Tuesday 5 November 2013

දෙව්ලොවෙන් ආරාධනා

                            අර දරුවා බොගත් අටවල දුන්න එකේ මොනවද ලියන්නෙ හිත හිතා මේ ටිකේම නිදිදෙව් දුව වැළඳ ගත්තෙමි..කෙන්ජියාගේ වයිපරේ වෙනමද නිදියන්නේ එතකොට .....කල්පනා කොරන්න ඕනේ නැහැ.  මේකයි   බන්ස්ලා  එයා මේ දවස්වල ගෙදර නැත. 
                                 ඇය ගෙදර මා ළගම උන්නත් මගෙ ජිවිතේ ගැටළුවක් ඇතිවුණ ගමන් පිහිටට එන්නෙ දෙව් ලොව වැඩවසන සීයා සහ ආච්චිය..ඒ කිව්වෙ මගෙ පියාගෙ  මව සහ පියාය. කම්පනා කොර කොර නිදිදෙව් දුව එක්ක හැඃ.......අප්පට උඩු මේ කොමන්ට් එකක් නෙමේ වැරදුනා...කොහොමහරි හරියකට සැතපුන  දිනය වුණේ ඊයේ... ඕන් රාත්තිරි දොළහට විතර වෙන්ඩ ඇති මයෙ හිතේ.මගෙ හිසට උඩින් ඉහත කී දෙව්ලොව ගිය  ඇත්තන් පෙනී සිටියෝය.
"මොකක් ද බොට දැන් තියෙන පොබ්බම"කියා ඇසුවෝය.
"නෑ..සීයේ ලස්සන කෙල්ලෙක් මට බොගක් සෙට් කරලා" ..."කියා අවසන් කරන්න....කොහේ අවසන් කරනනද ....සීයාට පුෂ්පයේ හොදම පුෂ්පය විකසිත වී ඇති බව දැනුනේ අහපු දෙයින්ය.
"ඈ යකෝ තෝ,කර උසට ළමයි දෙන්නෙක් ඉදගෙනත් පරණ විදියට මගුල් නටන්න හදනවා ද ..?"කියා ඇසුවෝය.
ඔයවගේ පුරස්න අහන අයට දෙන්න මරිසි වචන සෙට් කීපයක පේටන්ට් බලපත් හිමි කරුවකු වන මෙමා ,එයින් වචන තුන හතරක්  සියා වෙත මුදා හැරපු සැනෙන් ඔහු ඔල්මොරොන්දම් විය.
                  "එහෙනම් පුතේ හා පුරා කියලා හීනෙ ගැන  ලියලා ඉඳපන් පුතේ..."
                               හීනෙට කළින් සීයා ගැන නොලියා කොහොමද ...මගෙ සීයා නොදැවී ලකුණු 103 ක් ගහල හාන්සි පුටුවේ බෙල්ල ඇල කොර ගෙනම දිවිය ලෝකේ ගියෝය..
ආච්චි තුමිය හවසක පන්සිල් ගන්න ගමන් සෙන්චරියට ලකුණු දෙකක් තියෙද්දි වෑල්ව් කියන මගුලක් දෙකට පුපුරලා සීයා ඉන්න දිහාටම ගියායෝය...
                                  මම නම් ඒ මරණ දෙක ගැන එදා සතුටු වුණෙමි...
නමුත්..ඒ..බොඩි දෙක පුච්චන්න ගෙනියන්න ඉස්සෙල්ලා  ...අපේ ..සනුහරේ..ගෑනු අය.."මරණෙටම මහගත්ත සුදු වස්ත්‍ර" ඇඳගත්ත අය බෙරිහන් දීලා අඬන්න ගත්ත නිසා මට හිනාවක් නාවේද?? එහෙම නැත්නම් ..ඉතා උත්සවාකාරයෙන් සමරණ අවමංගල්‍ය වෙඩිමේ සැරසිලි සහ පොල් කොටන් හතර අතට දාල සෑය හදපු මගේ සෙට් එක එක්ක උදේ හතේ ඉදන් පොල් රා සමඟ කොච්චි මිරිස් .. මයියොක්කා  සහ වතුර වගේ ඔරිජිනල් පොල් රා කෂියා....හින්දද කියල අදටත් නොතේරෙන්නේය..


හීනෙ කියන්න ගීල්ලා වෙන වෙඩිමක් කියවුණේය ....
"දැන් උඹල එහෙ තියෙන වතු පිටි ගෙවල් බලන්න යන්නෙම නැද්ද..?"

"පිස්සුද සීයේ  පිට කෝට්ටේ ඇලන් කි සිකියුරිටිඑකට හැම දෙයක්ම තාත්තා  පවරලා තියෙන්නේ"....


"දැන් මේ වතුපිටි ගෙවල් ගැන මෙතන කොටද්දී,කඩප්පුලි කටාල එහෙම මගෙන් අහන්න එපා "මුචලින්ද නාග රාජයාත්"තොපේ පරම්පරාවේ එකෙක්ද කියල එහෙනම්".. එහෙම උනොත් මගේ සීයාට විකසිත වූ පුෂ්පයට දෙවැනි නොවූ ලස්සන පුෂ්පයක් මට විකසිත විය හැක්කේය...
                  සීයා මෙච්චර විස්තර අහන්නෙ මගෙන්  ඒ දෙපළ ගියත් හරි  අපේ සනුහරේ හයක් හතක් පමණ කූරියා ගැසුවෝය ..එවුන්ගෙන් අහන්ට නොතිබුණේද ......හරි තක්කෙටම ඒ සෙට් එකම  ගිහිල්ල ඇත්තෙ යට තියෙන දිහාවට ...
                                        මොන මගුලක්ද...දෙබස අවසන්  කොරන්න ඉස්සෙල්ල සීයා කට් කළානේ බොලේ ඒත් ඊට කලින් අන්තිමට එයා මොනාද ඒ කියපු වචන ඈ ඔව් මයි ඒත් මට ඒ ඔක්කොම ඇහුනනේ...ඒත් ඊට කළින් කට් වුණානේ..
"දැන් මේ පැත්තෙ කවද දිහාද එන්න හිතන් ඉන්නේ" දෙවැනි පාරටත් හිතන්න දෙයක් නැත .... නිදි දෙව් දුවගෙ රෙද්ද අස්සෙන් මිදී මට ඇහැ ඇරුනි,,
ඇඳේ ඉදන්ම කම්පනා කොලේ "මගෙ අම්මයි තාත්තයි ඉද්දි ඇයි මගෙන්ම අහැව්වෙ" කියලාය...
නැත සීයට ඉස්සර මහ ගෙදරට කෝල්  කලාම ෆෝන් එක තියන්න කලින් ඔය කතාව හැමදාම  මගෙන් අහන පුරුද්දක් තිබුණේය..... 'ජන්මෙට වඩා ලොකුයිලුනේ පුරුද්ද' .....රත් වෙලා හැල්මේ ගලපු ලේ ටික ඉස්පාසුවක් ගත්තේ ඊට පස්සේ ,, 



_කළුසල්ලි ළගදීම බලාපොරොත්තු වන්න __

190 comments:

  1. Replies
    1. රාජ්,Thanoja රාජපක්ෂ,Sumith Niriella ඔබ තිදෙනාගේ සුභ පැතුම් වලට මා විසින් පිළිතුර සැපයුවද ඒවා පලවී නොමැත.සමාවන්න.
      ඔබ තිදෙනාට ස්තුතියි...!

      Delete
    2. ඔන්න ඇනෝ මම දෙක :).

      Delete
    3. කෙන්ජි,
      බ්ලොග් එකේ කමෙන්ටු බලද්දි සිරිතක් විදියට ස්පෑම් එකත් අනිව බලපං. මම කරන වැඩක් ඒක. කාගෙවත් කමෙන්ටු නැත්වෙන්නෙ නෑ.

