Wednesday 22 January 2014

මට සුවය පැතූ සැමට තුති....

මට සුවය පැතූ සැමට තුති.... 
විස්තරය බලා තෝ මැරිලා පල කියල හිතපු අයටද තුති.....
 නලින්ගේ පණිවිඩයට මැලේ මල්ලි දින දෙකකට පෙර මා ඇමතුවා. කනට අහල පුරුදු කට හඩක් ය. මෙහෙම හිතවතුන්/හිතවතියන් ඉන්නවානම් දවස ගානේ අනතුරු කරගන්න හිතෙනවාය. පත්තර වල යන්නේ මළොත් පමණක් විය හැකිය. රටවල් වල වෙන අනතුරු සේරම පත්තර වල දමන්න ගියොත් අම්මට සිලි වෙන්නේය. මගේ පියා පොලිස් පොතේ නොලියෙවෙන්න වැඩ සිද්ද කර තිබුනේය. 
මම පතන්නේ "බුදු තාත්තේ ලබන ආත්මෙත් මගේ තාත්ත වෙන්න"කියාය. මව නම් ඉන්නෙ ලෝකේ තියෙන ලස්සනම පුෂ්පයෙන්ය. අන් හෙළයන්ට මෙන් ඇයටද මතකය සති 2 ය. මෙහෙ පොලෝසිය ලංකාවට දෙවැනි වන්න කැමති නැති වගේය. සරා,මැලේ,සිරා & පැතුම් ලා නම් ඒ වග හොදටම දන්නවා ඇතිය. ඩේමියන් මගේ සැබෑ දිවියේ No 1 බොක්කය. මගේ පියාගේ දැනුම් දීමෙන් ඔහු මවෙත ඇවිත් තිබ්බේය. ඩේමියන් සහ ඔමාය මගේ සැබෑ දිවියේ ඉහත කියූ මිතුරන් ය. ඔමාය බ්ලොග් දිවියේත් හොදම මිතුරියකි ය. මගේ අනතුර ගැන ඔවුන් ඔබ දැනුවත් කර ඇත්තේ .... නොදුටු මිතුරු/මිතිරියන් හට දැන්වීමටය... එක අරිෂ්ටයෙක් නම් උන්ගේ පරම්පරාවේ ලෙඩ විකුනම් කන ආධාර රෙද්දක් කොටලා තිබුණාය. ලගක හිටියා නම් මගේ කකුල් අමාරු කම් පැත්තක තියල, එක කනකට ගහන්නේ කන් දෙකේම බෙර පුපුරන්නය. මගේ ලැප ඩේමියා ලග ඉදගෙන බල බලා විස්තර කිව්වේය. හැම රෙද්දකම මාව හොයපු සැමට නැවතත් තුති කියන්නේය. ඩේමිය හිතල තියෙන්නේ මටත් අමතක වෙයි හැම දෙයක්ම කියල ය. පැය ගානක හොද නින්දක් දමල තිබුන නිසා වෙන්ඩ ඇතිය.
බොන එක නම් නවත්වන්නේ නැතිය. 
මේවා ඇවිල්ල දුක් කම් කටොලු මැද ජයගත් පුරුදුය. බොන පුරුද්ද මේ සෙද්දවල් හින්ද නැවැත්තුවොත් වලටත් හෙන ගහන්න ඉඩ තිබෙන වාය. හැට ගානක් නොදුටු බොක්කවල්/බොක්කියෝ ඉන්නවා කියන්නේ ලෙඩ සුව වෙන්න බෙහෙත් ඕනෑම නැතිය. මාරයා මලයට කියලවත් හදහන ටිකක් බලව ගන්න ඕනය. 
ඕනය කිව්වේ මම වගේ බොන එකා ගැන නෙමේය. එතන ට ගැලපෙන වචනේ ඒකය. හැමෝටම වෙනම පිළිතුරු දෙන්න බැරි එකට ගොමෙන් නසායි,sorry & සමාවන්න කියනවාය. Everybody අරිගතෝ ගොසයි මසු,ස්තුතියි & Thanks ....

SaYoNaRa ...!!!

97 comments:

  1. බොන එක නම් නවත්වන්නේ නැතිය.///
    ලැජ්ජ නහාරේ කපන්න වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. සාමාවෙන්න නහරේ වෙන්න ඕන ..
      කොම වුණත් සතුටුයි ඉක්මනින් සුව අතට හැරුණු එකට ...

