Wednesday 27 November 2013

ආගන්තුක සිහිනය



 මා නිවැරදි නම් ඒ 2011අවුරුද්ද විය යුතුය.මාසය නම් අප්‍රියල් බව සහතිකය.ඒ මගේ මව උපන් මාසය බැවිනි.මා සුරිච් නගරයට පිටත්ව යාමට ප්‍රධාන කරුණු දෙකක් විය.එකක් 25 වෙනි දින යෙදෙන මවගේ 65 ස් වැනි උපන්දිනය ඇය සමග සැමරීමටය.දෙවැන්න සති කීපයකට ප්‍රථම උපන් මගේ බාල සොයුරියගේ පළමු සිගිති පුතුව බැලීමටය.
නරිටා ගුවන් තොටින් ගමන් ආරම්භ කල මා ඩුබායි ගුවන් තොටට ගොඩ බැස්සේ ගුවන් ප්‍රවේශ පතේ සදහන් ලෙස අතර මැද මාරුවීම සදහා යෙදී තිබුන බැවිනි.පෙර ගුවන් ගමන් වාර වලදී පැය තුනකට ආසන්න කාලයක්,කල්මැරීම යනු මගේ සිතට ඉමහත් වද දුන් ගැටලුවකි.අවුරුද්ද ගැන දැන් මගේ මතකයෙන් නිවැරදි විය.


එනම් එම වර්ෂයේ පෙබරවාරි මස සිට සිංහල බ්ලොග් අවකාශයේ ලිපිවලට පිළිතුරු සපයමින් පැමිණි ආගමනය බැවිනි.එතැන් පටන් මා හට කිසිම ලෙසකින් ගැටලුවක් නොවින.මෙවැනි ප්‍රමාද වීම් වලදී මා පළමුව කරන්නේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් මිලදී ගතයුතු යමක් ඇතොත් මිලදී ගෙන,නිදහස් තැනකට වී චොකලට් පෙත්තක රසය විදිමින් සිංහල ලිපි කියවීම සහ පිළිතුරු සැපයීමය.

මෙදිනද සුවද විලවුන් හලක් වෙත ඇදුනේ මවට සහ නැගණියන් ට යමක් මිලදී ගැනීමටය.මවට සහ නැගණියන් තිදෙනාට මා වෙන මොනයම් දෙයක් තිලින කලද ඒවා නොවටිනා දේවල්මය.ඒ සතර දෙනාටම මා විසින් කුමන වර්ගයේ සුවද විලවුන් දුන්නද ඒවා පිලි ගන්නේ ඉතා සතුටිනි.
April Violets,Tabac Blond,French Cancan වැනි විලවුන් වර්ග කීපයක් තොරගත්තෙමි
.


"අයිය ලංකාවෙ කොහෙද ......?'

යමක් මිලදී ගැනීමට නිරීක්ෂණය කමින් සිටි සුරූපී තරුණියක් කන්කළු හඩකින්
මා අමතන බව දැනුනේ හඩ ආ දෙසට නෙත් යොමු කල පසුවය.
'මම නාවල නංගී'
මා මුදු සිනහවකින් ඇයට ප්‍රතිචාර දැක්වීමි.
'මම නුගේගොඩ'
ඇය පෙරලා පැවසුවාය.මාගේ සහජ නිගමන කිරීමේ හැකියාවෙන් සිතන විට ඇය වයස 20 ක් හෝ 21 ක් ම විය යුතුය.
අරාබිකරයේ වැඩ කරන දැරියක්ද?එසේ නැති නම් මම වැනිම ගුවන් ගමනකට රැදී සිටින්නියක් ද?මට කුතුහලයකි.
'නංගී ලංකාවට යන්න ද..?'
'නැහැ අයිය,මම ජර්මනියට  යන්න...අයිය කොහාටද..?
'මම සුරිච් යන්න..'
මේ කතා බහ සිදු වන්නේ අප දෙදෙනට අවශ්‍ය දෑ තෝරන ගමන්මය.දෙදෙනාට අවශ්‍ය දේ මිලදී ගෙන,එතැනින් පිටතට පැමිණ නිදහස් තැනක අසුන් ගෙන කතා බහ කළහ.මා සිරිතක් ලෙස අමුත්තකු මුණගැසුණු විට,කතා බහට ප්‍රථම කරනා චාරිත්‍රයක් ලෙස ඇයට මගේ නේම් කාඩයක් පිලිගැන්වුවෙමි.එය සතුටින් බාරගත් ඇය කාර්ඩ් පත හෑන්ඩ් බෑගයේ දමාගැනීම සතුටට කාරණයක් විය.
ඇයද මා යන ගුවන් යානයේම යන බව දැන ගත් විට අප දෙදෙනාම වික්ෂිප්ත වීමු.එයට හේතුව ඒ වන විටත් අප දෙදෙනා හොද මිතුරන් වී සිටි නිසායැයි කියා අද මට හැගේ.පැය දෙකකුත් විනාඩි කිපයක්ම ගෙවී ගියේ ඉතා ඉක්මනින් බව හැගුනේ හඩ යන්ත්‍ර මගින් අප ගමන් ගන්නා ගුවන් යානයට ගොඩ වීමට කාලය දන්වන හඩ ඇසීමෙනි.එම දැනුම් දීම ඇසීමෙන් පසුවත් විනාඩි විස්සක් පමණ කතා කරමින් සිට ගුවන් යානය වෙත ගමන් කළෙමු.අප දෙදෙනා කතා කල මාතෘකා කොපමණද කියා කිව නොහැක.
අප රටේ නිල ගුවන් සේවයක් බැවින් මා හදුනන කීප දෙනකු ඉන්න බව අත්දැකීමෙන්ම දන්නා කරුණකි.කෙසේ වුවත් ඔවුන්ට කියා මාලග අසුනක් වෙන්කළ ගත හැකි බව දනිමි.යානයට ගොඩවන විටම දකුණු පසින් සිට,
"ආයුබෝවන්" කිවේ ආලින් ය.
"අනේ උඹේ ආයි බොන්ඩ" කියමින් වම් පස පිටු පසට වන්න සිටි ඩේමියන් වෙත ඇදුනෙමි.ඩේමියන් මගේ පාසල් මිතුරෙකි.ඩේමියන් ගේ පෙම්වතිය ආලින්ය.ඇය ලුනාවේ පදිංචි බර්ගර් ජාතික සුරුපිනියකි.අවසන් මොහොතේ අප දෙදෙනා ගොඩ වූ නිසාදෝ ආලින් මගේ අමුත්තිය සමග කුළුපග වී ඇති සෙයක් දුටුවේ,මා ඩේමියන් අසලට ගොස් ඇයටත් මා ලග අසුනක් අවශ්‍ය බව දැන් වූ විට පෙරලා....
"කවුද මචන්...පට්ට කෑල්ල" කියූ විට ඇය මා අසල සිටීදැයි පිටු පස හැරී බැලූ විටය.



කෙසේ හෝ ගුවන් ගත වීමට ප්‍රථම කර දිය හැකි බව කියූ ඩේමියන් මගේ ආගන්තුක මිතුරියව ඉකොනමි පන්තියේ ඇයට හිමි ආසනය වෙත ගෙන යාමට භාර කලේ සුලක්ඛනාටය.ඇය
ගුවන් ගත වීමට මොහොතකට පෙර හිස්ව තිබු මාගේ යාබද අසුන වෙත මගේ මිතුරියව රැගෙන ආවේය.
කෙසේ වෙතත් මා තනිව දිගු ගුවන් ගමන් වාර වලදී නම්,ස්කොච් විත් අයිස් 300ml පමණ ගෙන කෑම කා නිදා ගනිමි.