      Delete
    4. රිප්ලයි එක මගෙ මේල් එකට ආවානෙ... ආයෙ රිප්ලයි කරන්නයි බැරිඋනේ... මොකද මට නගේ කියන්න එච්චර කට්ටියක් නෑනෙ මේ අවකාශෙ.. ඉතින් රිප්ලයි කරන්න ඕන කියල හිතුනත් ඔයාගෙ රිප්ලයි එක නැති නිසා මමත් හිටියෙ මාර ප්‍රශ්නෙක තමා....

      Delete
  2. ආ Kenji අයියා..අළුත් වැඩේ එල ඈ...ඒක නෙමේ,ඔය සීයත් මේ බ්ලොග හදන්න සපෝට් කලාද.?

    www.amila-psx.blogspot.com

    නිවාඩු පාඩු වෙලාවක ගොඩවැදිලා යන්න එන්න...

    ReplyDelete
    Replies
    1. සිය තමයි හීනෙ ගැන ලියහන් කියල.
      ඔන්න මම ගොඩ වැදුන අමිල.
      දිගටම ලියන්න එනව කියවන්න.

      Delete
  3. සිනේ අංජබජල්. යකෝ ලියන කොට ඉඩ තියල ජස්ටිපයි කරල අර පයි කරල කියවන්න ආස හිතෙන විදියට ලියන්න එපායැ. උඹ හිතුවද උඹට ලොකු කමෙන්කොටුවක් දීල තියෙයි කියල විකාර කරන්න..

    සීයා පුරුද්දෙන් ඇහුවත් ඔය බොන බීමට ඒක ඉක්මනටම කරගන්නද කල්පනාව.. ඇයි යකඩෝ අපිටත් දීලා පල යන දිහාවක...

    ReplyDelete
    Replies
    1. ලියන්න බැරි එකෙක් ලියනකොට ඉතින් ඔහොම තමා....

      Delete
    2. දේශක ඔක්කොම කෙලින් කියන්න එපැයි බන් ඉතුරු ටික ඇනෝ ලීවේ
      දේශක යා 6 November 2013 00:24
      Anonymous 6 November 2013 00:29

      (සෙක්සි ඇනෝ)

      Delete
    3. දේශා කෝටුව අතේ තියන් අනිත් මි හරක්ට තැලුවට මේ කෙන්ජියට කෙලින්න එපාය ...
      නම්බු පිටින් උබේ කොමන්ටුවයි,උඹම දාපු ඇනෝ කොමන්ටුවයි අරං කොහාට හරි අරං පලයං මචං මම ඇවිල්ල කෙන්ජි හරිය....
      තොපි තමයි මේකට එන එවුන්ට දිගුකලක් ඉන්න නොදෙන එවුන්.
      මේවා හැමෝම දැනගන්න ඕන දේවල්....
      මම මෙච්චර දවස් ඉදල හොයපු දේවල්..
      මට මේ රෙද්ද තිබුනත් එකයි නැතත් එකයී..
      ඇත්ත කතාව ඒකයි ...

      Delete
    4. හු ........... දේශා ඇද්ද අහගත්තා. ඕකට තමා පජාන් භෂාවෙන් කියන්නේ "නකදී පුසී " කියලා. තවත් රෙද්දක් ඇඳන් එනවයි මේ පැත්තේ.

      Delete
    5. මෙලෝකෙ රහක් නැත්නම් ඉතින් බොරු නොකියා ඇත්ත කියන එක නේද හොද..... උඹට ලියන්න බෑ බං.... අත ඇරලා දාපන්..... සිරාවට උඹ මාර තැටමිල්ලක් තටමන වග පේනවා.... ඒත් බෙට්ට නෑ....

      Delete
    6. @ gonji pajan ;
      පුෂ්පය විකසිත වෙච්ච ගමන් මම කියනව,පෙති සැලිල ගිය ගමන් අහවරයි.
      උඹට ආතල් එකක් ගන්නම ඕන නම් සුරුට්ටුව විතරක් පත්තු කොරගන ඉදහන්,මට කියල අහවල් එක නොකරගෙන.
      ඌ පෝස්ට් එකක් දැම්මම මම බලාගන්නම් එයත් එක්ක.
      ----------------------------------------------------------------------------------------
      @ Anonymous6 November 2013 20:38
      හා...

      Delete
    7. හැක් හැක්.. සුපුෂ්පිත කෙන්ඩි... සන්තෝසයි

      Delete
    8. මට නම් සතුටුයි...

      Delete
    9. අනේ කෙන්ජෝ මං මේකට දාන කමෙන්ටු බහිරවයා ගිලිනවා. දාපු ගමන් පෙන්නනවා පස්සේ බලනකොට නැතිව යනවා මොකද වෙන්නේ ඒවට.

      Delete
    10. ස්පෑම් එකේ නැහැනේ නලියා

      Delete
  4. හැබෑටම කෙන්ජයියේ කවදා දිහාටද ඒ පැත්තේ යන්න හිතන් ඉන්නේ ..:D

    ReplyDelete
    Replies
    1. සීය හිටපු ගාණ ඉන්න නම් තව අවු 52ක් තියෙනො

      Delete
    2. ඔය දුලා හරියටම ගාන කියල තියෙන්නෙ ඉවාන් මල්ලි.
      දුලා ගණන් මිමි හරියට තියන් ඉන්නෙ.හොද මීටරේ.

      Delete
  5. යකෝ දැන්නේ දැක්කේ පලවෙනි පෝස්ටුවෙම ලේබල් එක දාලා තියෙන්නේ කුප්ප කතා කියලා .:D

    ReplyDelete
    Replies
    1. මගෙන් ඉතින් ඒවා නැතිව 'සභ්‍ය' ඒවා ඇතැයි කියා ඔබ සිතන්නෙහිද මලයන්ඩිය..?

      Delete
  6. කෙන්ජක්ක ගෙදර නැති එකේ පුදුමයි උඹ නිදාගන්නව කිව්වම!

    ReplyDelete
    Replies
    1. දරුවො දෙන්නයි,නැන්දම්මයි ඉන්නවනෙ.
      නැන්දම්මා රෑ එකට දෙකටත් ඇහැරල බලනව මම කාමරේ ඉන්නවද කියල.

      Delete
    2. ඒ නම් වෙන දේකට වෙන්න ඇති. ඒ ගැනත් හිතලා බලන්න වෙයි

      Delete
  7. හොඳ කතාව කෙන්ජි.

    යන එක නං නොම්මර පිළිවෙලට නොවෙයි යන්නේ. අපේ ආච්චී ළමයි තුන් දෙනෙකුගේ මළබත් ඉව්වා (ලු). එක් කෙනෙක් වයස හතේ දී වලිප්පුව, අනිකා වයස 34 දී නහරයක් පුපුරලා, අන්තිමයා නං පැන්ෂොන් ගියාට පස්සේ.

    ReplyDelete
    Replies
    1. මාත් දවසක යන්නම ගියා අපේ තාත්තාටත් කලින්. ළමටම ගිහින් බෑ ය කියලා හිතුණු හින්දා ආපහු හැරිලා ආවා.

      http://kathandara.blogspot.com/2011/05/near-death-experience-of.html

      .

      Delete
    2. ස්තුතියි කකා..!
      යන්න වුනාම නොම්බර පිළිවලක් නැහැ තමා.
      ඔබේ කතාවේ අර ඇඩ උද ඉන්නෙ ඔබද?
      එහෙම නැවතිලා නැවත එලොව ගිහින් මෙලව ආව කතා අහල තිබෙනවා,එක සැරයක් වෙලත් තියෙනවා.

      Delete
    3. Mun denna hariyata Pukai, Amudei wage.

      Delete
  8. කෙන්ජි අර දේශක කිව්වත් වගේ දෙපැත්ත එහෙම හදාගන්න,ඉක්මනටම සීයලා බලන්න යන්න අදහසක් නෑ නොවැ ටික කාලයක් ලියල එහෙම බැරුවයැ.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලප තාම පටන් ගත්ත ගමන් නේ.
      මම ඉතින් කැටයම් කාරය කියල දන්නවනේ.
      හෙමින් හෙමින් කරගන්න බලන්නේ.
      ඒකනේ රත් වෙච්චි පාර ඇහැරුනේ.

