Sunday 19 January 2014

කෙන්ජිගේ යාළුවන් වෙත.

අද දවල් මට මේල් එකක් ආවා kenji ගේ යාළුවගෙන්,



omaya .....****** has got into an accident last night & has been admited to the hospitl .shall give more updates later...............demiyan මේ විදියට ,

tq for the information demiyan...i shall let all ***** friends know.. pl let me know his leatest updates.omaya. 


ඉන් පස්සේ මං කෙන්ජිගේ යාළුවගෙන් නම්බර් එක ඉල්ලගෙන කතාකලා ,,ඊමේල් එකක් ලැබුණ පමණින් විශ්වාස කරන්න බැරි නිසාම..කෙන්ජිගේ ෆෝන් එක වැඩ කලේ නැහැ. දැනුත් වැඩ කරන්නේ නැහැ. යාළුවා කියපු විදියට එතරම් බරපතල නැහැ කීවත් ඇත්ත තත්වය මම දන්නේ නැහැ .. 
kenji මගේ හොදම යාළුවෙක් ඒ නිසා ඒ වෙලාවේ මට පුළුවන් විදියට කෝල් කරලා හොයලා බැලුවා.ඉන් එහා දෙයක් පිටරටක ඉදලා කරන්න බැහැනේ.. ඔයාලට දැනුම් දෙන්න හිතුවේ එයා කාගේත් යාලුවෙක් නිසා.. 

කෙන්ජිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

_______apurvi_________

ප/ලි 

kenji කියන්නේ මගේ තාත්තාගේ වයසේ කෙනෙක් ඒ වගේම හොද යාළුවෙක් ඒ නිසයි මෙවැනි පෝස්ට් එකක් දැම්මේ...

90 comments:

  1. මේ තොරතුර ඇත්තක් නම් කෙන්ජිට කිසිම නපුරක් නොවේවායි පතමි!

    ReplyDelete
    Replies
    1. මාත් මුලින් විශ්වාස කලේ නැහැ . ඒකයි කෝල් කරලා දැනගන්නකල් කාටවත් නොකීවේ ..මොනාකරන්නද ඉකමනින් සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු

      Delete
    2. මම දැන් කතා කරා කෙන්ජිට නලින් ගෙන් ලැබුණු ටෙල් නො එකෙන් ... කතාව ඇත්ත තාමත් හොස්පිටල් එකේ... එත් දැන් සැහෙන්න සුවයි කිව්වා.... හෙට ඩිස්චර්ජ් කරලා ගෙදර යනවා කිව්වා .... බ්ලොග් එකෙන් සුව පාර්ථනා කරපු හැමෝටම සිතුතියි කියන්න කිව්වා .....

      Delete
    3. ස්තුති මැලේ රාළේ..

      Delete
    4. ස්තුතියි රාළේ..

      Delete
  2. කෙන්ජි අයියට ගොඩක් අමාරුද ඔමා? :-(

    තෙරුවන් සරණින් කෙන්ජි අයියට ඉක්මන් සුවය ලැබේවා කි‍යා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඊයේ රෑ ඩ්‍රින්ක්ස් අරන් ඩ්‍රයිව් කරලා තමයි යාලුවා කිවේ අයියේ .. මං හවස කෝල් කළා කෙන්ජිට සිහිය නැහැ මං හිතන්නේ..

      Delete
  3. ඉක්මන් සුව පතනවා...!

    ReplyDelete
  4. ඉක්මන් සුව පතනවා...!

    ReplyDelete
  5. කෙන්ජිට ඉක්මන් සුව පතනවා. මම බලාපොරොත්තු වෙනවා වැඩි අමාරුවක් නැතුව ඇති කියලා. අපූර්වි අපිට ඩේමියන්ගේ අප්ඩේට්ස් දෙන්න කෝකටත්.

    ReplyDelete
  6. කෙන්ජීට ඉක්මන් සුව පතනවා!
    කොහේද හොස්පිටල් එක?

    ReplyDelete
  7. May you recover soon කෙන්ජයියෙ! තෙරුවන් සරණයි...!!!

