Wednesday 18 December 2013

කුණු මාළු 1.කොටස

                         
 ලංකාවේ පදිංචි මා මිත්‍රයකු සමග දුරකථන සංවාදයක යෙදී සිටි අවස්ථාවක ඔහු පැවසුවේ,ඔහු සමග "රජ බඩුවක්" සෙට් වී ඇති බවය.එහෙම කිව්වාම මම හිතුවේ අම්බ "කෑල්ලක්" සෙට් වෙලා කියලය.කතාව දුරදිග යන විට මා වැරදි බව වැටහින.රජ බඩුව කිවේ ලංකාවේ නායක කාරකාදීන් ට,ඒ කියන්නේ ජනතාව ගොනාට අන්දා රට කරවන නොව රට කන හැත්තට කියා ඕනෑම දෙයක් කරවා ගත ඇහැකි බුල්ටෙක් ගැනය.ජපන් ආයෝජකයන් සිටී නම් රටටත් වැඩක් කොට අපටත් ගොඩ යා හැකි බවය.එවිට මා ඔහුට පැවසුවේ......,
"මම නම් මචන් කොහොමත් ගොඩ ...හැක්...හැක්.... උඹට ඕනෙම නම් කියපන් මම ලබන මාසේ එද්දී කීප දෙනෙක් එක්කං එන්නම්,හැබැයි උන්ව නන්න කරලා මගේ කාඩ් කුඩු කරනව එහෙම නෙමෙයි.."
"පිස්සුද මචෝ,මම ඌ එක්ක මෙහෙ උන්ට රජයේ, මහවැලියේ,රක්ෂිත වල ඉඩම් එයාලගේ නමටම පිරිසිදු ඔප්පු පිටින් පැවරුවා.අපිත් ගොඩ ගත්ත උනුත් ගොඩ.දැන් එවුන් ඒවල හෝටල් හදල,සමහරු වගාවල් එල ගේම් කාරය"
"හරි මචන් මම සෙට් කරලා එන්න ඉස්සර උඹට කතා කරන්නම්.තිබ්බ කිව්වා එහෙනම්..."
"OK ....ජය වේවා මචෝ....."
රටට සුභ දායක දෙයක් වෙන එකට මම කවදත් සතුටු වුන කෙනෙක්මි.කලක පටන් මගේ සිත නිතරම කිව්වෙත්,උඹ මේ සුන්දර රටෙන් ඉගෙනගත් දෙයක් තෝ ඉපදුන රටටත් කරහන්කෝ යකෝ කියාය.
"මචන්,මම එන saturday එනවා ජප්පෝ තුන් දෙනෙක් එක්ක...
එකෙක් මෙහෙ tuna king කියන Kiyoshi Kimura ගෙ පුතා මගේ ගජය.
එයාලගේ ට්‍රෝලර් දාල නැගෙනහිර මුදේ Blue & Yellow ටුන අල්ලන්න  ඕනලු"
"අප්පට උඩු ඔය තියෙන්නේ බඩු..එල..එල..."
"තව එකෙක්,Health Product කරන එකෙක් ගෙ පුතෙක්,එයාලට කොතල 
 හිඹුටු වවන්න ඕනලු."
"ලෙසටම සුපිරි රජියා..."
"අනික සෝයා සෝස් හදන එකෙක්ගෙ පුතෙක්.ඔහේ වවල,ඔහෙදීම
හදන්න සුදානම.කොල්ලෝ/කෙල්ලෝ ටිකකට රස්සාවලුත් හම්බ වෙයි.."
"අඩෝ...උඹ මල් මසුරන් ගේමක් දෙන්න යන්නේ.මට මැවිලා පේනවා යකෝ අපේ මුණු TV පත්තර වල යන ඇටි ....කොහොමද මචන් අර FM වල සිංහල  මරණ පට්ට කෑලි අපෙන් වොයිස් කට් ගන්න එද්දී හැක් ...හැක්කක්..
උඹ ජපන් ඔලින්ම උත්තර දියං පට්ට @*#@#$ ඇඹරිලා යන්නම"
පළමුව මාතර බලා ගියේ ඒවන විටත් ට්‍රෝලර් කීපයක් යොදවා මුහුදේ මසුන් මරවන ඇමතිවරයකු මුණ ගැසීමටය.ජපන් අය සමග මා,මගේ මිතුරු එල්මෝ.රජ බඩුව වන සිරි මගේ කණ්ඩායමට අයිති විය.එල්මෝ විසින් කලින්ම එදින අප කණ්ඩායමේ නවාතැන  සහ ඇමතිවරයා මුණගැසීමට 
 Palace Hotel එක වෙන්කර තිබිණ පැය දෙකක් පමණ විවේක ගත් අප බිම් මහලේ meeting room වෙත පැමිණියේ ඇමති වරයා පැමිණ ඇති බව දැන්වූ විටය.සිරි විසින් ඇමති වරයාට අපව හදුන්වා දෙන ලදී.
    "සිරි,එල්මෝ කිව්වා මට රජීව් ගැන, රජීව් ගෙ තාත්ත නම් අපි ඒ පැත්තෙ හිටපු කාලේ නම් ගජය හෙක්... හෙක්. හේ... පැත්ත මාරු කල නිසා දැන්නම් දැක්කත් අහක බලන් යන්නෙ හෙහ්....හෙහ්... දැන් මගෙන් මොනවාද රජීව් වෙන්න ඕන.එල්මෝ නම් මට ටිකක් විස්තර කිව්වා.."
  "ඒ කිව්ව විදිය තමා ඇමති තුමා වෙන්න ඕන..."
"මෙහෙමයි රජීව්,මම දැනටත් ඔය වැඩේ ජයටම කරනවා.මූද මැදදීම අපේ
මාළු ටික ජප්පන්ගේ යාත්‍රා වලට දාල ඩිල් එක ඉවර කරමු.
මම පත්තර/TV කාරෝයොන්ට බොන්න්/කන්න ටිකක් දීල පෙන්නන්නම් මේක ජපන්/ශ්‍රී ලංකා මහා ව්‍යාපෘතියක් විදියට.උන්ට දවසක් කරටි කැඩෙන්න දුන්නොත්,එකම විස්තරේ පත්තර/TV වල යයි සති දෙකක් එල ටහික්...හික්..."