      Delete
  9. කෙන්ජයිය තාම අර්ධ ශතකයක් රැස්කලා විතරනෙ.සීයට ලැජ්ජ නැත්ද හැබෑටම දැන්ම එහාට එන්න කියන්න!

    දුලාගේ අඩවියේ™ දුලා

    ReplyDelete
    Replies
    1. සිය කාරය දෙකක් එක ලග නවාගෙන ඉන්න ඇති.තාත්තාගෙන් අහන්න ඕන එක මගෙන් ඇහැව්වේ.

      Delete
  10. දැන් අර එංගලන්තේ මහා රැජිනට පස්සේ චාර්ල්ස්ට චාන්ස් එකක් නොදී විලියම්ට දෙන්නේ. අන්න ඒ වගේ තමයි පිං රැස් කරලා ඉන්න අයට කලින්ම වීසා හම්බ වෙනවා.

    ReplyDelete
    Replies
    1. රැජිනට පස්සේ චාර්ල්ස්ට චාන්ස් එකක් නොදී විලියම්ට දෙන්නේ.//
      ඇත්තද?

      Delete
    2. හෙක්..හෙක්..සුදික මල්ලියත් දෙතුන් සැරයක් හිතල ගන්න තමා යමක් කියන්නෙ.
      ගණන් කාරයන්ගෙ හැටිමද මන්ද.

      Delete
  11. කෝ යකෝ මගේ කමෙන්ටුව බහිරවයා ගිල්ලද සීයා ගිල්ලද?වහා ස්පෑම් චෙක් කරණු.

    ReplyDelete
    Replies
    1. එකට හිටපු යාළුවෝ. හැක් හැක්

      Delete
    2. ඒ මගුලෙත් නැහැ නලින් මල්ලියො.
      කොහොම හරි ආවනේ.

      Delete
    3. හරි හරි ඒකට කමක් නෑ කාවෝ මචෝ අපේ ලෙංගතු කම තාම ඒ විදියටම තියනවා.

      Delete
  12. යකෝ ඉස්සෙල්ලම යන මගුලක් ගැනනේ කියල තියෙන්නේ... නමුත් කතාව නම් අල්ලලා යනවා....

    ReplyDelete
    Replies
    1. අල්ලලා යනවනම් විතරක් ඇති මගියෝ,'හොල්ලලා' නොයා.

      Delete
  13. පස්ට.. ලිවිල්ල ඔරිමජිනල්.. ඒකයි වටින්නේ.. අර පරණ පුරුද්දට අහපු නිසා මිසක් තාම වීසා රෙඩි නැතිව ඇති.. අනේ මචෝ යනවනම් කියලා පලයන්..

    අර මලදානේ ලියනව නම් මේ වගේ ලියපන්.. පේනවනේ චියර් එක.. එකෙන්ම..

    ReplyDelete
    Replies
    1. අනිවා මටත් කියන්න තියෙන්නේ මේ ටිකමයි .............

      මගේ 300 පැනලා නිසා මේක දාගන්න විදිහක් නැහැ..එකක් අයින් කරන්න ඕනේ... මන් දන්නවා අයින් කරන්න ඕනේ බ්ලොග් එක මක්කද කියලා.. :)

      සිරාවටම පට්ටම ගති කෙන්ජි අය්යේ... එල.. ඔය බ්ලොග් වැඩ කෑලි පස්සේ හදාගන්න බැරිය... ඕවත් ප්‍රශ්නද ...සැලෙන්නේ නැතුව ලියන්න .............

      Delete
    2. 300 පැන්නට ෆ්‍රෙන්ඩ් ෆලොවර් එකෙන් ෆලෝ කරන්න පුලූවන් සහන්...

      Delete
    3. එහෙමද ඉන්නකෝ බලන්න හිරු... මන් බ්ලොග් 6 ක් අයින් කරා... දැන් දාගන්න ඕනේ රාජ්ගේ එක , දමිත්ගේ එක , මනොජ්ගේ එක , දිනේෂ්ගේ එක...

      තව කව්ද ඉන්නේ ලිස්ට් එකට add වෙන්න කැමති ...?

      Delete
    4. අනේ උඹේ රෙද්දට එන්න අපිට ඕනි නෑ.... ගොන් සහන්...

      Delete
    5. අනේ අනේ මේ මාවත් add කර ගන්නකෝ.
      ප්ලීස් අනේ.

      Delete
    6. අනේ බං මං හිතුවේ උබේ සුපිරි අඩවියට එන්න ඇමතියකුගෙන් ලියුමක් ගන්න වෙයි කියලා. මේකනම් ලොකු චෑන්ස් එකක්. හාපික් එහෙම දාලා සුදුද කරලද තියෙන්නේ උඹ බොග දාන එක.

      Delete
    7. කක්ක කාකා

      Delete
    8. ස්තුතියි මාතලන්.
      අර ලැප ඉස්සරහ ඉදගෙන මොනවා හරි කොටන්න ගන්න කිව්ව මැතඩ් එකට තමා කොලේ.
      හැබැයි කොච්චි මිරිස් සම්බලය කියල ලිව්ව එකේ සම්බලය කෑල්ල නැහැ අන්තිම වෙද්දී කන ටිකක් මේසේ ගෑවෙන සයිස් නිසා.

      Delete
    9. සහන් මල්ලියා මම බලාගෙන හිටියෙ උඹ මොනවාද කියන්නෙ කියල.දැන් ෆිට්ම තමා.

      Delete
    10. @ ඇනෝස්

      මන් කතා කරන්නේ බ්ලොග් රෝල ගැන නෙවේ... මගේ ඩෑෂ් බෝර්ඩ් එක ගැන... එතනට add කරා කියලා රෝලට යන්නේ නැහැ...300 පැනලා හිටපු නිසා අලුත් බ්ලොග් දාගන්න විදිහක් නැතුව තිබ්බා...

      තනිකර ද්වේශයෙන් දාපු කමෙන්ට් ටිකක් නේද ....? සංසාරේ සංසාරේ ...!

      Delete
    11. මලකුත් ස්පර්ෂ කොල්ලා එම ඉඳගත්තා නම් කී බෝඩ් කතෑකී...

      Delete
    12. නැතුව නැතුව

      Delete
    13. සහන් ලොක්කෝ තමුන් නරක නෑ ඒත් ලොක්කා පොර වෙන්ට දගලන විදිහ එලියට පේනවා ද්වේශයක් නෑ බොල තෝ නැතිව අහවල් බොගක් ද මේකෙ වැදගත් දේකට තියෙන්නෙ
      අයියේ පස්ට පදිරි එල

      Delete
  14. ඩොකියුමන්ට් අඩු නිසා ඔය වීසා එක රිජෙක්ට් වෙනවා බුදු ෂුවර්. එහෙම කොහොම යන්නද ?
    මල් හතයි කෙන්ජි (පිට කැසීම................ )

    ReplyDelete
    Replies
    1. මල් හතට අමතරව ඔළුවෙත් එකක් විකසිත වෙනවා වෙලාවකට.

      Delete
    2. වේද මහත්තයට මල් හත නම් හරි සතුටුයි.
      ඔබ දන්නවනෙ මල් වලට ආස නිසාම නිතරම මම හිසේ තබාගෙන සිටින බව,කොයි වෙලේද පුෂ්පිත කරගන්නෙ කියල :).

      Delete
    3. මාත් මෙතන කෙටුවේ ත්‍රිවිධ රත්නෙට අඩු පාඩුවක් වෙන නිසා..

      Delete
    4. හැක් හැක්
      ත්‍රවිඩ රත්නේ ආශ්ර්වාදය මැද කවාත් ඉන්නේ.

