Monday 3 March 2014

ජපන් ක්‍රමයට මස් බදිමු

ඔන්න මට නලින් කිව්වා කෑමක් හදන හැටි ලියන්න කියල....ඔව් ...වොව්....මම කාපු /කන වල් කෑම නෙමේ මෙයාල දරුවොත් එක්ක එක පතේ කන්න ඇහැකි කෑමක් ගැන....මුලින්ම කුකුල් මස් හදන ක්‍රමයක් කියන්න අයියේ .... කියල කිව්වේ අලුත විවාහ වෙලා දැනට පනසේ වෙසෙමින් ඇනෝ කමෙන්ට් කරන පතරංග සහන් මල්ලියා....ය ..දෙවැනිව අනේ....කෙන්ජි මල්ලි ජපන් කෑමක් හදන හැටි ලියන්න කිව්වේ අපේ ගම කිට්ටුව නයිනමඩමේ වෙසෙන ගුරුතුමී අක්කි නිල් මහනෙල්ය.....
...........................................................................................................
මුලින්ම අවශ්‍යය මිශ්‍රණය සාදාගමු....
මෙය අපට උවමනා ලෙසට සෑදූ මිශ්‍රණයකි.පහත ඉදිරිපත් කරන යු ටියුබයේ ජපන් ක්‍රමයට ටිකක් හෝ ගොඩක් වෙනස්ය ....

# පොතු හැරගත් අමු ඉගුරු ග්‍රෑම් 50යි.
# " " සුදුලූනු ග්‍රෑම් 50යි.
# ලයිට් සෝයා සෝස් තේ කෝප්ප 1/2යි.
# ගම්මිරිස් කුඩු සහ ලුණු 

# කටු රහිත කුකුළු මස් තනි කටට හෝ කටවල් දෙකකට තමන් රිසි සේ කපා සෝදා හොදින් මිරිකා වතුර ඉවත් කර වටකුරු බාජනයක බහා පසෙක තබාගන්න.කිලෝ 1 ක්.

ඉගුරු සහ සුදු ලුණු සිහින්ව ග්‍රේටර් (උරච්චි )කරගන්න.එසේ කරගත් දෙජාතිය සහ සෝස් සමග තමන්ට ඇති පමණ ගම්මිරිස් කුඩු මස් බාජනයට දමන්න.දැම්මම ලුණු එකතු කිරීම සපුරා තහනම්ය.ඒ මන්ද කියා ගොන් ප්‍රශ් අහන්න එපාය.සෝස් ලුණු රසයෙන් යුක්ත බව ඕන මොලේ කළදක් හරි තියෙන උන් දන්නවාය.

මම නම් දමන්නේ ජපන් කිකොමන් බ්‍රෑන්ඩ් එකේ සෝස්ය.ඒවා ඔය "ගෙදර යනගමන්"පොඩි සුපිරි කඩවල නැති වෙන්න බැරිය.ලබ්බේගිනි කාර් තියෙන රටේ ඔය රෙද්ද නැතිවෙන්න නොහැකිය.
දැන් බාජනයට දමාගත් සියල්ල විනාඩි 5 ක් පමණ හොදින් අතේ ගහන්නය.අප්පට සිලිය ....වල් කතා ලියවිල්ල තවමත් නතර වී නැති හැඩය...හොදින් අත දමා කලවම් කරන්න.ඉන්පසු මැදට දබර ඇගිල්ල අඩියටම ඔබා එම ඇගිල්ල දිව ගා ලුණු රසය බලා....... තමන්ට ඇති පමණට ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.කිසි විටක පිරිමි උදවිය මැද ඇගිල්ලෙන් රස නොබලන්න.මොකද වෙනත් රස ඒමට ඉඩ තිබෙනවාය.ඉන් පසු හොදින් වසා බ්‍රිජ් එකට දමා විනාඩි 15 ක් පමණ තබන්න.

විනාඩි 15 ට පසු ඉවතට ගෙන පාන් පිටි කප් එකක් පමණ දමා දිය ගතියට හිටින සේ කලවම් කරගන්න.දියාරු ගතිය වැඩි නම් ඔබට රිසි පමණ තව පාන් පිටි ස්වල්පය බැගින් එකතු කර කලවම් කරන්න.ඉන්පසු කෝන් පිටි ටිකෙන් ටිකෙන් එකතු කරමින් මස් කැබලි වියලි ගතියට වෙන්වන සේ ගත හැකි ලෙස සකස් කරගන්න.පසුව ගැඹුරු තෙලේ බැදගන්න.මස් කැබලි තෙලට දැමීමට පෙර කැබැල්ලේ ඇති වැඩිපුර තැවරී ඇති කෝන් පිටි ගසා දමන්න. වෙන දේවල් බැදපු තෙල් වලින් බදින්න එපාය.රසය වෙනස් වනවා අනිවා ය.

බැදගත් මස් කැබලි එලෙස මද රස්නයෙන් ආහාරයට ගන්නවා සේම,ලෙටස් කොළ වල තබා මයෝනිස් තවරා දවටා දරුවන්ට දිය හැක.
මෙම මිශ්‍රණය ඌරු මස් කැබලි හෝ කුකුළු මස් වල පෙරදා රාත්‍රී කලවම් කොට බිජ් එකේ තබා පසුදා දහවල් BBQ කොට කන්න හැකිය.කුකුල් කකුල් වල සිහින් පිහිතල පහර කීපයක් ඇද සහ වල්ගෙ කොටාගේ ලොකු පෙති වලට ගෑරුප්පුවකින් කොටා මිශ්‍රණය පෙර දින කලවම් කොට තබා බේක් කොට ගත් විටද රසවත්ය.