"ඔබ තුමාල කරන ක්‍රමය ජපන් අයට ගැලපෙන්නේ නැහැ."
"මොකක්ද එයාලගේ කර්මේ..?"
"මෙයාල බිලි බාපු ගමන් ටුනාවල කරමල්,බොකු බඩවැල් එවෙලේම ඇදල දාල ලුණු වතුරේ බස්වල පැය කීපයක් තද ශීතල වතුරේ තබල ෆ්රිසරේ ගබඩා කරනව ලේ වැඩිපුර අපතේ නොයවා.එහෙම කලාම කෑමට ගන්න පෙර අයිස් යවල ගත්තම එවෙල අල්ලපු මාළු වගේ.ලංකාවෙන් දැනට එහෙට යවන හුගක් ඒවා ප්‍රමිතියෙන් නැති නිසා zoo වලට යවනවා සත්ව කෑම විදියට."
"මේ වේස ජප්පෝ එච්චරට ප්‍රමිති රෙද්දවල් බලනවද?ඔය අපේ මාළු ලෑලි වල උදේ ඉදල රෑ වෙනකන් තියෙන්නේ අප්පා රස්නේ වැදි වැදි..."
"හික්...හික්...ඒක තමා මෙයාල ඒවා දැක්කම හිනා යයි.අපි කන්නෙ කුණු වෙච්ච මාළු කියල."
"Blue & Yellow ටුනා එහෙ මිල අධිකයි.අර ඔබතුමා කිව්ව වගේ ජපන්/ලංකා ව්‍යාපෘතියක් විදියට H E (Her / His Ecellency )එක්කත් සාකච්චා කරලා,රජයටත් ආදායමක් එන විදියට ගිවිසුමක් හදල ලංකා කොඩිය යටතේ ජපන් අයගෙ යාත්‍රා වලින් කාටත් විනිවිදව පේන්න කරමු.."
"හෙක්...හෙක්..හෙක්... රජීව් ගෙ කතා නිකං කිරි බොන ළමයි ගෙ කතා
වගේ..හික්...හික්... ඔය විනිවිද රෙද්ද පෙන්නලා අපිට වෙන වාසිය මොකක්ද අප්පා..."
"ඇයි ඇමති තුමා...රජයට ආදායමක් එනවා කියන්නේ මුළු රටටම වාසියක් නෙ.. අපි ගිවිසුම ගැන H E එක්ක කතා කරද්දී ජපන් අය කියනව එයාල අල්ලන මාළු කිලෝවකට ගෙවන මිල.අනිත් එක පැය 24 හතර පුරා ...පිළිගත් අධීක්ෂණ නිලධාරින් හැම ට්‍රෝලර් එහෙකටම යොදවන්න ඕන
රජයෙන්.. "
              "හ්හ්ක්..හෙක්ක්..එතකොට ඔය අම්මගෙ රෙද්දෙන් අපිට ගතම් එකක් එන විදියක් ඇත්තෙම නැද්ද..?


                 
 මෙලෙස උස්‌ හිනා සහ ශබ්ද නගා කතා කිරීම මහත් අපුලක් බැවින්දෝ ජපනුන් තිදෙනා මුමුණ ගන්නා ආකාරය මම දුටිමි.මටද යම් අපහසුවක් නොදැනුනා නොවේ මෙතුමාගේ කතා විලාශය ගැන.
"රාජීව්;මෙහෙම කරන්න බැරිද..?...මගේ ට්‍රෝලර් වල අල්ලන මාළු එයාලගේ ප්‍රමිතියට ජප්පෝ දම්මගෙන කරගන්න කියන්න."
"ඒකට ජපනුන් කැමති නැහැ.එයාලගේ යාත්‍රා වල තිබෙන නවීන පහසුකම්,විශේෂයෙන් ෆ්රිසර් පහසුකම් ඔබතුමාලගේ ඒවල නැහැ.කොහොමත් මෙයාල කැමති රජය මැදිහත් වීමකින් කරන්න.රජය මැදිහත් වීමකින් එයාලට ලොකු ආරක්ෂාවක් ලැබෙයි කියල හිතනවා හැම දෙයකටම."
"අරි...අරි...මම පුද්ගලිකව මැදිහත් වුනත් වැඩ යන්නේ මගේ අමාත්‍යංශයේ ආරක්ෂාව යටතෙ නේ රාජීව්.."
"එතකොට මෙයාල ටුනාවලට ගෙවීම් කරන්නෙ ඔබ තුමාගේ අමාත්‍යාංශයටද ..."
"පිශ්ශුද රාජ්ව්ව්ව්ව්.....ලිය කියවිලි ගිවිසුම් අමාත්‍යංශයේ වුනාට ගනු දෙනු සිද්ද වෙන්නේ,මගේ නෝනගේ නමින් තියෙන BOI රෙජිස්ටර් කොම්පැනි එකවුන්ට් එකටනේ."
"එතන ලොකු ගැටලුවක් වෙනවා නේද...ඇමති තුමා...?"
"මොන ගැටළුද..?"
"ජපන් අය ටැක්ස් ගෙවද්දී ලංකා රජයට නොගෙවා පුද්ගලික ආයතනයකට මුදල් ගෙවල තිබුනම එයාලට ගැටළු මතු වෙනව ඇමති තුමා."
"අරි..අරී...එහෙම ඕනෙම නම් මගේ අමාත්‍යංශයේ කොළ කෑලි ටිකකක් අරි ගස්සල දෙන්නම්කො එල කිරි ටිකට.අපි කරන වැඩවල හැටියට ඕවත් වැඩද අප්පා."
පාර්ලිමේන්තුවට යාමට ඇති බව පවසමින් ඇමති වරයා ,
"ලේකම් තුමා,රිවරාරාමේ ලොකු සාදුට කෝල් කරලා හෙට උදේ වෙලාවක් දාගෙන මේ කට්ටිය එක්කන් යන්න,දත් කරඩු ව ඔලු උඩ තියල පිරිත් ලනු අතේ බන්දල මිඩියා වලට විස්තරේ දෙන්න.මමත් වෙලාවට එන්නම් මුණ පොඩ්ඩක් දාන්න පිතුර වලට.
මතක ඇතුව ලියන්න මගේ ආරාධනාව ට ආපු ජපන් ආයෝජකයෝ කියල.එහෙම උනාම තමයි ලොක්කාගෙන් ලකුණු දාගන්න පුළුවන්"
"හොදමයි ඇමති තුමා.."
"රජීව් මම අට වෙද්දී මෙතන.අර ඉඩම් ගැන කතා කරමු රෑට සෙට් වෙලාම.සකේ එහෙම ගෙනල්ල ඇති නේ...හික්...හික්....හික්...."
"ස්පෙෂල් සකේ වගයක් ගෙනත් තියෙනවා ජපන් අය හෙහ්..හෙහ්..."
"රෑට හතර දෙනාට වලදන්න නිලි කෑලි ටිහිකුත් එවන්නම්කො ....හෙක් ...හෙක්....සිරි ....අර සහනයට කෝල් කරලා කියපන් අලුත බැස්ස කෑලි 4 ක් මෙහාට 9 වෙද්දී බස්සන්න කියල.ඌ ලග ඉන්නෙම ඩ්‍රාමා කෑලි.....හැක....හැක"




# තවත් කොටසක් මතුවට..කුණු රසය පසෙකලා සිතන්න යමක් kenji ගෙන් ....දිගටම රැදී සිටින්න 

127 comments:

  1. ,, ඔබේ ලියවිල්ල සුදුසු මේ වර්ගයේ ලිපි වලටයි ,,

    ReplyDelete
    Replies
    1. එහෙමද පැටියෝ..... :) ?

      Delete
    2. මොකෝ අපූර්වී අද අළුත් විදිහකට. අංකල් කෙන්ජිත් දැන් පැටියෝ කියනවා නේද............ හික් හික්.

      Delete
    3. මම එදා ඉදලම දගකාර/හැඩකාර විසේ නැති කෙල්ලන්ට කියන්නේ පැටිය කියල බං.

      Delete
    4. ඈ කාවා මුන්නෝ ඒක තමයි ,, මං පැටියෙක් නෙමේ හොදේ

      Delete
  2. මොකක්ද බං මේ . අරව නැතෙයි

    ReplyDelete
    Replies
    1. ඇයි ඔය මාතෘකාවෙම දාලා තියෙන්නෙ බන්.. ඒ මදිද බොලාට... ?