      Delete
  15. මොකද පටන් ගත්ත ගමන් බ්ලොග් ලිවිල්ල එපා උනාද?

    ReplyDelete
    Replies
    1. ඈ බං. කොමන්ට් කොරන්න ගත්ත හැටිය කොමන්ට් කිරිල්ලත් එපා උනාද?

      Delete
    2. විකසිත වෙච්චි වෙලාවට කියන ඒවා ගණන් ගන්න එපා බං.

      Delete
  16. හැමදාම කොමෙන්ට් වලින් අපිව දිරිමත්කළ ඔයාගේ ලිපියකට කොමෙන්ට් කරන්න ලැබීම සතුටක්.. ලිපිය මටත් රසවත් ,, බ්ලොග් ලෝකයේ අත්දැකීම් බහුල අය ඔබට අඩුපාඩු පෙන්වාවි ,, ඒ සියල්ල ඔලුවට ගන්න හදවතට නොගෙන ,, හොදේ ඒ අනුව ඉදිරියට අනර්ඝම දේවල් ලියන්න සුබ පැතුම් ,, පුෂ්පය විකසිත කරගැනීමට පෙර 9 සිට 0 වට දෙකේ ගුණාකාර වලින් ගණින්න ඉදගෙන ,,, හි හි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට..
      මෙය එළිදක්වන්න උදව් කල ප්‍රධාන දායිකාව ඔබනේ.
      සහන් මල්ලි යෝජනා කළා,ඔබ හදල දුන්න.
      එක වෙලාවකට මට හරිම පුදුමයි ජිවිතේ එක දවසක්වත් දැකල නැති,කතා නොකොට ඇති අපි අකුරු වලින් කොච්චර සමීප වෙලාද කියල.


      Delete
    2. //"ඈ යකෝ තෝ,කර උසට ළමයි දෙන්නෙක් ඉදගෙනත් පරණ විදියට මගුල් නටන්න හදනවා ද ..? කොල්ලෝ ඉදගෙන හි හි (දෙව්ලොව ඇත්තෝ කියයි ඈ )

      Delete
    3. හ්ම්ම් ,,,එහෙම තමයි හිතන්න එපා සතුටින් ඉන්න හොදේ මගේ ආයුෂත් අරන්

      Delete
  17. Replies
    1. කොහොද බොල?

      Delete
    2. ok චතුර පුතා යමු...යමු...

      Delete
    3. කොහෙද යකෝ බොලාල යන්නේ.

      Delete
    4. කාවා තෝ තමා දවසකට වත් මිනිහා
      අපි යනවා කා වෝ නැති ලෝකෙකට බොග දාන්ට හුකෑස්

      Delete
  18. පොඩ්ඩක් හිටු අර " සුදු වස්ත්‍ර" ටික ලොන්ඩරියට දාල එනකම්...

    ReplyDelete
    Replies
    1. වස්ත්‍ර අවශ්‍ය නැහැ සපතේරු,නිර්වස්ත්‍රන්ම මැඩිකල් කොලේජියකට ඇප්ලයි කොරල තියෙන්නේ.

      Delete
  19. ඔය ලියන්නේ කොමට් කොටනවාට වඩා යසට ....සුබ පැතුම් මාමේ... හි...හි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දෝණියේ......ශානුච්චි කියල දැන් දන්නව සහන් මල්ල කිව්ව නිසා.

      Delete
  20. කවද්ද මේ පැත්තෙ එන්නෙ කියලා ඇහුවනම්...කෙන්ජියො කොයිකටත් කියලා..ඉස්සරහ පැත්ත විතරක් වැහෙන්න සුදු කිටක් මහලා තියාගන් දැම්මම !

    ReplyDelete
    Replies
    1. ගෙදරින් ගෙනිච්චත් ශාලාවෙ එකාලා පලු කොරල තමයි මේකප් එක දෙන්නෙ.
      නිර්වස්ත්‍රයෙන්ම යනව මෙඩිකල් කොලේජියකට මැරුණත් බොඩියට සැප දෙන්න එපෑය වෙනි.
      පොඩි කැපුම් පාරක් වැදුනත් වෙන්න ඩොකාල ගැටිස්සියෝ අතපත ගාද්දී පුදුම සනීපයක් ඇති අෆ්ෆා.......
      මතක් වෙද්දීත් ඇගේ හිරිගඩු පිපෙනවා....

      Delete
    2. යකෝ මැරිලත් පුරුද්ද අතාරින්න බෑ නේ කෙන්ජියෝ

      Delete
  21. දැම්ම ඔය ආරාධනා පිළිගන්න ඕන නෑ.. මෙන්න මේක ලියාගෙන ඉමු..

    ReplyDelete
    Replies
    1. පුතාවයි,මුනුබුරාවයි ටැපලිලා සිය කාරය අනුමත වෙලා හිටපු වෙලාවක්නෙ.

      Delete
  22. අපෙත් වීසා රෙඩිද දන්නේ නෑ...කොයි වෙලාවේ කෝල් එක ආවත් මන්නම් යන්න බඩු [පින් සහ පව්] පැක් කරගෙන ඉන්නේ ...

    ReplyDelete
    Replies
    1. පින් පව් නම් පැක් කරගෙන හිටියට නම් කමක් නැහැ එහෙ යන්න කොරන ආයෝජන.
      උඹ තාම බැදලත් නැහැ නේද?
      කෝල් එක එනකං බලන්න.

      Delete
  23. මම හිතුවේ හීනෙන්ම පුෂ්පේ විකසිත වෙලා කියලා. අර උඩ අපුර්වි ඔමායා 0-9 ට ගනින්න කියන එකනම් තවත් පුෂ්පයක් විකසිත වෙන වැඩක් වෙයි. මට මතකයි ඕක හින්දි පිච්චැර් එකකත් තිබුනා.
    හැබෑටම හින්දුස්තානී පිල්ලි ජී අද දකින්න නෑනේ?

    ReplyDelete
    Replies
    1. අරේ කාවා ජී,

      සොරි මචෝ..... මම ඊයේ ද්වසම ගෙදර හිට්යේ නෑ!!

      මම නැතුවට උඹ පට්ට ආතල් එකක් අරන් තියෙන බව පේනවා!!!!

      එකෙන්ම!!!!!!!!!!

      ඔහොහම යං දෝස්ත් ඔහොම යං!!

      ඕනැම දේකට මේ හූ නා......!Q!

      ජයි හෝ!!!!!!!!!!!

      Delete
    2. කෙල්ලෙක් යමක් කිව්වොත් පොඩි කාලේ ඉදලම කරන දෙයක් නිසා ඒ ළමය කිව්වදේත් කරලා බලනව කාවා.
      උඹේ පන ඔය යට ඉන්නෙ බැබිලි බැබිලි.

      Delete
  24. මම තිස් හතර.. කතාව එළැය..පට්ටය..

    ReplyDelete
    Replies
    1. දැන් ඝන පිහිටවල සුභ අංඛ වලට වගේ කොමන්ට් කරන්නෙ සෙන්න මලය.
      ඔයාල වගේ සුපිරි ලියන්නන්ගෙන් ඔවැනි වචන ඇසීමත් සතුටක්.

      Delete
  25. Replies
    1. ඔන්න දැක්කද ... දැකපු එකම තැන මේ අටමා

      Delete
    2. ඔන්න දැක්කද. කෂියා ගැහැව්වත් පොරක් දැක්ක තැන අපූර්වී.

      Delete
    3. ඔයා මොකක්ද අදහස් කලේ යාළු ?

      Delete
    4. අටම රා එක්ක කොච්ච්චි පොල් සම්බලය මයියොක්ක සහ නියම රා වලින් පෙරාපු කෂියා එක්ක බොරට උයපු ඌරු මස් ...ඔන්න කනවනම්...බොනවනම්...

      Delete
    5. කාවා සාමාන්‍ය යෙන් ගැණු දරුවන්ට නරක අදහස් කියන යාලුවෙක් නෙමේ.