වැඩි ගණන් දීල ගන්න එක එක විෂ සෝස් වලට වඩා මටනම් මෙය රසවත්ය.
සිය පවුල සමග එක වරක් රස විද බලන්න.
මට නම් පවුලක් නැති නිසා දරු දෙදෙනා සහ එයාලගේ මිතුරු මිතුරියන් සමග මසකට දෙසරයක්වත් රස විදින්නෙමි...... Enjoy .............

126 comments:

  1. ඔයිශී සෝ......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්.....
      දන්නව ඇතිනේ රස.....

      Delete
  2. මම නිර්මාංශිකයි නෙ. කන්නෙ හරක් මස් විතටමයි. හික්… හි… ;)

    ඔක්කොමත් හරි කෙන්ජි අයියෙ කරන්න බැරි අර අර ටිකනෙ. අර අර අර.

    ReplyDelete
    Replies
    1. කොහොම උනත් වයිෆරේට කියලා හදව ගන්න බලමු. හැබැයි මේවා හදලා දියන් කියලා අන්තිමට හම්බවෙන බත් පතටත් කෙළවෙයිද දන්නෑ. ;)

      Delete
    2. කොයි ටිකද අනේ කොරන්න බැරි....?
      වයිෆ්ට කරදර කොරන්න එපා...එයාටයි,බබාටයි නිවාඩු දවසක උඹ හදල කවපන් මල්ලි.

      Delete
    3. සික් මේක කන්නෙ මේකගේ ජාතියෙම මස්නෙ :D

      Delete
    4. ටයි කොරලා බලමුකො කෙන්ජි අයියෙ. වැඩේ තියෙන්නෙ මට ඔය විශය පථයට තියෙන උත්කෘශ්ට සහජ 'නො'හැකියාව තමා. හි…

      කරන්න බැරි ටික අප්පා අතේ ගහන්නලු, දිව ගාන්නලු, ඇඟිල්ල දාන්නලු. ඒවා දැක්කම කෑම උයන එක පැත්තක තියලා වෙන වැඩනෙ. හි… ;)

      Delete
    5. පල සසිඳුවො යන්න. මම ඕන මසක් කනවා බොල. හික්… හි…… :)

      Delete
  3. ආයේ ඕක හදපු වෙලාවක අපිට කිව්වනම් ඉතින් ඇවිල්ල කාල යන්නම තිබ්බ.. මොකට නිකං අපිත් මහන්සි වෙනවද හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. හෙක්...හෙක්... බලමුකො පුතාගෙ යාලුවන්ගෙ අම්මිල එන දවසක් තිබුනොත් දවසකට කලියෙන් දන්නවනම් පැතුමො ....

      Delete
  4. යකඩෝ මෙන්න මේකා කෑම හදන හැටිත් උගන්නනවා....
    ලුණු බැලිල්ලනම් නියමයි..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හිතුවෙ කෑම කන්ඩ විතරයි දන්නෙ කියලද විදානෙ ...?
      එහෙම තමා ලුණු බලන්න ඔනෑ .
      ජය......!

      Delete
  5. අරුම පුදුම කෙන්ජි කෑම!

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්... වරක් හදල කාලම බලන්නකො මෙයා.....

      Delete
  6. මොකෝ මචෝ චෙෆ් වැඩේට බැහැල,මොන වැඩේ කලත් කටට එන දේ නොකිය ඉන්න බෑ නේද බං.

    ReplyDelete
    Replies
    1. අද ඊයෙ නෙමේ මචං චෙෆ් වැඩේ....
      අනිවා කටට එන දේ කීම මගෙ ඉට්ටයිල් එකනෙ බං ....

      Delete
  7. හොඳ රසට හිටියි කියලා හිතෙනවා. අපි ඔය විදිහට බයිට් හදනවා. හැබැයි පිටි එකතු කරලා නෑ. මේ විදිහට හදලා බලලා ගුණ අගුණ කියන්නම්. උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. හිටියි නෙමේ ...හරි පදමට හැදුවනම් රසයි මචං ..
      නෝනටයි,දෝනිටයි වරක් හදල දෙන්න.

      Delete
  8. හා.... මස්.මං කන්නෙ නෑ බොලං... කන ඈයන්ට වැදගත් වෙයි... පුළුවං නං ඊළග පාර වෙජි කෑමක් හදන හැටි දාන්න... අපිත් කැමති නොවැ ටිකක් වෙනස් විදියට කන්න නැද්ද මං අහන්නෙ

    ReplyDelete
    Replies
    1. ඉන්න වෙජි විතරක් කන කෑමක් දෙන්නම් ලගදීම.

      Delete
    2. //හා… මස්.මං කන්නෙ නෑ බොලං…//

      උඹ කන්නැත්තෙ හා මස් විතරද බං? හි… ;)

      Delete
    3. වෙජි වට්ටෝරුවක් දානවනං මාත් මනාපයි. (මං වෙජි නිසා නෙමෙ, වෙජි කෑම වලට වඩාත් කැමති නිසා )

      Delete
    4. හා.....
      සලාද මකි කියල මැදට සලාද තබල මුහුදු ශාඛ වියලා සකස් කල නොරි කියන වියලි කොලය ,කුඩා ඉරටු පැදුරක් වැනි දෙය මත තබා නොරි කොලය උඩ බත් තවරා ඒ මත සලාද මිශ්‍රණය තබා රෝල් කර කුඩා රවුම් කෑලි වලට කපල එක කටට කන කෑමත් රසයි...

