Wednesday 5 February 2014

කතරගම දෙයියන් මුණගැසීම

මගේ යාලුවෝ සෙට් එකේ අයියල ගොඩක් අය වැඩ කලේ පිටරට නැව්වල සහ හෝටල් වලය.එවුන් ලංකාව ට නිවාඩු එන්නේ ගොඩක් වෙලාවට හතර පස් දෙනා එකටය.ඒ ආවම මට හරි බිසිය.සමහරුන්ට මනමාලියෝ බලන්න යන්නත්,විනෝද චාරිකා යන්නත් මාව ඕනෑය.එච්චරට උන් අතර මා ජනප්‍රියය.(ඇනොලා අතර මා දැන් ජනප්‍රිය සේම )

ඔන්න ඔහොම ආපු කාලෙක මුන් සෙට් එකට සහ පවුලේ එවුවන්නට කතරගම යන්න ඕන වුනේය.දවසක් බොන්න සෙට් වෙලා ඉද්දි ඔය අයිඩියාව මා වෙත එල්ල කොළෝය.මමත් ඔය වගේ දේවල් එන්නේ කොයි වේලාවේද කියා බලා ඉන්න බුවාය.සංචාරයට මම ආදරේය.පළමුව ආදරේ නම් කෙල්ලන්ටය.

පසුවදා ම යාමට බසයක් සහ නවාතැන් පලක් සුදානම් කළෙන් ඒ දෙකේම අයිතිකරුවා මාතලන් ලාගේ ගමේය.එයාලට තිබුනේ ඒවා විතරක් නෙමේය.ස්පෙයාර් පාට්ස් කඩත් තිබුනේය.එකක් තිබුනේ බෙන්ස් කම්පනිය ඉස්සරහ වෙන්න ඕනය.අයිතිකාරයා ප්‍රේමේ ගේත් මගේ පියාගේත් මිත්‍රයෝය.පුත්‍රයෝ මගේ මිතුරන්ය.ඒ නිසා වැඩේ  පට්ට ය.
යනදාට පෙර දින බොරැල්ල YMBA එක ඉදිරිපස වයින් ෂොප් එකෙන් කතරගම ගෙනියන්න බිම බෝතල් 40 විතර ද,එදා හවස බොන්න තව බෝතල් තුන හතරක්ද මිලට ගත්තේය.මම එහෙමය.පිට පලාත්වල ඒවා කලවම් යයි මතයක් ගොඩ නැගී තිබු නිසා කොහේ යතත් යන්නේ පණු බෙහෙත් බෝතල් අඩංගු පෙට්ටියක් දෙකක් තැඹිලි වල්ලක් දෙකක් අරන්මය.කතරගම ගග සිරියෙ බඩුනම් ජරාවමය.තියෙන්නෙත් ගල් &පොල්ය.මගේ බ්‍රෑන්ඩ් එක ඒ දෙකම නෙමේය.කරන්නම දෙයක් නැතිව එක දවසක් ඒ ජරාවත් බිව්වේය.
කොහොම හරි පෙරදා මත් ගතියත් සමග 6 වෙද්දී වගේ සිල් අම්මලාගේ  සාදුකාර නද මැද ගමන ඇරඹුවෝය.මට මතක ලෙසට පයියා ගල,බේරුවල අතර ගාලු පාරට මුහුණලා ඇති නිවසක, ගමනේ යන අයිය කෙනෙක් ගේ වෙන්න මල මාලි ගේ ගෙදර බ්රේක් ෆාස්ට් සුදානම් කොරලාය.ආන්න කෑමය.ඉදිඅප්පන්ද ,බරිකිත්ද,පාන්ද,ඇඹුල් තියල්ද,සිනි & පොල් සම්බෝලද,පොලොස් උයලද,නැති හු ..th ....මලකෙලියයි ...තව පොඩ්ඩෙන් කනවා බැට්ටෙකෙන්.නැති දෙයක් නැතිය.හරියට පබිලිස් ගේ ගෙදර ගියා වගේය.ඔන්න බඳීනවනම් ඒ වගේ එකියෙක් බැන්ද නම් ජිවිතේ පුරා කන්ඩ පුළුවන්ය.
අපේ යාලුවාගේ අයියා නම් අවුරුදු දෙකෙන් කාල අහවර කොලෝය.ඒ නැන්දම්මාගේ කෑම රස වැඩි නිසා යැයි පසුව කිවේය.8 .30 ට 9 ට බවලත්තු ටික අබරන්න ගත් කල,කොල්ලො සැට් එක මාළු,පොලොස් සමග පානයට සෙට් උනොය.පැය 2 ක පමණ සප්පායමකින් පසු නැවත ගමනේ යා ය.
කතරගමට එද්දී සමහරු අතරමං ය.මම නම් ඉතින් කෙලින්ය.නවතින තැන මට හොදට පුරුදුය.ඉස්සර දුර ගමන්වල නවතින එක තැනක් වන්නේ කතරගමය.සමහර යාලුවෝ බොන ගමන් යමුද කතරගම කිව්වොත් කතා දෙකක් නැතිය.සමහර බර්ගර් බනිලාද,මෙයා කතරගම එක්ක යන්න කියනවාය.එහෙම කියන්නේ තනපටේ ඇදන් මැණික් ගගේ දියබුන් ගහන්නවත්,20 ට 5 යි නෙලුම් මල් කිරිවෙහෙරට පුදන්නවත්,මාවම බදින්න හිතෙන්න ඕනි කියල කතරගන් දෙය්යට බාර ගැට ගහන්නත් නෙමේය.සොමියට ය.