      Delete
    6. අයියෝ ඔයාට තරහා ගියාද. මම මේ ඔයාගේම වාක්‍යයට ගලපලා පොඩි පහේ විහිලු කෑල්ලක් දම්මේ.

      Delete
    7. නැහි කාවා ජි මුජේ මාෆ් කර්දේනා ..

      Delete
    8. අරේ අපූර්වී දීදී මෙරේ වර්ඩ්ස් හොරකං කරෝන්ගා!!!!!!!

      බොහොත් නෝටි හේ අක්කියා!!

      හික්Z!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    9. අපූර්වී8 November 2013 at 14:46

      නහි මුන්නා මේ බොහොත් පසන්ද් හේ තුමාරා හින්දී වර්ඩ්ස් ටෝක් බොහොත් අච්චා.. මේ you කාකා ජීකී පිල්ලී ජී නේ ,, කාකා ජී මේරේ බොහොත් බඩා දොස්ත් නේ පිල්ලී මුන්නා :)

      Delete
  26. බොගට අමුණගන්න පොඩි අයිටම් එකක් ඩිසයින් කර එවා ඇත. එය අමුණාගෙන මේ හෙලුවෙන් වගේ තියෙන කෙන්ජිගේ බොග සුන්දර කරගන්න. උඹලට මොනවා එව්වත් ඇයි බන් උත්තරයක් නොදෙන්නෙ...

    මගේ නම් අන්තිම ආච්චි අවුරුද්දකට කලියෙන් දිව්‍යාලෝකයට ගියාය. ඈ ජීවතුන් අතර සිටියදි හා මරණින් පසු යන අවස්ථා දෙකටම අදාළව මවිසින් ලියූ පෝස්ටු දෙකක් තිබේ...කැමති ඇත්තන් කාමරෙන් හොයා බලා කියවත්වා...කෙන්ජි සුදෝ ...තව ආතල් ලිපි අම්බානක බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ බං මම දැක්ක.කොහෙද උඹලගේ කොමන්ට්වාලට රිප්ලයි කරන්නයි,ළමයි දෙන්නගේ වැඩයි,අනිකුත් වැඩයි එක්ක කරගන යන්න එපෑය.
      බලමු මාසෙකට එකක් හරි.

      Delete
  27. හිනාවක් ඇතිව කියෙව්වා.. මේ ලියන රටාවත් හොදයි.. අපෙත් ලේ පිරිසිදු වෙන්නත් එක්ක.. මම මේ කල්පනා කළේ කෙන්ජි අයියෙ කිව්වට අපේ අම්මට වඩා අවුරුදු දෙකයිනෙ බාල.. මාමේ කියනවද? එක්කො ඕන නෑ පුරුදු විදියම හොදයි...

    ReplyDelete
    Replies
    1. හිනා ගියා නම් ඇති.මට ඕනත් මගේ වටේ අයව හිනස්සල තියාගන්න පමණයි.
      හිතේ මැවෙන දේ කස්ටියට සරලව දැනෙන විදියට ලියනවා.
      අම්මගෙ ම වයසෙ නම් මාමෙක් මොකද තාත්ත කියලම කියන්නකෝ ,...
      සමහර දැරිවියෝ සිය,මාමා,කොල්ල කියල කියන එකේ :).

      Delete
  28. කෙන්ජි අයියා බ්ලොගක් පටන් ගත්ත එක ගැන හරිම සංතෝෂයි.. මාතලන් අයියන්ඩිගේ සින්ඩියේ පෝස්ට් එක දැක්ක ගමන් දුවගෙන ඇවිල්ල නැවතුනේ මෙතන. :) සිරා ලිවිල්ල.

    ඔහොම ලියාගෙන යමු..!

    ReplyDelete
    Replies
    1. කොහෙද යකෝ,!@@#$,ගොනෝ ,පැස්බරෝ,මුවෝ,වල් ඌ රෝ ගිහිල්ල හිටියෙ පහුගිය දොහේ.
      කමෙන්ට් එහෙකින්වත් දැක්කෙ නැහැ.ඊයක් විදින්නවත් ලැබුනේ නැහැ.
      අයි දැන් ලියන්නෙ නැත්තේ.පරණ එව්වෝ ඔහොම මුළු ගැහුණම කොහොමද මේවා රැකෙන්නෙ බං.
      ස්තුතියි මල්ල මාව දැකල දුවගෙන ආවට...
      කොමන්ට් හරි කොටන්න ලිපි ලියනකම් .

      Delete
  29. උඹත් ඉවරයි...
    මට මේ ගැලවෙන්න බැරුව ඉන්නවා... දැන් ඉතිං වැඩ අතපහු කොරං, කෙංජිනීගෙන් බැනුම් අහං කොටපං කො රෑ එලි වෙනකල්...
    වැඩේ එළ ඈ....

    ReplyDelete
    Replies
    1. හෙක්..හෙක්...
      අපෝ ගෙදර වැඩවලට මුල් තැන...
      ඒවාට මුල් තැන නුදුන්නොත් ඇද යට තමා නිදාගන්න වෙන්නේ හැමදාම.
      ඔබ ලිපියක් ලියන්න ප්‍රමාද වුනා වුවත් කොමන්ට් එකක් හරි කොටන එක හරි සතුටුයි.
      පැමණිම සහ ඇගයීම ට ස්තුතියි ඇල්කෙමි...!

      Delete
  30. දෙන එක දොඹේන්ම දෙන්න වගේ හදන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙම තමා පුම හිතං ඉන්නෙ..බලමු..

      Delete
  31. තව ටිකක් ලියාගෙන යනකොට උඹට රිද්ම් එක අහුවෙයි. උඹ කොහොමත් රිද්ම් එකේ ඉන්න බුවානේ. පුෂ්පය විකසිත වීම කෙසේ වෙතත් එහෙම එකක් නැහැ කියලාම හිතපන්. දේශකයාගේ කතාවත් නිකමට හිතේ තියාගනිං. අර ඉංග්‍රීසි කමෙන්ට් එකටත් ලස්සනට රිප්ලයි කරපන්. අවසානයේ අපි ඔක්කොම යන්නේ සීයා ගිය දිහා තමයි. හැම දෙයක්ම ඉතා සැහැල්ලුවෙන් හිතපන්. හිත බර අයගේ ඔළුව අප්සට් යනවා ටක් ගාලා. කුරුළු පිහාටුවක් වගේ හිටපන්. උඹට ජය!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් මචං අවවාද,අනුශාසනා සියල්ල පිළිගත්තා.
      අර දරුවා හදල දුන්න එකෙත්,උඹල කට්ටිය මෙහම ප්‍රතිචාර දෙද්දීත් පුදුම සතුටක්.
      දේශ කියල තියෙන දේත් හෙමින් කරනවා.
      අපේ කකා මගේ පළමු පොස්ටුවේ පැහැදිලි කර දීල තිබුන ඉංග්‍රීසි කතාවට මම රිප්ලයි කරපු එක ගැන.ඔහුගේ පැහැදිලි කිරීම මම සාදරයෙන් පිලි ගත්ත අරූ...
      බොට පිශ්ශුද...මොන කුරුළු පිහාටුද....තනිකර කුරුල්ලා..උඩින්ම වම් පැත්තෙ කොටලා තියෙන එක බලන්න...
      Thanks මචං .....ජය.....!

      Delete
  32. මම මේ දාන පලවෙනි කොමෙන්ට් එකද කොහෙද ? . සීයාගේ පැත්තේ යන්න කලින් කියලා යන්න . මොකද නැත්නම් අපිට බලන් ඉන්නවෙයි කෝ කියලා . හැක් හැක්
    සුභ පතනවා අලුත් බ්ලොග් එකට !
    සුකී ධීගායුකෝ බ්ලොගර් !

