Thursday 9 January 2014

සිහල සිනමාවෙ නොදුටු ඇත්ත -- (1)


අලුත් අවුරුද්දකුත් ලැබුවාය.විස්සයි දාහතර කියන්නේ එල අවුරුද්දක්ලුය.මට නෙමේය..හැමෝටමලුය...ඔය ඉලක්කන් හතරේ එකතුව ලකී හත හෙවත් සිංගලෙන් සෙවන්ය.7 වැදිලා හිටපු එවුනුත් නැගලා එනවාලු.මේක මට කිව්වේ කතරගම දෙයියෝ වඩිනව කියල කෙබර කෙලිය එකාට ගිය 31 ක ස්කයිප් එකෙන් කතා කලාමය.දැන් උඹල..."අපේ මාරයාගෙන් ඇහැව්වා නම් ලෙසටම කියයිනේ' කියලා කියන්න එපාය.මොකද මාරයා මල්ලි කෙබර කාරයෝ වාගේ පොරොසිද්ද නැතිය.ඉතිරි කිරිමෙට කෙලලා මාරුවුන තට්ටයගෙන් ඇහැව්වට හු හැන් පී කාරයන්ට කියන්නෙම තවත් ඒවගේම කෙබරය.මමත් දැන් බලාගෙන ඉන්නේ මට 7 විකසිත වෙනකන්ය....සමහරු නම් බලන් ඉන්නේ මට 7 X 7 වදිනකම් ය.ඒවා හදේය......... 


                                           ඔබ සැම සිතා සිටිනා ලෙස චන්ඩි ශ්‍යාමා මෙන් මා කුඩා කලම සිංහල සිනමාවට පිවිසියේ නොමැත.එයින් අදහස් කරන්නේ නළුවකු වශයෙන් පැමිණි බව නොවය.මට ෆොටෝ ගන්න මේනියා එකක් පොඩි කාලේ සිටම තිබිණි.ඒ මම වෙරළු ගහෙන් වැටිච්ච සංදියේ සිටය. මගේ පියාගේ මල්ලිලා දෙන්නෙක් සහ මවගේ මල්ලෙක් තනිකර කැමරා පිස්සෝය.ඒක උන්ගේ රස්සාව නෙමේය.විනෝදය උදෙසාය. උන් ටික කළු සුදු පින්තුර අරගෙන පාටත් කරනවාය.මොන මගුලකින් පාට කලාද කියා අදටත් දන්නේ නැතිය.එහෙම පාට කරපු මගේ ෆොටෝ තාමත් තියෙන්නේය.කවදා හරි fb එකට මුදා හරින්න හිතාගෙන ඉන්නවාය.මට භය කෙල්ලෝ ඒවා දැකල පිස්සු වැටෙයි ද කියලය. පොඩි කාලෙත් මම එච්චරට ම ස්වීට් ය. 
                                                       රන්මුතු දුව චිත්තර පටිය ගැන දන්නේ අපේ මේ බොගේ ඉන්න සීනියර් සිටි සෑන් කට්ටිය විතර වෙන්න ඇතිය.මම නම් ඔය සැට් එකට අයිති නැතිය. පොඩි ඒකාල/එකිලා හිතනවා ඇත්තේ තවත් මඩොල් දුවක් වෙන්න ඇති කියාය. ශ්‍රී ලංකාවේ පළමු වර්ණ චිත්‍රපටය රන්මුතු දුව කොලේ මයික් විල්සන් කියන සුද්දාය.1934 රැජිණිගේ රටේ ඉපිද,පළමුව ආමි එකටද,දෙවනුව රෝයල් නේවි වලට බැදී වැඩ කිඩ පෙන්වූ දක්ෂ කාඩරයෙකි.එහි සාර්ථකව සේවය නිමවා කෙලින්ම යන්නේ 'නෝත් කුරු දිවයිනට' ය.එහිදී ඔහු ලියාපදිංචි කිමිදුම් කරුවකු වන්නේය.ඉන්පසු ඔහු දක්ෂ කිමිදුම් කරුවකු,බෝට්ටු ධාවකයකු,සර්ෆ් & මුහුදු ස්කි කරුවකු වන්නේය. කාලයාගේ ඇවෑමෙන් ඔහු සහ ආතර් සි ක්ලාක් යන දෙදෙනා,ලස්සන සී ලංකාවේ ජිවත් වීමට තීරණය කරයි..ඒ 1956 යේ දිය. ඔහු ගැන තව විස්තර අවශ්‍ය අය මෙතනට ගොස් බලන්න..... 




                              ඔහුගේ පවුල නම් කුරු දිවයිනේ ය එලිසබත් නම් වූ නිළියකි. පට්ට එකේ රූ සපුවය ය.. දුවල දෙන්න ඊට එහාය................ මම පච්චයක් ලගට ම දැකල තිබුනේ දිවිය ලෝකේ ඉන්න අපේ ආච්චිගේ වම් අතේ කොටලා තිබිච්ච් 'කුරුස'පච්චය පමණි.......... මේ පට්ට කෙල්ලෝ දෙන්නගෙම, පච්චය කොටලා තිබුනේ රණතිසර උඩය.ඒ පියාබන සමනලයෙකි.සමටම ගැලපෙන පච්චේය.පසු කාලෙක මොවුන් අපේ නිවසට ආව ගියෝය........... ඒ කෙල්ලෝ දෙන්න මට සෙට් කොරන්න නෙමේය.ඒවා මෙතන කියන එක හොද නැතිය.වල් කතා නොවේය.මානුෂිය වශයෙන් හොද මදිය.කියවද්දී තේරුම් ගත හැකිය. මේ මම කියන සමහර ඒවා වැඩි හිටියන් ගෙන් සහ ඔවුන්ගේ මිතුරන් ගෙන් දැන ගත් විස්තර නිසා සමහර වෙලාවට නම් වගේ දේවල් ලියද්දි සුළු අඩුපාඩුකම් ඇතිවීමට හැකි බව කරුණාවෙන් සලකන්න....

                                               නලුනිලියන් ගැන නම් මා ඇසින් දුටු පියෝ ඒවාය....... මයික් විල්සන් එක්ක පට්ට සෙට් එකක් ඉදල තිබෙනවාය.එයින් ප්‍රධාන තැනක් ගන්නේ...ආතර් සි/ශේෂා පලිහක්කාර/තිස්ස අබේසේකර/තිස්ස ලියනසුරිය/ගාමිණි ෆොන්සේකා/රොඩ්නි ජෝන්ක්ලොස් /මනික් සන්ද්‍රසාගර අයය.රොඩ්නි ලංකාවේ No එකේ කිමිදුමෙකි.මයික් රොඩ්නි යුගලය දකුණේ සහ ත්‍රිකුණාමල කොනේශ්වරම් අසල මුහුදේ ගවේෂණ කටයුතු විශාල වශයෙන් යෙදන අතර ඉන් කලකට පසු රන්මුතු දුව එලි දක්වයි.ගැටවරයෝ,ජේමිස් බණ්ඩා වැනි චිත්‍රපටිද ඔහු කල ඒවලු. මයික් ගේ නිවස තිබුනේ හෝර්ටන් වට රවුමේ සිට බොරැල්ල දෙසට යන විට පළමු වම් පස හරස් පාරේ කෙලවරේ වම්පස දෙමහල් නිවසේය.