එයාල කෙනෙක් එක්ක එද්දී නම් එන්නේ යාලුවෝ හලලාය.එහෙම ආපු වෙලාවල් වලදී අපි දෙන්න නිදන්නේ කාමර දෙකකය.ඉස්සර මම ලියපු විදියට නම් ලියන්නේ එක කාමරේ කියලාය.එහෙම ලියද්දි නම් කාමරේ සිදු වෙච්චි දේවල් ඔයාලගේ ඇස් පනාපිට දිග හැරෙන්න ලියනවාය. දැන් එසේ ලියන්න තියා කියන්නවත් බැරිය.එච්ච්චරට මම ගති පැවතුම් වෙනස් කොට හැදිලා නිසාය.කොල්ලෙක් වුනොත් මේ ලෙසට හැදෙන්න ඕනය.නැත්නම් කසාද බැදලා හමාරය.

නවාතැන් පලට පැමිණියාය.සියලු බඩු බාහිරාදිය බෑවෝය.පණු බෙහෙත් බෝතල් පෙට්ටි දෙක පුටු දෙකක් උඩ ඉදගෙනය.එද්දී බිබී ආපුව කොල්ලෝ අතේය.මගේ අතෙත් කට කපපු විදුරුවක්ය.තැන බාරව ඉන්නේ සුමති කියල කොල්ලෙක්ය.

" සුමති ඔය නෝනලට කාමර ටික පෙන්නපන් කොල්ලෝ...."
" හා...සර්.....මේ.....මේ......මේ.....ප...."
" මොකෝ බන් තටමන්නේ....කියහන්කෝ...ලතා වගේ ඇඹරෙන්නේ නැතුව.."
" සර්.....මේ...OIC මහත්තයාගේ යාලු කපල් එකක් ROOM NO 1 එකේ ....පැය..දෙහෙකට පස්සේ තමා ඒක දෙන්න වෙන්නේ..."
" මොනවා...ආඅ...ම්ම් ....ට .@##$! %^$#@ මම මාසෙකට කලියෙන් වෙං කරපු එක උඹ කොහොහොමද යකෝ OIC තියා මොන ප @!#$යා කිව්වත් දෙන්නේ....මගෙ යකා නො අවුස්සා උන් දෙන්නව දැම්මම එලියට දාල කාමරේ දිය....හොද හිතින්..."
" හා..හ...හා...සර්....."

සුමති කාමරයට තට්ටු කර අඩක් විවර වූ දොර පියන ට යමක් පවසන බවත් මා දුටිමි.යහළුවන්ගේ මව්වරුන්,සහෝදර සහෝදරියන් ගෙන ආ බත් මුල් දිගහැරගෙන බුදිති.අපි කොල්ලෝ ටික හම්බන්තොටින් ගෙනා ඉස්සෝ වඩේ සමග පානය කරමින් සල්ලාපයේ දී සිටියදී කොට 45 ක් හෝ එයට වැඩි යැයි සිතිය හැකි බුවෙක් සහ බුවිච්චියක් බිම බලාගෙන ඉක්මන් ගමනින් පිටවී ගියාය.