එදින ඇය දොඩම් යුෂද,මම රතු/සුදු වයින් දෙවර්ගය පානය කරමින් කතා කරමින් ගමන් ගත්තෙමු.මා විසින් වරක් නිව් ජර්සි සිට ගුවන් සැතපුම් 9534 ක් ගෙවා පැය 19 ක් පුරා සිංගප්පුරුව වෙත එන ගමනේදී ඇයත් සිටියා නම් කිසිම මහන්සියක් ඇති නොවන බව කියූ විට, 
"හි..හි.. එහෙනම් මාව අයියගේ මැනේජර් කරගන්න.."
කියා පැවසුවේ මගේ උරහිසට අත තබමින් සුරතල් අයුරිනි. ප්‍රථමයෙන් ඇය ගමනාන්තයට පැමිණි බැවින් යුරෝපිය ජාතිකයන් සමු ගන්නා ආකාරයට දෙකම්මුල් වලට උණුසුම් හාදු දෙකක් දෙමින්,, සමුගනිවී සිතුවද ...
"අයිය,,, නිවාඩුවක් ,,...තියෙන වෙලා වට.. කතා කරන්නම්   පරිස්සමෙන් යන්න ..බායි....!! එපමණකි..
මෙම සිදු වීම මගේ මතකයට ගෙන ආවේ.....
මා නිවසේ සිටින විට සුපුරුදු දින චරියාව වන්නේ පාන්දර 4.00 ට නැගිට කෝපි මග් ය රැගෙන විත් ලැප ඉදිරියේ වාඩිවී පළමුව පිරිත් ඇසෙන්නට දමා,මෙම අවකාශයට අවතීර්ණ වී මා විසින් කොමන්ට් කල ලිපි සහ අලුත් ලිපි කියවා කොමන්ට් කිරීම ඇරඹීමයි.මේ  වසරේ මුල් කාර්තුවේ මසක මෙලෙස ලිපි කියවමින් සිටින විට ඇයගේ නමින් ලිපියක් පලවී ඇති බව දුටුව විට මා පුදුමයෙන් පුදුමයට පත් කළේය.
එදා ඒ වෙන්වීමෙන් පසු පහුවදාම ඇමතුමක් දී දුක සැප ඇසු ඇය ඉන්පසු කිසිම දිනක මගේ ඇමතුම් වලට ප්‍රතිචාර නොදැක්වීම මට හිතාගත නොහැකි ගැටළුවක් වී තිබුණි.නමුත් මේ අහඹු සිදුවීමෙන් පසු වෙනත් අංකයකින් හෝ ඇයව ඇමතීමේ ආසාවක් මා පෙලන්නට විය.
මම ඇයට ඇමතුමක් ගතිමි...
"Hello ....අහවල්..........නන්ගද......"?
" Yaha ... Who s ......ඔය ..කවුද....කතා කරන්නේ...?"
"මම කෙන්ජි from Japan නංග..."
"ආනේ..අර කැත වචන වලින් කොමන්ට් කරන අයියද ...?
"ම්ම්ම්ම්..ඉතින් අයිය මගේ ප්‍රොෆයිල් එකේ ෆෝන් නම්බර් එක නැහැනේ..."
"නංගිට මතකද අවුරුදු දෙකකට විතර කලින් ඩුබායි එයාර්.........."
මා හට කියා අවසන් කිරීමට ඉඩක් නොලැබිණ.
"ආනේ.......මේ ඇත්තටම රාජීව් අයියද....?"
මෙසේ විස්තර කතා කරමින්,ඇයගේ ලිපිය ගැන ගුණ දොස් විචාරමින්ද ,මා හටත් ලිවීමට ආරාධනාවක් කරමින් විනාඩි කීපයක් කතා කොට සමු ගතිමි.
අපගේ මිත්‍රත්වය ඇරඹු නේ එලසය.මෙම ලිපිය ලියන විට පවා ඇය සමු ගන්නා විට,ඇයගේ වතින් හැමූ .'ඉමිහිරි ගාඩිනියා' සුවද තවමත් මගේ හදේ රැදී ඇති සේය.....
මා ආගන්තුක මිතුරිය ඔබගේ සාර්ථක දිවි ගමනේ,.,.,.,.,.,.,දිගු ගමනක් යාමට සුභ ප්‍රාර්ථනාවන් ,.,.,.,.,.,.,.,.!!!
Raajiv from Japan .

158 comments:

  1. බලං ගියාම කෙන්ජි මාම අපිට වැඩිය හොඳයි නෙ කුනුහරුපයක් දෙකක් කීවට :-):-):-)

    මට මතක් උනේ හාට් එෆ් එම් ෆිල්ම් එකේ DJ රාජීව් ව !!

    නංගිටත් " සුභ අනාගතයක් " !!

    ReplyDelete
    Replies
    1. හා නේ !! පත්තර මල්ලි නේද එක ??

      මටත් එහෙනං " සුභ අනාගතයක් ""

      Delete
    2. මම මෙහෙම හිටියට තැන්පත් කොල්ලෙක් තමා මල්ලියා.
      අද එකනේ?
      කෝ බං උඹේ යාලුවෝ දෙන්න?
      සුභ අනාගතයක්.....!

      Delete
    3. හැබෑටම කෝ මේ කාවයි, හින්දුස්තානි පිල්ලියයි.

      Delete
    4. කා වා නං දවස් දෙක තුනකට එන් නෑ කීව අනිකගෙ නං ඇඩ්‍රසුත් නෑ කෙන්ජි මාමෙ ..

      Delete
    5. උන් දෙන්නත් හිටිය නම් හින්දි ටිකක් මරන්න තිබුන නේද මල්ලියෝ?

      Delete
    6. වැඩක් නෑ කියල කෙන්ජි මාමෙ :-)

      Delete
    7. // අනිකගෙ නං ඇඩ්‍රසුත් නෑ//
      කාවයි පිල්ලි ජීයි දෙන්නා එකෙක් කියලා හිතලා පිල්ලි ජී ඉස්සුවාවත්ද?

      Delete
  2. බ්ලොග් ලියන අර ඔය එයාපොර්ට්වල රස්තියාදුවෙන අයට කරන්නේ මහා උපකාරයක් තමයි.

    මෙන්න ඒ ගැන මා ලියූ කතන්දරයක්.
    http://kathandara.blogspot.com/2011/04/blogging-as-social-service-for.html

    !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කකා නොදන්නා අයට දැනගැනීමට සැලස්වුවාට...!
      ලිපිය දිග වැඩි වන නිසා ඔය ගැන විස්තරාත්මකව ලියුවේ නැහැ.
      නැවතත් ස්තුතියි....!

      Delete
    2. කකා අදත් ඇඩ් කොමන්ටුවක් දාලා.

      Delete
  3. දැන් අපි කමෙන්ට් කරන්න ඕන කෙන්ජි අයියා කියලද? රාජිව් අයියා කියලාද?
    "අනේ අර කැත වචන වලින් කමෙන්ට් කරන අයියද?"
    හි… හි… මේකනම් කැතයි නංගි. ඔහොමත් අපහාස කරනවද මනුස්සයන්ට

    ReplyDelete
    Replies
    1. කොහොම කතා කලත් එකයි මල්ල.
      ඒ නංගි කැමති නැහැ කැත කතා වලට.

      Delete
  4. ස්ත්‍රියකගේ සුවඳ පුරුෂයකුගේ සිතෙන් මැකීයන්නේ එහෙමත් කලාතුරකින්. අදනම් මට කොපමණ ඈතක සිටියත් මගේ බිරිඳගේ සුවඳ මතකයේ ස්ථිරවම තියනවා. අද ගුවන් තොටුපොලවල වෙන මෙවැනි අහඹු හමුවීම් අනාගතයේදී අභ්‍යවකාශ තොටුපොළවල සිදුවෙයි නේද?

    කවුද එක්කෙනෙක් කෝපි බොනගමන් බ්ලොග් කියවන්න ගිහින් මොනිටරය පුරා කොපි ස්ප්‍රේ වුනා කියලා පත්තරේ දාලා තිබුනා.

    ReplyDelete
    Replies
    1. හෙක්..හෙක්...හේ.....එහෙමද..?
      අද NHK news වලට කිව්ව ලංකාවෙ හිටපු උසස් හමුදා රණ විරුවෙක් බිරිද තුමිය ඉදිරියේදීම බයක් සැකක් නැතිව කෙන්ජිගේ කොලම කියෙව්වය කියල :) :).