      Delete
    2. පේනවද සෙන්න මුගේ වල් සිත.
      හැදෙන්න දෙන්නෙම නැහැ.

      Delete
  3. අඩේ අෆ්ෆා මේ කෙන්ජි අයියමද? එළ එළ කෙන්ජි අයියා.

    කොහොමත් පවු දෙයියනේ අපි කන මාළු මුහුදෙ ජීවත් වෙනවට වඩා කාලයක් තට්ටු වල වේලි වේලි ඉන්නවා. ඒවා දැක්කොත් ජපන්නු කන්නෙ මාළු නෙමේ වහා.

    අර සල්ලි ගනින ෆොටෝ කෑල්ලට අපෙ මහරජතුමාගෙ ශ්‍රි මුහුණ සහිත් 1000 කොල ටිකක් දාන්නකො. එතුමන්ගෙ මුහුණත් තහඩුව දකින්නත් ආසයි.

    ReplyDelete
    Replies
    1. හෝව් හෝව්…… එතකොට දැන් අර බෝපත් ඇල්ලට 'ඇන්ටි'ක් වාහනේ පැදපු කතාව දාන්නැතයි??

      ඒවා ඔට්ටු නෑ කෙන්ජි අයියා. ඒකත් දාමු මේකත් දාමු.

      Delete
    2. ඇත්තටම ජප්පෝ හිනාවෙනවා එළියේ රස්නේ මාළු විකුනනවා දැකල.
      තව මොනවාද පෝමලින්ද මොනවාද මගුලක් දාල එම්බාම් කරලනේ විකුනන්නේ.
      පිශ්ශුද ඇන්ටිව අමතක කරලා කොහොමෙයි.

      Delete
  4. මට ගාමිණි දිසානායකව මතක් උනා මේක බලද්දී .....

    ReplyDelete
    Replies
    1. ගාමිණි දිසානායකව මතක් උනා කිව්වේ කඩිනම් වංචාව හඳුන්වා දුන්නේ ඔහු නිසා මහවැලි ව්‍යාපාරය මගින්.....එහෙම නැතුව වෙන දෙයක් නිසා නෙවේ... ( ඔහුට අපහාස කරා නෙවේ )

      Delete
    2. හැමෝම ඔහොම තමා දැන් එතුමා පුරුදු කරපු ලෙසටම කරගෙන යනවා වඩාත් හොදට සහන් මල්ලි.
      මෙයා මහවැලිය පටන් ගත්තම කොන්ත්‍රාත් කාරයන්ට වැඩ පැවරුවේ ජර්මනිය,ජපානය වගේ රටවලදී.
      වැඩ බාරගත්ත අය ඒ රටවලින්ම යන්ත්‍රෝපකරණ මිලට අරන් ඇමතිගේ ඩිල් ක්ලෝස් කරලා කෙලින්ම ගියේ සයිට් වලට.

      Delete
  5. ඔය අර වචන දහයක් කියනකොට ඇස් දෙක විසි පාරක් ගහන බූරු පුතාද ? අපේ මාලු නටනවා බන් මේවා දකිනකොට.. ශික්.. අවලම් හැත්ත... රටවල් දියුණු වෙයිද බන් මේ වගේ එවුන් ඉන්නකම්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...හ්ම්ම්... ඔහොම එතුමලට නින්දා සහගත ලෙසට ආමන්ත්‍රණය කරන්න එපා අප්පා,ඇගේ මාළු වෙලේ නැටුවට සෙන්නෝ .

      Delete
  6. onna nyama kathawa charitha thawa tikak pahadili wenna podi igiyak dekak thawa dunnanam elama ela

    ReplyDelete
    Replies
    1. මොකෝ බං තොගේ හිංගල වලට මක්කෙයි වුනේ?
      ෆෝන් එකෙන්ද කෙටුවේ?
      මම නම් නොකිව්වට ඔය අපේ අයියල වාසගම් එක්කම කියන්නේ මල්ලෝ.

      Delete
    2. ඔව්නේ අප්පා හැමදාම පරක්කු වෙලා කොමෙන්ට් කරන නිසා ඊයේ රෑ දැක්ක ගමන් පොන් එකෙන් කෙටුවේ අද කොමෙන්ට් ටික කියවන කොට චරිත ගැන අවා අයිඩියා එකක් ...........

      Delete
    3. මම හිතුව හරිනේ හෙක්..හෙක්..
      දැන් අදහසත් හරිනේ.
      මොකෝ බං ... කෝ උඹේ ලියවිල්ල ?

      Delete
  7. මේක බොරු කතාවක් වෙන්න බැහැ. අර 'දතා' උගේ දත් විලිස්ස්ගෙන ඉන්නේ කාගේහරි ජරාව කන්නමයි. තව තොරතුරු තියෙයි නේද ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. ඔන්න..ඔන්න... විචාරක තුමා උදේ පාන්දර මගේ පුෂ්පය විකසිත කරවන්න හදනවා :) .
      මම කවදද බොරු කියල තියෙන්නේ?
      එවුන් මගේ මුණ පනා පිට කතා කරපුව.
      දෙන්නම්කො අම්බන්තොට වරායේ නැවක් පිරෙන්න.

      Delete
  8. සැබෑ වෙනසක් ඉතිරියත් ඉක්මනින් ලියන්න ...

    ReplyDelete
    Replies
    1. අප්පට සිලි,අපේ තුෂිට සැබෑ වෙනසක් දැනිල නොවැ.
      එහෙම බැහැ... ඉක්මන් කොටයි කියනවනේ :)
      මගේ අනිත් කතා කියවන රසිකයන් ගැනත් බලන්න එපෑය.

      Delete
  9. උණුසුම් පුවතක් නේ. යකඩෝ මේක හැබෑ එකක් නම් කෙන්ජි බායිව උස්සාගෙන යයිද එකෙක් හෙට අනිද්දා වෙද්දී?

    ReplyDelete
    Replies
    1. උණුසුම්ද යකෝ බොට?
      උස්සන්න එන්නෙත් මම දන්නා ඩයල් තමා.

      Delete
  10. පටන් ගත්ත දා ඉදන් කියෙව්වට අද තමා කමෙන්ට් කරන්නේ,,,මේ වගේ කතා එලියට දාන එක ලොකු දෙයක් බොස්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩිලා ......
      ඔව් ඩිල්,අපේ සහන් මල්ලි,දයාල් ඇතුළු කට්ටියගේ පොරේ මේවා ලියන්න කියල.
      ඉඩක් ලැබෙන විදියට ලියමු.
      උඹ ජෝශප් වාස්ද ගියේ?

      Delete
    2. ඉතිරි ටිකත් ඉක්මනට දාන්න.

      ඇයි ඉතාලි යන ඔක්කොම වෙන්නප්පුවෙද?

      Delete
    3. @ nemesis ;
      නැහැ බං ඩිලාගේ කොමන්ට් එහෙක දැක්ක වගේ මතකයි දන්කොටුව ගම ගැන කියල තිබුන.ඒකයි ඇහැව්වේ.
      උඹට අවුල්ද මචං..?