" සුමතියා .... විදුරුවකුත් අරගෙන වරෙන් කොල්ලෝ...."
" සර්....කූල් සෝඩා ගේන්නද ..... සර්ට......."
මට සෝඩා අවශ්‍ය බව ඔහු හොදට දනී.
" අරන් වරෙන් බං....ඕව අහන දේවල්ද මගෙන්....? ෂොට් එකක් දාගනින් උඹ තාම කාල නැහැනේ....?"
" දැන් බැහැ..සර්....රෑට කෑම ලේස්ති කොරන්නත් ඕනනේ...රෑටම ගන්නන්..."
" අනේ මේ....මගුලක් කතා නොකර ෂොට් එකක් ගනින්....රෑටත් බීපන්... මොනවාද බං අද හම්බ වෙච්චි මස්......"
" මුවා......"
" මුවා කියල බල්ලෝද දන්නේ නැහැ... බොට ෂුවර් එකෙක්ගෙන්ද ගත්තේ..."
" ඔව් ....සර්.. කුරේ ලග හම පිටින්ම දෙකට කපල ගාත් දෙකම බ්‍රිජ් එකේ දාල තියෙන්නේ...පස්සේ බලන්න ඇහැකි...."
" සුමතියෝ ....උඹ මහත්තයලට හොරෙන් කපල් වලට ROOM දීල ගාන කපනවා නේ....."
" අනේ ....නැහැ සර්...පොලෝසියේ මහත්තුරු එක්කන් ආවොත් දෙනවා මිසක්ක ....මම අපේ ලොකු මහත්තයට වංචා කරන්නේ නැහැ...ලොකු මහත්තයට මම කියල තියෙන්නෙ..අද OIC මහත්තයම තමයි මාතර නඩු කාර හාන් දුරුවන්ව මෙහෙට ඇක්ක ආවේ.."
" ම්ම්ම්.. ඒ නඩුකාර පොරක්ද බං......සුමතියෝ....උඹ මාර !@#තෙක් නේ යකෝ ...මුලින් කියන්නෙපා @#! කෝ....

#නඩුත් බඩුත් හාන්දුරුවට පයින් ගැසූ කෙන්ජි....එන සතියේ...

97 comments:

  1. උඹ නං පුතේ අපහාස නීතිය යටතේ කන්නයි හදන්නේ..

    ReplyDelete
    Replies
    1. අනිවා... බොක්ක...හැක්...හැක්...!!!

      Delete
  2. කථාව එළ! නැගලා යනවා මචං..
    ඉතිරි කොටස කියවන්න එනවා...
    ජය!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත සීන් එකක් මතක් වුනා මචන් ...
      ඉතිරි ටික සදුදා දෙන්නම්..

      Delete
  3. මෙලෝකෙ රහක් නැති තවත් ජරා ලිපියක්.... අයියෝ යුනිකෝඩ්....

    ReplyDelete
    Replies
    1. මටත් රහක් නැහැ මචන්....
      හැමදාම එනවට ...TQ>>> OK.....

      Delete
  4. හපොයි නඩුවක් වැටෙන්න වගේ යන්නෙ බඩුව හින්ද.

    ReplyDelete
    Replies
    1. හෙක් ...හෙක්... ප්‍රසා...මච්චෝ...
      එහෙමද කෙන්ජිය ගැන හිතන්නේ...???

      Delete
  5. කෙන්ජිත් නඩුවක් බලවලා එහෙනං කතරගමදී....ඔය හැම මගුලම කරන්නේ නඩුබලවන්නමනේ

    ReplyDelete
    Replies
    1. නැහැ නලියෝ කතරගම හොද සීන් තියෙනවා ජිවන්ලා එක්ක මාස ගණන් ගත කරපු කතරගම සොමි දේවල්....
      කොහොමත් නලියෝ එදා ඉදලම "නඩු බලවන"එක මගේ ලග නම් නැහැ..., :) :)
      සම හරක් අයියලා ලග ඇති ඉදගෙන/හිටගෙන :)...

      Delete
  6. මොකෝ බං අද බොහොම සංයමයෙන් ලියල තියෙන්නෙ,ඔහොම බෑ බං අත දිග ඇරල ලිව්වනං තම අපටත් ජොලි.

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්..රෝගාතුර වුනාම මචන් වල්කම්/චන්ඩිකම් ටිකක් බාල වෙනවනේ බං....
      පොඩ්ඩක් කාලය දීපන් අළු ගසල දාල එන්න මේ කොල්ලට... :)

      Delete
  7. කන්න වගේ හදන්නෙ කෙන්ජිය ඕඅයිසී ගෙන්...

    ReplyDelete
    Replies
    1. හේ...මගේ අතිජාත මිත්‍රයා....
      NEXT ලිපියෙන් කියන්නම් සදුදට OK>>

      Delete
  8. නඩුවක් බලවපු හැටිත් කිව්වනම් තමා නැගලම යන්නෙ :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...මම ජිවන්ලා එක්ක මැණික් ගග ඉවුරේ ...
      එක්කෝ ඕනේ නැහැ....අරය බනියි...