      Delete
    2. හැක්...හැක්... ලජ්ජා නහරේ කපාගෙන ගොඩක් කල් සහෝදර :)
      ස්තුතියි...

      Delete
  2. ඉක්මන්ට සනීප වෙලා ආයෙ එන්ඩ කෙන්ජි මාමෙ !!
    අපි බලං ඉන්නවා !!

    ReplyDelete
  3. අපේ බලාපොරොත්තුවත් මේකමය. කෙන්ජියා යලි කරලියේය.

    ReplyDelete
    Replies
    1. නැතුව ...නැතුව බොලා ලව දාල මම කොහේ යන්නද අප්පා.

      Delete
  4. චැහ් !!
    උඹේ කමෙන්ට් නැති බ්ලොග් නිකං අරක්කු නැති වෙඩින් වගේ !!

    පට ගාල එන්ඩ !!

    ReplyDelete
  5. ඉක්මන් සනීප උනඑක ගැන සන්තෝසයි කෙන්ජයියේ :)

    ReplyDelete
  6. කෙන්ජයියාගේ ඔලුවට මුකුත් වෙලා නැති බව පොස්ටුවෙන් පෙනේය. එල කිරිය. දැන් ආපහු පටාන් ගන්න කියා කියමිය. ඉතුරු ටිකත් හොඳ වේවා කියා පතමිය

    ReplyDelete
    Replies
    1. ඔලුව මෙව්වා වෙන්න නම් වෙඩිම තියන්න ඕන බං..

      Delete
  7. දැන් සනීපයි කියලා දැනගන්න ලැබුන එකට හරිම සතුටුයි.. ඉක්මනටම පුරුදු විදිහට වැඩ කරන්න හොඳටම හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  8. මේ ඉන්නෙ කොල්ලා... අම්මෝ ඇති.. හැබැයි පු‍තෝ බීල එලවිල්ල නම් එපා.

    ReplyDelete
    Replies
    1. ඔව් සරා කොහොමත් මම බිල ඩ්‍රයිව් කරන්නේ නැහැ.
      එදා ඉතින් එහෙම වුනා.

      Delete
  9. යන්තන් ඇති කෙන්ජි අයියේ... මමත් 99.99999% බේරුනා මේ ලගදි... (හැබැයි ඕන් බීල නම් නෙමෙයි....)

    මොකද උනේ කියලත් විස්තරයක් දැම්මනම් තමා හොද??

    ඒක පස්සට...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉදින් දාන්නම් බං.

      Delete
  10. වෙල්කම් බැක් කෙන්ජි.

    ReplyDelete
  11. ඇයි යකෝ මොකක්ද වෙච්ච අනතුර කියලා හිටුකෝ.

    මම 19 ඉරිදා අපේ පන්සලේ තිබුන බෝධි පූජාවේදීත් කෙන්ජි කියලා නම හිතෙන් කිව්වා. හයියෙන් කිව්වනම් හාමුදුරුවෝ අහයි කවුද මහත්තයෝ ඒ ජපනා කියලා.

    ReplyDelete
    Replies
    1. ඉතිං ඔයා කියන්න යෂුෂි අකාෂි වගේ පොරක් කියලා

      Delete
    2. ස්තුතියි විචාරක තුමනි...
      තව ටික දවසකින් දාන්නම්.

      @ ඉවාන්...
      හෙහ් ...හෙහ්...

      Delete
  12. ඇක්සිඩන්ට් එක කොමද උනේ කියලා ඔයා කියනවද.... නැත්නම් මම එක හොයාගෙන ම පොස්ට් එකක් දාන්නද

    ReplyDelete
    Replies
    1. මේකට මටනම් සැක මැලේ රාළයා ....කෙන්ජයියා හැප්පීම පිටුපස තිබෙන අදිසි හස්තය මැලේ රාළයා ..නැත්තන් කොහොමද ඕකා ඔය විස්තර දන්නේ ....හිටපිය මම මෙල්සියාවට එනකං ...මැලේ වනනවා වැලේ

      Delete
    2. අඩෝ මම රෙද්දක් කියලා හිතුවද එක එක තැන් වල වනන්න......

      Delete
    3. මැලේ මල්ලි හැම දෙයකටම තුති...
      මම ම ලියන්නම් නේද?