      Delete
    4. මොන අවුලක්ද, කොහෙන් ගියත් අපේ එකෙක් නෙ !!!

      ගොඩක් යන්නෙ වෙන්නපුවෙන් තමයි, හැබැයි මගෙ පැත්තෙත් ඉන්නවා.

      Delete
    5. දාපන් පහක් මචන් මම හිතන විදියෙම වචන සැට් එක.
      දැන් නම් ලංකාවේ වටේම ඉන්නවා.
      මම ලගදි පත්තරේක හරි FM එහෙක හරි ලංකාවේ පොරක් තමන්ගේ 117ක් ද කොහෙද නිත්‍යානුකුලව ඉතාලියට ගෙන්වාගෙන කියල.
      උඹ දකුණේද මචන්?

      Delete
    6. මම දකුණෙ නෙමේ, මම මීගමුවෙ.

      මමත් දැක්කා ඒ නිවුස් එක, නියම මනුස්සයෙක්.

      Delete
    7. ඔව් කෙන්ජි අයියේ උඩ කියලා තියන ඒවා හරි,,මීගමුව මොකද්ද බන් දංකොටුවේ ඉදන් හූවක දුර නේ

      Delete
    8. මහ ගෙවල් දුම්මලදෙනිය.
      තාත්තගේ අම්ම බන්ඩිරිප්පුවේ.

      Delete
  11. මේ මචං සමාජවාදය කරේ තියන් ඇවිත්, පස්සේ එහාටයි මෙහටයි වෙවී ඉඳලා දැන් සදාසොත්ති මිහිඳු නේද? වයිෆරේ බිතු සිතුවමක් නේ..උන් නම් ඇති කියලා හම්බකරා මචං. දෙවුන්දර කාපු එවුන් තමයි. පැට්‍රොල් ශෙඩුත් තිබුනා මගේ හිතේ.

    ReplyDelete
    Replies
    1. තාම උපාධිය සම්පූර්ණ කරෙත් නැහැයි කියන්නේ ...

      Delete
    2. ඔව් නේ දැන් කාපුව වමාරනවා නේද?
      බිතු සිතුවමක්ද නෙරංජ?උඹ දන්නවනේ මචන් මම ඔය සිතුවම් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ කියල.
      ඔය ඇගටම හේත්තු වුනොත් ලාවට තල්ලුවක් දැම්මොත් මිසක්ක.
      හම්බ කරපුව තමා දැන් වියදම් කරන්නේ.


      එකත් එහෙමද සහන් මල්ලි?

      Delete
    3. තෙල් නිධියකුත් තමන්ටම කියලා ගොඩ දැගන්නත් කප්පනාව ඇති.

      Delete
    4. කම්පනා නොවෙයි දාගනියි.

      Delete
  12. කෙන්ජි මාමෙ අපි ආවා !!

    ඔය තියෙන්නෙ ඉෂ්ම යන්ඩ් දීල !!!

    ඒකත් රහයි ඈ !! අපි මනාපයි !!

    ජයවේවා අපේ කෙන්ජි මාම්ට !!

    ReplyDelete
    Replies
    1. සතුටුයි පත්තර බොක්ක ....සතුටුයි ...දෙයියෝ...
      කෝ අර කාවයියයි,හින්දි වමනේ කරන එකයි?

      Delete
    2. ඇයි යකෝ මේ ඉන්නේ.

      Delete
    3. ඉන්නවා නේන්නම් සතුටුයි.

      Delete
    4. හුරේ

      ඔය ඉන්නේ පෝලිමට !!

      අපි නැති පෝස්ට් කොහෙද මේකේ !!

      අපි මේකෙමයි. එලෙව්වත් යන්නෙ නං නෑ !!

      Delete
    5. පිල්ලිය දැන් මගේ ඒවා වර්ජනය කරලා.
      කෙල්ලන්ගේ ඒවාට විතරයි යන්නේ,

      Delete
    6. කෙන්ජි මාමේ

      නරක වයස නොවැ . ඔහෙ ගියාදෙං !!

      Delete
    7. ප්‍රොෆයිල් පින්තුරේ ලස්සනයි.
      උඹලගේ සෙට් එකේ එකෙක් නිසයි මම කිව්වෙ.
      උගේ යටි සිත මම දන්නවා.

      Delete
  13. නිළියෝ හතර දෙනා ආවට පස්සේ මේක වෙන ට්‍රැක් එකක යන එකක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. අනේ...අනේ...තිසර.....
      මේක කියවල හිනා ගියා අප්පා.
      මේ වගේ කතා වලදී එහෙම වෙන එකක් නැහැ මයේ හිතේ...

      Delete
  14. මේ අර සමකය වටේ දාපු කතාවේ "නව රිද්ම" රෙකෝඩින් එකක් නේද?

    හොඳම කෑල්ල තමයි අර HE කියන එක විස්තර කරලා තියෙන වදිය. එතනින් තේරෙනවා මොකා ආවත් වැඩේ යන්නේ එක විදියටය කියලා.

    අරුන් රට කාගෙන කාගෙන ගිහිල්ලා නතර කරපු තැනින් පටන් අරගෙන මුං කාගෙන කාගෙන යනවා.
    http://kathandara.blogspot.com/2010/11/blog-post_04.html

    .

    ReplyDelete
    Replies
    1. කකාට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නෙ හ්ම්ම්ම්.
      මම ඒක පැහැදිලි කලේ නොදන්නා අය‍ට.
      දියවන්නාවේ හැම ගොබ්බයාම ලොක්ක/ලොක්කි ඇමතුවේ,අමතන්නෙ ඔය අකුරු දෙක කියල නැති තැන.
      ඉස්සරහ පිටදී නම් නැමෙන අංශක ගානට නෙ සැලකිලි.
      එහෙම තමා කාගෙන යන්නේ.

      Delete
  15. කෙන්ජා.. බීඕඅයි කම්පැනි වැඩි විස්තර කිව්වනං රෙදි ගලවන්න තිබ්බා.. ජපන් ක්‍රමයට මාළු අල්ලන විදිය පොඩ්ඩක් විස්තර කරහං තව පින්තූර එහෙම දාලා පස්සේ... ජනතාව ඡන්දේ දෙන එක සාදාරණයි මේ වගේ අයට. හරිම සාදාරණයි.. අනිවා රැදී සිටිමි.. වලි දැම්මත්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...හිතාගන්න පුළුවන් දැන්.එදා bank කතාව අහව්වේ වැරදිලා එහෙනම්. ඉස්සර මට මතක විදියට ඔය සෙද්ද තිබුනේ පිට්ටු බම්බුවේද කොහෙද.විජේසිංහ කාරය පුටු මෑන්.
      පින්තුර දැම්මොත් බන් කතාව ලියන්න ඉඩක් කෝ?
      මුහුද මැද බිලි බබා,බිබී මාළු පුච්චන්/අමුවෙන් කන එක නියම අතල් බං.
      මොන වලිද බං මම උඹේ පෝස්ට් එකේ ඉවානව මෝල් කරන්න කිව්වෙ.
      මම බොට msg එකක් දැම්ම ඒක බල :).

      Delete
    2. කෝ බං බොලාගේ ඇඩ් එකක්.

      Delete
    3. නෑ බං. දේශකයා යන යන තැන ඇඩ් දානවනේ. පෝස්ටුවක් කලාතුරකින් කියවනවා.

