. මං බස්ස එක්ක වලිත් දාගන්නව ස්වීප් ගන්න එපා කියල :D

      Delete
  16. සූදුව... ඇබ්බැහි වුනොත් විනාසයි තමයි. මටත් ඕව නම් හරි යන්නෙ නෑ. ටිකට් එකක් වත් ගන්නෙත් නෑ මං. එහෙම ඒවයින් 'නෝ චාන්ස්' මට.
    මේ විස්තරේ නම් අපූරුයි. ඔය රේස් දාන තැන් වල වැඩ කරන අයට කැපිල්ල හොඳයි කියල අහල තියනව. එහෙම ද ?

    ReplyDelete
    Replies
    1. ඇත්ත මල්ලි ...කැපිලි ගැන මම ගොඩක් දැනගත්තෙ හොයන්න ගත්තම...

      Delete
  17. ඔය මත පොඩ්ඩක් ගත්තා වුණාට සුදුව නම් නෑ ,ඔය අවුරුදු කාලයට කැට පොලට ගිහින් එනවා ,දැන් එකත් නෑ , මහින්ද මාමි කැසිනෝ දැම්මාම යනවා එතකන් ඉන්නවා හ්ම්ම්ම් ඔව්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...අවුරුදු/නත්තල් කාලේ කැට ගහපුව මතක් වුනා...
      හැම දෙයක් ජිවිතේ එක වරක් අත්විද බලන්න...ඇබ්බැහි නොවන්න...

      Delete
  18. රේස් කොලේ ,ජොකියෝ මගේ පුංචිකාලේ මතකයන් අතර ඉන්නවා

    ReplyDelete
    Replies
    1. මගෙත් එහෙමයි ඔමා.

      Delete
    2. හ්ම්ම්,, දන්න දේවල් ලීවොත් ,, තව ටික දවසකින් ඇනොලා දායි ,, රේස් කාරී කියලත්

      Delete
    3. මමත් දන්න ඇත්ත දේවල් ඔයාලට කිව්වෙ ....
      මට නම් මතක තියෙන්නෙ මගේ යාලුවා කියපු ජොකියා ගේ නම පිගොට් කියල ..

      Delete
  19. මටත් ඔය අස්සයො දුවන ඒව ගැන කිසි දෙයක් තේරෙන්නෙ නෑ. ඒ උනාට අපේ පැත්තෙ ඉන්න මෝඩම ඩයල් හිටං ඔය ඉංග්‍රීසි පත්තරේ යස අගේට කියවල තේරුං ගන්නවනෙ.
    තව අර අස්සයො දුවන ජැක්පොට් එකකුත් තියෙනව මේ එහා පැත්තෙ තැනක.

    ReplyDelete
    Replies
    1. මට මෙලෝ හසරක් තිබ්බෙ නැහැ දෙමල නයන්න මචෝ..ඔය රෙද්දෙ අශ්වයෝ ගැන ,,
      මම ගොඩක් දැක්කෙ උන්ගෙ මුණු...

      Delete
  20. පියදාස විජේකෝන් වැලිවේරියේ හිටලත් වික්කේ නැති දඩමස් දෙල්කඳ වික්කේ කොහොමෙයි බං.. බොර උමලට වැලිවේරියෙන් ගේන මොනවා හරි දඩමස් කරලා වික්කවද්ද..? :D

    ReplyDelete
    Replies
    1. අඩෝ මාරය මල්ලි ...තෝ නොදන්න ගොඩක් දේවල් ලංකාවෙ විතරක් නෙමේ ...
      මුළු විශ්වයේම ඇති බව සිතා ගනු..... OK ......
      මා ඇසින් දුටු ...කනින් ඇසූ ..දේ මිස මුසාවන් නොපවසමි සියලු දෙනට ...අලි....
      පහත අරුගෙ කොමන්ට් එක බලන්න ...
      උඹ වෙන උත්තල කියන බොරු පටලවාගෙන මා එක්ක ඒ ටයිප් එකට එන්න එපා මල්ලි හරිය...

      Delete
    2. ආ අදත් කසියා ගහලා.. :D

      Delete
    3. මම අපේ වත්තෙම පොල් ගස් වල රා වලින් ජරාව කලාවන් නොකර බෙහෙත් නෙල්ලි & ඉරමුසු වනේ දාල දින දෙකක් පල් කරල ගෙදරම පෙරෝගත්ත කසිය බීපු එකෙක් තමා ඩෝ මම... :) >>> :)

      Delete
  21. කෙන්ජි.........පියදාස විජේකෝන් දෙල්කඳට දඩමස් ගෙනාවේ 1970 ගණන්වල මෝටර්සයිකලේ පිටිපස්සේ බැඳගෙන. ඊට පස්සේ තමයි ඔය වෑන් කට්ට මගේ හිතේ. රෙක්ස් කොඩිප්පිලිත් අපේ ගේ ගාව නිසා එහෙදිත් දකිනවා. බූබම්බා කියලා තමයි කොල්ලෝ කිව්වේ. එතකොට ඔන්න බබෝ බිල්ලෝ එනවා ශෝ එක පෙන්නලා ඉවරයි. මම නිතරම අපේ රත්නේගේ කඩේදි දකිනවා. අපි පොඩි එවුන්.