                                     මයික් උන්නැහෙට,ජර්මනියේ නිෂ්පාදිත Arriflex ll වර්ගයේ මුවි කැමරාව දී තිබුනේ ආතර් සි මහතාය.දිය යට රුගත කරන විට කැමරා ආවරණය ඇතුළු විදුලි උපකරණ සියල්ල ජර්මනියෙන් මිලට ගෙන ආනයනය කරගෙන ඇත.එයට රූගත කිරීම් අවස්ථාවේ හඩ පටිගත කරන විට,කැමරා හඩ නොඇසෙන ලෙසට කැමරාව ආවරණය කරන Blimp එකද ඇතුලත්ය. පසු කලකදී මේ සියලු උපකරන මයික් මහතා විසින් මගේ පියාට අලවි කොට ඇත.එම නිසා ආතර් සි මහතාගේ එම කැමරාවෙන් රූගත පුහුණුවීමේ වාසනාව මට පෑදිණි.මා පුහුණු වුවා පමණය.කැමරා කාරයෙක් නොවුවෙමි.නමුත් පට්ට ආතල් සමග සුපිරි පොරවල් සහ පොරිච්චියන් ලදිමි & මුණගැසිනි.
                                            මයික් මහතා සිය පවුල සමග ගත කර ඇත්තේ සුපිරි දිවියකි.මා ඔහුව දකින කාලයේ නම් හතේ හතය. ඔහු රවී ශංකර් ගේ සිතාර් වාදනයට පෙම් කල කෙනෙක්ලු.කොතරම් පෙම් කලාද කිවහොත්,හුදකලාවේ කාමරයට වැදී හඩ යන්ත්‍රයට සවන් දෙන්නේ,බ්ලෙන්ඩ් කරගත් කිරි/ගංජා ලොකු වීදුරුවෙන් තොල ගාමින්ලුය.පසු කලෙක අපේ කැමරා ආම්පන්න ගබඩා කාමරයේ කබඩයක තිබී ඒ හඩ යන්ත්‍රය සහ තැටි විශාල ප්‍රමාණයක් මට සමු වීමෙන් එය සත්‍ය බව මා හට අවබෝධ විය. 


                                          බිරිදගේ සෙල්ලක්කාර අධික වියදම් කාරී ජිවන රටාවත්,දියණියන්ගේ නැටිලි කාර දිවි පෙවතත් නිසා මුදල් අග හිගතාවයන් නිසාත් සිටි නිවසින් යාමට පවා සිදු විය. 1975 සිට 1985 වසර තෙක් දේව ඇදහැලී අධ්‍යනය කරමින් කතරගම කුටියක භාවනානුයෝගී දිවියක් ගතකොට අසනීප තත්වයෙන් නැවත කොළඹ එන ඔහු 1986 වසරේ කතරගම පෙරහැර ගැන කෙටි චිත්‍රපටයක් කොට රුවවාහිනියේ ප්‍රචාරය කොට ඇති බව කියවෙනවා. කෙසේ වෙතත් මෙපමණ කලක් ජිවිත රගමඩලේ දක්ෂතා පෙන්වූ ඔහු 1990 Swami Siva Kalki නමින් සෙල්ල කතරගම වනයේ තපස් දිවිය අරඹා 1995 පෙබරවාරි 26 දින මෙලොව හැර ගියහ......
............................................................................................................

# ඉඩ ලැබෙන පරිදි සිංහල සිනමාවේ ඔබ නොඇසූ කතා ඔබ වෙත ගෙන ඒමට අදහස් කරමි.....


138 comments:

  1. අපූරු ලිපිය කෙන්ජයියේ.... මම් මීට කලින් රන්මුතුදූව ගැන දැනන් උන්නු එකම් කරුණ ඒක පළමු සිංහල ව‍්රණ චීත්‍රපටය කියාල ඉතරයි. මේ විස්තර ටික කීයත් වටී....

    ReplyDelete
    Replies
    1. මටත් බස්සි ඔය බයිස්කෝප් එක ගැන බලල තියෙනවද කියලවත් මෙලෝ මතකයක් නැහැ.
      මොහු මගේ පියාගේ හිතවතෙක්.
      මොහු සමග සම්බන්ධ මගේ ලගම වැඩිහිටියන් සහ කාර්මික ශිල්පින් ගෙන් අසා තිබුන කරුණු තමා.
      තපස් ගත වීමට කලින් සහ පසුව කීප වතාවක් පමණයි මුණ ගැසී ඇත්තේ.

      Delete
  2. අම්මාට සිරි කෙන්ජි අයියේ. වදකාරෙයක් කියලා දැනන් හිටියට මෙච්චරටම පොරක් කියලා දන්නේ නෑනේ

    ReplyDelete
    Replies
    1. හැක්...හැක්....පොරක් නම් නෙමේ බං.....මේවා ඇත්ත කතා.

      Delete
  3. අගේයි කෙන්ජි අයියා මාමේ......මන් මේ ලිපියේ තියෙන කිසිම දෙයක් දැනන් හිටියෙ නෑ ...ස්තූති...

    ReplyDelete
    Replies
    1. නංගි,නැන්දේ.. :) ...දැන් ටිකක් හරි මම කියල දුන්න එකට සතුටු නැද්ද...?

      Delete
  4. මරු කෝලම කෙංජි මාමේ.මාත් මෙව්වා මුකුත් දැනන් හිටියෙ නෑ

    ReplyDelete
  5. කෙන්ජි මාමාගේ යාලුවා ගැන මෙන්න මේකෙත් ලියල තියෙනවා පොඩ්ඩක් ගිහින් බලන්න...
    http://nalakagunawardene.com/2014/01/05/%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B6%82%E0%B7%83%E0%B6%BD-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%96%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BA%E0%B7%8F-150-%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D/

    ReplyDelete
    Replies
    1. කට්ටියව මග හැර පැතුම් මල්ල ලගට ආවේ ස්තුති කරන්න.මාලග මල්ලි සිංහල ලින්කුවක් තිබුනේ නැහැ.
      මගේ ලිපියට ඇල්මක් දක්වන අයට ලොකු ප්‍රයෝජනයක් වෙනවා නිසැකයි ඔබේ පෙන්වීම.
      අරිගතෝ පැතුම් සමා.....(පැතුම් මල්ල තෑන්ක්ස්)

      Delete
    2. මගේ යාලුවා නෙමේ බං ... මගේ පියාගේ.
      ස්තුතියි ලින්කුවට...!

      Delete
    3. මෙන්න ලිපියේ ඉතිරි කොටසත් දාල...

      http://nalakagunawardene.com/2014/01/10/%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B6%82%E0%B7%83%E0%B6%BD-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%96%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BA%E0%B7%8F-151-%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%83/

      Delete
    4. Thanks මල්ල.
      බලාගෙන ගියාම මෙයත් පිචර් පිස්සෙක් නේ... :)

      Delete
  6. මෙන්න කරනවා නම් වැඩ. කෙන්ජි අයියේ. දිගටම මේ සීරීස් එකක් කරමු.