    ReplyDelete
    Replies
    1. වයලිනයෝ එක වුනත් මොකද ...
      අපි උඹල එකතු වෙලා ලියන අය එක්ක මෙහෙම ඉන්න ඕන ...
      සිංහල බ්ලොග් අවකාශය අපේ රට යම්කිසි වෙනසක් ඇති කරන ප්‍රධාන මාධ්‍යක් වන තැනට ගෙන්න ඕනා.
      පැතුම් වලට තුති...!

      Delete
  33. කෙන්ජි අයියගෙ දෙව්ලොව ආරාධනා බලන්න අපිත් ආවා.. මුල්ම වතාවටයි ගොඩවුනේ..

    දිගටම ලියන්න. අපි එනවා කියවන්න.

    ReplyDelete
    Replies
    1. තුෂානි නැගණිය ට තුති පැමිණියාට...
      අපි දිගටම ලියමු...

      Delete
  34. ඇඳේ ඉදන්ම කම්පනා කොලේ "මගෙ අම්මයි තාත්තයි ඉද්දි ඇයි මගෙන්ම අහැව්වෙ" කියලාය...///

    ෂුවර් එකට බ්ලොග් එක ගැන කියපු ගමන් සීය හොල්මන් වෙන්න ඇති.... මේකා මේ නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නහන්න හදනවද කියල... ඊට කලින් ගෙන්න ගන්න හිතෙන්න ඇති පරම්පරාව බේරගන්න... හි හි...

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්..හේ.......සිය නම් දන්නව එදා ඉදන් මුනුබුරා වැඩකරු බව හිරු....
      දෙමල බසත් දන්නා නිසා වරිගේ නම් මේ කපේට නොනැසෙන බව ඔහු දන්නවා...
      වෙලා තිබුනෙ එයාගේ පුතාවයි ,මුනුබුරාවයි මාරු වෙලා කන බෙල්ලට වැටෙන්න අමුර්තය පානය කරල නිසා.

      Delete
  35. සිරාවටම මම මේ අවුරුදු 25 ක තිහක විතර කියල හිත හිටියට කෙන්ජි අයියා සෑහෙන්න පරිණතයි නේ..... (වැදගත් විදියට වයසයි කිව්වා :) )මම හිතන්නේ බ්ලොග් එක කියවන්න ඇති සීයා. පොඩ්ඩක් ඉරිසීයාවක් වගේ හිතුනද දන්නේ නැහැනේ. :)

    ReplyDelete
    Replies
    1. යකෝ කෝරලය උඹට වඩා භාගයක් වැඩි වුනාට,උඹලගේ වයසේ මම ඉද්දි කරපු සුන්දර දේවල් විදිමින් ,ඔබ සැම එක්ක අකුරු කරමින් රස විදිනවා.
      කෝරලේ තුමිය ආවැයි...
      පොඩ්ඩ දැගලුවේ නැති වුනාට කමක් නැහැ මම කියනවට අද ඉදල නිවාඩු තියෙන හැම තිස්සෙම තුමියගෙ බඩ ගෙඩිය අත ගගා (බොල !@@# ලේඩි ගාග නෙමෙයි)පැටියෝ ....කියල ලව් කරන කාලේ වගේ පැණි ටෝක් ස්වරයෙන් නිතරම පොඩි එකා එක්ක කතාකරහන්,නැළවිලි ගී කියපන්.
      පුතෙක් ඉස්සෙල්ල ඕනෑම නම් පුළුවන් තරම් තුමියට නිතරම ගිල්ලෝපන් මාළු ..

      Delete
    2. ආව අයියේ. හ්ම්ම්ම්ම් හොඳ උපදෙස් ටිකක් මොකක්ද හැබෑට ඔය මාළු සීන් එක?????

      Delete
  36. ඉක්මනට ඊලග එකත් දාන්ට අයියා

    ReplyDelete
    Replies
    1. කොහෙටද බං.?

      Delete
    2. පොඩ්ඩක් තව උස්සලා අල්ලන්න මල්ලී.....

      Delete
    3. හරි ආචාර්ය මලය ස්තුතියි...

      Delete
  37. හොඳයි හොඳයි, කෙන්ජි... හොඳ සෙන්ස් ඔෆ් හියුමර් එකක් තිබේ... උඹ ඉතිං ඉංග්‍රීසි වලට වැඩි මනාපයක් නැති නිසා සිංහලෙන්ම ඒක ලිව්වා..

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්..තිසර ...ඔබ කිව්ව දේ මට කකා පහදලා දීල පළමු පොස්ට් එකේ කොමන්ට් එහෙකින් .
      එය මම පිළිගත්තා.
      තිසරගේ පැමිණීම සතුටුයි...!

      Delete
  38. බ්ලොග් කියන එක ගැන සීයට තව පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න වෙන හැඩයි.

    පොල් රා සමඟ කොච්චි මිරිස් .. මයියොක්කා සහ වතුර වගේ ඔරිජිනල් පොල් රා කෂියා... මරු බීමක්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා ඊයකින් හරි සියව දැනුවත් කරන්න වෙයි.
      අයි බං උඹ දැන් නොළියන්නේ...
      ඇගිලි තුඩුවල කරගැටද..?

      Delete
  39. ශික්...! අමාරුවෙන් බොන එක අමතක කරන්න හැදුවත් මේ කෙන්ජියත් එක්ක බැහැනෙ...
    දැන් ඉතින් හොයපන්කො පොල් රා කශියා..
    යන ලෝකෙකට යන්න කෙන්ජි මේ අපිට ඉන්න දීලා. මට තව වැඩ ටිකක් තියෙනවා මෙහෙ ඉවර කරන්න.

    ReplyDelete
    Replies
    1. හෙක්..ඇල්බ මාව යවන්නමද හදන්නෙ දිවිය ලෝකේ ..

      Delete
  40. ඔය ජම්මෙට වඩා පුරුද්ද ලොකු නිසා බං. ඕක ගනං ගන්න එපා. උඹ දන්නවද සමහර ආච්චිලා අම්ම්ලා පිට රටවල ඉන්න ළමයින්ට ෆෝන් කරපු ගමන් අහන්නේ පුතේ උඹ කාලද ඉන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. අම්මප හෙන්රියෝ ...උඹ නම් මාර මීටරේ ගිහිල්ල මුල් කාලයේ ඔය වගේ අහන වචන සැට් කීපයක් තියෙනවා...
      මතක් උනොත් ලියන්නම්..
      වෙලාව වෙනස නිසා කුණු කෙල පෙරන් නිදාගෙන ඉන්න එකාගෙනුත් අහනවා.

      Delete
  41. අරේවා මාමා ජී!!!!!!!!!

    බොහොත් ගින්දර් පෝස්ට් හේ

    ටයිට්ල් එක දැක්ක ගමන් මන් හිතුවේ අපේ මාමණ්ඩියාට "හීනෙන් ගොක් කොල පේන්න" පටන් අරන් කියලා!

    (මේ ජෝක් කරෝන්ගා! හික්z!!)

    අපේ කෙන්ජි උතුමාණෝ කාකා ජීගේ, මාතලන් ජීගේ, සිරා ජී ගේ, අරුණි දීදීගේ, අන්වර් ජීගේ, මාර ජීගේ...
    ඇතුලු හැමෝගෙම ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනේ!!!!!

    කභි අල්විදා නා කෙහෙනා.......!!

    ජයි හෝ!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හැක් හැක්, වෙලාවට කවාගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕන කියලා කියුවේ නැත්තේ.

      Delete
    2. උඹයි,කාවායි එනකන් බලන් හිටිය බං ...
      තෝ බැංගලෝර් පැත්තේ ඉගෙන ගන්න එකෙක්ද ...
      නැත්නම් අර සාරි,සරොම් බිසිනොස් කාරයෝ දවසට රු:5'000/=ට අරන් ගිහිල්ල ,චෙන්නයිවලදී හින්දි කාරයෙක් ගෙන් ටොක්කක් කාපු එකෙක්ද...
      ඔච්චර හින්දි ඇම්ම,,,

      Delete
    3. @ කාවා ජී,

      උඹටයි මටයි තව දකින්න දේවල් ගොඩාක් තියෙනවා නේ අප්පා!!!!!
      (දෑතේ රැකියාව කලාට අපේ මාමණ්ඩි වගේ සජීවි දර්ශන එහෙම තාම දැකලා නෑ නේ....!! :D)

      @ මාමා ජී,

      නහී නහී.................!!