      Delete
  9. ඔන්න අපේ ඇත්තී සටහන් කොරගත්තා මේක. යකෝ, මටයි නහින්ඩ වෙන්නේ අර 'රෙද්දේ සෝස්' හොයන්ඩ.

    ReplyDelete
    Replies
    1. අර කියුවා වාගේම කීල්ස්සුපර් වලයි කාගිල්ස් වලයි බඩු තියෙනවා.කික්කොමන් නම් ටිකක් ගනන් ඇති. ටර්කී බැන්ඩ් ඒකේ එක රුපියල් සීයකට වැඩි වෙන්ඩ බෑ

      Delete
    2. කිකෝමාන් තමයි මිළ වැඩිම.

      Delete
    3. අමාරුවක් නැතිව ඇති විචාරක තුමනි හොයා ගන්න.ඔය ගයියයි කකායි කියල තියෙන්නෙ ඒකෙ වටිනාකම.

      Delete
  10. එළනේ!!!
    ඉස්සරහටත් මේ වාගේ කෑම හදන ලිපි දාන්ඩ.
    ලංකාවේදී අමුද්‍රවය හොයා ගන්න බැරි වේයි කියලා බය වෙන් වෙන්ඩ දෙයක් නෑ .ජපන් කෑම උයන්න ඔනෑ කරන ඔනෑම දෙයක් කොල්ලුපිටියේ සුපර්මාර්කට් ඒකේ ගන්න තියෙනවා.

    කෙන්ජීට සහන්ව කන්ටෑක් වුණාද???

    ReplyDelete
    Replies
    1. දාන්න නම් පුළුවන් ගයිය අපේ කට්ටිය කොහොම හදයිද දන්නෙ නැහැ.
      කොල්ලුපිටියෙ සුපර් එකේ කෙලවරට වෙන්න තිබුන ෂොප් එකෙන් තමා මම ගත්තෙත්.
      කාලෙකට පෙර ගියාම ඒක වහල තිබ්බ.
      කකායි,රයිගමයි නම් ඉතිං කෑම හදන්න දෙයියල නිසා හදයි.
      නැහැ බං සහන්ට ඉස්සර නම් අතුරුදහන් වෙලා හිටියම මේලක් විදිනව.මෑතකදී නම් එහෙම කලේ නැහැ.
      මොන මගුලකට වහං වෙලා ඉන්නවද මන්ද බං .

      Delete
    2. කිව්වම මතක් වුණේ. එතැන නැති දෙයක් නෑ. තව බොරැල්ලේ මයික්‍රෝ ෂෝ රූම් එකට අල්ලපු කඩේ(සුපර් මාර්කට් පොඩ්ඩක්) මේවා තියෙනවා කියලා ගහලා තියෙනවා. ටික දොහකට කලින් නාරාහේන්පිට පාරක් රෝඩ් එකෙත් තිබ්බා නැගෙනහිර ආසියානු බඩු විකුණන තැනක්.

      Delete
    3. එක තමා නැති වෙන්න විදියක් නැහැ දැන් ලංකාවෙ.

      Delete
  11. මාත් වෙජිටබලෙක් නෙ. ඒත් මේක මතක තියා ගත්ත ඕන වුනු වෙලාවක ප්‍රයෝජනයට ගන්න.. ඉදිරියෙදිත් අනෙක් ලිපි අතරට මෙහෙම ඒවත් දාන්න.

    ReplyDelete
    Replies
    1. එහෙමද...?
      ලගදීම බොටත් එක්ක දෙන්නම් වෙජියක්.

      Delete
  12. මේක කියවනකොට කටට කෙළ උනපු හැටියට කෑවට පස්සෙ මොනව වෙයිද කියල බයත් හිතුනා. ඈ බන් කෙන්ජියො උඹට පවුලක් නෑ කියල අන්තිමට කියල තියෙන එක දැකල දුකකුත් හිතුන.

    ReplyDelete
    Replies
    1. කෙළ උන උන ඉන්න එපා යකෝවූ ..... හදා ගෙන කාහන් ....
      මොනව කරන්නද බං ... එක එක ජිවිත වල හැටි තමා...
      හැබැයි මගේ ජිවිතේ ගත කරන්නෙ හරිම සතුටිං .

      Delete
  13. පිස්සු කොර. චයිනිස් ඔක්කොම මෙහෙ තියෙන එකේ එහෙනම් දැන් කෙන්ජිගේ ජපන් කඩේ පටාන් ගන්න බැරියෑ. පස්ට පස්ට

    ReplyDelete
    Replies
    1. සිංදුවක් ගහගෙන හදල බලපං එල...

      Delete
  14. おいしい... නේ...??
    මහන්සිවෙලා ලියපු එකේ හදලම බලන්නම්කෝ කෙන්ජි... :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්....
      නංග දෝනිටයි හබීටයි හදල දීල කියන්නකො රසද කියල.

      Delete
  15. මස් ජාති හෝදන්න එපා.

    මස් තියා එලෝළුවත් කෑලි කැපුවට පස්සේ සෝදන්න එපා.

    Deep fry නොකර නිකම් fry කරන්න බැරිද?