    ReplyDelete
    Replies
    1. අනිවා සුදික මල්ල...ගොඩක් අය කැමතියි වගේ.දිගටම ලියමු.

      Delete
  7. අදෙ අෆ්ෆා කෙන්ජි අයියා නියම වැඩ පෙන්වන්නෙ දැන් නොවැ. නියමයි කෙන්ජි අ‍යියෙ ඔය රන්මුතු දූව ගැන මාත් දැනන් හිටියෙ පළමු වර්ණ චීත්‍රපටය කියන්න විතරයි. අද නම් ලොකු දැනුමක් ගත්තා.

    බැලින්නම් ඔයත් මතක ගබඩාවක්නෙ හප්පේ.

    මේ ඒක නෙමේ අර කෙලි පොඩ්ඩන්ගෙ පච්ච ගැන කිවුවම මතක් උනේ දැන් ඉන්න දකුණු ඉන්දියානු නිළියකුත් ඉන්නවා බෙල්ලට ටිකක් පහලින් සමණළයෙක් කොටපු. මට මතක විදියට ත්‍රීෂා.
    දැන්නම් ඕවා සාමාන්‍ය දේවල් උනාට ඒකාලෙ ඕවා මැජික් වගේ තියෙන්න ඇති නේද?. හි… හි……

    ReplyDelete
    Replies
    1. මටත් මල්ල කියන මතකය තමා තියෙන්නේ.
      මේවා ඔහුව ලගින් ඇසුරු කල අය කියන සත්‍ය කතා.
      ම්ම්ම්...තාම මතකයි ඒ සමනලයෝ....
      ඒ දවස්වල මම එයාල දෙන්නගේ මල්ල...

      Delete
    2. කෙන්ජි, මොකක්ද බන් උඹ මේ හැමතැනම මල්ල මල්ල ගාන්නෙ ? මල්ල කියන්නෙ Bag එකටනෙ බන්... :D

      Delete
    3. සෙන්න ... :)
      ඉතින් බං මට උඹල ව මගේ ජිවිතේ වෙලා.
      යන එන හැම තැනකම උඹල එක්ක නිසා මල්ල කියල ඉබේ ලියෙවෙනවා.
      උඹත් අර කකා වගේ අයියා /මල්ලි විරෝධියෙක්ද...?

      Delete
    4. අනේ නෑ බන් මම එහෙම විරෝධියෙක් නෙමේ.. මම කිව්වෙ මල්ල කියන එක කිසි තේරුමක් නැති වචනයක් කියලා. මල්ලී / මලේ වගේ එකක් කිව්වනම් ඊට ලස්සනයි...

      Delete
    5. හරි මචෝ...දැනුවත් කලාට තුති මලේ....
      අනිත් දවසේ එසේ ලියමි....

      Delete
  8. දිගටම ලියමු කෙන්ජි අයියේ.... ජය ...

    ReplyDelete
    Replies
    1. අනිවා සහන් මල්ල....
      උඹටත් ජය...
      මතක තියා ගනින් උඹට බැට දෙන්න එන, සිංහ ෆොටෝ දාගෙන එන බලු නාට්ටනන්ට මම ගේම දෙන බව ... හරිය...

      Delete
    2. හෙහ්හ්හ් හෙහ්හ්හ්හ් උන් කරපු වැඩේ මට හිට්ස් 9000 ක් සහ අලුතෙන් ෆලෝ කරන උන් 35 ක් විතර ආව සති දෙකට... මමත් නාඩියට ලින්ක් එකක් බස්සනවා වළියක් මැද්දේ වීඩියෝ ලින්ක් එකක් දාලා.. කට්ටිය හෝ ගාලා එනවා ඇත්ත බොරු බලන්න... :D

      Delete
    3. @Kenji @ Japan,

      මිත්‍රය, මට අරින්න කලබල වෙන්න එපා. ඔබේ හිතවතා බේර ගන්න උතසහ කරන්න මේ වෙලාවෙ.

      Delete
    4. ඉන්දික මචන් මම කෙනෙකුට දෙන ගේම වචන වගේම ඇත්ත ...
      ඒක මතක තියාගන්න.....OK>>>>

      Delete
  9. දැන්නම් පිලිගන්නවා ඇත්ත වයස තමා කියල තියෙන්නෙ කියලා කෙන්ජයියේ :D

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ 79 යයි කියලද....??

      Delete
  10. ඉතුරු ටිකත් ඉක්මනින්ම ලියන්න ... ( හදිස්සිකාරි කියලා ඔන්න බනින්න පටන්ගන්න ඔට්‍ටු නෑ ...හි.. හි.. )

    ලිපිය කියවලා හුඟක් දේවල් දැන ගත්තා ... ඉඩ කඩක් තියෙන වෙලාවට තව විස්තර ලියන්න.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බන් ,,,, එක සැරයක් කියපු දෙයක් මම ආයෙම කියන්නෙ නැහැ හැක්..හැක්..
      උඹ කොමන්ට් කොට කොට ඉන්න එකේ මොනවා හරි ලියන්න ගන්න.
      අපිටත් එතකොට ඔය වගේ කමෙන්ට් කල හැකියි.
      දැන් බයිස්කෝප් කතා ලියනවා.ඉක්මනින් දාන්නම්.

      Delete
    2. ලියපුවා කියවන්න බ්ලොග් එක පැත්තේ ඇවිත් යන්න එන්නකො එහෙනම් ...

      Delete
    3. ලින්ක් එක දෙන්න ...

      Delete
  11. ඔබ ඉතාම හොඳ කාර්යයකට අතගසා තිබෙනවා. සිංහල සිනමාව සම්බන්ධ මෙවැනි වැළලී ගිය තොරතුරු බොහෝ තිබෙන්නට පුළුවන්. අවාසනාවකට මෙන් ඒවා තවදුරටත් සැඟවී යනු විනා එලියට එන්නේ නැහැ. ඒ නිසා ඔබේ මේ කාර්යය කාලීන අවශ්‍යතාවක් ඉටුකිරීමක් ලෙස සළකා දිගටම ලියන්න.

    පාසල් සිසුවකු ලෙස කෑගල්ලේ ඡායා සිනමාහලේදී 'රන්මුතු දූව' නැරඹු හැටි අදත් මතකයි. සිංහල චිත්‍රපටියක ප්‍රධාන නළුවා ප්‍රධාන නිළියව සිපගන්නා දර්ශනයක් මා පළමු වරට දුටුවේ රන්මුතු දූවෙන්. මේ චිත්‍රපටියේ මළමිනියකට පණදීම සඳහා කරන යාගය නැරඹු සමහරුන් සිනමාහලේදීම බයවූ අවස්ථා තිබුනා. ඒ දර්ශනය එතරම්ම තාත්විකයි. චිත්‍රපටියේ පසුබිම් සංගීතය සහ ගායනා ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.