      බයි වොචින් හින්දි මූවීස් මේ හින්දි ලර්න් කරෝන්ගා........!!!!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    4. එහෙමද... ?
      ඒවල එකිලගේ නලවන පුකවලුයි,බුරියි බල බලාද දෑතේ රැකියාවෙ නියුතු වන්නෙ.
      තොපි දෙන්න තමයි දවසකටවත් කොල්ලො.
      මම උඹල දෙන්නට ලයික්.හුග දෙනෙක් දෙන්නටම කැමතියි වගේ.
      ඔහොම හැම තැනම ගොහිල්ල,දෙන්න එක්ක අපිට කියවන්න ජොයින්ට් එකක් ගහපල්ලා ...අෆ්ඵට...වැරදුන...බොගක් හදපල්ලා..
      ජයි හෝ !!!!!!!!!!!!!!!!!!!

      Delete
    5. //ඒවල එකිලගේ නලවන පුකවලුයි,බුරියි බල බලාද දෑතේ රැකියාවෙ නියුතු වන්නෙ.//

      හික්z! :D
      අච්චා! අච්චා!!!

      //තොපි දෙන්න තමයි දවසකටවත් කොල්ලො.
      මම උඹල දෙන්නට ලයික්.//

      බොහොත් ෂුක්‍රියා මාමා ජී!!!

      මේ වචනේ ඇති මාමණ්ඩි මටයි කාවා ජී ටයි!
      (සිරාවටම කියන්නේ මේක ඌටයි මටයි ලැබුණු ආශිර්වාදයක්!)


      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    6. කාවා සහ පිලිලියා වෙතයි
      තොපි දෙන්නා මරේ මරැ මෙකෙ පඩ ෂෝ දාන උන් නන්නත්තාර කරන්ට

      Delete
    7. ඇනෝ ජී,

      එකෙන්ම!!

      බොහොත් ෂුක්‍රියා දෝස්ත්!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  42. Replies
    1. හේ..ලියමු....ලියමු.......
      මෙයත් ජපානෙ ඉදලමද ..මාව සමකෙන් එලෙව්වේ... :)
      තරුත් හරි ආසයි ජපානය ගැන දැනගන්න.ඇය ජපානයට ඇවිත් ගිහිල්ල තියෙනවා..
      ඔබ දැනටත් ජපානයේ සිටිනවානම් තරු සමග එකතුවී අපේ කට්ටියට ,කරුණාකර දෙන්න බලන්න.
      අරිගතෝ දිලිනි සමා.....!

      Delete
  43. අර හැලපෙගෙ වටේ යන පුරුද්ද කෙන්ජිටත් ඇවිල්ලා. ඒයි මේ සීයා එන්න කිව්වා නං ඉතිං ගිහිං බැලුවොත් තමයි හොඳ. ජපානෙ අයට එහෙ යන්න වීසා ඕනෙ නෑනෙ..

    ReplyDelete
    Replies
    1. සරා ඔබේ අලුත් පෝස්ට් එක දැක්ක ...මේකට අපේ උන් මහන්සියෙන් කොටලා තියෙන ඒවාට රිප්ලයි කරල එන්නම්...
      මට ගොඩක් ආස සරා මොන වෙඩිමකින් හරි අපේ පරණ අයගේ මතකයන් අවුස්සලා ගන්න..
      එහෙ යන්න කාටවත් විසා ඕනේ නැහැ..
      ඔන් ඇරයිවල් නේද..: :).

      Delete
  44. ɥʇɐɯǝɥǝɯ ɐuıɥ ɯɐuɐʍɐuǝd uıɥʇı දයි ජිෂින් uıʞɐʞǝ ǝqn ǝloɯ ɐlıllǝɥ

    ReplyDelete
    Replies
    1. ඇයි කොහෙද භූමිකම්පාව ... මචෝ ....

      Delete
  45. "දැන් මේ පැත්තෙ කවද දිහාද එන්න හිතන් ඉන්නේ" ඉක්මනට එන්නේ නැහැ කිව්වා නම් හරි. නැත්තම් සීයා බලන් ඉඳිවි නේ? ;)

    ReplyDelete
    Replies
    1. සියට පුතයි මුනුබුරයි දෙන්න මාරු වෙලා..
      දිවිය ලෝකේ ගියත් මැන්ටල්ල,මැන්ටල්ලම තමයි.

      Delete
  46. මේ ඉස්ටැයිල් එකත් නියමයි

    ReplyDelete
    Replies
    1. අන්න නියම කොල්ලෝ...
      හරි එහෙනම් කිව්වා..

      Delete
  47. කෙන්ජයියේ ඔපීසියේ වැඩකට පිට ආව නිසා කොමෙන්ට් කරන්න පරක්කු උණා..... මම නම් බලාගෙන ඉන්නේ කළු සල්ලි ඉතුරු ටික එනකම්..... එතන මට තාම තියෙනවා ගලපගන්න බැරිවෙච්ච චරිත ටිකක්

    ReplyDelete
    Replies
    1. හරි බං තනිකඩ අහිංසක,කසාද බදින්න ඉන්න ලස්සන කොල්ල සල්ලි මත්තෙම මැරෙන බව දන්නවා.
      ඒ කතාව උඹල ට තේරුම් යන විදියට ලියන්න කියල,අපේ මහාචාරි මං පහරන්නගෙන් විශේෂ නියෝගයක් ඇවිත් ඇත..
      මේ දෙසැම්බර් කසාද බදින්න මව් බිමට යනවයි.....
      අන්න ජයික එකේ සිංහල කතාකරන එල මේඩ් ඉන් ජැපනීස් කෑලි තුනක් ඉන්නවා ලංකාවෙ කුක්කෝ තුනක් බදින්න බලාගෙන...

      Delete
  48. පිලිවෙලට නොවුනත් අපි කාටත් යන්න වෙන එක සැබෑවය. යනඑක කෙසේවෙතත් යන තැන ගැන ස්තීරභාවයක් තිබිය යුතුමය. යන තැන හොද තැනක් වීම අපි කාගෙත් බලාපොරොත්තුව නිසා ඒ වෙනුවෙන් වැඩකිරීමට සිතට ගන්න. කෙන්ජි අයියගෙ පෝස්ට් එක එළ.. තවත් හොදට ලියන්න. අපි ඔයත් එක්ක

    ReplyDelete
  49. ඔබේ පණිවිඩයත් මසුරං ප්‍රසන්න.
    වර්ණනාවට සහ මාසමග සිටීමට තුති මල්ල....!

    ReplyDelete
  50. Muge thiyan kuppa gathiya mokakda bola oya mause ekata wela thiyenne

    ReplyDelete
  51. අවුල්ද මචං...
    ගෙම්බගේ පොඩි කාලේ ඉස්ගෙඩි ය .

    ReplyDelete
  52. ආපෝ මොකක්ද මේ මවුස් පොයින්ටර් එක , කට්ටිය වරදවා වටහාගනී කෙන්ජයියගේ..................එක්කෝ ඕන නෑ ලැජ්ජයි.

    ReplyDelete
  53. අඩෝ ඉවාන් මල්ලි තෝ කියනව මම කඩප්පුලි කටා කියල,
    මගෙන් දැන් ඒක බොට බෝ වෙලාද..
    හෙට අනිද්දා කසාද බදින්න ඉන්න අහිංසක මනුස්පය බොල මං :).

    ReplyDelete
  54. Moowa me hati pumbanna mokakda muge "Specialitiya"

    ReplyDelete
    Replies
    1. moo anith bogala ge galakda

      Delete
  55. වෙන මොකක්ද බං හැඩකාර/විසේකාර කම මිසක්ක..
    ඇයි අප්ෂට්ද .....????