    මේවා කන්න sweet chilli සෝස් එකක් ද ගැලපේවි කියා සිතමි.
    මං ලඟදී දවසක ශුෂී හැදුවා. ඒ ගැන කතන්දරයක් ලියන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. එළවලු,කොළ වර්ග නම් හෝදල තමයි කපන්නෙ.මස් නම් කෑලි කපල තමයි හෝදන්නෙ.ගෙඩිය පිටින් හෝදල කැපුවම ලේ මට අප්පිරියයි.
      >>Deep fry නොකර නිකම් fry කරන්න බැරිද?<< හෑ .....????????
      ශුෂි & සලාද මකි දුවයි පුතයි කැමති නිසා නිතරම හදල දෙනව.
      හැබැයි නියම රසය විදිනවනම් සෝස් වර්ග භාවිතය සුදුසු නැහැයි කියලයි මම නම් හිතන්නෙ.
      තෙල් කෑම නොකන අයට ඔය මිශ්‍රනයම යොදල බේක් හෝ BBQ කරල කන්න පුළුවන්.

      Delete
    2. කෙන්ජි, සතුන් නාවන නිසා මස් එතරම් හෝදන්න අවශ්‍ය නැහැ. අනික තමා උයන එක මධ්‍යසාර පානය කරමින් කරන්න හොඳ නැහැ. මොකද අන්තිමට අනිත් අයට කන්න සමහර විට ඉතුරු වන්නේ ඔය බෙල්ල, කටු කෑලි වැනි කොටස් පමණක් නිසා.

      Delete
    3. >> කෙන්ජි, සතුන් නාවන නිසා මස් එතරම් හෝදන්න අවශ්‍ය නැහැ. << හ්ම්ම්....කෑමට පෙර හෝදලා ගත්තම ඇති ලොකු අයියෙ ...හෙක්...හෙක්.....
      ඇත්තටම රයිගම මම කොහොමත් කෑමක් හදන්නෙ කීප දෙනකුට හෝ කට්ටියකට සංග්‍රහ කරන්න.එවෙලෙ රස බලනවා හැර වැඩිපුර කෑමක් මම නැහැ,හැබැයි ඉතිං තොල් පෙති සීතල කරමින් උගුර තෙමන වැඩේ වෙනව.එවෙලාවට වට්ටක්කා හෝ සූරියමල් seed හපන එක තමයි ගොඩක් වෙන්නෙ.
      නිතර කටු රහිත භාවිතා කරන නිසාත් 20 ක් එනවානම් 30 ට විතර සුදානම් කරන නිසා ගැටලුවක් නැහැ... :)

      Delete
    4. මස් හෝදපුවාම මස්වල ෆ්ලේවර් එක වතුරට යනවා. නිකම් හිතපන් උඹ රෝස්ට් එකක් හෝ ස්ටේක් එකක් හදන්න ඉස්සෙල්ලා මස් හේදුවොත් ඒක ඇතුලට යන වතුර නිසා මස් බොයිල් වෙනවා රෝස්ට් හෝ ග්‍රිල් වෙනවා වෙනුවට. ඒක සම්පූර්ණයෙන්ම කුකින්ග් මෙතඩ් එක වරද්දනවා. කරි එකකට, ස්ටූ එකකට වුනත් මස් හෝදනවාට මම නම් කැමති නැහැ. තමන් මස් ගන්න ශොප් එක පිලිබඳ තමන්ට විශ්වාසයක් තියෙන්න ඕන ඉතින්. ලංකාවේ මස් විකුණන විදිහ ගැන නම් හරිම සැකයි.

      Delete
  16. සහන් කතා කරාද බං

    ReplyDelete
    Replies
    1. එහෙනං අරහෙම කියුවේ

      Delete
    2. අඩෝ ..අටම...තෝ මගෙන් හරස් ප්‍රශ්න අහන්නෙ ....උඹ මේකෙ DIG අනුර සේනානායක කියල හිතාගෙනද......??????

      Delete
  17. කෙන්ජි මේක වැරදියි මස් වලට ලුනු දාන්න එපා සෝයි සෝස්වල හොදට ලුනු තියනවා මේකට දාන්නේ සෝයි සෝස් සකේ සහ මිරින් එක කිලො එකකට 45මිලි ලිටර විතර එකට බිත්තර4ක් විතර දාලා කලවමි කරන්න .පාන් පිටි දාන්නේ නැ. දාන්න කතකුරි නොහොත් අල පිටි ලන්කාවෙනමි කොන් පිටි දාලා 100ගෑමි විතර. කලවමි කරන්න හොදින්. බැදලා කන්න . චාන්තො ඔශිඑතේයො

    ReplyDelete
    Replies
    1. ඔබ හරි මචෝ..... මට මමා සාන්ල ,ඔබා සාන්ල එයාලගෙ ගෙවල් වලදී හදල දුන්නෙ ඔහොම තමා....
      පසු කාලීනව කොල්ලෝ සෙට් එක එක්ක ඔය විදියට අපේ රටේ විදියට ලුණු&දැවිල්ල දාගෙන මම හදපු මිශ්‍රණය මේක.
      ජපන් අය මිරින්,සකේ වගේම සීනිත් කෑම හදද්දී දානවනෙ ලුණු නොදැම්මට..
      thanks මචං අදහස් ඉදිරිපත් කලාට .

      Delete
    2. You are welcome කෙන්ජිසන් මමා සන් ඔබාසන් දායිස්කි වගෙ නේ.මෙක කන්න තව රසවත් විදිහක් කියන්නද විනාකිරි100මිමි වලට සිනි කලවමි කරලා බැදපු මස් කලවමිකරන්න . මයනේස් හරි දරැතරැ සොස් එක්කත් හරි රසයි

      Delete
    3. එළකිරිස් මචං ... ඔන්න ඔහොම අපේ අයව දැනුවත් කරනව නම් කවුරුත් කැමතියි...
      උඹ ඉතිං දන්නව ඇතිනෙ හැඩකාර,විසේකාර කොල්ලන්ට මමාසාන්ලා,ඔබාචාන්ලා කොච්චර ලයික්ද කියල :) :)
      මේ කනගාව කෙන් සමාද.....??