    රන්මුතු දූව ගැන මෙතනින් බලන්න පුළුවන්.

    http://www.youtube.com/watch?v=HjFyQjqwiaA

    ReplyDelete
    Replies
    1. මම මේ ලිපිය ලියද්දි ඔබ ඇතුළු කීප දෙනෙක් මතක් වුනා විචාරක තුමනි.
      විශේෂයෙන් ඔබ වැනි ඉහල නිලතල හෙබවූ රණ විරුවකු,කලාවට සහ ඉතා සංවේදී පියකු බව මා දැන ගෙන අහවරයි.
      ඉදිරියේදී ඔබලා නොදුටු/නොඇසූ කතා, මා ඇසින් දුටු ලෙසටම ගෙන එමි.
      ලින්කුවට තුති..

      Delete
  12. වටිනා ලිපියක් මලේ! නොදන්නා කරැණු රාශියක් දැන ගත්තා. මමත් චිත්‍ර පටි පිස්සෙක් නිසා ගොඩක් රස වින්ඳා. මමත් ඉදිරියේදි මගේ ළමා කාළයේ සිනමා අත්දැකීම් ගැන පෝස්ටුවක් ලියන්නයි ඉන්නේ.
    උඹට ජය!!!

    ReplyDelete
    Replies
    1. මලේ.....? හාහ් ...හොඳ මල්ලි .....

      Delete
    2. එහෙමද චන්දන.ඔයාලගේ අත්දැකීම ලියන්න.
      ගොඩක් අය පරණ විස්තර දැනගන්න ආසාවෙන් ඉන්නවා.

      ඉවාන් මල්ලි මම නාකියෙක් කියල තෝ හිතන් හිටියට ගොඩක් ය දන්නවා මම තාම නාඹර කොලු ගැටයෙක් කියල හරිය.

      Delete
  13. අන්න කෙන්ජියෝ මේ පාරත් නරක නැ

    Arriflex ll කියන්නේ ''හෑන්ඩ් ඩ්රිල්'' වලට විශේෂයෙන් නිපදවපු කැමරා එකක් නේද

    ReplyDelete
    Replies
    1. //Arriflex ll කියන්නේ ''හෑන්ඩ් ඩ්රිල්'' වලට විශේෂයෙන් නිපදවපු කැමරා එකක් නේද//
      ඒ කියන්නේ Arriflex ll වලින් හිල් විදින්නත් පුලුවන්ද?

      Delete
    2. නැ බං ඕක ත්‍රයිපෝඩ් එකට දාගන ෂුට් කරන්ඩ පුළුවන් උනාට , තනි අතින් අල්ලන්ඩ පුළුවන් විදිහට හදාපු . අතේ තියාගන ෂූට් කරන්ඩ වඩාත්ම පහසු සැහැල්ලු සිනේ කැමරාවක් , ඒ නිසාම ඕක සහ ඔය කාලේ ආපු ඔය සැම්පලේ කැමරා කිහිපයක් සදහා නිර්මාණය කරපු වෙනමම කර්ටල් බේස් සහ , ත්‍රයිපෝඩ් හෙඩ් තියනවා ,

      මම දන්න තරමින් ඔය කැමරාවේ ඊ ලග මාදිලියේ කැමරාවක් ලංකාවේ දැනටත් භාවිතා වෙනවා .

      ලංකාවේ වෙළද දැන්වීම් වල මුල් පෙලේ කඩයිම් වෙලද දැන්වීම් කිහිපයක් නිර්මාණය කලෙත් ඒ කැමරාවෙන්. ( ඊට වඩා හොදම කැමරා තියෙද්දිත් )

      Delete
    3. මට මතක විදිහට ''ගරිල්ලා මාකටින්'' කලෙත් ඒකෙන්

      කෙන්ජියෝ උඹ ගාව තිබ්බ එක දැන් කෝ

      Delete
    4. බලපං අටමා කැමරාවෙන් හිල් විදින්න හදන්නෙ..

      ඕකනෙ කියන්නෙ අටමගෙ පෝස්ට් ගනන් ගන්න එපා කියල මූ හඳේ ඉදන් ලියන්නෙ. පච හිලක් මූ..

      :ඩී

      Delete
    5. අටම ට කැමරා ගැන කිව්ව ගමන් හරි ත්‍රිල් නේ?

      Delete
    6. මෙතන නිකන් අටමට සැමා මොකද මඩ ගහන්නේ ..... මොකක් හරි පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවද මේ දෙන්නගේ

      Delete
  14. වටිනා ලිපියක්. නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා. ඔහොම දිගටම යමු.

    ReplyDelete
    Replies
    1. මේක මල්ලි මම අහපු දේවල්.ඉදිරියේදී ඇසින් දුටු දේවල් ලියමි.

      Delete

  15. ඔය රොඩ්නි ජොන් ක්ලාස් නේද මචං වාලම්පුරි කතාවේ නිර්මාතෘ?
    එතකොට ඔය ආතර් සී ක්ලාක් නම් ලේඛකයා බැද්දේගම චිත්‍රපටියේ නඩුකාරයා හැටියට රඟපෑවා නේද?

    ReplyDelete
    Replies
    1. වාලම්පූරි චිත්‍රපටිය ගැන මාත් සඳහක් කළා දැන් අවුරුද්දකට විතර කලින් වෙනත් හේතුවක් නිසා.

      රොඩ්නි ජොන්ක්ලාස්ව බැඳලා හිටියා ඉන්දිරා කියලා නිළියෙක්. ඇය මනික් සන්ද්‍රසාගර ගේ කළු දිය දහරේ රඟපෑවා.



      Delete
    2. රොඩ්නි ජෝන් ක්ලාස් අන්තිම කාලෙ හිටියෙ අපේ ගමේ. එහෙම නැත්නම් එයාගෙ එක ගෙයක් තිබුනා අපේ ගමේ. අපේ ලොකු අම්මලා එහෙම එයාට කිව්වෙ ජෝන් කොලොස් කියලා. තාමත් අපේ අම්මලා එහෙම ඒ පාරට කියන්නෙ ජෝන් කොලොස්ලෑ ගෙවල් පාර කියලා.

      Delete
    3. පට්ට කෑල්ල.. ඒ ලස්සනට මම නම් මාර මනාපයි..

      Delete
    4. @ මාතා ....ඉන්දිරා අබේනායක කිව්වෙත් එයාම තමයි. පට්ට කෑල්ල ඕයි!! අකුෂ්ලා ශෙල්ලයියාත් මගේ මනාපයක්. තව කියන්නද? :D

      Delete
    5. අකුෂ්ලා රේමන්ඩ් වුණෙත් එයාම නේද අරූ

      Delete
    6. එයාම තමයි නලීන්!!

      Delete
    7. හෙන්රි මචෝ පේනවා නේද අපේ අයියල නිළියන්ට සිතින් කොච්චර ප්‍රේම කරලද කියල...?
      ඉන්දිරෙක් මට නම් මතක නැහැ.
      අකුෂ්ළාව මතකයි වගේ ටිකක්.

      Delete
  16. සුපිරි සහෝ..ඉතිරි කොටස් එනතුරු කවදත් වගේ අසාවෙන් බලාසිටිමි

    ReplyDelete
    Replies
    1. හුග දෙනෙක් කැමතියි වගේ නේද?
      දිගටම දෙන්නම් සහෝ...

      Delete
  17. බොස්
    උප්‍රිමයි !!!! ඔහොම ලියාගෙන යං .. අපි ආසයි ඕව අහන්න .. ජය වේවා !!