      Delete
    2. පසුගිය පෝස්ට් එකෙහි කවා විසින් කිසියම් හෙළිදවුවක් කර ඇත. පරිණත පුද්ගලයෙකු ලෙස ඔබ එවැනි තත්වයකට වැටිනි යැයි කියා අපට සිතිය නොහැක. නමුත්, සොයා බැලීම අනුව එසේ නොවීයැයි කියා සිතන්නද අපහසුය. එබැවින් කොමන්ට් කිරීමේදී විචාරකතුමා හෝ කවා හෝ, නැතිනම් වෙනත් කවුරු හෝ වේවා තමන්ගේ සංයමය උපරිම රඳවා ගනු ඇතැයි සිතමි. පක්ෂග්‍රාහී නොමැතිව මෙම කොමන්ටුව පළකරනු ලැබුවේ හරබර හෝ, වින්දනාත්මක කොමන්ට් වලින් සිංහල බ්ලොග් කලාව පෝෂණය කර ගැනීම ඇති අවශ්‍යතාවය මතය.

      මා දරනා මතය නම්, තුන්වන පාර්ෂවයකට අපහාස කිරීම හෝ උපහාසයට ලක්කිරීම ගැටලුවක් නැත. නමුත්, එය බුද්ධිමත් සහ විචාරාත්මක රසිකයෙකුගේ ප්‍රකාශයක් විය යුතුය. එවැනි කොමන්ට් සඳහා විමසිලිමත් භාවයෙන් යුතුව අනුග්‍රහය දැක්වීම බ්ලොග් ලේඛකයන්ගේ ද යුතුකමකි.

      Delete
    3. ඇනෝ,ඔබගේ අදහසට මම එකග වෙමි.

      Delete
    4. ඇනෝ, අපහාසය කිසිසේත් ඉවසිය නොහැකිය. උපහාසස අනිවාර්යයෙන් ඉවසමි.

      ඔබ සඳහන් කරන සිද්ධියේදී මා නොකිව් දෑ බොහෝය.

      Delete
    5. අපහාසයක් හෝ උපහාසයක් හෝ යන සියල්ල පුද්ගලයෙකුට ඉවසිය නොහැකි දෙයක් විය හැකිය. නමුත්, විචාරාත්මක අයිතිය කෙනෙකුට ඇත. මා කියනුයේ එය බුද්ධිමත් විචාරයක් විය යුතුය කියන එකය. කවාගේ විචාරය බුද්ධිමත් නොමැති සේම ඔබගේ හැසිරීම පහත්ය. නමුත්, ඉවසිය නොහැකිය කියන මතයේ සිට මාතෘත්වයට හෝ පිතෘත්වයට ගැරහීම අනුමත කළ නෙහැකිය. එය ද බුද්ධිමත් නැති බවයි පවසා සිටින්නේ.
      කාවාද නොනවත්වා නිරන්තරයෙන් මැක්කාගේ කතාව ලියුවා. සහෘද්ද බ්ලොග් කලාවකට එය නොගැලපේ. සමහරවිට ඔබගේ, නමුත් ඔබගේම නොවන ඔබගේ කොමන්ට් මෙම සංවාදය තවමත් පැවතීමට ඉඩ සැකසූවා කියා සිතේ. කවුරු පුද්ගලිකව ගහ ගත්තාට ප්‍රශ්නයක් නැත. නමුත්, මාතලන්ටත්, කකාටත් ඌ අපහසුතාවයන් කෙනජිටත් නොවිය යුතුය.

      මාතලන්ට, ලංකෝනිස් යන අයගෙන් සිදුවූ අපහසුතාවයේදී මාතලංගේ බුද්ධිමත් හැසීරීම අගය කරන අතර, මාතලන්ගේ හැසිරීම ලංකෝනිස් තමාගේ ක්‍රියාව ඉක්මනින් නැවතීමට හේතූ වූ බවත්,
      කැපිටල් ඇනෝ සහ කකා අරගලයේදී කකාගේ බුද්ධිමත් හැසිරීමත්,
      සූධීකට ඇනෝ ප්‍රහාර පමණක් නොව, බ්ලොග් පොස්ට් මඟින්ද මඩ ප්‍රහාර එල්ල වෙද්දී සුධීකගේ හැසීරීම ඔහුගේ බුද්ධිමත් භාවය මැනවින් නිරූපණය කළ බවත්, මතක්කර සිටිමි.

      Delete
    6. ඔබ තවමත් අපහාසය සහ උපහාසය පටලවාගෙන. අපහාසය යනු කෙනෙකුට නිග්‍රහ කිරීමයි. උපහාසය යනු නිග්‍රහ නොකොට හුදු හාස්‍යය දැනවීමයි. මම ඕනෑම අවස්ථාවක මාව උපහාසයට ලක්කිරීම විඳගන්නට සූදානම්. නමුත් අපහාසය ඉවසන්නේ නැහැ. ඒ මගේ අවසාන පිළිතුරයි.

      Delete
    7. @ඇනෝ
      හැක්, හැක්,
      පොර මාට්ටුයි............ ඇනෝ උබ දෙයියෙක්.
      ඒක නෙමේ ඇනෝ මචං,
      මම නං උඹ කියන දේවල් පිළිගන්නවා. උබේ අදහස් හොඳයි බං. උබලා වගේ එවුන් තමයි රටට අඩු. ලැජ්ජා නැතිව කොන්ද කෙලින් තියාගෙන කියන්න පුළුවන් විදිහේ කොමන්ට් තමා මම කලේ.
      ඒක නෙමේ ඇනෝ මචං, මම නම්උපහාස විතරක් නෙමේ අපහාසත් ඉවසනවා. එහෙම බැරිනම් මම පොස්ට් කියවනවා විතරයි. කොමන්ට් කොරන්න රිංගන්නේ නෑ. ඇයි බං කියන්න තියෙන දේ කියන්නේ නැතිව, බබ්බු නලවන්න අපිට අමාරුවක් තියෙනවැයි.
      තව එකක්,
      ඇයි බං අපේ බ්ලොග් රැජිණී අරුණී අක්කාට කී දෙනෙක් බැන්නාද. මමත් බැන්නා. මේ අපේ කෙන්ජිත් කැත විදිහට බැන්නේ. එඋනාට බලන්නකෝ කෙන්ජිගේ හිත කියවලා. හොඳ මහත්තයෙක්. අරුණි අක්කා උනත් ඒ බැනුම් තඹයකටවත් ගණන් ගත්තාද?
      පොර ටෝක් දෙන අනිත් අය ගැන හිතෙනකොටනම්, පුකෙනුත් හිනා.

      - මගේ පංතියේ මගේ යාළුවෝ තවම ඉන්නවා.

      Delete
  5. උඹ කවද්ද බං කැත වචන වලින් කොමෙන්ට් කලේ? මතකයක් නෑනේ...

    කතාවත් හරි පලියත් හරි :)

    ReplyDelete
    Replies
    1. තිසරත් හීන් නූලෙන් කෙනජිට ටොක්කක් ඇන්නා වාගේ.

      Delete
    2. ගොඩක් අය කියනව තිසර.ඔබත් මගේ බොගට සුභ පතද්දීත් කිව්වනෙ සංයමයකින් ලියන්න කියල.
      ඒ නංග ට ඊයේ මම ප්‍රොමිස් වුනා මින් මතු කැත කතා නොලියන බවට.

      Delete
    3. ඇනෝ ,තිසර එහෙම ටොකු අනින කොල්ලෙක් නෙමේ මචං.
      කියන දේ කෙලින් කියන මහත්තයෙක්.
      උඹ ටොක්කක් ඇන්න වගේ නම් දැනුන :).

      Delete
    4. ගනන් ගන්න එපා. හැමදාම පිට කසන්න බැහැනේ.

      Delete
  6. //" Yaha ... Who//
    යා, කියලා මෙහෙම ලියමු ලේඛකතුමෝ
    Yeah

    ReplyDelete
    Replies
    1. එහෙම නේ.
      හොදයි මචං අනිත් දවසේ එහෙම ලියන්නම්.
      වරද පෙන්වා දීම ගැන හිස නමා ආචාර කරමි.