      Delete
    4. නැ කෙන්ජි සන් මම තොකියො හිටිය ලොක්ක්යියා. අවුරැදු12ක්ම සකුරාමල් වල සුවද විදලා දැන් මහරැජිනගෙ අඩවියෙ අල පෙති කනවා.
      ජපානය කැම වගෙම කොයිතරමිදෙ තියෙද ලන්කාවෙ අයට රසවිදින්න අනුගමනය කරන්න .කෙන්ජි සන් ටිකටික ලියන්න හැමදෙම ජපානය ගැන
      ඇත්තටම ලොකෙ සුපිරිම රට ජපානය මටනමි

      Delete
    5. අනිවා මචෝ...මම ජපානයට හැම දාම ආදරෙයි....
      අරිගතෝ.....

      Delete
  18. කෑම හදන හැටියට අමුතු රැසක් එයි වගේ ...එත් වැඩේ තියෙන්නේ ජපන් හරි ඇමරිකන් හරි ක්‍රමේට හැදුවා කියමුකෝ ..කන්න වෙන්නේ ශ්‍රීලංකන් කරමෙට නේ ...?

    මේ එතකොට ඔයා දැන් "පියඹා යනවා මා ආකාසයේ ..අවසානයි ප්‍රේමාදරේ ..ගිරවෝ කොවුලෝ මිදුනා මා ආදරේ ..." ද?

    ReplyDelete
    Replies
    1. ඉවාන් ක්ලැරන්ස්ගෙ ලස්සනම ලස්සන සින්දුවක් මතක් කරලා... කමෙන්ට් එක දාන්න කලින් ආයෙම ඇහුවා... :D
      https://www.youtube.com/watch?v=j7r1jwH6jg4

      Delete
    2. ඉවාන් මල්ලි මං අදටත් හරියට කෑමක රස විදින්න උනාම අතිං අනාගෙන කනව .විශේෂයෙන් තෝසෙ,ඉදිආප්පන් වැනි දේවල්.
      නමුත් ලෝකයා ඉදිරියෙ ලස්සන සිලි ලංකාව හෑල්ලු කරන්න බැරි නිසා ජපන් කෝටු & රැජිනිගේ රටේ සවල් බවල් උපයෝගී කරගන්නව කන්න....
      ඔයාලටත් කවද හරි අත්දැකීම් ලැබෙයි.....
      හ්ම්ම්ම්...සිංදුවට මියුරුත් සහයක් දීල.... TQ :) :) ....

      Delete
    3. "ඔයාලටත් කවද හරි අත්දැකීම් ලැබෙයි....." මොකද මේ අමුතුම ටෝන් එකක් ,ඔන්න තොපිටත් කවද හරි අත්දැකීම් ලැබෙයි හු........කියල කිව්වනම් වගේ නිකං ඇඟට වදිනවා අම්මප

      Delete
  19. එල ඈ කෙන්ජයියෙ :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් හරි.... මල්ලි... :)

      Delete
  20. සස ඇති නේද කින්ජි අයියේ...

    ReplyDelete
    Replies
    1. හෙක්...වර චැට් කොරන්න ....එතකොට කියන්නං සස සහස් ..... :)

      Delete
  21. මං පොර මස් අනුභව කොරන්නෙ නැතිය ,කොම වුණත් කියලා දෙන්න හොදා ..කාට ද ??හැක් හැක් ගුටි කන්න වෙන්නෙ නැනේ ...බඩු ටිකට කොච්චර විතර තට්ටු වෙයිද කියලා ඔය පවුල් කාරයෝ එහෙම දන්න කෙනෙක් කිව්වා නම් ??

    අශ්චර්‍යමත් ලන්තේ අපි ඉන්නෙ ..එකේ මිල ගණන් අඩුයි නේ කොමත් ...(ජන්දේ කාලෙට )

    ReplyDelete
    Replies
    1. ඉන්න පුත්‍රයා එළවලු විතරක් දාල හදන සිම්පල් දෙයක් දෙන්නං ...
      මම කිව්ව දේට එච්චර යන්නෙ නැහැ බං ...
      චන්ද මතක් කොරන්න එපා හරිය ...

      Delete
  22. හොඳයි හොඳයි. ඉඳල හිටල හරි ජපන් ක්‍රමයට කුකුළෙක් කාල බලන්න බැරියැ.
    හැබැයි ඉතිං ජපං කුකුළොයි ලංකාවෙ කුකුළොයි වෙනස් ද මන්ද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... ප්‍රසා ...ඇත්තටම වෙනස්....

      Delete
  23. ෆ්‍රී රේන්ජ් කුකුලෙක්ද?

    Kobe beef ජපානෙත් ඩිමාන්ඩ් තියන හුගක් ගණන් දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. PJ උඹ හරියට හරි ....
      මම හරක් මස් කන්නෙ නැහැ කිව්වම "තවකෙ"(පිස්සා) කියල කොච්චර කියල ඇද්ද මචං ..
      හෙන ගනං කෑමක්...