    ReplyDelete
    Replies
    1. එහෙමද මගේ පත්තරේ....?
      දෙන්නම් එහෙනම් කරටි කැඩෙන්න.

      Delete
  18. අපිට ඉතින් මේ වගේ දේවල් මෙහෙම කියවන්න තමයි වෙන්නේ.. ඒ හන්දා ලියන එක සෑහෙන්න වටිනවා..

    කෙන්ජි අයියේ, උඩම තියෙන බැනර් එක බ්ලොගේ තීම් එක එක්ක ටිකක් මැච් වෙනවා මදි වගේ නේද? අදහසක් පමණි..

    ReplyDelete
    Replies
    1. නොගැලපීම ඉට්ටයිල් එකලු නේ !

      Delete
    2. දිනේෂ් මල්ල ඉදිරියේදී ඇසින් දුටු දේවල් ලියන්නම්.
      ඔන්න දැන් වෙනස් කළා.හොදද බලන්න මල්ලි.

      Delete
    3. දැන් හැබැයි අර ආරාමය කෑල්ල උඩින් නැති හන්දා මෙහෙමත් වරදක් නෑ.. හදිස්සියෙම මොකෝ හැබෑටම ඇදුම් මාරු කරන් ෆොටෝ එහෙම මාරු කර ගත්තේ..

      Delete
    4. මේ අවුරුද්දේ කසාද බදින නිසා.

      Delete
  19. අර පච්ච කෑල්ල ගෙදර ආවලු නේද? ඒ ඇයි කියල ලියපං කෝ කෙන්ජෝ !!

    ReplyDelete
    Replies
    1. නිතරම ආව.මගේ මවගේ එච්චර මනාපයක් තිබ්බේ නැහැ.අම්මල දුවල තුන් දෙනා බාගෙට හෙළුවෙන් එන නිසා.
      ආවේ මොකද කියල ලිපිය අවසන් හරිය කියවද්දී තේරුනේ නැතෙයි?

      Delete
  20. මේකනම් බොහොම හොඳ වැඩක් කෙන්ජියො. තිරෙන් පිටු පස කතාව බොහෝ දෙනෙක් නොදන්නා කතාව වගේම රසවත්ම කතාවයි. ෆිල්ම් එකක් ඉවර වෙලා ඒකෙ ශූටින් කරනකොට වෙච්ච සිද්ධි බලන්න අපි කොච්චර ආසද ! ඒක ෆිල්ම් එක බලනවටත් වැඩිය ආස වැඩක්. ලා හිරු දහසක් ටෙලි නාට්‍යය ඉවර වෙලා ඔහොම කෑලි පෙන්නුව එක තමා මම මුලින්ම එහෙම එහෙකට දැක්කෙ. ඒකෙ නඩ රාජා සිවම් පැදගෙන එන බයික් එක පෙරලෙන දර්ශණයක් පෙන්නුවා මට තාම මතකයි.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ සෙන්න.
      හෙන ජොලි වගේම අමිහිරි දේවලුත් නැතිව නෙමේ.
      ඉස්සරහට මම ඇහින් දුටු දේවල් ලියනවා.

      Delete
  21. මෙන්න නියම කතා ..නිකන් මල් වෙඩි ගැහුවා වගේ නෙවෙයි කියවන අයට වැඩක් තියෙනවා ,ගන්න දෙයක් තියෙනවා ,,,
    මෙච්චර දවස් මේ වගේ නොදා ඉන්න හෙතුව මොකෑ ....කොම වුණත් ඔබෙ දක්ෂතා වලින් වැඩ අරන් නෑ ඔබ (මෙ කතා වලට කුණු හබ්බයක් ඇද නොබාන ලෙස ඉල්ල සිටිමි )
    හැක් හැක් ..

    ReplyDelete
    Replies
    1. හැක්....හැක්...පුත්‍රයා...මම දැන් සියලු දුසිරිතෙන් තොර වෙලා ලියන්නයි කම්පනාව.
      මේවා මතකේ තිබුන.
      මේකත් වෙන එකක් ලියන්න ගියේ.ලියවුනේ මේක බන් .

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  22. ඔන්න කෙන්ජා උඹගේ ටර්නිං පොයින්ට් එක.. මේ සිරීස් එක දිගටම දාපං බලහං උඹට වෙන දේ... ජයම වේවා කෙන්ජෝ මගේ මිත්තරයා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්

      Delete
    2. මගේ අතිජාත මිත්තරය කිව්ව නම් ඉතින් එලම තමා.
      ඔන්න යටින් බස්සියෙක් ඇවිල්ල.

      Delete
    3. අතිජාත.. මොන.. ඒ කියන්නේ බද්ධ වෛරයද?

      Delete
    4. තෝ කිව්වොත් ඔය වගේ වචනයක්...
      උඹ මගේ පන අම්මා... :) :)

      Delete
  23. ලිපියෙන් විතරක් නෙවේ මෙතන කොමෙන්ට් කරලා තියන දේවල් හින්දාත් ගොඩාක් දේවල් දැන ගන්න ලැබුණා. දිගටම මේ විස්තරේ පුළුවන් නම් ලියන්න. ආසයි දැන ගන්න අපි නොදන්න ඒ විස්තර

    ReplyDelete
    Replies
    1. ඔබ හරි.ගොඩක් අය විස්තර කියනවා.
      ඒ අතරින් පැතුම් මල්ලි දුන් විස්තරය ගොඩක් වටිනවා.

      Delete
  24. අන්න අත් දෙකම උස්සල කැමතියි කියල කියන්න වටින ලිපියක්. මේව උඹල නොදැම්මොත් කවුරු ලියන්නද.

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් අහම්බෙන් ලියවුන ලිපියක් මේක.
      හුගක් අය මනාප බව තේරුම් ගියා මචන්.
      දැන් දිගටම දෙන්නම්.

      Delete
  25. නිධානයක් හාරල, හැමෝටම බෙදල දෙනව වගේ වැඩක් මේක, ටොප් වැඩක් කෙන්ජි.

    ReplyDelete
    Replies
    1. උඹේ වචනේ එල මචෝ..
      කට්ටිය මනාප බව වැටහුනා.

      Delete
  26. අන්න නියම වැඩකට ඒ පාරනං අත ගහලා.. මේකට හැලපයියගෙයි අටමගෙයි තුන පහ මිරිස් ටිකත් වැටුනනං හොඳ හොද්දක් හැදියැකි...

    ReplyDelete
    Replies
    1. මාරයා මල්ලිටත් සතුටුයි එහෙනම්.
      ඔව් ඒ දෙන්න විතරක් නෙමේ,කකා,අරූ,මාතලන්,නලින් එහෙමත් ඔය ලුණු ඇඹුල් දාල තියෙන්නෙ.

      Delete
  27. අරේවා!! අරේවා!!!!!!!!!!!

    සුන්දර් ටොපික් ඇන්ඩ් ගින්දර් පෝස්ට් හේ මාමා ජී.....!!!