      Delete
  7. මලපනිනවා කෙන්ජයියෙ කෙන්ජයියා දැන් හොඳ වෙලානේ....! මොන මගුලක්ද..? කෝ අර පරණ කුපාඩි කෙන්ජි....?
    හැබැයි නියෙට කතාව පෙලගස්සලා තියෙනවා. කෙන්ජයියත් සිතින් විතරක් පෙම් කරලා තියෙනවා එහෙනම්.

    ReplyDelete
    Replies
    1. ඌට ඉගිලිලා යන්න කිව්ව නංග කැමති නැති නිසා.
      ඕව ඉතින් පස්සේ දැනගන්න ලැබෙයි 'සිතින්' විතරක්මද කියල.

      Delete
    2. නංග ..? කවුද බොල නංග ...?

      Delete
    3. උඹ පෝස්ට් එක නොකියවද කොමන්ට් කලේ.
      එයාර් පෝට් එකේදී හමුවුන නංග.මේවා සිරා කතා බං.
      කතාව හරියට කියෙව්වම ටිකිරි මොලේට එයි.

      Delete
    4. ආ නේ කතාවේ කියන නඟයි , මෙතන මේ කොමෙන්ටුවේ කියන නඟයි දෙන්නම එක්කෙනෙක්ද? මං හිතුවේ මේ වෙන නඟා කෙනෙක් කියලා. කොහෙද ඉතින් කෙන්ජයියට ඉන්න නගාලගේ තරමට අපිට නොපැටලී තියෙයිය

      Delete
    5. මේ උඹල අපි අතරේ ඒ නගා විතරයි මාව දැකල තියෙන්නේ මල්ල.

      Delete
  8. දිගු ගුවන් ගමන් නම් මම අකමැතිම දෙයක්. නසීලන්තය වෙත යන පැය 11 ගුවන් ගමනත්, දිල්ලි සිට පැය 16 පමණ නිව්යෝර්ක් වෙත ගමනත් තරම් මම අකමැති වෙන දෙයක් තවත් නැහැ. කරුමෙට මම යන ගමන් වලදී මට යන්න වෙන්නෙ එහෙම තමයි. බොන්න මගේ ප්‍රියක් නැති නිසා කරන එකම දේ වීඩියෝ නැරබීම. ඒකත් එපා වුනාම කට කපලා නිදාගන්නවා. කතා කරන්න එකෙක්වත් නැහැ. හැමෝම නිදි. ඉන් පස්සෙ එන ඇගේ අමාරුව නම් කියලා වැඩක් නැහැ.
    ප/ලි කෑල්ල නැති වුනා නම් හොදයි මගේ හිතේ.

    ReplyDelete
    Replies
    1. අපෝ වෙද මහත්තය කියල වැඩක් නැත.
      දැන් අර පැය 19 ගමන නවත්වල.
      ප.ලි. දැම්මෙ අපේ නංගලට කරදරයක් වෙයි කියල.

      Delete
  9. //"ආනේ..අර කැත වචන වලින් කොමන්ට් කරන අයියද ...?//

    ඊට හොඳයි මෙහෙම ඇහුව නං,
    ආනේ... මේ අර මවුස් පොයින්ටරේට %$#% දාගෙන ඉන්න අයියද?

    ReplyDelete
    Replies
    1. ඒක ඇහැව්ව නම් සනීපයි රාජ්.
      මට ඇල්ලුවෙම නැත්තේ 'කැත' කියන වචනේ බං.

      Delete
  10. මම නම් මහා දීරඝ ගමන් තවම ගිහින් නෑ. ඒත් ට්‍රාන්සිට් වලයි ෆලයිට් ඩිලේ වලයි පට්ට පරිප්පු කාළා තියෙනවා. ඒපාම කරපු දේ තමයි හෝටල් වලට දාන එක. එක සැරයක් නින්ද ගිහින් ෆ්ලයිට් එක මිස් වෙලා මාර කට්ටක් කෑවා. තව සැරයක් ඇමරිකාවේ යන ලංකාවේ ඇන්ටි කෙනෙක් එක්ක දාලා, එයා අතින් අතවරයට ලක් උනා.

    ඔය ෆල්යිට් වල එන අය එක්ක කඳේට වැටුනාම පට්ට. අන්තීමට මුලු ජීවිත කතාවම අහ ගන්න පුළුවන්. ෆලයිට් එකේ කෑළි වලට සෙකන්ඩ් වෙන්න වෙන නිසා, විස්කි භාගයක් අරගෙන තමයි මම ෆ්ලයිට් එකට ගොඩ වෙන්නේ. රටකට ඉස් ඉස්සෙලම යන කොට නම් ගහලා යන්නේ නෑ. ඊට පස්සේ ඉතින් අවුලක් නෑ.

    මම ජීවීතේ වැඩිම ආතල් එකක් ගත්තේ, ඉතාලියට බෝට්ටුවේ ගිහින් ෆ්ලයිට් එකේ ආපු පොරක් දීපූ ආතල් එක. වෙලාවක් තිබුනොත් ඒකත් ලියන්නම්. ඌ නම් පට්ටම ඩයල් එකක්.

    ReplyDelete
    Replies
    1. ඉස්සර කොල්ලෝ සෙට් එක්ක යද්දී තමයි පට්ට ආතල් මචං.
      තනියම යද්දී එහෙම සුවිප් ඇදෙන වෙලාවලුත් තියෙනවා.
      අපේ තාම ෆ්ලයිට් වල නොගිය අයටත් දැනගන්න ලියන්න ලොක්ක කතාවක් දෙකක් ආතල්.

      Delete
  11. නංගිලා කෙහොමත් කැත කතා වලට කැමති නෑ... මං නං ඕවට මොකවත් කියන්නෙ නෑ.. එක එක්කෙනාගේ විදි වෙනස්නෙ.. කතාව දරාගන්න බැරි තරම් අමාරු නං සද්ද නැතුව යනව යන්න... හැබැයි ඉතිං ඒ ප්‍රොෆයිල් හිමියා ගැන හිතේ ඇඳගෙන ඉන්න ප්‍රතිරූපයට හානියක් වෙනව අනිවාර්යයෙන්ම... මේකෙ ඉන්න හැම එකාම ප්‍රොෆයිල් ෆොටෝ එකත් එක්ක දාගෙන ඉන්න නමෙන් මිසක් වෙන ඇඳුනුම්කම් නෑ නේ...

    ReplyDelete
    Replies
    1. හී.. හී.. හී..
      හී.. හී.. හී..

      Delete
    2. නංගිලා විතරක් නෙමේ හිරු,සමහර අක්කල,මල්ලිලා,අයියලත් කැමති නැහැ.
      මම නම් කවුරු හරි යමක් කිව්වොත් අහනවා.ඔබල මේකේ ප්‍රවීණයෝ විදියට යමක් පැවසුවොත් අපි නිවැරදි විය යුතු යැයි මගේ අදහසයි.
      මගේ පසු ගිය ලිපියට නලින්ට දීපු ප්‍රතිචාරයට පිළිතුරක් විදියටයි මේ ලිපිය ලිව්වෙ.
      ඉතින් මෙතෙක් කල් කවුරුවත් කිව්වෙත් නැහැ,ඒ නංගිට ඊයේ මම ප්‍රොමිස් වුනා කැත කතා නොලියන බවට.

      Delete
    3. ado iye ubata 50+ wage unath tikiri kolla wage wada..punchi punchi jangi kiyana ewath ahanawa ehanam, elaz kolla ohama yan

      Delete
  12. ගෑණු ළමයි කැත කතා වලට කැමති නෑ තමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් රෙහානි ඊයේ වෙනකන් මම ඒ ගැන හිතුවෙ නැහැ.මම හිරුට උඩ දීල තිබෙන උත්තරය බලන්නකො.
      අන්න මම ඔබගෙ ලිපියට කොමන්ට් කරල තියෙනව.
      ඒ වැඩේ කළා නම් ගොඩ.