      Delete
  13. කෙන්ජියෝ......ඕනේනම් බීපන්. මචෝ බීලා ඩ්‍රයිව් කරන්න එපා. දන්නවානේ පරිප්පුව. ලයිසන් කැන්සල් කෙරුවොත් කකුල අතපය කැඩුවාට වඩා අමාරුයි. මම කියන්න ඕන නැහැ උඹ බබෙක් නෙමේනේ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං බීලා එලවලා පාරෙ යන අහිංසකයෙක්ව හප්පලා දැම්මොත් එහෙම...

      Delete
    2. සහතික ඇත්ත!!

      Delete
    3. මම කොහොමත් බිල ඩ්‍රයිව් කරන්නෙක් නෙමේ මචන්
      අර සාදු කෙනෙක් බණකට කියල තිබුන වගේ වෙන්න තිබුන දෙයක් වෙන්න ඇතිය.
      Thanks තිසර.

      Delete
  14. බොන එක නවත්තන්න ඕනෙ නෑ , බීලා වාහන එලොන එක නවත්තන්න.

    ReplyDelete
  15. ඉක්මනින් සුව වීම ගැන නම් හදවතින්ම සතුටුයි කෙන්ජි අයියෙ. වෙනදා වගේම සැහැල්ලුවෙන් ඉන්න එක ගැනත් ඒ වගේම සතුටුයි.

    දෙවි පිහිටයි !!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි..
      හොයල බලල තිබුන පස්සේ දැක්කේ.

      Delete
  16. බොන එක නවත්වන් කියන්නට මට පුළුවන් කමක් නැතිය මමත් මේ පලවෙනිදා සිට බොන්නේ නැතිව සිටිමි යයි දැඩි අදිටනකින් සිටින බව කීමටද කැමතිය.අනේ අයියේ ඉක්මනින් සුව වෙලා අර කතා සැට් එක ලිව්වොතින් තව තව බෝතල් බීමට ලැබේවා කියා මා ප්‍රාර්ථනා කොරමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි..
      අනිවා ලියනවා .

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. ඕක ඉතින් බිව්ව හින්දයි කියලා කියයි හැමෝම.. රෑට යන තරමක් උන් යන්නේ බීලා නේ.. ඒවා පට්ට බොරු.. ඉක්මනට සුව වෙලා වරෙන්.. ලියන්න කියන්න පුළුවන් තරමෙන් ඉතිරි උන එක සමහර උන්ට දිරෙව්වේ නැති උනාට මට නම් ළොකු දෙයක්.. මොකෝ සිංහල බ්ලොග් ළෝකේ ජනප්‍රියම පොර උඹ නේ.. ඌට මක්කා හරි උනා නම් ඉඳලා වැඩක් තියෙද ආයිබෝවන්ඩ..

    ගෙට් වෙල් සූන් ඈස් පොසිබල් ඈ...........

    ReplyDelete
    Replies
    1. ඔන්න ලොක්කට තමා නියෙමෙට තේරුම් ගිහින් තියෙන්නෙ.
      සිංහල බ්ලොගේ මහාචාරිය තුමාගෙන් මෙහෙම අහද්දී වේදනාව කොහෙන් ගියාද කියල නැහැ.
      එතකොට සිංහල බොගේ ජනප්‍රියම පොරිච්චි කවුද මචං?
      Ok Thanks මචෝ ...

      Delete
    2. ඒකත් ඔයාම කියන්න ආයේ මොකටද අපි ..නැද්ද මාතලන් ...;D

      Delete
    3. අම්බෝ .....මම ඕව කියන්න ගොහිල්ල වුන අනතුරට වඩා අනතුරක් වෙනව මට..

      Delete
  19. බ්රේන් වොෂ් එකකුත් දාන්නයි තිබ්බේ දොස්තරයට.. මේ හාදයාගේ.. හැක් හැක්.

    වෙල්කම් කේන්ජි කේන්ති.. බොක්කා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බොක්කා...
      මගේ හොද මොලේ එක්ක බොක්කට තියෙන්නෙ පුදුම ඇම්මක් :) :)

      Delete
  20. කකුල් මාමේ තාම අමාරුද?ඉක්මනටම හොදටම සනීප වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා.....!!!

    ReplyDelete
    Replies
    1. අමාරුව නම් ඔබ සැමගේ පැතුම් සමග අඩු වේගන යනව පුතෝ...
      ස්තුතියි...