    ඉඳලා හිටලා අරවැයින් එකකුත් දාන්න!!!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඉඳලා හිටලා අරවැයින් එකකුත් දාන්න! Oh yeah!
      මේ මාතෘකාවටම combine කරන්නත් පුලුවන් මගෙ හිතේ

      Delete
    2. මේ ලෙඩ්ඩු දෙන්නයි අර පවුලූශා පොන්සියයි තමයි වැල ඉල්ලලා නහින්නෙ. සල්ලි දීලා බඩුXක් ගහපල්ලකො බන් කෙන්ජියගෙ සීන් කියවලා අත් ගෙවාගන්න දඟලන්නෙ නැතුව.කෙන්ජි, සෙක්ස් කෑලි දානවනම් දාපන් ජනක රත්නායක මොඩල් එකට. ඒක කොහොමද කියන එක තිබ්බා චානුකගෙ සිහිසටහන් බොගේ. මුන් ඉල්ලන්නෙ අර ලුවී වැන්ඩස්ට්‍රාවන් ද මොකාගෙද මොඩල් එකට. අමුවට!. ඒ මොඩල් එකට දැම්මොත් උඹ ගූ වෙනවා

      Delete
    3. @Anonymous & Kenji, "මුන් ඉල්ලන්නෙ" variety.
      චිත්‍රපටි කර්මාන්තය, දේශපාලනය සහ දූශනය, 70-80 දශකවල ලන්කාව, පිටරට අත්දෑකීම්, ලන්කාවේ විවිධාකාර ලින්ගික අත්දෑකීම් සහ KENJI කෑමති අනෙකුත් දේ.
      ගූ වීම කියවන්නාට සාපෙක්ශයි. (there is no pleasing everyone, so please yourself, in tthe process you will please some))

      Delete
    4. පිල්ලි ජී !!!

      තෝ කොහෙද බොල අතුරුදහන් වෙන්නේ ???

      දිගටම වර !! උඹේ අඩුව දැනෙනවා !!!

      Delete
    5. ඇනෝ මචං !!!
      ඔව් ඉල්ලුවා උන් විතරක් නෙමෙයි මමත් ඉල්ලුවා !!

      ඇයි මොකෝ ??? අවුල්ද ??

      එපා නං නොබල හිටපං. බලන උන් බලයි !!

      Delete
    6. K පිල්ලිය අර පත්තර මල්ලි කියන්න වගේ කොහෙද බෝල හිටපු ගමන් චුත වෙන්නේ?
      මේ කතාවලට උඹත් මනාප එක සතුටුයි.

      @ PJ ok මචන් කලවමේ දාන්නම්.

      @ ඇනෝ; උඹ කියන විදියේ පොන්සියෝ නෙමේ උන්.ඔය ටෝක් දෙන්න ගිහිල්ල උඹ ඒ තත්වෙට වැටෙන්න එපා මචන්.
      කියවන අය තෝරාගෙන බේරාගෙන කියවයි.
      හැමෝගෙම රසය විදීම එක වගේ නැහැනේ බන්
      ඔය පත්තර මල්ලිත් කියල තියෙන්නෙ..

      Delete
    7. @ප්‍රා ජේ සහබ්,

      අච්චා අච්චා!!!!

      එකම විෂය කෙනෙක්ට ගූ වෙන්නෙත් තවත් කෙනෙක්ට සිරා වෙන්නේත් එක එක්කෙනාගේ රසඥතාවය අනුව තමයි!!!

      උඹ හරි........!!!!

      (කොටන තරමක් කඩ්ඩෙන්ම කෙටුවට උඹත් වැල වරකා රහ දන්න අපේම එකෙක් තමයි නේ......?! හික්z!!! එල එල මචෝ!!!!!)

      @ ඇනෝ ජී,

      උඹට දෙන්න ඕන හොඳම පිලිතුරු ටික දැනටමත් ලැබිලා ඉවරයි මයෙ හිතේ!!

      කෙසේ වෙතත්, උඹේ අදහසටත් මම ජී ගරු කරනවා!!!!!

      @ පත්තර මල්ලී භයියා,

      අනේ සොරි අයියණ්ඩි.....!

      මම ජී මේ දවස්වල එක්සෑම් එකකට රෙඩි වෙන ගමන්!!!!!!

      ඒත්, මගේ ඔන්ලයින් ෆැමිලිය මතක් වෙනකොට, ඔක්කොම පැත්තක දාලා කොම්පීතර් කටුව ලන්නගට් දුවගෙන එන්න හිතෙනවා!!!!

      අනිවා එක පොරොන්දුවක් වෙන්නම්!!!!!!

      ලබන මාසේ දෙවෙනි සතියේ සිට නැවතත් මම ජී පෙරසේම වැඩ අරඹනවා අරඹනවාමයි!!!!!!!!!

      එතකන් කාවා ජීත් එක්ක එකතු වෙලා පොඩ්ඩක් ඕ.ටී පාරක් අදින්න!!!!!

      @මාමා ජී,

      මේ දවස්වල ෆට්ටම බිසී මාමණ්ඩී.........!!!!!

      සිනමාව සම්බන්න්ධ දේවල් වලට මම ජී කොහොමත් මනාපයි නෙවැ!!!!!!!!

      මාසෙකට පසු මම ජී එනවා!!!!!!

      පිල්ලි පුතා වෙනුවෙන් මහගෙයි දොර ඇරලා තියන්න!!!!!

      කාවා ජීවත් මතක් කලා කියන්න!!!!!!

      @ සර්ව ජී'ස්,

      නිවාඩු පාඩුවේ හීයක් එවන්න!!!! (ගල්/මල් එනිතින් අවුලක් නෑ!!!!!!)

      හැමෝටම

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    8. හුටා හේ...!!!

      මෙන්න හීය....!!!!!!

      kathandarapilliya@gmail.com

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  28. "ඒ මම වෙරළු ගහෙන් වැටිච්ච සංදියේ සිටය".
    මම හිතන් හිටියෙ තොටිල්ලෙන්ම වෑටෙන්න ඈතියි කියල. එක අතකට වෙරළු වෑඩිය සුදුසු ඈති.

    මනික් සන්ද්‍රසාගර ගෑනත් ලියන්න

    ReplyDelete
    Replies
    1. හැක්...හැක්...උඹත් කියන කතා මචෝ......
      කෙල්ලන්ට ජම්බු ගහෙන් වැටෙනවා කියන හන්ද මම එහෙම ලිව්වා.
      තොටිල්ලෙන් වැටුන නම් උඹලට අහන්න වෙන්නේ තවත් පිස්සු ඩබල් වෙන කතා තමයි.
      මනික් ගැන දන්නේ චිත්‍රපට නිෂ්පාදකයෙක් කියල තමයි.
      මම හිතන්නේ 'කොළඹ සන්නිය' කලේ ඔහු.

      Delete
  29. මෙන්න බඩු!

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්..... Thanks මචන්...

      Delete
  30. මෙහෙම දෙයක් දැනගෙන හිටියෙ නැහැ කෙන්ජියෝ..දැනුවත් කරපු එක වටිනව.

    ReplyDelete
    Replies
    1. එහෙමද මචන්?
      ඉස්සරහට ඇසින් දුටු දේවල් දෙන්නම්.