      Delete
    2. ඒ කතාව පිළිගන්න අමාරුයි. කුණුහරප පොස්ට් වලට ජොයින් වෙලා ඉන්නා නංගිලා ගාන දැක්කම.:)

      Delete
    3. සමාවෙන්න කුණුහරප පොස්ට් දාන බ්ලොග් වලට.

      Delete
  13. කෙන්ජෝ මේ පෝස්ටුවෙන් නම් සැබෑ වෙනසක් දකිනවා මම. ඉතින් ඒ වෙනසත් සමග හදවතින්ම සතුටුවන්නන් අතර තවත් එකෙකි මම. තව බොහෝ දේ කියන්නට ඇතත් මේ එයට වෙලාව නොවේ.
    පලිපාන රජීව අතු මේ නම් එක්ක සහ ලිවීමේ ශෛලිය එක්ක මා හිතේ උපන් කුකුස දැන් දැන් ටික ටික ලිහෙමින් පවතී.

    ReplyDelete
    Replies
    1. මා ගැන සතුටු වන මුල් කණ්ඩාමේ කෙනෙක් ඔබ වන බව මම දන්නවා නලින් මල්ලි.
      වචනෙට තුති...!
      ලිහෙන එක හොදයි තද නොවී :).
      තව ඉස්සරහට තව තව ඒවා ලිහෙයි.

      Delete
  14. කෙන්ජි අයියේ .. පොඩි පොඩි ව්‍යාකරණ වැරදි ටිකක් තියෙනවා... හදා ගත්ත නම් ලස්සනයි.... කටවහරෙන් ලිව්ව නම් මේව ඒ තරම්ම ප්‍රශ්න නෙවෙයි.... ලිඛිත භාෂාව නිසා ටිකක් සැලකිලිමත් වෙනව නම් හොදයි.. උදාහරණ කිහිපයක්...
    ඇය... රැගෙන ආවාය.
    දෙදෙනාට අවශ්‍ය දේ මිලදී ගෙන,එතැනින් පිටතට පැමිණ නිදහස් තැනක අසුන් ගෙන කතා බහ කළෙමු.
    ඇයව ඇමතීමේ ආශාවෙන් මම පෙළෙන්නට වීමි.
    මම පුුදුමයෙන් පුදුමයට පත් වීමි/ පත් වූයෙමි.

    ඔන්න ඔය වගේ.... ටිකක් හදා ගන්න ඕන තැන් තියෙනවා...

    මේ අත්දැකීමත් කෙටි කතාවකට ගන්න පුළුවන්... ලස්සනට... මම ඉතින් හැමදාම එහෙම කියනව මිසක ලිව්වෙ නැහැනෙ නේද? ඒ ගැන සමාවෙන්න.... වෙලාව තමයි ප්‍රශ්නෙ අයියේ...


    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් තරු නංගෝ.
      මම ඒවා ගැන නම් බැලුවේ නැහැ,නමුත් මෙහෙම පෙන්වා දීපු එක හරි වටිනවා.නැවත ලියද්දි එය ප්‍රයෝජනවත්.
      හිතේ තියාගෙන ඉදල කවද හරි ඉඩ ලැබුන වෙලාවක ලියන්න බලන්න.
      ඔබ මුල ඉදලම මාව දිරිමත් කල අය අතර කෙනෙක් නෙ
      නැවතත් තුති ඔබට...!

      Delete
  15. //හුදෙක් මෙය සමහරවිට සිතුවිල්ලක් පමණක් විය හැකි බැවිනි.// :D

    ReplyDelete
    Replies
    1. මොකද දිලිනි නංගෝ බොට :D
      ප්‍රශ්නෙ අහන්න බැරිව ඇගිලි වෙව්ලනවද බං :)
      බය නැතිව අහන්න.

      Delete
  16. කවුද අෆ්ෆා ඔය නංගි.?

    ReplyDelete
    Replies
    1. බොට දැනගන්නම ඕනද මල්ලෝ ?

      Delete
  17. කෙන්ජි අයියා මාමේ....ඔයා මොන විදිහට ලිව්වත් හිත හොද මනුස්සයා හිත හොදමයි.ආයේ ඒකේ වෙනසක් ඇති වේවි කියලා මන් හිතන් නෑ. සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්...හේ..අපේ ශානු ළමය විතරයි මගේ හිත හරියට තේරුම් අරන් තියෙන්නේ.
      වෙන එකෙක් සුභ පතල නැහැ,බහු භූත කියවල.
      ටැංකිව් කිව්වා කෙල්ලට....

      Delete
  18. අන්න කෙන්ජි ඇවිල්ලා හරි පාරට.. ලියමු ලියමු සීරියස් කතා ටිකක්..

    ReplyDelete
    Replies
    1. කවුරුවත් මෙච්චර කල් හරි පාර කියල දුන්නේ නැහැ නොවැ සරා.
      හරි පාර පෙන්නලා දීපු කෙනාට ගරු කරලා දැන් ඉතින් හරි පාරේ යන්න ම වෙනවා.

      Delete
  19. 'හුදෙක් මෙය සමහරවිට සිතුවිල්ලක් පමණක් විය හැකි බැවිනි.'

    ඒ කියන්නෙ ඊගාව පෝස්ට් එකේ ඉඳල අර පුරුදු කෙන්ජිම ආය ඉන්නව කියන එකද?

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචං එහෙම වුනොත් උඹල අතර මාව දැකල,කතා කරලා ඉන්න එකම ළමයට කරන 'කැත' වැඩක් වෙනවා.
      ආයෙත් 'කැත' කතා ලියල ඒ වගේ රත්තරන් හදවතකට ගින්දර දෙන්නෙ නැහැ ප්‍රසා.

      Delete
  20. මම දන්නා එකෙක් හිටියා රජීව් තාඹුගල කියලා. මේ ඒකා වත්ද ? අම්මපා ඌත් කුණුහරප වලින් රන්කිරි කට ගාපු එකෙක්. දිනෙන් දින දියුණු වන කෙන්ජයියාගේ රචනා ශෛලිය ඉදිරියේදී ප්‍රාතාපවත් බ්ලොග් කරුවෙක් වීමට අඩිතාලම වේවා !!!

    ReplyDelete
    Replies
    1. හෙක්..හෙක්....තාඹුගල රටද ඉන්නෙ සුදික මල්ලි.
      ඔය සේරම කොල්ලෝ සෙට් එක එක්ක ඉද්දි කතා කරපු/කියපු දේවල් විතරයි.
      බලමු නේද ට්‍රයි එකක් දීල නේද.උදව්වට ගොඩක් අය ඉන්නවනේ.
      පැතුමට ස්තුතියි මල්ලියා...!

      Delete
  21. කෙන්ජි තුමො 'ඉමිහිරි ගාඩිනියා' සුවද අයේ දැන්නුනේ නැතෙයි ???

    ReplyDelete
    Replies
    1. ඒ සුවද මගේ හදවතේ රැදිලා තියෙන්නෙ සහෝදරයො.
      හැම තප්පරේකම සුවද දැනෙනවා.
      ස්තුතිය් ගොඩ වැදුනට ඔබට....!

      Delete
  22. පාප මිත්‍ර සේවනය කියන්නෙ මහ භයානක දෙයක්..

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං මේ හරුපේ???

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. හ්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...........................................

      Delete
    2. හ්ම්ම්ම් ....+++++++++++++++

      Delete
    3. ඈහ් .. එයා මෙයාද ? :O

      Delete
  25. නංගිලා 3 දෙනෙක් ඉන්න නිසා නංගිලා ගැන දන්නවා ඇතිනේ...

    ලස්සන නමක් කෙන්ජි අයියට තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අප්පෝ ...ළමයි හම්බවෙලත් චුටි නංගිය ඉදල ඉදල හමු වුනාම තාම සෙල්ලමට එනවා විහිළු කරගෙන.
      ආපහු යන්න හදනකොට බදාගෙන අඩන එක තමයි එපා වෙන්නෙ.හරියට මම අපායට යන්න හදනව වගේ.
      රූපේ ලස්සන නම් නමත් ලස්සනට තියෙන්න එපෑය තුශානි නේද :) ?
      අරිගතෝ... මේ අසපුවට වැඩම කොලාට.