    ඔය රේස් සිරිමාවොගේ කාලේ තහනම් කරා. ඒවුනාට හොරෙන් ඕලොන් දැම්මා පොරවල්. අපේ ගේගාවත් ඔහොම තැන් තිබුනා. රේස් දාන්න නම් පුරුදු වෙන්න එපා කිසිකෙනෙක්. මට අරහන් වැඩක් තමයි සූදුව. හැබැයි මට රේස් තුන්ඩු ලියන්න හොඳට දන්නවා.W/O කියන්නේ වින් ඔන්ලි කියන එක. එහෙම දැම්මාම දෙවෙනි තුන්වෙනි වුනත් ගෙවන්නේ නැහැ.

    ජෝති අය්යියා යූනියන් ප්ලේස් එකේ නිල්වලා එකට එනවා ඉස්සර. සමහර වෙලාවට කාර් එකේ ඉන්නවා..කොල්ලෝ සෙට් එක අවශ්‍ය දේවල් කරලා දෙනවා.

    උඹේ පෝස්ට් එකට මාගල් වගේ කමෙන්ට්ස් දාන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. නෙරංජ කියල වැඩක් නැහැ...අර උඩ මාරයත් හැමිනෙන ටෝක් එකක් දීල තිබුනෙ මට එපා වෙන්නෙ ඔය රෙද්දවල් හින්දමයි...බං ..කොච්චර දැහැමි විදියට ඉන්න ගත්තත් මුං හිතන්නෙ උන්ට තියෙන පොර වීමේ උන මටත් ඇති කියල ...

      Delete
    2. උඹ මොකටද කලබල වෙන්නේ....ඌගේ අදහසනේ ඒ කියලා තියෙන්නේ.

      Delete
    3. ඔය රෙක්ස් කොදිප්පිලිගේ අයියා..කිංස්ලි කොඩිප්පිලි ..මහ මුස්පෙන්තුවා හිනාවක් නෑ මූනේ ,හිටියේ අපේ ගෙවල් ගාව , බදුල්ල මහනගර සභාවට ඡන්දේ ඉල්ලුවා , අඩුගානේ ඒ කාලෙවට මිනිහෙකුට හිනාවෙයන්කෝ ඒත් නෑ .. අනිතිමට මිනිහට චන්ද හතයි ..මං හිතන්නේ ගෙදර එවුන් විතරද කොහෙද දීලා තියෙන්නේ

      Delete
    4. එහෙමද... මල්ලි...හැබැයි රෙක්ස් ව අරූත් හොදට දන්නව ඇති..මමත් දන්නව පරණ පාරේ පොළ පහු කරලා ගියාම තියෙන ගෙදර...

      Delete
    5. දන්නවා කෙන්ජි......රෙක්ස්ගේ දුව රොශාන්ති අපිත් එක්ක ඔබරෝයි වැඩකරේ. හොඳ කෙල්ල. මගේ යාළුවෙක් බැන්දේ. දැන් කොහේ ඉන්නවාද දන්නේ නැහැ. රෙක්ස්ගේ ගේ ගාව තමයි බයිසිකලය ෆිල්ම් එකේ සමහර ඒවා ෂූට් කරේ. විජය, ජෙනිටා තමයි රඟපෑවේ. එකේ නිශ්පාදකත් රෙක්ස්. ඩිරෙක්ට් කරේ ඩැනි W පතිරන.

      Delete
    6. එහෙමද... ? ඩැනී ව මම දන්නව මචං.

      Delete
  22. මළපොතේ අකුරු බෑ කි මිනිහා..
    ඉංගිරිසි පත්තරයක් මුල ඉඳලා අගට බලනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් සාෂා ...ඒ මිනිසුන් එක්ක කතා කලාම තේරුම් යනව එය.