    ReplyDelete
  8. කෙන්ජයියාට ඉක්මන් සුව පතමි :(

    ReplyDelete
  9. කනගාටුදායක සිද්දියක්නෙ, . . ඉක්මනින් සුද වෙන්න පතනවා. . .

    ReplyDelete
  10. ඉක්මනට කෙන්ජිට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  11. රාජීව්ට ඉක්මන් සුවය ලැබේවා...!!!

    ReplyDelete
  12. දැන් මේ සටහන අපූර්වී ලිව්වේ කෙන්ජිගේ කොළමේ මුර පදය යොදා ඇතුළුවීමෙන්ද? මොකද දැන් කාලේ භයානක විහිලු තියනවා. කෙන්ජිට අනතුරක් වුනානම් ඉහල මට්ටමේ ප්‍රතිකාර ලැබෙනවා ඇති. තොරතුරු සත්‍යනම් මම ඔහුට ඉමන් සුවය පතනවා.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ ජිවිතේ සම්බන්ධ කරලා නරක විහිළු කරන්න තරම් පහත් මානසිකත්වයක් මට නැහැ. .මේ බ්ලොග් එකේ ඇඩ්මින් තියනවා විචාරක තුමණි ඒකයි..
      තොරතුරු සත්‍ය බව තහවුරු වෙච්ච නිසයි මං පෝස්ට් එක දැම්මේ, මං වගේම ඔයාලා හැමෝමත් එයාගේ යාළුවො නිසා..

      Delete
  13. අඩේ... විස්තර දාපං.. ඌට සුවය පතමු..

    ReplyDelete
  14. ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා !! :(

    ReplyDelete
  15. කෙන්ජි අයියට ඉක්මන් සුවය පතනවා.. කොහොමද තත්වේ කියන එක අපිට කියන්න අපුර්වී දැන ගත්ත ගමන්..

    ReplyDelete
  16. මුලින්ම මේක තේරුම් ගන්න බැරිව හිටියේ. කෙන්ජිට ඉක්මන් සුවය පතනවා.

    ReplyDelete
  17. Please let me know the updates please. God bless him. Yeah he is a good friend. Lets pray together for his recovery.

    ReplyDelete
  18. කෙන්ජි අයියාට ඉක්මන් සුවය.....

    ReplyDelete
  19. කෙන්ජි ට ඉක්මන් සුව පතමි.

    ReplyDelete
  20. කෙන්ජි ට ඉක්මන් සුව පතමි.

    ReplyDelete
  21. කෙන්ජි අයියට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  22. කේන්ජියෝ ඉක්මණට හොද වෙයෝ... ඉක්මන් සුවය ලැබේවා

    ReplyDelete
  23. බොරු විකාර ලියනවා ඇටෙන්ශන් ගන්න..... මූත් ගානක් කඩන් මාරු වෙන්න වගේ හදන්නේ....

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික තරහ මරා මොන මඟුල තිබ්බත් හතුරෙක් තරහා කාරයෙක් උනත් කරදරේක වැටුනම අනේ හපොයි කියන එක ලංකාවෙ අපේ ඇගේම ති‍යෙන දෙයක්.

      එහෙවු එකේ කෙන්ජි කියන මිත්‍රයෙකුගෙ කරදරේකදි ඔහොම කියවන්න එපා බන්.

      ඔය උඩ දාලා තියෙන්නෙ "කෙන්ජිගෙ මිතුරන්ට" කියලා. උඹ ඒ මනුස්සයාගෙ මිත්‍රයෙක් නෙමේ නම් උඹට මේ පණිවිඩේ අදාල නෑ. එහෙම හිතමු.

      Delete
    2. ඔහොම මිනිස්සුත් ඉන්නවා ප්‍රියා.

      Delete
    3. @ muuta12,
      බං මේ වගේ බොරු ආරංචි දෙනවද බං ඇටෙන්ෂන් ගන්න?මටනම් ඒ කතාවට එකග වෙන්න බෑ.කාවහරි කරදරේක වැටුනම අපි මනුස්සකමකින් ඕන ඒ දිහා බලන්න.......