      Delete
  21. සුවය ලැබීම ගැන සතුටුයි! හොඳ පෝස්ටු ඉදිරියේදි දැක ගන්න ලැබේවා.
    බොන එක නැවැත්විය යුතු නැත. ප්‍රමානයට බී සතුටු උනාම කාටවත් කරදරයක් නැත.
    ජයෙන් ජය!!

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදී ලියනවා මචං.
      එහෙම තමයි හිතන් ඉන්නේ.
      ස්තුතියි...

      Delete
  22. වෙල්කම් බැක් !! & ගෙට් වෙල් සූන්! :)

    ReplyDelete
  23. //බොන එක නම් නවත්වන්නේ නැතිය.//

    බීපිය බිලා මැරිය
    හැබැයි වාහන හප්පගන නං
    මැරෙන්ඩ එපා
    අපිට විලිලැජ්ජා කරන්ඩ

    ReplyDelete
  24. අහ් සනීපයි නම් මදෑ බන් . . ..

    ReplyDelete
  25. සුවයෙන් සිටින බව අසන්නට ලැබීම සතුටක්.. මත්පැනට මම නම් තදබල ලෙස විරුද්ධයි.. කෙන්ජි අයියට නම් ඒ විරුද්ධතාවලින් ඵලක් නැති බව පෙනෙනවා.. අඩුතරමෙ පරිස්සමට බොන්නකො එහෙනම්...

    ReplyDelete
    Replies
    1. බොහොම දුක් ගැහැට විදලා පුරුදු වෙච්ච් පුරුදු නොවැ නංගෝ :)

      Delete
  26. කෙන්ජයියේ....

    Drink, But Don't Drive
    U & Others will stay Alive

    ReplyDelete
  27. සන්තෝෂයි කෙන්ජි අයිය ඉක්මනින් සුව වෙලා ආපු එක ගැන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි...
      මොකද දැන් ලියන්නේ නැතෙයි.

      Delete
    2. ඇයි අර ලියල තියන්නේ...

      Delete
  28. කොහොමහරි දැන් හොදින්නම් එච්චරයි.. මෙච්චර වැඩිහිටියන්ට උප්දෙස් දෙන්න අපිට බෑනේ ඉතින්.. නමුත් පරිස්සමින්..

    ReplyDelete
    Replies
    1. පොඩි හිටියො කියන ඒවත් මම අහනවා මල්ලි.

      Delete
  29. හයියෝ.. ඇවිල්ලා ;)

    ReplyDelete
    Replies
    1. මැරෙනකම් ද තෝ බලන් හිටියේ.

      Delete
  30. ගෙට් වෙල් සූන්...!
    මම ඔහේට කියන්න ඕනේ කෙන්ජි ඇට් ජපෑන් කියලද? එහෙම නැත්තම් කෙන්ජි ඇට් මැලේ කියලද?

    ReplyDelete
    Replies
    1. ඇට් කෑල්ල හලලා කතා කරපන් බන්.

      Delete
  31. කෙන්ජියගේ පැමිණීම ගැන සතුටුයි..බීමනම් එච්චරම හොද නැතෝ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...ඒක තමයි නේද?

      Delete
  32. " ලෙඩ සුව වෙන්න බෙහෙත් ඕනෑම නැතිය. "
    කෙන්ජිගේ "සියලුම" ලෙඩ සුවවී නෑතයි සිතමි. මන්ද එසේ වුවහොත් ඔහුගේ පොස්ට් සහ කොමෙන්ට්ස් වල කිසි ගතියක් නෑතිවයාමේ අවදානමක් මතු විය හෑකිය.
    Welcome back Kenji ! :-)

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්..හේ...උඹ තමයි නියමෙට තේරුම් ගත්ත පුතය.
      Thanks මචං....

      Delete
  33. මේ තරම් සුවවීම ගැන නම් ඇත්තටම සතුටුයි..:)
    හිත නම් ටිකක්වත් ලෙඩ වෙලා නෑ වගේ නේද...?? නියමයි.... :)
    get well soon Kenjiiiiiii..... !!!!!

    ReplyDelete
    Replies
    1. මගේ හිත ගල් හිතක් නේ නගා.
      Thanks සදා ....

      Delete
    2. මං හිතුවේ වල් හිතක් කියලා ...හිකිස්

      Delete
    3. ඉවාන... තෝ පරිස්සම් වෙලා හිටු ...
      මුන ගැහුන දවසකට කරන්න ඕන දේ මම ප්ලෑන් කරලා තියෙන්නෙ හරිය...