      Delete
    2. කව්ද බොලේ අරය? :O

      Delete
    3. ඇයි බොට වාසගම් එක්ක දැන ගන්න ඕනෙයි .... :) ?

      Delete
    4. නැතුව නැතුව :D

      Delete
    5. එහෙනම් උඹ චැට් කරන වෙලාවක කියන්නම්....හොදේ...
      දැම්ම කාටවත් කියනවා හෙම නොවෙයි ඔන්න ....හරිය....

      Delete
  9. සංයමය කියන්නේ මේකටය. කෙන්ජට වූ දේ ගැන දුකේ බැරිය. හරි ඔහොම් යමුකෝ... පරණ කෙන්ජත් කොහේදී හරි මුලිච්චි වෙයිනෙ

    ReplyDelete
    Replies
    1. මල්ලියා දුක් වෙන්න එපාය ...
      මම මේ දවස් වල උඹ වගේ ...
      කවි සිතිවිලි ලියන්න පුරුදු වෙනවාය...:) :)

      Delete
    2. ගහට ගහක් මුන ගැහෙයිනෙ නේද ඉවාන්? එතෙක් ඉවසා වදාරමු. :-D :-D

      Delete
    3. ඉන්නකො ප්‍රියා ටික දවසක් ඉවසගෙන... :)

      Delete
  10. ලංකාවෙන් පිට නිසා මූ බය නැතුව ලියනවද මන්දා :))

    ReplyDelete
    Replies
    1. මචන් ..සැමා....
      ලංකාවේ ඉද්දිත් "අහු මුළු "එක්ක ගැටුන බුවෙක් මම...

      Delete
  11. //ගල් &පොල්ය.මගේ බ්‍රෑන්ඩ් එක ඒ දෙකම නෙමේය.කරන්නම දෙයක් නැතිව එක දවසක් ඒ ජරාවත් බිව්වේය.//

    එව්වට එහෙම කියන්න එපා උඹව අපායේ යයි

    ReplyDelete
    Replies
    1. හා,.,.ලොකු මල්ලියෝ...... උම්මා....

      Delete
    2. @ අටම්,

      සහතික ඇත්ත...

      Delete
    3. අටම් & CJ
      මම කිව්වේ ගගසිරියේ විකුණන ඒවාට බන්සලා ...

      Delete
  12. ඕ අයි සී ඇවිල්ල තියන්නෙ කාමරේ බුක් කරන්න විතරයි එතකොට.. බලමුකො මොකද වුනේ කියල. :)

    ReplyDelete
    Replies
    1. ඕ අයි චි ල ගොඩක් වෙලාවට රෑට තමා ඕවල සෙට් වෙන්නේ.

      Delete
  13. ඉතුරු ටික විහගින් දා කෝ..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. සදුදට දාන්නම් මචන්...

      Delete
  14. ඒ මෙන්න මූ කියන කතා නඩු කාරයෝ කාමරවලට බඩු උස්සනවලු. උන් බඩු ගහන්නේ උසාවියේ කාමර ඇතුලේ.. එකෙක්ගේ ගෑණිට කෙලලා, ඌ නඩ්ඩාට ගැහුවේ ගූ වලින්..

    ReplyDelete
    Replies
    1. මාත් ඔය කියන්නේ අර ඉස්සර සින් කද ලගදිත් එහෙම ගැහුවද බං

      Delete
    2. ඉතින් මචන් CJ කාරය කාර් ඇතුලේ සැප ගත්ත රටේ මේවා මොනවාද.

      Delete
  15. හප්පේ කෙන්ජි අයියෙ පෝස්ට් එක පබ්ලිශ් කොරන්න කලින් බැලුවෙ නැතැයි?? සමහර වචන ට‍යිප් වෙලා තියෙන්නෙ වැරදියට $&$$&&$ @$ වගේ.හික් … හික්… :-D

    මේකෙන් පස්සෙ කතාවක් හැදෙයිද දන්නෑ "සියළු නඩු කාරයෝ බඩු කාරයෝය" කියලා හරි "බඩු පසු පස යාම නඩු වැටීමට හේතුවේ" කියලා. හි… හි… :-D

    ReplyDelete
    Replies
    1. අපෝ සියළු නඩු කාරයෝ ලෝයර් කාරයෝ බඩු කාරයෝ තමා...ගෑණුන්ට අඹ සරණයි :D

      Delete
    2. ඔව් ප්‍රියා දැන් කැත වචන කෙටුවත් ලියවිලා තියෙන්නේ ඔහොම... :)

      ප්‍රියා & සසිදු....
      උන්ට සල්ලියි,බඩුයි දෙකම ලැබෙනවා.