      Delete
    2. ඉඑ දෝ ඉතෂිමෂ්තේ...

      එහෙම තමයි නංගිලා..

      දිගටම ලියන්නකෝ අපි එන්නම් කියවලා යන්න ...

      Delete
    3. කියවපු හැටියම යන්න.

      Delete
  26. විදි අත්දැකීම් රසයි.. ඉමිහිරියි... ආවර්ජනා රසබරයි....

    ReplyDelete
    Replies
    1. අපේ නෙල්ලි මල්ලියා නේද අසපුවට ගොඩවෙලා තියෙන්නෙ.
      මාගෙ තියෙන්නෙම හිත හිතා රස විදින්න පුළුවන් සුන්දර දේවල් මල්ල.

      Delete
  27. අනේ මන්දා මේ වයසක හුටන්ලා

    කෙල්ලෙක් කිව්වොත් ඇදුම් නැතුවත් පාරේ දුවයි

    ReplyDelete
    Replies
    1. කවුද මචං නාකි?
      අවුල් ද උඹට?
      උඹ හිතන් ඉන්න නාකියෙක් නෙමේ බන් මම .
      ඒ ළමයගෙ ඇස් දෙකෙන් දැකල,එක ලග වාඩි වෙලා වරු ගානක් කතා කරල තියෙනවා.
      ඒ උගත් ළමයට අමාරුවකුත් නැහැ හම්පඩ නාකින්ට උපදෙස් දෙන්නත්.

      Delete
    2. කිසිම අවුලක් නෑ

      කියෙවුවා උඹ ගැන අහල තිබ්බ විදිහ නිසා
      හිතුන දේ ලියල ගියා
      කමෙන්ට් තියෙන්නෙ හිතුන දේ ලියන්න නෙව

      ඇයි එහෙම ලියන එක අවුල්ද?

      Delete
    3. අනිවා මචන්...මමත් උඹ අහල තිබුන එකට රිප්ලයි කොලා මිසක්ක,හිතේ අමනාපෙකින් කිව්වා නෙමේ බන්.
      කිසිම අවුලක් නැහැ ..ඕන දෙයක් අහපන්/කියපන් මචෝ...

      Delete
    4. කවුදැයි කවුදැයි රන්ඩු කරන්නේ.
      කෙනජියි, ඇනෝයි රන්ඩු කරන්නේ
      මොකටද මොකටද රන්ඩු කරන්නේ
      තරුණ ගැටිස්සියකුටයි රන්ඩු කරන්නේ.

      Delete
    5. මෙතන රණ්ඩුවක් නැහැ මචෝ .
      සුහද කතාවක් පමණයි.

      Delete
    6. උඩ ඇනෝ රන්ඩු

      සෑ අපි එව්වට නෑ
      ආව කියෙවුව
      හිතුනදේ කිව්ව
      ගියා එච්චරයි...........

      ගැතිස්සියන්ට රන්ඩු කරන්න????
      එච්චර අහේනියක් නෑ බන්
      අපි කන බොන මිනිස්සු

      Delete
  28. ඔබගේ ලිවීමේ නව යොමුවට මා කැමතියි. එක්තරා විදියකට සංයමයකට අපි හැමෝම කැමතියි. කලින් මොකුත් නොකීවේ ඒ සටහන් වල තිබුන භාශා විලාශය නිසා. යම් යම් ප්‍රමාණ වලදි අපි හැමෝම නිවැරදි නැති වුනාට මේ අවකාශයේ බොහෝ ළමා ළපටීන් ගැවසෙනවා. දැන් කට්ටිය මට ඇවිත් බනියි. ඒ වුනාට මම කියන්නෙ අමට දැනෙන දේ. ඒකට හොඳම උදාහරණයත් මම. මේ වෙද්දි ඉන්ටර්නෙට් එකෙන් සිංහල ඉගෙන ගන්න අය ඉන්නවා.
    සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඔව් රංගි අර නංගි හුගක් පහදලා දුන්න.
      මට මුල ඉදන් කවුරුත් කිව්වෙ නැති නිසා මමත් ඔහේ ලිව්වා මචං.
      ඊයේ තමා හරියට වැටහුනේ.
      තැන්ක්ස් මචං සුභ පැතුමට....!!!

      Delete
  29. ඔච්චර සලකලත් එදායින් පස්සේ ආයෙම කතා නොකරපු හේතුව හොයාගත්තේ නැද්ද බං?

    ReplyDelete
    Replies
    1. නංගිය ට අමුතුවෙන් සැලකීමක් නැහැ මචං.පැය ගානක් කට්ට කන එකේ දෙන්න කතා කර කර කට්ට කෑම මග ඇරගත්ත මිසක්.
      ෆ්ලයිට් එක ඇතුලේ කොහොමත් කන්න බොන්න ලැබෙන එකනේ.
      මොකද බං පේන්න නැත්තේ?

      Delete
  30. උඹ හොඳ ලියන්නෙක් බව මේකෙන් පේනවා. මෙහෙම යමු.

    ReplyDelete
    Replies
    1. එහෙමද මචං .උඹල වගේ ප්‍රවීනයන් ගෙන් ඔහොම වචනයක් අහන්න ලැබීමත් වාසනාවක්.
      තෑන්ක්ස් සෙන්න.

      Delete
    2. ප්‍රවීන !! හැක් හැක් හැක්...

      Delete
  31. කෙන්ජි නොහොත් රාජීව් ගොයියෝ උඹේ ලිවීමේ කලාව හරිම සිත්ගන්නවා මචං. දිඟටම ලියපං මමත් හැමදාම එනවා. උඹ ජපනේ හුඟක් කල්ද?

    ReplyDelete
    Replies
    1. එහෙමද මචන් ...සතුටුයි ...89 තමයි මුලින්ම ආවේ.95 මැරි කරන්න ඇවිල්ල ටික කලක් ඉදල තමයි ආපහු ආවෙ.
      ඔය අතරේ හොද ප්‍රොජෙක්ට් ටිකක් ගෙනාව.කාලකන්නි දේශපාලුවො එක්ක බැරි නිසා අතහැරලා දැම්ම.අතින් කා ගත්ත මචන්.
      ළමයි දෙන්නව නම් ලංකාවේ පදිංචි කරන්නෙත් නැහැ.

      Delete
    2. මාත් මෙහේ 1995 ඉදලා ඉන්නේ. මගේ දරැවෝ දෙන්නත් මෙහේ තමයි හැඳෙන්නේ. දේශපාළුවෝ නිසා අපේ රටේ සම්පත් කොච්චර නම් අපට අහිමි වෙනවද? රට හරියට තිබුනානම් පිට රට වලට ගිය ගොඩක් අය ලංකාවෙමනේ ඉන්නේ...

      Delete
    3. කියල වැඩක් නැහැ මචෝ.....

      Delete
  32. Replies
    1. මොකද පුත්‍රයා මේ?

      Delete
    2. මට Kenjiව පවුත්ගලිකව සම්බන්ද කරගන්න විදියක් තියනවද?

      Delete
    3. ජීවිතේට ආදරයක් නැති එකෙක් හම්බ උනා.

      Delete
    4. මම මේලක් විදින්නම් ප්‍රසන්න.

      Delete
    5. ඇනෝ මටද කීව්වෙ මචන්.

      Delete
  33. එකනේ අපි එදා ඉදන්ම කෙන්ජි අයියාට කැමති. හිත හොද මනුස්සයා කියලා දන්නවා නොවැ

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්න පුමල මාව මුලින්ම තේරුම් අරන් තිබුන ලස්සන.

      Delete
  34. දැන්නම් ඇල්වතුරත් නිවලා බොන සයිස් එකට වෙනස් වෙලානේ කෙන්ජි අයියා.

    ReplyDelete
    Replies
    1. ගුරා මල්ල මම කොහොමත් එහෙම තමා බොන්නෙ :).

      Delete
  35. විසිල් වලට චූන්වී කුණුහරුපම නොලියා මෙහෙම වෙනස් වීම ගැන සතුටුයි සහ සුබ්ග පැතුම්. ලියහන් ඉතිහාසෙ රස කතා, සිද්දි. දැන් කෙල්ලො ගැන ලිව්ව ඇති.