      Delete
  24. //ලබ්බේගිනි කාර් තියෙන රටේ ඔය රෙද්ද නැතිවෙන්න නොහැකිය.//

    ජපන් කෑම සහ ingredients විතරක් විකුනන තෑනක් බොරෑල්ලෙ තියනව (මම ඈතුලට ගිහිල්ල නම් නෑ) . ලෑම්බොගිනි කඩේට ටිකක් රාජගිරිය පෑත්තට පාරෙ අනිත් පෑත්තෙ.

    ReplyDelete
    Replies
    1. මේ විදියට හැදුවම රස ඇති කියලා හිතෙනවා... හදලා බලන්න ඕන... පොඩි එවුන් ගොඩක් ආස වේවි...

      Delete
    2. එහෙමද බොරැල්ලෙ මම දන්නෙ නැහැ බං ....

      @ මියුරි ...උඹේ පොඩි එවුන් 07 දෙනාට හදල දීපං කෙල්ලෙ ... :) :)

      Delete
  25. තැන්කුයි කෙන්ජි මේක මම හදනවා අනිවා....අර ඔමායා දැරිවි ලංකාවට ආවාම මේව හදලා කැමකට ආරාධනාවකුත් කළා මේ දැන්.. උඹට පින් දිදි කන්නම් අපි

    ReplyDelete
    Replies
    1. ඔව් නලිය .....ඕමා කීව .....හැක් .... දුවල දෙන්න එක්ක එකතු වෙලා නිවාඩු දවසක හදල බලන්න නලින්...එයාල ගොඩක් ආස වෙයි....

      Delete
  26. යකඩෝ කෑමක් හදන හැටි දාලත් පය 24ක් යන්න කලින් මුට කොමෙන්ට් 50කම වැටිලානේ..... මේකට මොකද කරන්නේ

    ReplyDelete
    Replies
    1. පැහැදිලි ඊරිසියාව හික්ස්

      Delete
    2. හැක...හැක...අඩෝ ....මැලේ ....මේකට තමයි බ්රුක්ෆිල්ඩ් පංසලේ සාදු ....බුදු සාදුගෙ බයිල වල එන "පිං" ගැන කියන්නෙ ...

      @ නලී ... මැලය ඇවිල්ල බොක්ක පිරිසිදු හදවතින්ම අවන්කයෙක් මචො ...
      මම ඌ ට ලගදීම සෙට් කරනව අවංක එක් දරු මවක්....

      Delete
    3. කෙන්ජා එන්නකෝ අනි ඉල්ලලා අඹ ගන්න ........ කියන කතාවලට .....

      Delete
    4. ඒ සතුට ඇවිල්ල සෙට් කරනව කිව්ව එකට වෙන්ඩ ඇති..... :)

      Delete
  27. භාජනය වටකුරු වෙන්නම ඕනෙද? :O

    අම්මට කියන්න ඕන හදල දෙන්න කියල දවසක ;)

    ReplyDelete
    Replies
    1. ඇයි ළමයො මිශ්‍රණය හොදින් කලවම් කරන්න ඇහැකි වන්නෙ වටකුරු උනාමනෙ ...
      අම්මට කියල මොකෝ එච්චරට තූති බාබි ද ඔයා අනේ.....

      Delete
  28. මෙන්න බොලේ කෙන්ජයියා චෙෆෙක් වෙලා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හෙහ්..... මාව බදින කෙල්ල ට ඉතිං සැපම තමා ......... තුං වේලම අතට....
      මෙන්න කොල්ලො හෙහ්...... :) :)

      Delete
  29. මදැයි කෙන්ජි අයියාගේ බ්ලොගේ දාපු පළවෙනි කමෙන්ටුව මකන්ඩ වුණා. ;) 

    ඔව්වා හදන්ඩ බැ හැබැයි හදලා දුන්නොක් කන්ඩ පුළුවන්. නැන්දම්මා කිවුවා එයාට පරිප්පුයි චිකනුයි බතුයි දුන්නම ඇති කියලා. වැඩි වැඩ ඕනේ නැ කියලා. හිකිස් ^_^

    ReplyDelete
    Replies
    1. අහ් ඇත්තද, හාකෝ..

      Delete
    2. අනේ එහෙම පොඩි අතපසු වීම් වෙනවනෙ ළමයො ගනං නොගන්න....
      ඇත්තද දිනේශ් මල්ලි මේ කෙල්ල කියන්නෙ ...
      ඔහොම කිව්වට වෙනස් කෑමක් නොහිතන වෙලාවක හදල දීල බලන්නකො නැන්දම්මා බුකිය පුරා ලේලිගෙ ගුණ වයන හැටි....

      Delete
    3. අනාගතයේ දිනේෂ්ට උයන්න වෙන පෙරනිමිත්තක් ද මේ

      Delete
    4. නැතුව නලිය ......

      Delete
    5. දැනටනම් ගිවිසුම් ගහලා තියෙන්නේ එක දවසක් මම උයලා දෙන්නම් කියලා..මේ විදිහට පස්සේ ශුවර් නෑ වගේ තමයි අෆ්ෆා..

      Delete
    6. මම හිතුව පස්සෙන් එල්ලීගෙන අහ් .....උහ් ..... ගාද්දී.... :) :)
      සුභ පැතුම්......... ජය වේවා...... !!

      Delete
  30. ඕං මමනම් කන්නෑ මේවා..කන්නෑ කිවුවොත් කන්නෑ මයි!

    ReplyDelete
    Replies
    1. අනේ PL ......... කොහොම හරි හදාගන කාපිය බං ...
      ලග පාතක හිටිය නම් හදල ප්ලේට් එකක් එවන්න තිබ්බ ....