      Delete
  24. මේක ඇත්තක් නොවෙනවානම් හොඳයිය.... කෙසේවෙතත් කෙන්ජ්යියාට ඉක්මන් සුවය පතමි.

    ReplyDelete
  25. කෙන්ජයියට ඉක්මන් සුව පතනවා...

    @ ඔමයා අක්කේ හොස්පිටෙල් එක මොකැයි...

    ReplyDelete
  26. කෙන්ජිට ඉක්මනට සුවය ලැබේවා ...

    ReplyDelete
  27. ලංකාවේ යාලුවෝ 3 දෙනෙක්ව එයාපෝට් දාල එද්දී මැලේසියාවේ "Penang Island " වලදී වෙලා තියෙන්නේ අනතුර ..දැන් නම් කෙන්ජිට සිහිය ඇවිත් කීවා..... හෙට අනිද්දා වෙද්දී සනීප වෙයි.ඒ රටවල හොස්පිටල් වල පහසුකම් එහෙමත් හොද ඇතිනේ අපේ රටවල් වලට වඩා..kenji සයිබර් එකේ ඉන්නකල් එයාගේ සැබෑ තොරතුරු සහ නම ගම එලී නොකරපු නිසා. මට එයාගෙන් අහන්නේ නැතුව මැලේසියාවේ ඉන්න අපේ යාලුවෙක්ට වත් ෆෝන් නම්බර්ස් දෙන්න බැහැ..ඒ මනුස්සයා යම් යම් හේතු නිසා පවුද්ගලික දේ එළිදරවු නොකලානම් මං ඒක කරන එක වරදක්නේ... කෙසේනමුත් අපි හැමෝම එයාට ඉක්මනින් සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.වෙන මොනාකරන්නද.

    ReplyDelete
  28. මට මේ තොරතුර ගැන ඇත්තේ සැකයක් කවුරු හෝ ලණුවක් දෙන්න ඇත්තේ ... සිද්ධිය සත්‍යයක් නම් තව දුරටත් අංක හංගං ඉන්න එපා අපේ හොදම යාලුවෝ ඉන්නවා මැලේ කේඑල් වල ඒ අය හරහා කරන්න හැකි දෙයක් කරන්න හැකියි. තීරණය ඔබ අතේ.....

    ReplyDelete
    Replies
    1. නැහැ නලින් අයියේ මාත් මුලින්ම මේල් එක ආවම හිතුවා මං කවුද මට කියන්න.එයාගේ කිට්ටු අය ඉන්නවනේ කියලා. ඒත් මේ යාළුවව මං දන්නවා..එයා මීට කලින් දෙවතාවක් මට msg කරලා තිබුණා.kenji පහුගිය ටිකේ මොකක් හෝ ප්‍රශ්නෙකින් ඉදලා තියෙනවා අපි නොදන්න..ඒත් මේ වගේ දෙයක් ගැන ලනුවක් දෙන්න තරම් කෙනෙක් නපුරු වෙන්න පුලුවන්ද.. ඒ වගේම kenjiගෙන් කිසිම කොමෙන්ට් එකක්,මේල් එකක් නැහැ... බලමු ,,සිහිය ඇවිත් කීවනේ..මං අහලා නම්බර් එක දෙන්නම්..

      Delete
    2. මං හිතුවෙ කෙන්ජි ඉන්නෙ ජපානෙ කියලයි.. අංකය දුන්නොත් හොයා බලන්න පුළුවන්..

      Delete
    3. ලොකු දෙයක් සරත් පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්නම්,අනිත් අතට ඩ්‍රින්ක් අරන් ඩ්‍රයිව් කරලනම් නීති ප්‍රශ්ණත් එන්න ඉඩ තියෙනවා.මැලේ වල නිතී කොහොමද?

      Delete
    4. මන් නම්බර් එක දෙන්නම් අයියා කෝල් කරලා බලන්න ..