      Delete
  16. ඔය විහින්ද මජෙසේකර නේද? ඇර ප්‍රභාකරන් මැතිතුමාගේ අවසන් වී අයි පි පින්කමට ගිය.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.....
      දැන් ඉන්න හැම හැත්තම එකයි මචං.

      Delete
  17. පුදුම මොළයක්නෙ තියෙන්නෙ අපේ කට්ටියට. කොහෙමහරි ඉතිං අපිටත් ජපානෙං ඉම්පෝට් කරපු අපේම රටේ මාළු කන්න පුලුවං වෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. මොලේ කිව්වේ ප්‍රසා ඇමතිලගේද?
      ඒ ටුනා ශශිමි,ශුෂි විදියට අමුවෙන් කනව හැර ටින් කරන්නෙ නැහැ.
      හරි රසයි.

      Delete
  18. එල එල අනිත් කොටසත් ඉක්මනට දාන්න...

    ReplyDelete
    Replies
    1. උඹටත් අර උඩ තුෂි දරුවට කියපු එක තමයි කියන්න තියෙන්නෙ.
      fb එකේ දැක්ක තොගේ පංචස් කන්ද.
      දවල්ට රෑට බත් එක්ක පාන් භාගය ක් කාපන් පුතෝ මාස 3 න් අග දාල එයි.

      Delete
    2. ඒනම් ඒකත් කරල බලමු කෙන්ජි මාමේ :)

      Delete
  19. ඔය විජෙසේකරද?
    "දත් රාජී" වෙනස්ද?
    @දේශකයා, දැන් ජනතාව ඡන්දේ දෙන්නේ considering electric chairs නේ.
    @kenji, "දියවන්නාවේ හැම ගොබ්බයාම" ඇයි එවුන්ට ඡන්දේ දෙන ගොබ්බ patriots?

    ReplyDelete
    Replies
    1. ඔය හැම එකාම එක වගේ මචං.
      දතාවත් එක සැරයක් මුණ ගැහුනා.
      කතාවෙන්ම එපා උනා ඔලුව උදුම්මාගෙන ඉන්න විදිය දැකල.
      ඔබ කිව්වා හරි චන්දෙ දෙන එවුන් තමා ලොකුම ගොබ්බයො .

      Delete
  20. ඇමැත්තා නම් ඔය ඉන්නෙ ලෙසටම කරුමේ ගෙව ගෙවා, අසූචි වලින් සෙල්ලම් කිරීමත් එතුමාගේ විනෝදාංශයක් දැන්. මිනිස්සුන්ට විඳවන්න වෙනව කියන්නේ මේවට තමා. මම ඒ ඉස්සරහම තියන පංසලට යනවා නිතර එතනට ගියාම සෙල්ලම් බලන්න පිළිවන්. කොළඹ ගෙදර හොද ඇඳක් හදලා තියනවා. රජෙක්ට වගේ සුදුසු ඇඳක් හැබැයි ඕනෙ වෙලාවට විලංගු ලෑ හැකි.......බල මාලු කෑවනම් විඳෝපන් බලලෝ කිව්වලු.

    ReplyDelete
    Replies
    1. His suffering doesn't return the money he robbed from the country. These are crimes against the economy. Only confiscation of property can atone for those. (sorry, about the language Kenji)

      Delete
    2. ඔහුට යම් හෝ දැන් ගෙවන ජීවිතය පිළිබඳ මගේ හිතේ සතුටක් ඇතිවන්නේ නැහැ. ප්‍රා නමුත් ඔහුගේ විඳවීම් කිසිදා සිදු නොවෙතියි සිතා තමයි ඔහු ජීවත් වූයේ. මගේ අසල්වැසියා නිසා මම එසේ කියන්නේ අත්දැකීමෙන්. කළදේ බොහෝමයි. ඒවාට ගෙවන්න වුනා නම්: මේ මදි. ඔහු කල දේ ඔහු ගෙනියයි. අපිට මේ ජීවිත හොද පාඩම් කියන එක තමයි මගේ මතය. ඔබත් සමග එකගයි. ඒත් මෙවැනි තවත් අය සිටිනවා. ඔවුන්ටවත් මේවයින් පාඩම් ඉගෙන ගන්න හිතෙන්නෙ නැද්ද දන්නේ නැහැ. ඔවුන් කළ පාඩුව රටට පියවගන්න හැකියි. නමුත් මේ හොර නඩය කවදාවත් ඒ වැනි දේවලට පෙළඹෙන්නේ නැහැ. මොකද තම මිනීවල තමන්ම කපා ගන්න ඔවුන්ට ඕනෙ නැති නිසා.

      Delete
    3. ආ.... මේ එන්නේ අපේ වෙද මහත්තය ඇසින් දුටු සාක්ෂිත් රැගෙන.
      තව විදවන්න කස්ටිය පෝලිමේ ඉන්නවා.


      @ Pra Jay ;
      එකගයි ඔබ සමග.
      මොන සෙද්දකට සොලී බොලි ගානවද මචං.
      දැන් අපි තේරුම් අරන් ඉන්න හොද මිතුරෝ වෙමු.
      එයට කකාට ප්‍රණාමය.

      Delete
    4. අනේ ප්‍රාජා පුතේ, මට හැමදාමත් උබේ කොමන්ට් කාටවත් කියලා ට්‍රාන්ස්ලේට් කර ගන්න බෑ.
      Kenji @ Japan

      Delete
  21. ආයෝජකයන් ගැන හිතේ තිබුන අදහස් උඹේ පෝස්ට් නිසා එන්න එන්නම වෙනස් වෙනව. ජපන් ආයෝජනත් එහෙම නං අනෙක්වා ගැන කවර කතාද!

    ReplyDelete
    Replies
    1. එහෙමද මචං ...?
      ජපන්නුන්ට එහෙම උනාට,චීනුන්ට එහෙම වෙන්නේ නැහැ අපේ සී ලංකාවේ.......
      රාජෝ ...අපේ....සී.....ලංකාවේ,,,,,

      Delete
  22. කළු සල්ලි නව රිද්මයකින් කිසිදු සංස්කරණයකින් තොරව දැන් පෙන්නනවා වෙරලු මල් ආරාමයෙන්....
    ජයවේවා කෙන්ජි සාං.....

    ReplyDelete
    Replies
    1. අරිගතෝ නලින් සමා ......
      දැන් තට්ටෙ ගාල...කොල්ල වෙලා.....කෙල්ලෝ නත්තල් තොප්පි දාල........
      පෙනුමත් විසේකාර කරගෙන.......ඉරිසියාවේ බැහැ මට.....උඹ ගැන.........

      Delete
    2. කෙන්ජිගේ ඊෂ්‍යාවට හසුවුණ කෙනෙක් වැඩි කල් සතුටින් ඉන්නේ නැහැ.

      Delete
    3. මම ආදරේට ඉරිසියාවෙ බහ කිව්වෙ බං.

      Delete
  23. උඹට මේ වගේ කතා නං එල ටිකට ලියන්න පුළුවන් බං,තව කෑල්ලක් තියෙනව නේද

    ReplyDelete
    Replies
    1. මගේ ලියවිල්ලේ එලක් නෙමේ මචං එවුන් කියන කරන දේ එල.
      අපේ සහනට ඕන මේ කතාලුනේ.
      ඒක නිසා ඉඩ ලැබෙන විදියට ලියන්න බලනවා .