    ReplyDelete
    Replies
    1. තාම නෑ මේ දවස්වල අම්බානෙට වැඩ. මම ගියාම එකෙක් උඩින් ගියා කියල උඹලට ආරංචිවෙයි.

      Delete
    2. අනේ මචන් උබට දීපු උත්තරේ යටින් වැටිලා sorry .
      හෙහ්,,,හෙහ්...කොහොමත් ලංකාවට ගියාම නම් ලොකු සද්ද ඇහෙනවා.

      Delete
  36. තැන්ක්ස් ඉන්දික .එහෙම තමයි හිතන් ඉන්නෙ මචං .
    උඹ ලංකාවට ගියාද ?

    ReplyDelete
  37. කෙන්ජියෝ......උඹ යසපාලිතගේ පුතාද? නැත්නම් වයි.එම්. කරුනාතිලකගේ පුතාද? ශුක්‍ර කමකට නෙමෙයි ඇහුවේ...උඹ දන්නවනේ...රජීව් කියපු නිසා. උඹේ මල්ලි හර්ෂනද?

    ReplyDelete
    Replies
    1. උඹ මගෙන් යමක් ඇහැව්වොත් මොන වස්තරේ ශුක්‍රද මචං.
      කරුණාතිලක අන්කල් (කොළඹ මල් ශාලාව)පියාගේ යාලුවෙක්,යසේ අන්කලුත් එහෙමයි.
      ෂුටින් නැති දවස් වලට ෆයිෆ් රෝඩ් එකේ 'රන්දෝලි බාර්' එකේ තනියම ෂොට් එක දදා මොනවා හරි ලියනවා යසේ අන්කල්.
      කොල්ලෝ සෙට් එක එක්ක මම සෙට් වෙලා ඉන්නවා දැක්කට පියාට කටක් ඇරලා කියල නැහැ.රත්තරන් මනුස්සය.
      යකෝ පුද්ගලික දෙයක් අහද්දී කට්ටිය ඉස්සර මෙහෙම අහනවද මචෝ :)?

      Delete
    2. සරත් දසනායක සිටි කාලයේ මාත් ඔහු සමග එතැන සෙට් වෙලා තියේ

      Delete
    3. බොන තැනක් කිවුවොත් ඔයා එතන :(

      Delete
  38. මේක ඇත්තම සීන් එක කියලා හිතාගෙන කියවන් එද්දී අන්තිමේ " සමහරවිට සිතුවිල්ලක් පමණක් " කියලා දැක්කම අනේ අපරාදේ කියලා හිතුනා..

    කෙන්ජි අයියා කුණුහරප කියනවද? අපි නම් දැකලා නෑ..

    ReplyDelete
    Replies
    1. ඔන්න මල්ලියො බලන්නකෝ මේ නංගිලා කියන කතා.
      හමුවීම සත්‍ය සිදුවීමක්.
      අරම දැම්මේ පිටරට වල ඉන්න ළමයිට හිසරදයක් ඇති වෙයි කියල මල්ල.
      උඹ ඉතාලි නේද ඉන්නේ?

      Delete
    2. ඔවු ඔවු මම ඉතාලි තමයි අයියේ..

      Delete
  39. බ්ලොග් එකේ දකුණු පැත්තට දාලා තියන මොකක් හරි බ්ලොගර් නොවන ගෑජට් එකක් , හරි ගලවපු ගැජට් එකක මුලක් දෙකක් හන්දා හරි , බ්ලොග් එකේ දකුණු පැත්ත ක්ලික් කරන්න ඒක හන්දා පරණ පටු මොනිටර් පාවිච්චි කරන අයට ඔයාගේ බ්ලොග් එකේ කමෙන්ට් ෆලෝ කරන්න බැ ,


    අම්මෝ කමෙන්ට් ගොඩ මාව ඉරිසියාවේ පැලෙනවා , කොහොම හරි හූල්ලලා හූල්ලලා ඇස්වහ කටවහ ඇරගන නැති බංගස්ථාන කරලා දාන්ඩ ඕන

    ReplyDelete
    Replies
    1. අනේ..මන්ද උඹ හැමදාම මොනවා හරි සෙද්දක් කියාගෙන අඩනවා.අනිත් අයට නැති කරුමේ බොට විතරක් මොකද ?
      අනේ උඹේ හිල්ලිල්ල මම දන්නේ නැතිවය තොගේ බොක්ක.
      මේකට හුල්ලන එකෙක් දෙන්නෙක් නම් සැරින් සැරේ එබී එබී යනවා.
      මම හරිම සංවේදීව බලන් ඉන්නවා මචන්.

      Delete
    2. ඉතින් ගනින්කෝ අටම් අළුත් LCD මොනිටරයක් ,,

      හික් හික් තාක්ෂණික නිලධාරිනියට කියන්නම්කො හදන්න කියලා මං ඔවුවා දන්නේ නැහැ

      Delete
  40. අනේ කෙන්ජියෝ... දැන් උබලගෙ සම්බදෙ නැතෙයි........

    ReplyDelete
    Replies
    1. මේකව පොළොවෙ ගහන්න එපෑය.
      කැත කතා නැතිව හොද කතා ලියන්න කියල තියෙන්නෙත්,
      මම හොද කතා ලියන්න ගන්නෙත් මොකද කියල ඔය ටිකිරි මොලේට මීටර් වෙන්නේ නැද්ද මල්ලියා.

      Delete
  41. අන්තිම ටික කියවනකන් හිතුනෙ මේ කියන්නෙ ඔමාය ගැනද කියල :D

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනෙම එහෙම තමයි ...අපි වැරදිද කෙන්ජයියේ ...

      Delete
    2. සසිදු උඹලට කතාවත් ලියල කියවන්න දුන්නම හිතා ගන්න බැරි බබාලාද බන්ස්.

      Delete
    3. චමිය මම සසිදුවට කියල තියෙන එක බලපන් මල්ලියා.
      ඇයි මල්ල එහෙම උනොත් අවුල්ද :) ?

      Delete
    4. @sasindu ඔන්න අන්තිම ටික අයින් කළා :)

      Delete
    5. ඔව් ඉතින් බොට ලස්සන පොස් කෙල්ලෙක් කිවොත් ඔමාය අක්කව තමයි මතක් වෙන්නේ නේද ? :D

      Delete
    6. නැතුව නැතුව උබ කොස් කාල මාර පොස් වෙලානෙ :P

      Delete
    7. නැහැ කොස් කිරලා :D

      Delete
    8. කවුද කොස් කිරුවේ?

      Delete
  42. කෙන්ජි දැන්නං පිළිවෙලකට ලියන්න ගත්ත වගේ පේනවා,මේ වගේ අත්දැකීම් ගොඩක් ඇති නේද ඔක්කොම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලප මමත් අර බොරළු ගොඩේ කරත්තෙ යන්නැහේ ගියා.
      ඒ ළමය කියල දුන්නම තමා වැරැද්ද තේරුම් ගියේ.
      පේනවනේ කොමන්ට් වලින් ,ගොඩක් අය කැමැත්තෙන් ඉදල නැති බව.
      ඉදිරි ලිපි වලදී ඔබ,අරූ ඇතුළු පිරිසගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා අඩු පාඩු පෙන්වා දෙන ලෙසට.

      Delete
  43. සුපුරුදු පරිදි ඔන්න අදත් ආවේ අන්තිමට වගේ..... කියවලා ඉවර වෙන කොට අටමට වගේ මටත් ආවේ ඉරිසියාවක්.... ඒ ලියලා තියෙන කතාවටද??? නැත්නම් ලියලා තියෙන විදිය නිසාද ..... ම් ම් එත් නැත්නම් වැටිලා තියෙන කොමෙන්ට් ගොඩ නිසාද ...... මේ ඔක්කොම නිසාද ?????