      Delete
    2. හදල එවනවනම් ඔන්න කන එක ගැන හිතල බලන්න තිබුනා

      Delete
    3. මම හදන කෑම කන අය නිතරම ඉල්ලල කරදර කරනව .....
      ඔයා ට කොහොම වෙයිද මන්ද අෆ්පා ..... :) ????

      Delete
  31. වැඩේ නම් ඒ තරම්ම අමාරු නෑ වගේ නේ.. නිදහස් වෙලාවක හදලා බලලා බුකියේ ෆොටෝ එකක් දාන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. අමාරුවක් නැහැ මල්ලි.පිටි මිශ්‍ර නොකර බේක් & BBQ කරලත් රසයි.
      වල්ගෙ කොටාගෙ ලොකු පෙති එහෙම කරනව මම.
      මම දැක්ක උඹ මාළු මිරිස් පුරවල හදල තිබුන එක.කටට කෙල ඉනුව.මාළු මිරිස් පුරවපු එක මගෙත් No 1 ආසම කෑමක්.
      හදල පිංතුරයක් දාන්න මල්ලිය.

      Delete
  32. ආ බොල අයියේ නයිනමඩම කිට්ටුවලු ගම,,කොහෙද හැබෑට,,මමත් හරියටම ගෝනවිල,ඒත් බොරලැස්සත් ගම,,එක ගමක් නෑ ඔය ගම් දෙකතුනම මගෙ ගම...

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්...අඩේ ඩිලා මල්ලියා....
      මහ ගෙදර දුම්මලදෙණියේ ...එයිට පෙර කුඩාම කාලෙ මහා ගෙදර තිබුනෙ බන්ඩිරිප්පුවේ ආච්චිගෙ ගමේ.
      එහෙ ගමන් පහසු කම් කරදර නිසා තමයි පසු කලක දුම්මලදෙනියට ඇවිත් තිබෙන්නෙ.
      බොරලැස්සෙ දන්කොටුවේ ලුනුවිල මගෙ යාලුවො හිටිය ජෝශප් වාස් ආව.
      ජය වේවා මල්ලියා....!

      Delete
  33. නිවාඩු දවසක පොඩි එකීට හදලා දෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හදල දෙන්න සුදික මල්ලි.
      පොඩි අය කැමති කෑමක්.

      Delete
  34. Thanks Kenji. හදන්න ට්‍රයි කොරාලා බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කොරන්න දෙයක් නැහැ මචං .... පෙම්බරාවියගේ උපන් දිනේ ලගයිනෙ ...නෙලුම් මල් නැති නිසා පුතණ්ඩිය එක්ක එකතු වෙලා හදල කවපන් සර්..... :)
      කෝ ලොකු සර්... ඔයාගෙ ඇන්ඩි පැන්ඩි පරිවර්ථන ... පාලුයි බං ...

      Delete
  35. දෙන්නංකෝ ඉස්ම යන්නම.. අනිවා උඹ ආපු දවසට කවනවා වැඩි පුර මිරිස් දාලා ඕකම හදලා.. අනිවා.. වර..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්....... ඉස්ම නේ..... ????????????????උඹ ඇදවල් උඩ ඉස්ම බේරන ඒවා ගැන නම් චූ කොල්ලො හිටං ලියල තිබුනෙ බොක්කා....
      යකෝ මගේ රෙසපි තොපෙන් කන්න එන්නෙ නැහැ මම මචෝ ...
      බොක්කෙ සෙට් එකටම මාළු ඔලු නැතිව එල ජපන් කෑම වේලක් දෙනව with කැරට් 18 ටේ රත්තරං චිප්ස් තියෙන සකේ සමග .... හරිය.....

      Delete
    2. සික් ඕක කැරට් 22 න් දෙන්නකෝ. හැක්.

      Delete
    3. හොදින් එනව නම් කැරට් 24 මගෙ නම ගහපු බ්‍රේස්ලට් එකක් දෙන්නං බොක්ක....

      Delete
  36. කොහොමද රස... උඹ මෙහේ නවතින්න ආපු දවසක දාපං ජපන් ලංකා මිත්‍ර කෑම කඩයක් ඔය යකඩ බඩු කඩ ඔන තරං තියෙන එකේ ඔකක් දැම්මම මක් වෙනවද

    ReplyDelete
    Replies
    1. මං ඔහේ නවතින්න එන්නෙ නැහැ මචෝ...මගෙ නැවතීමේ තැන සුන්දර කැනඩාව ...තීරණය කරල ගොඩක් කල් බං ....
      හෙක්...හෙක්... පික්ෂුද ... විජේරාමෙ යකඩ ගොඩවල් අස්සෙ...... මගේ බ්ලොග් ලෝකෙ බොකකවල් වලට කන්න දීල පිට ගැස්ම හදවන්නෙ නැහැ මචං ...
      දේශාට දීල තියෙන උත්තරෙ බලපං ...

      Delete
  37. ස්තුතියි..... හදල බලන්න ඕනෙ......

    ReplyDelete
    Replies
    1. බලන්න ඕනෙ නෙමේ .... හදල ගෙදර අයටත් පෙන්නපන් මටත් කන්න විතරක් නෙමේ හදන්නත් පුළුවන් කියල...
      එච්චර අමාරුවක් නැහැ මල්ලියො ....

      Delete
  38. අනිවා මේ සති අන්තයේ හදලා බලනවා

    ReplyDelete
    Replies
    1. ජෝනා....හදල බලල විතරක් මදි..... කාල ගුණ දොස් කියපන් මල්ලි....