      Delete
  23. " මළ පොතේ අකුරු බෑ කී මිනිහා..
    ඉංගිරීසි පත්තරයක් මුල ඉඳලා අගට බලනවා.. අග ඉඳලා මුලට බලනවා..
    කොහෙන් ඉගෙන ගත්තද මන්දා.."
    රේස් දැමිල්ල ගැන දන්නේ ඔන්න ඔච්චරමයි කෙන්ජි..
    වෙන මෙලෝ සංසාරයක් දන්නේ නැතිය..
    ඒ නිසා මේ ගැන කියන්නට යමක්ද නැතිය.. :)

    ReplyDelete
    Replies
    1. මගේ ලියවිල්ල ලෙසට ම ලියපු විදියෙන් එය පෙනෙනවාය සදා නගා..... :)

      Delete
  24. මමත් චිට් දාල තියෙනව දවස් දෙක තුනක්,:D අයට වඩා වැය වැඩී :(

    ReplyDelete
    Replies
    1. ඇත්තද..... ? මං එච්චර ගැවසිලත් දාල නැහැ..... මට නම් විකාර.

      Delete
  25. කොච්චර නරක වැඩක් උනත් පුට් බෝල් මැච් එකක එහෙම කැමති පැත්තට ඔට්ටුවක් දැම්මම මැච්එක බලද්දී මාර මෙව්වා එකක් තියෙනවා... :)

    ReplyDelete
    Replies
    1. එහෙමත් කරනවද බීට .... ???

      Delete
  26. මං නම් පුංචි කාලේ රේස් කඩේ අස්සේ රිංගගෙන කට ඇරෙගෙන බලාගෙන ඉන්නවා , අපේ කඩේ ඉස්සරහ කඩේ තිබ්බේ රේස් බුකියක්, මිනිස්සු එනවා කියවනවා අස්වයගෙයි ජෝකියගෙයි අත්තලා මුත්තලා ගැනත් ,හැබැයි කවදාවත් දිනපු එකෙක්ව දැක්කේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං උං අස්පයයි,ජෝකියයි ඉපදුන වෙලාවත් දන්න විදියට තමා කතාව.

      Delete
  27. අස්ස රේස් දැම්මත් බලු රේස් දැම්මත් ලොතරැයි ඇද්දත් කැසිනෝ දැම්මත් ඔය ඔක්කොම සූදු. සූදු වට ඇබ්බැහි වුණු එකා තමන්ගේ අතේ තියෙන අන්තිම සතෙත් නැති වෙනකන් සූදු කෙලිනවා. ඌ විතරක් විනාස වුනාට පවු නෑ. උගේ පවුලේ අයත් ඒ මකර කටට ම ඇදිල යන එක තමයි පාපේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔය කියපු ඔක්කොම සූදු මේ රටේ පතිරෙනකම් අපේ දේශප්‍රේමී මහජන නියෝජිතයෝ( ආණ්ඩුවේ සහ විපක්සෙ ඔක්කොම) මොකද කලේ කියන එකයි. එක පෑන් පහරින් මේ දේවල් රටෙන් ඉවත් කරනවා වෙනුවට මේ හැමෝම කරන්නේ තව තව මොන මොනවා හරි සූදු ගෙනල්ල (කැසිනෝ වගේ ) තම තමන්ගේ බඩගොස්තරේ හොයා ගන්න එක.

    ReplyDelete
    Replies
    1. එකගයි ෂෙහාන් උඹේ කතාවට.
      කියල වැඩක් නැහැ ගොබ්බ හැතිකරේ ගැන.

      Delete
  28. මට දැනෙන විදියට ඔය රේස් දැමිල්ලට වැඩිපුරම ඇබ්බැහිවෙලා ඉන්නේ වයස 50 වගේ පැනපු උදවිය තමයි. ගොඩක් දුරට තරුණ අය මේකට වැඩි ඇල්මක් නෑ...
    කොච්චර ඔන්ලයින් තබුනත් තාමත් මේ පප්පලා බලන්නෙම පත්තරේම තමයි (වසර ගානක පුරුද්දනේ..) හැමදාම උදේ 7.00 ට රත්නපුරෙන් මාතර යන බස් එකේ වම් පැත්තේ ඉස්සරහම ෂීට් එකේ සුදු සරමයි ෂර්ට් එකයි ඇඳ ගත්ත වයස 55 ක විතර ඩයල් එකක් ඕං ඔය පත්තර මිටි බැඳලා ගොඩකවෙලට යනකං පාරේ අදාල ස්ථාන වලට විසි කර කර යනවා..(උදේ පාන්දර බලන්න සුන්දර දර්ෂණේ..)
    කෙන්ජිගේ කථාව කියෙව්වම මට මතක් උනේ ඒ මනුස්සයව..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙමද විදානෙ .....
      ඔව් මල පොතේ අකුරු නොදන්න එවුන්ට කොහෙන්ද කොම් පීතර් ....තිබ්බත් ඒකත් උගස් කොරල රේස් කෙලිනවනේ...
      ජය වේවා....!

      Delete
  29. එකම එක පාරක් නම් කැසිනෝ ගැහුවා.. මගේ සුදූව ඔන්න ඔච්චර තමා.. රේස් ඔට්ටු අල්ලන්නේ කෝමද කියලවත් මම දන්නේ නෑ.. හැබැයි ඉතින් ලංකාවේ ඔය රේස් පොලවල් වගේද මේවයේ තියෙන තැන්.. ඔහෙත් එහෙම ඇතැයි සිතමි අයියණ්ඬියේ..