      Delete
  24. නලියගෙ එකෙ ලියන ජාතියෙම තවත් එකක් නෙද.

    ReplyDelete
    Replies
    1. ඔව් දමිය නලියට ලියල යැව්වත් එයාගේ තනතුර උසස් වීමත් සමග පට්ට බිසි වෙලා නිසා පබ්ලිෂ් කරන්න වත් වෙලාවක් නැහැ.

      Delete
  25. කෙන්ජි,මම තමයි උඹේ අර කුණු පෝස්ට් එකේ උඹට බැන්නෙ. කොහොමත් උඹ එතනඇනෝ කමෙන්ට් හොඳට හැන්ඩ්ල් කලා වගේම දෙවෙනි එකේදි වැරදි හදාගත්තා සෑහෙන්න. එදා බැන්නා වගේම අද කියන්නෙ අද උඹ සුපිරි! උඹගෙ අත්දැකීම් මෙන්න මේ විදියට සමාජයට වැඩක් වෙන හැටියට පාවිච්චි කරපන්. උඹට මතක ඇති මම එදා ජපානෙ වාහන බිස්නස් කරන ලංකාවෙ උන්ට බැණලා තිබ්බා. මට ඇත්තටම උන් බහුතරයක් ගැන අප්‍රසාදයක් තියෙන්නෙ උන් යන්නෙම ඔය උඹ නොගිය පාරෙ නිසා. සමහර විට උඹ කියන හැටියට උඹට උපතින්ම සල්ලි තිබ්බ නිසා උඹට ආණ්ඩුවෙන් ගහන්න ඕනෙ නැතුවඇති. නමුත් මම දන්න උන් නම් මොකෙකුට හරි හේත්තු වෙලා කරන්නෙම ඕක. අලුතෙන් තානාපති කෙනෙක් ආවම දැකලා ඇතිනෙ දඟලන හැටි. ලෙමන්පෆ් සෙට් එකකුත් ඉන්නෙ තව. උන් ඔක්කොම මෙහෙ ඉඳන් ඒ දුප්පත් රටේ මොකක් හරි කෑල්ලකට නූලක් දාගෙන ඉන්නෙ. උන්ගෙ සල්ලි වලින් ලංකාවෙ ඉන්න මෝඩ මිනිස්සු කොටසක් බොහෝ වෙලාවට නැටවෙනවා. ඔන්න ඔය හේතුව හින්දා මට උන් පෙන්නන්න බෑ. මේ අතරෙ හොඳ මිනිස්සුත් ඉන්නවා. උඹත් ඒ පාරෙ නොගිය එක ගැන සතුටුයි.

    මේ දේවල් තව ලියපන් මචන්. මේවා තමයි උඹලගෙන් වෙන්න ඕනෙ. කුණුරසයට කැමති කොටසක් ඇති. උඹත් කරපු ඒවා කියන්න මනාප ඇති. ඒත් මචන් කොච්චර කිව්වත් කියන්න තියෙන්නෙ වෙනස් වෙනස් අවස්ථාවල වෙනස් භාණ්ඩ වලට කරපු එකම දෙයක්නෙ. ඕක කියවන්න තැන් මේ ජංජාලෙ ඕනෙ තරම් තියෙනවා. ඒත් මේ අද ලියලා තියෙන වගේ අත්දැකීම් හැමෝටම නෑ. උඹ උඹේ නියම පාර අඳුනා ගනී කියලා හිතනවා. උඹට ජය!

    ප.ලි. තව අර පරන බයස්කෝප් කතා වලටත් මම නම් කැමති. :D

    ReplyDelete
    Replies
    1. පළමුව ඔබට ස්තුතියි....!දිගු කමෙන්ටුවකින් මා ඇමතීම.
      ඔසාකා සිට ඉබරකි දක්වා ලොකු පොඩි වාහන සබ්ජෙක්ට් එක කරන අයියලා/අක්කලා/මල්ලිලා ගැන දනිමි.ඒ වැඩ කරන නංගිලා මුණගැසී නැත.වෙන වැඩ කරන අක්කලයි/නගාලයි දෙකොටසම මුණ ගැසී ඇත.
      වාහන වැඩ කරන සම හරක් පොඩි දේ වලට මිනි මරාගන්න හැටිත් දනිමි.
      එයාලයි,හාන්දුරු ගොල්ලයි,එම්බසි හොර දෙටුවොයි,පර දෙස්පාලුවොයි කරන මගඩි හොද හැටි දන්නේය.
      ගිලන් රථයක්,ගිනි නිවන රථයක් ,කසල අදින රථයක් දේසපාලුවන්ට පුජා කොට,මිඩියා හරහා පොටෝ දාගමින්,තවත් ඕන්නම් සංවේදී තාත්ත එක්ක හේත්තු වී පින්තුර ගනිමින් අපේ එදා වේල හොයාගෙන කන අසරණ ජනතාවට කරන මගඩි වැඩත් දනිමි සොයුර.
      ජංජාලේ කැත කතා තිබුනත් පෝස්ට් එකක් විදියට පල වුනාම කියවල සංවාදයක් මෙතැනදී කල හැකි නිසා සමහරු කැමති බව මගේ හැගීමයි මචන්.
      ඒවා ඕන එකා කියවයි.කොමන්ට් කරයි.තවත් සමහරු කියවයි කොමන්ට් නොකරයි.
      කොහොම උනත් මම කලවමේ ලියන්න උත්සහ ගන්නවා .හැම දෙයක්ම පුළුවන් විදිය ට ඔබසැම සමග රස විදිය හැකි ලෙසට.
      නැවතත් ඔබට ජය සමග ස්තුතිය...

      Delete
    2. උබ හරි ඇනෝ. මම තමයි දවසක් කෙනජිගේ බොග ලැට් එකක් කියලා මෙහෙම කොමන්ට් එකක් දැම්මේ.

      අපිට අවශ්‍ය ලැට් එකක් නෙමේ. රෙන එකා ගෙදර ලැට් එකේ රෙයි. එතන මට පොර ටෝක් එකක් දුන්න මාතලනුත් මේ ටික කියවනවානම් හුඟාක් හොඳයි.

      මෙතනදී කකා ගැන කීවත් කකා නිවැරැදිය. කලාතුරකින් පමණයි ඔහු චූ කතාවක් දාන්නේ.

      Delete
    3. ඒ කොමන්ටුවට ප්‍රතිචාර දුන්න අනිත් අයටත්, මේ කොමන්ටුවට ප්‍රතිචාර දක්වන අයටත් කියන්න තියෙන්නේ එපමණයි.

      Delete
    4. එහෙමද මචං ..... හා......

      Delete
    5. @ කෙනජි
      ඔබ කොමන්ටුවෙන් අදහස් කළ දේ උපහාසයකට ගත් බවයි මට හැඟී යනුයේ. ඔබගේ මුල් ලිපි මෙම අදහස හොදින් ගම්‍ය කරනු ලැබුවා.

      Delete
  26. මම නම් මේ දේවල් සහ පරන බයස්කෝප් කතා වගේම Auntie Imelda කතා වලටත් කැමතියි.
    Variety makes reading fun !