    ReplyDelete
  56. නමෝ විත්තියෙං ලියාපු පලවෙනි පෝස්ට් එක මේ බ්ලොගේ..
    චියර්ස් කෙන්ජි බොස් .
    ඔහොම යං ..

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලියා tq ...මම අපේ සහන් මල්ලට හරි ගයිජින් මල්ලට කියල හරි උඹට ගේමක්....අම්මට උඩු....වැරදුනා..ලිපියක් ඉල්ලලා දෙනවා බයික් ගැන..

      Delete
  57. අර නිදා ඉන්න කෙනා අතේ තියෙන්නේ දෙව්ලොවට කතා කරන ෆෝන් එකක් වෙන්ට ඇති...:D

    ReplyDelete
    Replies
    1. පිෂ්ෂු ....දිව යට තියන පෙති පෙට්ටිය... :)

      Delete
  58. අලුත් බ්ලොගයට සුබ පැතුම්. මට නම් ඔහොම සරලව මරනය ගැන හිතන්න බෑ.

    ReplyDelete
    Replies
    1. අනේ නංග ඔබේ ලිපි දිගටම බැලුවේ නැහැ සමහරක් ඒවා බාගෙට බලනවා..
      ඔබ නයිනමඩම කියල දැනගත්තාම හරි සතුටුයි මම වෙන්න්නප්පුවේ හැදුනේ පොඩි කාලේ..
      ජෝශප් වාස් ටික කලක් ගියා.ඒ දවස්වල සබිතලා සහෝදරියෝ තුන් දෙනාගෙන් ලොකු දෙන්න ආවේ වෙන්/හෝලි ෆැමිලි .
      ඔබත් ඒ කාලේ කෙනෙක්ද...
      ස්තුතියි ගුරුතුමියට...

      Delete
  59. ඔය කාට කාටත් ඉද හිටල ඔය වගේ මිස් කෝල් වදිනව - දැන්නං අඩුයි යුද්දෙ නැති හින්ද බෝම්බ පිපිරෙන්නෙ නැති හින්ද. හැබැයි කෙන්ජියෝ අමතක කරන්න එපා පොල් ගස්වලත් වේලිච්චි පොල් තියෙද්දි පොඩි නාඹර වයසේ පොඩි ගෙඩි නරක් වෙල් බිමට වැටෙනව කියල.

    ReplyDelete
  60. හරිය උඹේ උප හැරණේ නියමයි..
    අඩෝ දැනුයි මීටර් උනේ..B & W /අපේ හසයගේ පුරුකක් කියල.
    උබ අර මාතලන් ලොක්කගෙ සින්ඩියේ එල්ලාපන් .
    ජයවේවා අපේ කොල්ලට...

    ReplyDelete
  61. අලුත්ම ආරක් ... ලස්සනයි කෙන්ජි... :)
    මේ cursor එක ඉස්ගෙඩියෙක්ද..?? මෙතන තියෙන කතාවල හැටියට මම හිතුවේ.. "ශුක්‍රානුවක්" කියලා... ;)
    දිගටම ලියන්න...
    මේ.. මොකද අනේ.. මෙච්චර මළ පනින්නේ...???
    ජය වේවා..!!!

    ReplyDelete
    Replies
    1. ඔබ හරි සදා..ශුක්‍ර තමා..
      මුලදීම දාල නොතිබුන නිසා කවුරුත් දැක්කේ නැහැ.
      එක එකාව ඔරොප්පු කරනවා මිසක් හිතේ නැහැ.
      පැතුමට තුති සදා...
      පරක්කු වෙලා හරි ගොඩ වැදුනටත් ස්තුතියි..!

      Delete
    2. අනේ.. නෑ කෙන්ජි.. මම කියවන බ්ලොග්ස් ගණන අතේ ඇඟිලි ගානටත් වඩා අඩුයි.. ඒ වෙන දෙයක් නිසා නෙවෙයි.. කියවන්න කාලය හොයාගන්න අමාරු නිසා...
      ඉතිං ඒ නිසා පරක්කුවෙලා හරි කියවන්න එනවා....
      දිගටම ලියන්න... :)

      Delete
  62. 良い
    දිව්‍යෙලාකේ තියෙන්නේ මේ පොළව මතම තමයි.

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්...
      ඒකනේ ජයශ්‍රී කැසිනෝ ගේන්න යන්නෙත්.
      ගොඩවැදුනට ස්තුතියි ජයශ්‍රී...!

      Delete
  63. uba blog ekak liyanna patan agaththay kiyala mathalange koment ekakin dekkee. e gaman me thakahaniye duwagena awe.aththama kiwoth machan mata post eka nam hariyata kiyawanna idak lebune ne.eth ayeth enawa,mage suba pethum .jayawewa digatama liyapan machn.

    ReplyDelete
    Replies
    1. හරි හරි රතුවා හෙමින් වරෙන්.
      ගොඩ වැදුනට තුති...!

      Delete
  64. පොස්ට් එකට හපන් කොමන්ට් ටික ෆට්ට කෙන්ජි මාමේ දිගටම ලියන්න..... තව තවත් ඇනෝ කොමන්ට් වැටෙවා

    ReplyDelete
    Replies
    1. බොරළු පැන්චා මොකෙයි ප්‍රමාද..
      ආවටයි,පතුමටයි ස්තුතියි ඔබට...!

      Delete
  65. ඔක්කොටෝමත් හපන් මවුස් පොයින්ටර් එක. ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. මේක පස්සෙ දැම්මේ බං..
      ඊලග එකේදී තමයි කුණු කතා අහන්න ලැබෙන්නේ...
      මම පොඩි දේනුත් කික් එකක් දෙන්න බලන්නේ...
      Thanks ....

      Delete
  66. මේ මොකද අප්පේ නයෙක්ව දාලා පොයින්ටරේට...kenji..මම අදයි ආවේ...නියමයි..මේ ඊළඟ දවසේ සීයා ආවොත් මාත් මතක් කොලා කියන්න හොඳේ...

    ReplyDelete
    Replies
    1. හරි හරි මම කියන්නම් B & W ....
      අනේ අනේ මේකව අදුන ගත්තෙ නැති ඔය ජොබ කුමටද සොයුරිය :)...

      Delete
    2. මේ නයා නෙමේ නංගි නයි පැටියා

      (සෙක්සි ඇනෝ)

      Delete
  67. අම්මට සිරි! කෙන්ජියටම හරියන මවුස් පොයින්ටරේ. පොඩි එවුන්ට කියන්න බැරිය නයෙක් කියල නේද? හහ් හහ් හා..... හූ........ දැක්කායින් දැක්කෙ නෑ මෙහෙව් වැඩක්!

    ReplyDelete
  68. wow... ur blog layout is very colourful Kenji... it's so nice.. :)

    ReplyDelete
  69. කෙන්ජියො කොකටත් පරෙස්සමෙන්.සිය කාරය මොනවහරි දැනගෙනද හ්ඩන්නෙ නැ නෙ එනවද ඇහුවෙ.විෂෙශයෙන් හදිසියට ෆ්‍රිජ් අස්සෙ එහෙම රින්ගන්න එපා

    ReplyDelete
  70. කෝ යකෝ මේ කාවෝ සහ පිලිලියෝ

    ReplyDelete
  71. This comment has been removed by the author.

    ReplyDelete
  72. අයියෝ හිනාවෙලා පන ගියා. "තාමත් හිතන්නේ අම්මයි තාත්තයි ඉද්දී මට කතා කරේ ඇයි කියලද?".. සියට හිතෙන්න ඇති කෙන්ජි අයියත් බ්ලොග් ලියන්න අරන් අර අහිංසක බ්ලොග් කාරයෝ ටික හිනස්සලා මරලා දායි කියලා. සි‍යටත් හොද බේගල් ටිකක් අතඇරියද?

    ReplyDelete