      Delete
    3. " සියළු " ? hmm

      Delete
  16. ඔහොම යන්.හැබැයි උබ අහුවුනොත් දහ අට මාසෙකට යවයි

    ReplyDelete
    Replies
    1. අන්තිමට කියවල බලන්නකො දමිය වෙච්ච දේ.

      Delete
  17. දැන්නම් ගානෙ හැටියට ගල් උනත් ප්‍රතික්ෂේප කරන්න බෑරි එකක් තියෙන්නෙ.

    ReplyDelete
  18. හුහ්.............එහෙනං නඩු කාරයෝ හෝටල් වලත් නඩු බලවනවා ඈ.

    ReplyDelete
    Replies
    1. හමුදාවේ නඩුබලවන්නේ නැතෙයි

      Delete
    2. ඇයි විචාරක තුමෝ ...නඩු කාරයන්ගෙ ලොක්ක කාර් ඇතුලේ කම් සැප ගත්තේ..

      Delete
  19. Replies
    1. කෙන්ජයියා හොඳ ළමයෙක් වීම ගැන මාගේ බලවත් සෝකය

      Delete
    2. සිරාවට මං දැං තනිවෙලා වාගෙයි බං

      Delete
    3. සසිදුව බොලාට සෝක වුනාට ගොඩක් අයට ප්‍රිතිලු....

      අටම ......උඹ තනි වෙන්නෙ නැහැ බන්..

      Delete
    4. මෙන්ඩියෝ....බලපන් මචන් හැදෙන්න දෙන්නෙම නැති හැටියක්....

      Delete
  20. කතාව පුරාත් ..කොමෙන්ට් පුරාත් තියෙන්නේ ලොකු කම් තමයි kenji ගේ.

    ReplyDelete
    Replies
    1. ඔයාට එහෙමද හිතෙන්නෙ...?
      මට හැමෝම ලියන්න කියද්දී නොලිය හිටියෙ ඔය කරුන ඇනොල කියයි කියල.
      මට වෙච්ච /වෙන දේවල් ඇත්ත මම ලියන්නේ.
      ඔබට යම් අපහසුවක් වගේ නම් මම නොලිය ඉන්නම්.
      කොහොමත් අදහසට .....
      අරිගතෝ....

      Delete
    2. ඕකනෙ ඉතින් කරන්න බැරි..මේ මනුස්සය කලාතුරකින් හරි මොනවහරි අපිට ලියද්දි උබල අධෛර්යමත් කරනවනෙ.... :/

      Delete
    3. Kenji Ayyandi oya liyana eka liyana bokken...idala hitala ena podi gal mul ganan gana epa

      Delete
    4. Kenji,
      සෑබෑ ජීවිතයේ තිබෙන/තිබූ ලෙස පෙනෙන නිර්බීතබව, වෙනස (uniqueness) සහ ධෛර්යය බ්ලොග් ලිවීමේදී අඩු කරගෑනීමට හේතුවක් තිබේද? එසේ නෑත්නම් විවේචනයට අදි සන්වේදීත්වය ඈයි?

      Delete
    5. මෙන්ඩිය,
      මේවා පොඩි ගල්,මුල් නෙමේ ...සිත් ඇතුලේ පැසවන දේවල් බං ..ඉදගෙන .... :)

      PJ ...නැත..නැත....මිතුර...පොඩ්ඩක් හොද ස්වාමි පුරුෂයකු වීමට ගන්නා වෑයමක් පමණි..... :)

      Delete
    6. පොඩ්ඩක් හොද ස්වාමි පුරුෂයකු වීමට polite බ්ලොග් ලිවීමත් අවශ්යතාවයක්ද? අම්මෝ ගෑනුන්ව සතුටු කිරන්න ඕනෑ දෙවල්! (Mrs. Kenji, just kidding!)

      Delete
    7. ආයේ ඇනෝ මොකටද අපි කියන්න ඕනේ එක කෙලින් කියනව එච්චරයි ,

      Delete
  21. සැකේ සැකේ කතාවෙ අන්තිමට අර බඩු කාන් නඩුකාරයෙක්විච්චි 1නං පට පස්ට අප්සෙට් ඈ. ඇයි හත් දෙය්යනේ උන්නහේල ඉන්නෙ ලෝකෙ ඉන්න අන්තිම පාරිශුද්ද බුවාල බුවීල උන් කියල හිතාගෙන නෙව

    ReplyDelete
    Replies
    1. ඒකනේ මහේෂ්.......
      ඊලග කොටස කියවලම බලන්නකෝ බුවා කවුද කියල.