    ReplyDelete
    Replies
    1. උඹට තියෙන රුසියාව මෙතනදීත් එහෙකට ඇවිල්ල කියල මට බුදු ෂුවර් මල්ලියා කලකට පෙර වෙනත් තැනක කල කොමෙන්ටුවක් මතක් කොලොත් :) :)
      උඹල මට මොනවට ඉරිසියා කරන්නද මැලේ මල්ල.උඹල සෙට් එක නිසානේ මේ තැන මට ලැබිල තියෙනේ.
      අර බලපන් මල්ල අර අටම නාගන්න විදිය.මම දැක්ක උඹත් කොටලා තිබ්බ.
      මට මේ දැනුත් හිනා.පවු බං අහිංසකය.
      ජය වේවා කිව්වා මල්ලි.

      Delete
  44. පරණ සබන් කෑල්ලට යන්න කිවුවද කෙන්ජි...?? නව මාවතක්.. හොඳයි.. :)
    මේ කෙන්ජි.., දන්නවද.. මම මේ බ්ලොග් එක කියවනකොට මගේ පොඩි කෙල්ල ලඟ හිටියොත් එයා හැමදාම අහනවා "අම්මි මොකක්ද මේ mouse pointer එක" කියලා..?? ඉතිං මම කියනවා මේ ඉස්ගෙඩියෙක් කියලා.. :) just told okkk...??
    කෙන්ජි නගාලට හරි සෙනෙහෙවන්තයි වගේ නේද..?? හොඳයි හොඳයි.. :)

    ReplyDelete
    Replies
    1. හෙහ්.,.,.,හෙහ්.,.,.,.පොඩ්ඩි ට දැන් වයස කීයද සදා?
      මගේ දෙන්න ඉති සිංහල ඒවා බලන්න එන්නේ නැහැ.
      පුතාට සිංහල අපි එක්කල කතා කරන්න විතරයි දන්නේ.
      නංග ලටම කියල නැහැ සදා අක්කලටත් එහෙමයි :)

      Delete
  45. දැන් එතකොට කෙන්ජි අයිය රජිව් අයිය වෙලා.හොද බබා වෙලා නේ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ දමිත් මල්ල අපි ඇත්ත නමින් එන්න ආවත් වලිනේ...
      කවුද බං බබා .... :)

      Delete
  46. ඔබේ සුවද තවම දැනේ මට...

    ReplyDelete
    Replies
    1. ඔන්න බොට අහුවෙලා තියෙන කෑල්ල :).

      Delete
  47. කෙන්ජි කුනුහබ්බ කමෙන්ට් දාන්න කලිං ලැප් එකේ පිරිත් දාල ලැප පිරිත් කරගෙන ඉන්න එක හොදයි කෝකටත්..

    ReplyDelete
    Replies
    1. මම හැමදාම පාන්දරට පිරිත් දාගෙන තමයි ලියන්නේ.
      ආයේ කුණුහබ්බ ලියන්නේ නැහැ අමිල.
      මෙතෙක් කල් අපහසුවක් වුනානම් සමාවන්න.

      Delete
  48. මගේ කෙල්ලට අවුරුදු 9 ලබන්නේ ලබන මාසේ.. එයාටත් එහෙමතමා "ඉස්ගෙඩියා" කිවුවට තේරෙන්නේ නෑ.. මමත් ඒකමයි එහෙම කියන්නේ එතකොට වැඩිය අහන්නේ නැහැනේ... :) එහෙම කිවුවාම කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා.. :) මම මේවා කියවනකොට එන්නේ එයාගේ හොඳම යාළුවෙක් වෙන හැලප අංකල්ව බලන්න..

    මේ.. කෙන්ජි.. කෙල්ල තව මගෙන් අහනවා " ඇයි අම්මි මේ බ්ලොග් එකේ එක පැත්තක් විතරක් ෂයිනි වෙන්නේ.. ඇයි අනිත් පැත්ත නැත්තේ" කියලා.. ඉතිං දීපල්ලකෝ උත්තර...:(
    ඔබට ජය හා සතුට.. !!! :)

    ReplyDelete
    Replies
    1. එහෙමද සදා නංගි?දැන් ඉදන් තමා හැම දෙයක්ම විමසිල්ලෙන් බලන්න පටන් ගන්න කාලේ.
      මගේ දුවට මේ මාසෙ31 ට 18 ලබනවා.
      පුතාට 11+
      අනේ මෙයාල ටික ටික ලොකු වෙන දිහා බලන් ඉද්දි පුදුම සතුටක් දැනෙන්නෙ සිතට.
      දෝනිට කියන්න කෙන්ජි සීයට එක පැත්තටයි තරු පේන්නෙ කියල :).

      Delete
    2. එන්න, කවුරුත් බලන්න. 55 පැනපුවාම ළමයි හදන්න බෑ කියන්නේ බොරු කියන එක කෙන්ජි සීයා ඔප්පු කරලා තියෙනවා.

      Delete
    3. හෙහ්..හෙහ්...කොහෙද බොල ගිහිල්ල හිටියේ...
      දවස් 4 කට පස්සේ...
      මේ සියා එහෙම තමා...
      ඇනෝ ඔබව අදුනගත්තා....

      Delete
  49. අකුරු ඩිංගක් පොඩියට දාපන්කෝ. පොල් අකුරුනේ උබ දාන්නේ.උබ තරම් අපි නාකි නෑ කෙන්ජි මාමේ

    ReplyDelete
    Replies
    1. එහෙමද මචන්.
      මම ඔබ සිතන තරම් නාකියෙක් නෙමේ බං.
      උඹලගෙ ම වයසේ බුවෙක්.
      නාකින්ට බලන්නත් එක්කයි ටිකක් ලොකුවට දැම්මෙ.
      කොහොමත් මම තාක්ෂණ නිලධාරිනියට දන්වන්නම්.
      ඔබගේ අදහසට තුති...!

      Delete
  50. කුණුහබ්බ ලියන්නෙම නැද්ද... සුවර්ද? දැන් ඇනෝලත් මේක අහලා හැදිලා වගේ මේකේ ඇනෝ කොමන්ට් අඩුවක් පේනවා

    ReplyDelete
    Replies
    1. හෙහ්..හෙහ්...කුණු හබ්බ අහන්න නැතිව නිකන් අවුල් වගේද බොරළු?
      ඇනෝ කොමන්ට් කරන්නෙත් බං ඔය අපේ නම් වලින්ම ඉන්න අයියල/අක්කිලා ම තමා.
      නැතිව පිටින් එන ඇනොල අඩුයි.

      Delete
  51. //අපගේ මිත්‍රත්වය ඇරඹු නේ එලසය//

    ඒ කියන්නෙ තවම මිත්‍රත්වය තියෙනවා. ඒක "තාක්ශණ නිළධාරී" මට්ටමේම දිගටම තියා ගන්න, කෙන්ජි (සොරි රාජිව් අයියෙ ). අපිට ඉරිසියයි.

    අර ඇනෝ කියල තිබ්බ විදිහට අකුරු පොඩ්ඩක් පොඩි කරමුද, "තාක්ශණ නිළධාරිනියට" කියල.

    ReplyDelete
    Replies
    1. අන්න ඇල්බ අකුරු පොඩි කළා ඇය.
      මොකටද බං ඉරිසියා.
      මම දන්නවා උඹල ඔය මාව තරහ ගන්වන්න ඉරිසියයි කීවට,ඒක හිත ඇතුලේ තියෙන එකක් නෙමේ කියල.
      පරක්කු වෙලා හරි ආවට ටැංකිව්...!

      Delete
  52. කුනුහරුප කිව්වට නම් මොකෑ.. ඒත් අවස්තානුකූලව.. මේ ලිපිය බලන්න ආවා.. දෙවෙනි එල බලන්න යනව දැං

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් සමියා පරක්කු වෙලා හරි ගොඩ වැදුනට.
      ඔව් බං සමහරු චුටි බබාලා වෙන්න යනවා කුණු හරුප හරියට අහල නැහැ වගේ ඒකත් බලන්න.
      මල්ලි වෙන රටකද ඉන්නේ?

      Delete
  53. බොලාටත් ගද සුවද මතක තියෙවනා නේද පිච්ච මල් සුවද අමතක උනාට. හැක් හැක්..

    ReplyDelete