      Delete
  34. යකෝ මාමෙ (මෙම කීවට තරා වෙන්න එපාය) යකෝ බොගෙ ඔය ලැජ්ජ නහරෙ කව්ද කැපුවෙ යකෝ.. නැත්තං ඕ වගේ නෝබිනා කතා කීනවද හැබෑටම මං අහන්නෙ...
    මං නං අහල තීන්නෙ රෑ වැටුණ වලේ දවල් වැටෙන්න එපා කියලාය... හැබැයි මෙයා ඇස් දෙක ඇරගෙනම වලට පනින්නේය...
    බොරු කියන්නෙ මක්කටද මං නං බොන එකට කැමති නෑ ඕන් කීව...
    හ්ම් හ්ම් ඉක්කණට අපිට බලන්න කතාවක් කීව නං

    ReplyDelete
    Replies
    1. හෙක්...හෙක්.....
      ඉක්මනට ලියන්නම් මහත්තයෝ...

      Delete
  35. එල...දැන් ඉතින් කලින් මෙන් මෙහි කෙළි කරමු...
    ඒත් පරිස්සමින් බීපන් කෙන්ජි අයියේ.....

    ReplyDelete
    Replies
    1. කෙළිමු...කෙළිමු...
      හරි මල්ලි.

      Delete
  36. මේකව හම ගහලා වැඩක් නෑ... හම එනකං ඉඳලා ආයිත් බොන්න පටං ගනී... හි හි

    අනේ ඕනෙ තරං බිව්වට කමක් නෑ... හැබැයි බීලා ඩ්‍රයිව් කරලා, පාරේ ඉන්න මොකෙක් හරි මරාගත්ත දවසට තේරෙයි වැඩර් වගේ මං නවත්තන්නෑ බොන එක කිව්ව මෝඩකම කියල...

    ReplyDelete
    Replies
    1. හික්..හික්..
      මිනිබිරි යමක් කියනකම් තමා බලන් හිටියෙ.
      මම බිල ඩ්‍රයිව් කරන එකෙක් නෙමේ බොල.
      මේක මගේ වෙලාවට වෙච්චි දෙයක්.

      Delete
  37. උඹේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ප්‍රශ්ණ ගොන්නක් මතුවුනා. ඒවටත් උත්තර දීපංකෝ ඩ කඩ ලැබෙන විදියට.

    ReplyDelete
    Replies
    1. මොන ප්‍රශ්නද බන්..
      අහන්න තියෙන ඒවා අහන්න කියපන් මචං ඕන එහෙක්ට.

      Delete
  38. ඉක්මනින් සනීප වෙලා වර සහෝ....වැඩිය බිලා එලවන්න එපා සහෝ...මත් කට්ටක් කෑවා එදායින් පස්සේ වැඩි වගේ නම් අයිනක් අල්ලලා නිදාගන්නවා

    ReplyDelete
    Replies
    1. හරි සහෝ....හරි සහෝ...
      එහෙමද?

      Delete
  39. සුවෙන් සිටීම ගැන සතුටුය... බීල එලෙව්වට කමක් නෑ හප්ප ගන්නේ නැතුව... හැප්පෙනකම් මොකාවත් දන්නේ නෑනේ බිලද එලෙව්වේ කියල හෙහ් හෙහ් ...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත මල්ලියො.
      Thanks පැතුම් මල්ලි.

      Delete
  40. හ්ම්ම් උබ හොදින් නම් එච්චරයි අයියෙ.ඉකමනට සුව වෙයන්.පඩි ටොක් දෙන්න ඔන නැ.උබගැන බලාගන්න උබට තෙරෙනව නේ.

    ReplyDelete
  41. සතුටුයි නැවත පැමිනීම. මෙන්න වැන්දා.. බොන එක නවත්තපන් අයියේ....

    ReplyDelete
  42. කෙන්ජි අර බල සේනා නිකායට බෑදුනද? ඒකෙ මහානායක වගෙ ඉන්න නානසාර හිමියනුත් ඕකම කලා නේ. හබෑයි පොලිස් පොතේ ඒකනම් ලියවුනා

    ReplyDelete
  43. දැන් සනීපද මන්ද? එහෙම නෙවි නම්, ඉක්මණට සනීප වෙන්න කියල කියනවා :)

    ReplyDelete