      Delete
  22. මම හිතුවේ මේ කතරගම දෙවියන් ගේ සින් එකක් කියලා ..බලනකොට නඩුවක් ගැන නේ ..
    අර ඇන් සිල්වා ටත් ඔය වගේ කතාවක් තිබුණා නේ ... D
    ඔය වගේ සින් හැම තැනම ඔය පොලොසියේ උන් කොරන්නෙම ඔකනේ .. කතරගම කියන්නෙ අපේ අල්ලලු ගම් ප්‍රදේශය හැක් .

    ReplyDelete
    Replies
    1. එහෙමද සහෝදර පුත්‍රයා.....
      ඔය වටේ ගම්වල,ගැමියන්ගේ සුවද මට තාමත් දැනෙනවා.
      වැල්ලවාය,පැල්වත්ත,ලුණුගම්වෙහෙර,මොනරාගල,කතරගම ගැමියන් සමග සමග ගත කල දවස් තාම මතකයි.

      Delete
  23. පට්ට ආතල් ට්‍රිප් නේ කෙන්ජි අයියා යන්නේ. මේ සිරාවට ඔය කතාවේ එක තැනක් මට පැහැදිලි නැහැ මොකටද බෝතල් එක්ක තැඹිලි ගන්නේ??? මටත් ගල් අරක්කු නම් පෙන්නන්න බැහැ ගැහුවොත් කබරයා වයිට් තමා භාණ්ඩේ

    ReplyDelete
    Replies
    1. අන්න කොරලේ ...මාත් එකඟයි ගල් නම් පෙන්නන්න බෑ ,ඇයි තව බ්‍රැන්ඩි හොද නැත්ද ??(වර්ග තිබෙ )

      Delete
    2. හැක්...හැක්...අනේ පල යන්න චුටි බබා මෙයා...තැඹිලි ගැන අහනවා..
      පිට පළාත් වල තියෙන්නේ මහා කරුකුට්ටන් වෙච්ච තැබිලි...
      ගමනක් යද්දී මම කොහොමත් එහෙම ගෙනියනවා..
      දවසට අඩුම ගානේ තුන හතරක් බොනවමයි..
      වාද්දුව,වයික්කාල,නිට්ටඹුව වගේ පැතිවල හොද තැඹිලි....
      ඒ කාලේ ඉදලම ට්‍රිප් යන්න දෙයිය...මල්ලියෝ..

      සහෝදර....තෝ පොඩි එකෙක් නේද..?
      මගේ නම් ලංකාවේ රසවත්ම බ්‍රැන්ඩි බිහයිව් ...එල පානය...

      Delete
    3. වයසත් සමග ටේස්ටි වෙනස්වී දෑන් ෆේවරිට්ස්-
      ලෝකල්- රොක්ලන්ඩ් ඩාක් රම්
      විදේශීය- ජේම්සන් ට්‍රිප්ල් ඩිස්ටිල්ඩ් අයිරිශ් (can't afford though!) සහ බකාඩි ඕක්හාට්

      Delete
  24. ඉක්මනින් අළු ගසා දාලා නැගිටපන් සහෝ

    ReplyDelete
    Replies
    1. OK ආචාරියෝ...මම කෝමත් හැම තිස්සෙම නැගිටලා බන්...
      Thanks ....මචෝ...

      Delete
  25. පයාගල බේරුවල පැත්තෙන් යනකොට අපි නම් පොල් රාත් සප්පායම් වෙලයි යන්නෙ..
    හැලපෙ කියන්න වගේ බොහෝම සංවරෙන්නේ ලියල තියෙන්නෙ.. කව්ද අළුතෙන් මේක කියවන්න ගත්ත කැකුළි ?

    ReplyDelete
    Replies
    1. පොල් රා සරෝ අපේ වෙන්නප්පුවේ,මාරවිල වතුවල ඕන පදම් බිව්වා.
      පිටින් නම් බොන්නෙම නැහැ රා...
      ඒත් නාවලපිටි පැත්තේ ගියාම කිතුල් රා බොනවා..
      යාලුවෝ නිවාඩුවට රොතු පිටින් එන්නේ..
      ආතල් ගන්නම එක ඉඩමක එක මායිමක විශාල වැවක්..
      මයියොක්ක,ඌරු මස් ,කොච්චි සම්බල,බැදපු හුරුල්ලෝ....කියල වැඩක් නැහැ..
      කැකුලියෝ නම් ඕන තරම් කියවනවා ඇති...හෙක් ...හෙක්... :)
      ඒත් මේ අවුරුද්ද අන්තිමට හරි ලබන වසර මුල හරි මේ ජිවිතේ යම් වෙනසක් කරගන්න හිතා ඉන්නවා සර්.... :) :)...