    ReplyDelete
    Replies
    1. ජපානෙ නම් පචින්කො වැහි වැහැල ...
      මැලේ වල නම් අශ්ව රේස් සහ නම්බර්ස් ඔට්ටු පොළවල් තියෙනව.

      Delete
  30. රේස් පත්තර ගැන මට මතක් වෙන පරණ සිද්ධියක් තමා අපේ පැත්තේ ඉස්සර හිටිය සීයා කෙනෙක් රේස් පත්තරේ කියෝපු හැටි. උන්දැ රේස් පත්තරේ කියවලා ඉත්තෑ කූරකින් තමා සමහර තැන් හිල් කරලා මාක් කරන්නේ [මට තාම තේරෙන්නෑ මොනවද ඒ මාක් කළේ කියලා]

    හැබැයි ඒ ඉත්තෑ කූර උස්සන්න ඕනේ කියලා ඒ දවස්වල හෙණට මගේ ඔළුවේ වැඩ කළා. ඒත් හරි ගියේ නැහැ :D

    ReplyDelete
    Replies
    1. අනේ බං උඹට ඊයේ දෙසරයක් රිප්ලයි කලා මොකා ගිලලද මන්ද....
      ඒ මම හිතන්නෙ පෑනකින් ලකුණු කලොත් තව අය එවුන්ට ඔට්ටු අල්ලයි කියල වෙන්ටෑ ...
      ගල්ඔය පැත්තෙ පොඩි කාලේ පාසල් නිවාඩුවකට ගෙදර අය සමග ට්‍රිපක් ගිය වෙලාවක ඕව පොඩි මිටියක්ම ලැබුන ගොවි ගෙදරකින්.

      Delete
  31. හැම ලිපියක්ම නම් බලනවා අයියෙ.. ලියන්න දෙයක් හිතා ගන්න බෑ... ජීවිතේ ගැන මං දන්නෙ කොයි තරම් ටිකද කියල තමයි අන්තිමේ දැනෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. අනේ බං කියවල විතරක් යමං බං .... ගන්න තියෙන සුට්ටක් හරි අදහසක් අරගෙන...කමෙන්ට් මට ඕන නැහැ....
      කමෙන්ට් කරන අයට මම රිප්ලයි කොලත් යන්නෙ ....මගෙ සල්ලි නේ තරු :) .... TQ ..

      Delete
  32. “නොදන්නා ඉසව්වක දුවන බූරුවන්ට අපේ බූරුවෝ ඔට්ටු දානවා.“
    දවසක්,
    “මිනිසෙකු පිට නැඟි අසරුවකී“ ගී විචාරයේදී මා ඇසූ වාක්‍යකි.
    බූරුවා කීයාලා ලියුවා කියලා කවුරුවත් මා සමඟ අමනාප වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. >>“නොදන්නා ඉසව්වක දුවන බූරුවන්ට අපේ බූරුවෝ ඔට්ටු දානවා.“<<
      තරහ වන්න දෙයක් නැහැ සහතික ඇත්ත.

      Delete
  33. අපේ තාත්තත් ඉස්සර රෙස් දැම්මා.. මමත් ජොබකට ගිය අලුත වැඩේට බැස්සා.. ඉගැන්නුවේ තාත්තයි, මුනවීර් කියලා මොඩර්න් මුස්ලිම් අංකල් පොරකුයි.. මුල් කාළේනම් නියමෙට වැඩ කලා.. එස් ඩී ටී දැම්මාම කොහෙන් හරි කරකැවිලා ගාන ෂේප්.. ඉඳලා හිටලා කස්ටිය එක්ක ගිහින් ඔට්ටු දැම්මත්, සෙන්ට්‍රල් බෑන්ක් එකේ බෝම්බෙට පස්සේ අද වෙනකන් දාලා නෑ... මතක් කල නිසා.. ආයෙත් දාන්න හිතුනත්.. එක්කෝ ඕන නෑ කියලා හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ආ ... SDT කියන්නෙ එකෙක් වැඩ කලත් ගතම් එකක් කියන එක වෙන්ඩ ඇති.
      ආයෙ දාන්න එපා මචෝ...

      Delete
  34. අපේ ගමත් රේස් බුකියක් තිබුනා ඉස්සර...පාන්දර වෑන් එකකින් කොල මිටියක් දොර ලෑලි 2 අස්සේ ගහලා යනවා දැකලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්... ඕන ගමක තිබුන නේද...?

      Delete
  35. රේස් දැමිල්ල එපා උනා මේක දැකලා :D

    ReplyDelete