      Delete
  31. එළ වේවා. මං නං හිච්චි එකානෙ ඒත් මගෙ කරුමෙට ඔය චිත්තරපටිය ගැන අහල තිබුණ. මං ජන සංනිවේදනය කරානෙ. ඒකෙදි මහාචාර්ය මාපා තිලකරත්න තුමා ඕ ගැන අපිට කියල දුන්න. චිත්තරපටිය ගැන ගොඩක් ඉගෙන ගත්තත් ඉන් පරිබාහාර ඔවැනි තොරතුරු අසා තිබුනෙ නෑ. එළමයි දිගටම කරං යමු

    ReplyDelete
    Replies
    1. මටත් මේ චිත්‍රපටය බැලුව මතකයක් නැහැ බන්.
      මොහු ඇසුරු කල අය කියපු කතා තමා ඔය.
      ඉදිරියේදී තව ලියන්නම්.

      Delete
  32. කෙන්ජයියා අප්‍රමාන සන්තෝසයි....ඊට වඩා කියන්න දෙයක් නෑ. මම අන්තිමට එවපු මේලය ඔබ බලන්න ඇති සිතමි... ඒකෙන් මම කියන්නුත්සාහ කරේ මෙටිකම තමා.

    මොකක්ද වෙරළු ගැහෙන වැටෙනවා කියන්නේ...?

    අනික තමයි අර ළමයි දෙන්නගේ රණ තිසරුන් උඩ තිබ්බ පච්චේ ඔයා දැක්කේ කොහොමද...? ඒ පිලිබඳ පැහැදිලිකිරීමක් කරන්න පුලුවන්ද කෙන්ජි මහත්මයා ..?

    ReplyDelete
    Replies
    1. වෙරලු ගෙඩි පැහෙන කාලේ
      නුඹ බැන්ද ආලේ
      පුන්සඳ වගේ බැබලුනා . . !!!!

      Delete
    2. උඹ එවපු මේල කියෙව්වා.සහන් මල්ලිත්,අපේ රාජ්,අටම් පවා නිතරම කිව්වා.
      ඔබ කරුණු ගොඩක් කියා තිබුන ඉදිරියේදී ඒ විදියේ දේවලුත් ලියන්න පොරොත්තු වෙනවා.
      අපේ එකීලා දැන් කානු පේන්න ඇන්දට,ඒ අම්මයි දුවල දෙන්නයි බාගෙට හෙළුවෙන් තමා එන්නේ.
      ඉතින් මගේ රබර් ඇස එදෙස නොගැටී තිබෙයිද බන්?

      අන්න මම PJ ට වෙරළු ගසෙන් වැටෙන එකට කියල තියෙනවා.

      Delete
  33. කෙන්ජි අය්යෙ රන්මුතුඩුව කරන ගමන් ගිලුනු නවක තිබ්බ නිදනයක් ගත්ත කියන කතව අත්තක් ද?

    ReplyDelete
    Replies
    1. ඒක යටින් ගිය ගේමක් කියලා මමත් අහලා තියනවා . කොල්ලා පාර වෙනස් කරපු ගමං ඔව්වා කියන්නේ කියලා කලින් මේක නොකියා හිටියේ . දැන් උඹ කියුවනේ

      Delete
    2. ඔය ගැන නම් විස්තර ගොඩක් තියෙනවා.
      පරණ බඩුවලට ලොකු ඉල්ලුමක් රැජිණිගේ රටේ තියෙනවා.
      මනික් සන්දරසාගර ඒ රට එක්ක ගොඩක් සම්බන්ධයි.
      අපි ඕව ගැන කතා නොකර ඉමු.

      Delete
  34. බටහිර නළු නිලියන් ගැන ඇත්ත කතාව ඔවුන්ම ලියලා පල කලත්. අපේ අය රඟපාන්නේ සාධු චරිත. එකෙක්වත් නෑ ඇත්ත කතා කරන. උන්ගේ පෞදගලික දේවලින් අපිට ඇති වැඩක් නෑ. ඒත් බොරුව තමයි දිරවන්නෙම නැත්තේ. තිරෙන් පිටුපස් කතා දිගටම යාවී කියලා බලාපොරොත්තු වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් කියල වැඩක් නැහැ.අපේ රට ඉතින් පට්ට රටනේ.
      දෙනව දෙනව මචෝ...

      Delete
  35. රන්මුතුදුව පලවෙනි වර්ණ චිත්‍රපටිය කියලා මතක තියන් හිටියට මේ වගේ විස්තරනම් දැනගෙන හිටියේ නැහැ..ස්තුති ඔබේ ලස්සන සහ හැමෝටම කියවන්න පුළුවන් මතකයන් මෙසේ අකුරු කිරීම ගැන...ඒ වගේම අපේ රටේ පටන් අරන් සහ පටන් ගන්න යෝජනා උණු එහෙත් විවිධ කාරනා නිසා අසාර්ථක වෙච්ච ව්‍යාපෘති ගැනත් ඉදහිට ලියන්න.. අභ්‍යන්තරයේ ඉන්න සුන්දර මනුෂ්‍යයා හංගගෙන ආරෝපණය කරගත්ත මනසින් ලියන්න එපා..ඉස්සර මිට මාස කීපයකට පෙර මගේ බ්ලොග් පෝස්ට් වල උදෑසනම ඔබේ කොමෙන්ට් එකක් දැක්කම ඇතිවෙච්ච හැගීම සිහින පුරය,නාරිලතාවෝ ,ඇන්ටිලා ගැන කතා වලින් සම්පුර්ණ වෙනස් වුණා..ඔබට බ්ලොග් එකක් අටෝලා දීම තමයි ගිය වසරේ මගේ අතින් වෙච්ච ලොකුම වැරදීම ලෙස මතකයේ තියෙන්නේ.., මේ වසරේදී ඒකෙ අනිත් පැත්ත හිතෙන්න වැඩ කරයි කියලා බලාපොරොත්තු වෙනවා kenji තුමණි. ජය හෝ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්......... ඔබ තුමියගෙ බලාපොරොත්තු ඉටුවෙයි කියා සිතන්නකො....
      අරිගතෝ....

      Delete
  36. මෙව්වට රිප්ලයි කරන්ඩ බැරි තරමටම කෙන්ජියා බිසිද

    ReplyDelete
    Replies
    1. කෙන්ජියා එක්ස්පරිමන්ට් කරනවා වගේ.. අර තිබ්බ ගෙවල් ඔක්කොම කඩලා දාලා. මේ දැන් ටිකකට කලින් එද්දි තිබ්බ බ්ලොගේ නෙමේ දැන් තියෙන්නෙ..

      Delete
    2. මොකෝ බන් තදියම...?
      උඹේ උපන්දිනය ඊයේද...?
      සුභ උපන්දිනයක් වේවා මචන්.....!

      Delete
  37. කෙන්ජි.... උඹගේ බ්ලොග පටන් ගත්ත දවසේ ඉඳන් දැක්ක හොඳම සහ සාර්තකම ලිපිය. මෙවන් දේ ලියන්න උඹට ශක්තිය ලැබේවා. මම උඹට මේ ගැන කලිනුත් කිව්වා. මෙහෙම යන් කාලයක් යනකම්.