      Delete
  26. ඊයා !!!

    කෙන්ජි මාම අරක්කු බොනවා !!

    ඕව බොන්න හොඳ නෑ !! අපායෙ යනවා !!

    ReplyDelete
    Replies
    1. පත්තරේ කොහොමෙයි....
      බොන්නෙ නැහැ නානවා බන් ... :)

      Delete
    2. ලොවෙත් නෑ කෙන්ජි මාමෙ !!

      ඔහොම යං !! :D

      Delete
  27. හෝටල් කාමරේ අහන නඬුව ගැන බලමුකෝ එහෙනම් සදූදට..

    දැන් සෑහෙන වෙනස් වෙලානේ.. ලිවිල්ල මම කිවුවේ..

    ReplyDelete
    Replies
    1. බලමු ...බලමු...
      හෙක්...හෙක්.... වෙනස් වෙලාද ....?
      එහෙම වෙනවට ආස නැද්ද මල්ලි....?

      Delete
  28. කතරගම කතාවක් නිසාත් නඩුකාරයෙක් ඉන්න නිසාත් ඔන්න මමත් පොඩි නයෙක් අරිනවා මෙතනම
    අපි යාළුවො කට්ටිය එක සැරයක් කතර ගම යද්දී තංගල්ල පැනල ටික දුරක් යනකොට ඉස්සරහින් පාර මඩම තියාගෙන කොට කොට යනවා පර්ජෝ 407 පරණ කාර් එකක් අපේ වන එක එලවපු කොල්ල හොන් ගහල ගහලා හෙන ගේමක් දිල්ල මේක ඉස්සර කරන කොට ඉස්සරහ ද්ර්යිවර්ට අනික් පැත්තේ හිටපු මම ඔලුව එලියට දාලා කාර් එක එලවපු එකාට කිව්වා " ගනින්කෝ හු.&%$ තොගේ ඔය හුචක්කුව අහකට " කියලා .....
    මෙකක කිව්වා විතරයි මෙච්චර වෙලා කොට කොට ආපු කාර් එක ඇරලා ඇවිත් අපිව ඉස්සර කරලා පාර හරස් කරලා නැවත්තුවා...
    මමත් පුතයා වගේ බාහලා ගියා කාර එක ලඟට බ්ලින්නම් ඇතුලේ ඉන්නේ තංගල්ලේ උසාවියේ නඩුකාරයලු....... ගම කනවා .......... ඉතුරු ටික එක්කොත් ඕන නෑ බන්

    ReplyDelete
    Replies
    1. කොලු කාලේ කාටත් ඔය උනේ තියෙනවා බන්.
      ඕවා නොකලොත් වැඩක් නැහැ..
      උඹත් අත්දැකීම් පොඩියට හරි ලියපන්කො...

      Delete
  29. ඩ්‍රයිවර් කොල්ලත් ආවා මේ පැත්තේ..ආපු ගමන් තියෙන්නෙම නඩුවක් බලවන්නනේ...හොඳා හොඳා..බලමු ඉතුරු ටිකත්...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රයිවර් කොල්ලව ආදරෙන් පිළිගන්නව මචෝ...
      ඒකනේ....නඩු කේස්......සදුදා බලමු කොල්ලෝ....

      Delete
  30. කිසිම දෙයක් හොයා ගන්න බැරිව කතරගම කසිප්පුත් ගැසු සේක. හම්බන්තොට බාර් වහන්සේලාත් මම දන්නා අය වූහ. කතරගම කසිප්පු කොළඹ කසිප්පු වගේ නොවේය. ඒවා ශුද්ධ නගරයේ විකුනුවේ අති රහසේය. මම සහ මගේ මිත්‍රයා ජෝරිස් රංජී කටු ලැහැබට ගෙන ගොස් ,පූජාවට යාමට පෙර දුන් වීදුරු කිහිපය අධික උනුසුමෙන් වූයේ ඒවා බා ගත්ත ගමන් ලැබුනු බඩු නිසා නොව.....කොළඹින් යන සීටීබී රියදුරන් බොහෝ කට්ටක් කාගෙන ගොස් කතරගමින් බාරදී අපි වගේ තුට්ටු දෙකේ වන්දනා කරුවන්ට ලබා දීමට සඟවා තිබූ කටුක වැලි සහ වියලි දේශගුනික තත්වයන් නිසාය. මොනවා වුනත් කතාව දිග්ගැසීමට පෙර මම කිව යුතු දෙයක් ඇත. මමයි ජෝරියායි ,අපි ගිය දුප්පත් බජාර් එකයි ඩෝප් බහින තුරු කාවඩි නැටු සේක.