      Delete
  39. බලාගෙන ගියාම කෙන්ජයියා ඕල් රවුන්ඩර් කෙනෙක්නේ...ලඟදීම ගෙදර යන එකේ අම්මට කියලා හදවගන්න බලන්න ඕනේ...බැරිද අපිට කියන්න සකේ හදන හැටි එහෙම...

    ReplyDelete
    Replies
    1. හෙක්..හෙක්...තව දේවල් ලිව්වම රියදුරු මල්ලි මට මොනව කියයිද මන්ද .. :)
      මේක මල්ලි ඔයා හදල ගෙදර අයට දෙන්න....
      උයන එක මගේ විනෝදාංශයක්.... හරි සතුටක් ලබනව මං හදන ඒව අනිත් අය රස කර කර කද්දී...

      Delete
  40. අපේ තාත්තාත් හොදට උයන්න දන්නවා. ඔයත් දරුවන්ට රස කෑම හදලා දෙන කෙනෙක් වගේ ... අර මොනාලිවත් මැක්කා ගැන ලියනවා වගේ එහෙන් මෙහෙන් අනේකවත් ලියලා තියෙන්නේ,. සිනමාව ගැනත් මේ වගේ කෑම වට්ටෝරු ගැනත් ඔයාගේ කතාවල් අතරින් පතර ලීවොත් අපිටත් මේ පැත්තේ එන්න පුළුවන් වෙයි kenji සාන් :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්....මව් ලග නැති දරුවන්ට පියා එපැයි කන්න දෙන්න ළමයෝ....
      මගේ ලියවිල්ල ඔයා දන්නවනෙ ..ඉතිං ....
      මින්පසු ලියවෙන්නෙ ඔයාටත් කියවන්න පුළුවන් ඒවා තමයි...

      Delete
  41. මෙන්න කෙන්ජිය අලුත් ජොබක් පටන් අරගෙන..හි හි

    ReplyDelete
    Replies
    1. හැක් ...හැක් ....අලුත් නෙමේ බං ....ඒ කාලේ ඉදං කරන දේවල්....උඹත් කරල බලහං ....

      Delete
  42. This comment has been removed by the author.

    ReplyDelete
  43. කෙන්ජියා මෙහෙම ගියොත් මාරයාට හැලපෙට එහෙමත් තර්ජනයක් වෙයි වගේ.හි..හි.
    මොනවා උනත් අපේ වැයම සාර්ථකයි වගේ. ඔකේ ලොක්කා ඔන්න ඔහොම ආතල් පොස්ට් දාපං ඉඳල හිටලා කුණු කතාවකුත් ලියහන්. හැබැයි තැන තැන කටමැත දොඩන කොට දෙසැරයක් හිතලා කරපන්. ජයවේවා

    ReplyDelete
    Replies
    1. අනේ අනේ මචං මට කාටවත් නම් තර්ජනයක් වෙන්න ඕන නැහැ බං .
      අපෝ..... කුණු කතා නම් ආයෙ නැහැ බං .....කෙල්ලගෙන් බැනුම් අහන්න බැහැ ....
      නැහැ බන් මම මොනව හරි කියන්නෙ පඩි ටෝක් දෙන එවුවන්ට විතරයි.
      උඹටත් ජයවේවා....!!!

      Delete
  44. කෙන්ජයියත් පට්ට කුකෙක් නෙ බැලුවම.
    මෙ එක නෙමෙයි ඔක්කොල්මහරි අර බ්‍රිජ් එකට දාන්නෙ කොහොමද කියල තමයි තෙරෙන්නෙ නැත්තෙ :D

    ReplyDelete
    Replies
    1. අම්මට සිලි මගේ කටලට් එකක් කෑව නම් පස්සෙන් එයි.... හෙක්....
      හෙහ්...හෙහ්...බිජ් එකට දාන්න පෙර එදා වගේ පොඩ්ඩක් එලියට ගිහිං වැරෙන් ... :)

      Delete
  45. කෙන්ජියෝ......සෝයි සෝස් ගන්න කොට මේ වගේ වැඩවලට සෝයි ලයිට් සෝස් එක තමයි හොඳ. ඩාක් සෝයි සෝස් හොඳයි කෙලින්ම තාච්චියට දාලා උයන කොට. මස් සීසන් කරගන්න කොට ලයිට් සෝයි සෝස් පාවිච්චි කරන එක හොඳයි. මම නම් බ්‍රෑන්ඩ් නේම් එක එච්චර සලකන්නේ නැහැ මස් වර්ග සීසන් කරන කොට. ඩාක් සෝයි සෝස් වලට පාටගන්න කැරමල් කලරින්ග් වගේ දේවල් දානවා. හැබැයි කිකෝමාන් තමයි හොඳම.

    උඹේ රිසිපි එක නැගලා යයි .

    මම පොඩි වැඩක යෙදිලා ඉන්නේ. ඒ නිසා මේ සති දෙක ලැප් එකට යන්නේ හරි අමාරුවෙන්.

    ReplyDelete
    Replies
    1. හැක් ...හැක් ... අම්බෝ...වස්තුව ,,,නෙරංජ ...ඔය කියල තියෙන්නෙ ...
      මම බොරු කියල නැහැ බව මේවලින් පැහැදිලි වෙයි කාටත් මචෝ.....
      thanks පරක්කු වෙලා හරි ආවට ...

      Delete
  46. රෙසිපි එක කියවන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන් වුනේ අද ... හදලා බලමුකෝ එහෙනම් ..

    ReplyDelete