    ස්වාමි කල්කිගේ ගෝලයෙක් මම දෙහිවල ඉන්න කාලේ ආශ්‍රය කලා. ඒක රසවත්. මචෝ මම මේක දැක්කේ දැන්. මට දිග කමෙන්ට් එකක් දාන්න තියෙනවා. නමුත් මට වැඩට යන්න තියෙනවා. ආපු ගමන් ලියනවා. මම ආසයි ඒක ලියන්න කමෙන්ට් එකක් හැටියට.

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් මටත් දැන් තේරුම් ගිහිල්ල තියෙන්නේ.
      ඒ විස්තරත් දාන්න මචෝ කට්ටියටම රසවත් වෙයි.

      Delete
  38. ඇස් දෙක රිදෙනවා කෙන්ජි මාමෙ මේ තීම් එකට !!
    මට තිබ්බ එක හොඳා !!

    ReplyDelete
    Replies
    1. ආයේ පොඩ්ඩක් රිෆ්‍රෙශ් කරලා බලලා කියන්න මල්ලි

      Delete
    2. ඕන් දැන් නියමයි !!
      ඇනෝ මචං ඇත්ත තමා !! දැන් අවුලක් නෑ!!

      Delete
    3. දැන් වැඩේ හරිනේ මල්ලි...

      Delete
  39. කලින් මා දුටු කෙන්ජි ට වඩා ඔබ වෙනස් කෙනෙකු බව මට සිතේ

    ReplyDelete
  40. අපි නම් ඉතිං මේ කියලා තියෙන කිසි දෙයක් කලින් දැනගෙන හිටියේ නෑ... ඒ නිසා හොඳයි රාජිව්.. :)

    ReplyDelete
    Replies
    1. එහෙමද සදා නගා....
      ඉදිරියේදීත් තව විස්තර කියන්නම්කො එහෙනම්.

      Delete
  41. මෙව්ව තියාගනනේ අර කාලයක් වෙරළුමල් ගැන ලිව්වේ.. මේවටත් වෙරළු මල්වලට වගේම ඉල්ලුම තියනවා කෙන්ජා.

    ReplyDelete
    Replies
    1. ඔව් නලින් එක දිගට ලියාගෙන යද්දී තමයි මොනවා හරි එහෙකට වැටෙන්නේ.
      මම හිතුවේ නැහැ කට්ටිය මේවට කැමති ඇති කියල.
      මේකත් මේ අහම්බෙන් ලියවුන එකක්.
      දෙකක් එක ලග නවාගෙන වෙන එකක් ලියන්න ගත්තේ වෙන දෙයක්.
      ලියවුනේ මේ අටමගලේ හෙක් ....හෙක්....

      Delete
  42. රන් මුතු දූවෙත් මුල් පිටපත් නෑ මම හිතන්නේ කොහෙද හරි දැක්කා මුල් පිටපත් අපේ රටේ නෑ කියලා,,ඒත් යුරෝපේ චිත්‍රපටි සංරක්ශනාගාරවල නම් නැති වෙන්න බෑ,ඔය චිත්‍රපටිය කරන ගමන් දකුනේ ගිලිලා තිබුනු ලන්දේසි නැවකට වැඩේ දුන්නා කියලා අහලා තියනවා,ඔයාට හම්බුනු ඔය කැමරා ආම්පන්න වලට මොකෝ උනේ තාම තියනවද?

    ReplyDelete
    Replies
    1. පරක්කුවෙලා හරි ඇවිල්ල ගම් පළාත කිට්ටුව එකෙක් වුනාම අමුතු ගැම්මක් එනවා ඩිලා ..... Thanks .....
      ඒවා එහෙමම තියෙනවා බන් ලංකාවේ...
      තාත්තගෙ දේවල්නේ ...එයා පරිස්සමින් තියාගන ඉන්නවා...

      Delete
  43. මෙන්න මේවා තමයි නියම කතා කෙන්ජයියේ.... නිර්මාණය ගොඩක් අය රස වින්දාට එක බිහිකරන නිර්මාණකරුවා ගැන දන්නේ කියෙන් කි දෙනාද ??? ආතර් සි නම් මමත් ටිකක් විතර දන්නවා සුපිරිම පොරක් තමයි .... දන්නා ඔක්කොම ටික එලියට දාන්න අනේ තව බලන් ඉන්නේ නැතුව

    ReplyDelete
    Replies
    1. මැලේ මල්ල මට තේරුම් ගියා පට්ට වැඩ හිරවිල්ලක කියල ...
      කමක් නැහැ ඉඩ ලැබෙන වෙලාවක කියවල යමන්...
      අපේ අලුත රටවල් දැක්ක පගර නැට්ටන් ආවේ නැතුවට ...හෙක්..හෙක්... :)

      Delete
  44. කෙන්ජි බ්ලොග වෙනස් කොරල, මාතෘකා වෙනස් කොරල බොහොම සම්බාවනිය විදියට චිත්‍රපට ගැන කියල . . සංසාරේ සංසාරේ . .. . .

    කතාව නම් සුපිරි ඔන්න . ..

    ReplyDelete
    Replies
    1. හැක්..හැක්...ඔව් බං බිල වැඩි වෙච්ච වෙලාවක මගේ කෙල්ල කොරල... :)

      Delete
  45. සෑහෙන පරක්කු වෙලා ඔන්න මමත් ඔලුවා දැම්මා....මෙන්න මේ වගේ ලිපි තමයි මම කියවන්න කැමති...දිගටම දෙන්න දොරේ මේ වර්ගයෙන්...ඔයාගෙ වැඩේ සිතේ තිබේ...ඉසිඹුවක් ලද විගස දෙන්නම් බැටේ....ජය 1

    ReplyDelete
  46. මයික් විල්සන් කියන්නෙ මෙයා එතකොට. නැගේ ළඟ තිබ්බ පරණ පත්තරයක ආතර් සී ක්ලාක් ගැන තිබුණු ලිපියක් අස්සේ ඔයා නම තිබුන වාගේ මතකයි... ඇත්තටම අපි නොදන්නා ඒ කාලේ කතා කොච්චර ඇද්ද... හොඳ ලිපියක් කෙන්ජි අයියේ..

    ReplyDelete
  47. රන්මුතු දූව කියන්නේ ලංකාවේ පලමු වර්ණ චිතුපටය කියල දැනගෙන හිටිය තමයි.
    ඒත් මේ විස්තර දැනගත්තේ අදම තමයි..
    දිගු ගමනකට සුභ පැතුම්..
    ජය වේවා!!!

    ReplyDelete
  48. This comment has been removed by the author.

    ReplyDelete
  49. මටනම් රන්මුතුදුවෙ මතක සින්දුටික නිසා.නියම විස්තරටික .ස්තුතියි කෙන්ජයියෙ

    ReplyDelete
  50. මයික් උන්නැහේ ගැන අදමයි ඇහුවේ. එයා තාපසයෙක් වුණු එක නියම ස්ටෝරියක් නේ. අපි හුඟක් වෙලාවට අහන්නේ ලංකාවේ මහණ වුණු සුද්දෝ ගැන විතරනේ...

    ReplyDelete