    කෙන්ජියෝ..... බාර් අයිතිව සිටි අය ගැන හෙමින් ලියන්නෙමි. කතරගම දෙයියෝ කෙසේ වෙතත් , නැවත කොලඹ ආපසු ගලක් එහා මෙහා කරගන්නට , කළුබෝවිල පැත්තේ බොරු කපුවෙක්ගේ දුවක් නම් සෙට් විය.
    හම්බන්තොට මා සිටියේ මේ සිදුවීමට පෙරය. ඒ කතා පසුවට ලියමි. කොලු කාලයේ හැටි ඔහොමය.

    උඹ ලිවිය යුත්තේ උඹේ අකුරෙන්ය. නැත්නම් උඹට අංශභාගය යැයි අන් අය හිතනු නොඅනුමානය. උඹ උඹවීම රැක ගත හැක්කේ උඹ උඹවීම තුල පමණය .

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්....ඔය තියෙන්නෙ කතරගම තව කේස් ....
      මම ඔය ට්‍රිපක් ගිය එකක් විතරයි කතරගම....
      මාස ගණන් පිචර් කරන එවුන් නැවතිලා ඉද්දි දවස් ගණන් මැණික් ගගේ /ගග අයිනේ ජිවන්ලා එක්ක පිස්සු කෙලපුව ගොඩයි මචන්...
      කොහොමත් සමහරු ලියන කුණුහරුප දැක්කම මටම මම ලියපුව ගැන එපා වුනා මචෝ...
      ඉතින් මටත් හිතුන මම ගැනත් මෙහෙම හුග දෙනෙක් හිතන්න ඇති කියල.
      කුණු හරුප ලියවිල්ල නවත්තල දැම්ම.
      ඔය සමහරු කියල තියෙන්නෙ මගේ ලොකු කම කියල.
      මට තියෙන්නෙ බන් මම ඇත්තටම අත් දුටු දේවල් ...ඒවා නැතිව මට බොරු ලියන්න බැහැනේ...
      මේ ගැනත් මට හිතන්න වෙනවා දිගටම ලියනවද ,නැද්ද කියල මචං...

      Delete
    2. කෙන්ජියෝ.....වරදවා තේරුම් ගන්න එපා.. මම උඹ්ට කුණුහරුප ලියන්න කියනවා නෙමෙයි. උඹ ලියන විදිහ උඹේ ම නොවන උඹේමද නොතේරන ගතියක් තියෙන නිසා. එඩිටෝරියල් බෝඩ් එකකට යවලා ලියන දේවල් රස නැහැ බන්..ඔය ඒ කාලේ සුනිල් මාධව ප්‍රේමතිලක කිව්ව කතාවක්. සුනිල් චොර වුනේ අන්තිමට සුනිල් නොවුනු නිසා. සුනිල් වෙන්න එපා කියන එකයි මම කියන්නේ. තව ඒ වගේ අය බොහොමයි.

      Delete
    3. අනේ ...මචන්...උඹව මම වරදවා වටහාගත්තෙ නැහැ බන්.
      මම මචන් එක එක වෙලාවට වෙනස් වෙනස් විදියට ලිය ලිය බලනවා
      ඒක උඹට වෙනස් විදියට පේනවා ඇති.
      දැනුත් මේ සදුදට දාන මේ ලිපියේ කොටස කොට කොට ඉන්න ගමන්
      එකත් කියවන්නකෝ මචෝ..

      Delete
  31. උබ ලියන විදියට මම කැමතියි කෙන්ජියෝ...ඉක්මනටම අනිත් කොටසත් එලියට දාපන්..

    ReplyDelete
    Replies
    1. OK ...උමේෂ්...Thanks ....
      Monday .....දෙන්නම්....

      Delete
  32. එල ලියවිල්ල දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. උඹල වගේ කොහේ ලියනවද බන් අපිල හෙක්..හෙක්....
      ඔය ඉති වුන දේවල් දන්නා විදියට කොටනවා මල්ලියෝ....
      Thanks .....

      Delete
  33. නියම කෑලි ටිකක් තියෙනවා අතරින් පතර. පරක්කු වෙලා ආවේ.

    ReplyDelete
  34. නඩුකාර හාමුදුරුවෝ බඩුකාරයෙක් වෙන්න මාතර ඉදන්ම කතරගමට ආවද :P

    ReplyDelete