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නේ මචන් කට්ටියට සංවාද කළහැකි තැනක් නිසා කලවමේ ලියන්න.

      Delete
  27. ඔය ඇමති තුමාට දිට්ටධම්ම වේදනීය කරුමේ වුණා නේ. ඒ කාලේ කීයටවත් හිතෙන්න නැතිව ඇති මෙහෙම වෙයි කියලා. මේවා හැමෝටම ආදර්ශ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...හ්ම්ම්....
      කට්ටිය නම් පෝලිමේ නහුතෙට ඉන්නවා සුදික මල්ලි.
      කාලයේ ප්‍රශ්නය තමයි තිබෙන්නෙ.

      Delete
  28. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොකෝ බන්ස් මේ...

      Delete
    2. කියන්න දෙයක් හිතා ගන්න බෑ ...මෙකෙ කුණු මාලු ගැන තව විස්තර වැඩි කරන්න .මාත් අහලා තියෙනවා ඔය ජපන් කැම වල මාලු කපන ක්‍රමයත් වෙනස් නෙද (දන්නෙ නෑ හරියටම )

      Delete
    3. දේශපාලන කුණු මාළුවෝ ගැන තමයි කියන්න තියෙන්නේ බං.
      අන්න පල්ලෙහා ඇනෝ ට කියල තියෙන එක කියවන්න.
      පිහි පවා එකිනෙකට වෙනස් ඒවා භාවිතා කරමින් ඇලයට කපනවා.
      සත්‍ය අසත්‍ය කෙසේද කියා මා නොදන්නා නමුත් සශිමි ගැහැණු අය නොකපන බව අසා ඇතිමි.තවම දැකලාද නොමැත.
      පිරිමින්ට වඩා ගැහැනියගේ අත් රස්නයෙන් වැඩි නිසා,එම රස්නයෙන් මාළුවාගේ ස්වාභාවික රසය ට හානි වන බැවින් එසේ නොකපන වාලු.

      Delete
  29. කළු සල්ලිමද මේ..? කෙන්ජයියා මේ ලියන කතා ඇත්තද හදපුවාද කියන්න මම දන්නේ නෑ , එත් මේවා සහතික ඇත්ත කියා තමයි මටනම් සිතෙන්නේ ...?
    එක නෙවෙයි මාතලන් ආයෙත් අතුරුදහන් නේද?

    ReplyDelete
    Replies
    1. කළු සල්ලි අලුත් පිට පත.
      ඇත්තද,ගොතපුවද වැඩක් නැහැ.
      මල්ලිට හිතුන නම් එල.
      ඔහු on tour .

      Delete
  30. https://www.google.lk/url?sa=i&rct=j&q=&esrc=s&source=images&cd=&cad=rja&docid=6jgDEZQeQFI8ZM&tbnid=O0wH29ghF5byIM:&ved=0CAUQjRw&url=http%3A%2F%2Fwww.sundayobserver.lk%2F2012%2F08%2F05%2Ffea06.asp&ei=osCyUraOPMT_rQeHiYHoDA&bvm=bv.58187178,d.bmk&psig=AFQjCNHD-_YTTkODpnA-HB4RZ1XzHyTRyA&ust=1387532788085567

    ReplyDelete
  31. Replies
    1. ඒ ෆොටෝ එකේ කොන්දොස්තර පරාජිතයි කිං ටූනාටයි මැද්දෙන් ඉන්නේ අපේ කෙන්ජියාද?

      Delete
    2. Thanks අකලංක.

      අරූ මචන් ඔය තාත්ත මෑතක ආපු එකක් .
      මම ගියේ පුතා එක්ක කලින්.

      Delete
    3. කෙන්ජි.....කිංටූනා තාත්තාගේ දත් ඔක්කොම තියෙනවාද බලපං...අර යකා කීයක් ගලවගෙනද දන්නේ නැහැ. ඕකා හිනාවෙලා දත් ගලවන්නේ.

      Delete
    4. මැද ඉන්නේ කෙන්ජයියද ..?

      Delete
    5. ජප්පෝ දන්නවා මචං අපේ එවුන් දත් ගලවන බව,එක නිසා චීන බොරු දත් ටිකක් අතේ අරගෙනම තමයි එන්නේ.


      මම අවුරුදු කීපෙකට පෙර පුතා එක්ක ආවේ.ඉවාන් මල්ලි ඔය තාත්තනේ.

      Delete
  32. ඊයා........එතකොට අපි කන්නේ කුණු මාළුද?

    ReplyDelete
    Replies
    1. ඔව් රෙහානි ගොඩක් අය කන්නෙ එම්බාම් කල මාළු අපි මෙහෙ කන මාළු දිහා බැලුවම.

      Delete
  33. මේ ලිපියටනම් මගෙත් හිස නමා ආචාරය කෙන්ජි මලයට!!
    ඕක තමා තත්වය. අපි මේ
    රටවල ඉඳගෙන ලංකාවට සේවයක් කරන්නේ කොහොමද කියලා ලත වෙමින් සිහින මවනවා. උන් ලංකාවට එන දේවලුත් නැති කරා බඩ විතරක් වඩා ගන්නවා. උඹේ කථාව සහතික ඇත්ත. ඉතුරැ කොටස බලන්න නොවැරදීම එනවා.. උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සදුන්සෙවන....
      පිටරටවල දුක් මහන්සියෙන් හම්බකරලා ,තමන්ගේ රටට යමක් කලයුතු යැයි හිතාගෙන ආපු සොදුරු මිනිසුන් ඔය දේශපාලුවෝ සහ හෙන්චයියලා නිසා නන්නත්තාර වෙලා තියෙනවද මචං.
      ලංකාවට ගෙනාපු හුගක් ව්‍යපෘති දැන් යස අගේට වියට්නාමය,මියන්මාරය,තායි,මැලේසිය වල ජප්පෝ යස අපුරුවට කරගෙන යනවා.

      Delete
  34. Kenji Ayya,
    uba niyameta liyala thiyenava.
    poddak sashimi hadana vidiha kiyala denna puluvanda ?

    ReplyDelete
    Replies
    1. එහෙමද මල්ල... අරිගතෝ...!
      මෙහෙමයි බං සශිමි හදනවා කියල දෙයක් නැහැ.
      ඔය ටුනා(ජපන් වහරින් මගුර/මගුරෝ) ඇලයට සාමාන්‍යයෙන් අගල් 1 1/4 x 1 1/4 ප්‍රමාණයෙන් සහ අගල් 1/4 ක පමණ ඝන කමකින් යුතුව නොයෙකුත් ආකාරයට සරසල තමයි පිළිගන්වන්නේ.
      අපි කොටු දෙකෙන් අරන් වසබි සහ ලයිට් සෝයා සෝස් මුහුකොට ගෙන රස විදිනවා.
      සුෂී නම් වූ දෙය,අල්ලෙන් කුඩා බිත්තරයක හැඩයට සැකසු බත් ගුලියකට සිහින්ව කැපු අමු මාළු පෙත්තක් උඩින් තබා නොරි ( තද කොළ පති කඩදාසියක් මෙන් ඝනකම ඇති මුහුදු ජලජ පැලෑටි විශේෂයකින් වියලිව සාදා ඇති) කොළ තීරුවකින් දවටා කෑමට පිලි ගන්වනවා.එය සෝයා සෝස් මුහුකොට කෑමට ගන්නවා.එහෙමද මල්ල... අරිගතෝ...!
      මෙහෙමයි බං සශිමි හදනවා කියල දෙයක් නැහැ.
      ඔය ටුනා(ජපන් වහරින් මගුර/මගුරෝ) ඇලයට සාමාන්‍යයෙන් අගල් 1 1/4 x 1 1/4 ප්‍රමාණයෙන් සහ අගල් 1/4 ක පමණ ඝන කමකින් යුතුව නොයෙකුත් ආකාරයට සරසල තමයි පිළිගන්වන්නේ.
      අපි කොටු දෙකෙන් අරන් වසබි සහ ලයිට් සෝයා සෝස් මුහුකොට ගෙන රස විදිනවා.
      සුෂී නම් වූ දෙය,අල්ලෙන් කුඩා බිත්තරයක හැඩයට සැකසු බත් ගුලියකට සිහින්ව කැපු අමු මාළු පෙත්තක් උඩින් තබා නොරි ( තද කොළ පති කඩදාසියක් මෙන් ඝනකම ඇති මුහුදු ජලජ පැලෑටි විශේෂයකින් වියලිව සාදා ඇති) කොළ තීරුවකින් දවටා කෑමට පිලි ගන්වනවා.එය සෝයා සෝස් මුහුකොට කෑමට ගන්නවා.

      Delete
    2. Thank you ayya

      Delete
  35. මාලු කුණු කර කවනු ලැබේ
    හෝටල්වල කඩවල්වල
    කුණු කවනු ලැබේ
    මින්සුන්ගේ සිත් සතන්වලට
    දෙස්පලුවන් විසින් කුණු කවනු ලැබේ
    රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් පත්තරවලින්
    ඇහැට කණට කුණු කවනු ලැබේ

    කඳු ගැසී ඇති දුක් මෙන්ම
    කඳු ගැසී කුණු අබග්ගයට
    විසඳුමක් මෙන්ම
    විදෙස් ආධාරයක් ලෙස ගෙන ආ
    කුණු ව්‍යාපෘතියකට වූ දේත් මා අසා තිබේ

    ReplyDelete
    Replies
    1. මා මිතු දයාල්....
      පිටු සියයකින් ....
      පැවසිය යුතු දේ....
      පෙළ දොළොසකින්...
      පවසා ඇත......
      කියල වැඩක් නැහැ දයාල් ඇස් පනාපිට රටට අහිමි වන දේ බොහෝයි.

      Delete
  36. කෙන්ජී සං ඔහායො
    ජපානේ කොයිද?
    මං සයිතමා වලින්
    කෙන්ජී සං ඇවිත් සැහෙන්න කල් වාගේ,
    මාත් දැන් 28 වෙනවා මෙහේ ඇවිත්,
    ලංඟ පාතක නම් සෙට් වෙමු

    ReplyDelete
    Replies
    1. ඔහායෝ... මචං......!
      මම ගුන්ම Maibashi
      මේ දිනවල වෙන රටක බං
      දුවයි,පුතයි එක්ක
      මම ඉස්සෙල්ලම ආවේ '89
      ආරාධනාවට ස්තුතියි.....
      වෙලාවක සෙට් වෙමු.
      මම පස්සේ මේල දෙන්නම්.

      Delete
  37. කෙන්ජි සං, ඇත්තටම ඔබ ඉන්නේ කොයි රටේද බං? (පිළිතුරු අනවශ්‍යයි කෙන්ජි).

    ReplyDelete
    Replies
    1. හෙක්...හෙක්... සිංහල බ්ලොග් අවකාශයේ මගේ සහෝදර ලොකු අයියට පිළිතුරු නොදුන්නොත් ඒක ලොකු අසාධාරණයක් ,මේ අවකාශයට පිවිසෙන්නට පාර පෙන්නු ඔබට කරන්න.
      මම ජනවාරි මුල් තෙදින දක්වා මැලේසියාවේ දරු දෙදෙනා සමග සිටිමි.
      දියණියගේ 18 වන උපන දිනය දෙසැම්බර් 31 ක බැවින්.
      මගේ දැනට නිත්‍ය පදිංචිය ජපානය ය.

      Delete
  38. මගේ යාලුවෙකුත් ජපනෙක් උස්සගෙන ලංකාවට එන්න හැදුවා ලංකාවෙ ආයෝජනයක් කරන්න...අපේ හැතිකරේ ඉතිං දත ගලවන්න...ඒ කිව්වෙ ව්‍යාපෘතිය පටන් ගන්නත් කලින් ජරාව කන්න නොවැ බලාන ඉන්නෙ...අන්න ඒ ජපනා ලංකාවට එන්නෙ නැතුව තායිලන්තයට ගිහින් වැඩ පටන් අරන්...

    ReplyDelete
  39. මම සිරා මල්ලි උඩ කියල ඇති ජපන් අය ලංකාව අතහැර ගිය රටවල්.
    වියට්නාමය ආයෝජකයන්ට පුදුම සහන සලසනවා.
    එක අගමැතියෙකුගේ පුතෙක් කරපු ලොකු වැඩක් තියෙනවා ,මම ඒක ලියන්නේ නැහැ ඒක ලිව්වොත් මාව දැනගන්න නිසා.

    ReplyDelete
  40. ජපනගේ මොළේ වැඩි, ජපනා බල මාළු කන නිසාය කියලා, එහෙම බල මාළු කාලා මොළේ ඉදිමෙච්චි දේශපාළණ මහත්තයෙක් මෙහේ දේශනාවක් කලා.. උඹ දන්නවා නේ බල මාළු කන්නේ පොලුත් එක්ක කියලා.. බලපිටියේ පැත්තේ පොලුයි බල මාළුයි විතරක් දීලා.. ඒක අහන්න ගිහින් වෙච්ච ගිනි විජ්ජුම්බරෙත් දන්නවා ඇති නේ..

    ReplyDelete
    Replies
    1. ජපන බලමාලු කන්නේ නැහැ මචන්.ඔය ඉස්තරම් ටුනා තමයි කන්නෙ.
      අර දේසපාලුවට පිස්සු මචෝ.
      මොකක්ද ඒ කතාව මම අහල නැහැනේ.

      Delete
  41. මේ කතාව නේද නලින් අයියගේ බ්ලොගේ දාලා තිබුනේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....ඒ තව කතාවක් මල්ල.

      Delete
  42. ශික් ... මේ වැඩේ නම් කරන්න බෑ අප්පා...!
    පොස්ට් එක කියවලා .. කොමෙන්ට්ස් ටික කියවනකොට.. පොස්ට් එකේ තිබ්බෙ මොනවද කියල අමතකයි..!

    ReplyDelete
    Replies
    1. හෙක්...හෙක්...මොකෝ බං කොලොන්නාව පැත්තෙවත් ගියාද?

      Delete
  43. කෙන්ජි මලේ සමා වෙයං උඹ මගේ පනං අටා කථාවට දාපු කොමෙන්ටුව වැරදි බොත්තමක් එබිලා ඩිලීට් උනා. මම ඒකට ආසයි. තරහා නැතිව ආයිත් දාපං මචං.

    ReplyDelete