      Delete
    5. සරත් අයියා මැලේ රාල සිරා ඒ වගේම තවත් මිතුරන් කීපදෙනෙක්ම ඔය ඉසව්වේ ඉන්නවා පිනැන්ග් වලම ඉන්න අයත් ඉන්නවා. එසේත් නොමැතිනම් තානාපති කාර්යාලයේත් ඉහළම නිලධාරින් ඉන්නවා අපි දන්න. ඒත් කිසිම පුද්ගලික තොරතුරක් අංකයක් නැතිව විස්තර හොයන්නේ කොහොමද? දැනට දන්න විස්තර වත් ඉන්බොක්ස් කරන්න

      Delete
    6. 1. කෙන්ජි ජපානේ ඉන්නවා කියලා හිතපු අය එහෙම හිතුවේ නම දැකලයි, හරියට ලංකාප්‍රිය ලංකාවේ හෝ භාරත ලක්‍ෂ්මන් ඉන්දියාවේ කියා හෝ හිතනවා වගේ. කෙන්ජි මගේ බ්ලොගට ආවේ මැලේසියාවේ ඉඳලායි මුල ඉඳලාම. මං හිතන්නේ නෑ කෙන්ජිට අවශ්‍යතාවයක් තිබුණාය කියලා තමන් කවුද, ඉන්න තැන කොහේද කියා අපට පොදුවේ කියන්න.

      2. අපට ඇති එකම සම්බන්ධය ඔමායා යි. ඇය හරහා අපට විස්තර ලැබේ යැයි සිතනවා.

      3. මා මේ පෝස්ට් එක දුටු මොහොතේ සිය කීපවරක්ම මැලේෂියාවේ විවිධ පුවත් පත් වාර්තා සොයා බැලුවා. නමුත් හැම අනතුරක්ම පත්තරවල යන්නේ නෑ නේ. ලොකු අනතුරු කීපයක් ගැන වාර්තා තියෙනවා.

      Delete
    7. මමත් මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති අයි අන්සාර් මහතාට කතා කොට ශ්‍රි ලාංකිකයෙකු පිනැංග් වලදි අනතුරට ලක් වෙලාද යන්න විමසා බැලුවා. කරුණු සොයාබැලූ ඒ මහතා එවැන්නක් තවම වාර්තා වී නැතැයි මෙයිට සුලු මොහාතකට පෙර මට දන්වා තිබෙනවා. මේ ගැන යන්තම් හෝ විස්තරයක් දන්නා අයෙක් නිවැරදි තොරතුරු වාර්තා කරන්න.

      Delete
    8. හොදයි මං නම්බර් එක g මේල් එකට දාන්නම් ,,කතාකරලා බලන්න අයියේ .

      Delete
    9. මැලේසියාවෙ කිසිම තැනක ශ්‍රී ලාංකිකයෙක් රිය අනතුරකට ලක්වූ වගට වාර්තා වෙලා නෑ. මාධය මට්ටමෙන් හෝ තානාපති මට්ටමෙන් වගේම එරට පොලීසි මට්ටමෙන්වත් එහෙම කිසිම ආරංචියක් ලැබුනෙ නෑ.
      (මම හිතන්නෙ අපිට පිටරටවල් ගැන දැනගන්න තියන එකම මග ගොසිප් සයිට් විතරයි කියල හිතන් ඉන්න අය තාම ඉන්නව :D )

      Delete
    10. මොකක්ද බං මෙතන වෙන්නේ..?

      Delete
    11. @මාරයා
      වැඩියමක් නෑ
      බ්ලාන්ස් එකක්

      Delete
    12. ඕනමැන්ටල්, මාරයා @
      මං දන්න දේයි කීවේ..ඇත්තටම වෙලාද නැත්ද දන්නේ එයා තමයි ඉතින්..ඒ වගේම නලින් අයියට අවශ්‍ය තොරතුරු දුන්නා එයාගේ එහෙ ඉන්න යාළුවො මාර්ගයෙන් එයා හොයා බලයි.. කෙනෙක් තමන් ඇක්සිඩන්ට් වුණා කියලා බොරුවක් ප්‍රචාරය කරයි කියලා හිතන්නත් බැහැනේ. දැනගත්ත දේ රහසක්ව තියන් ඉදලා කරන්නේ වරදක් කියලා දැනුන නිසයි මේ විදියට ඔයාලට කීවේ. අනේ මන්ද අප්පා .

      Delete
    13. තාමත් එක එකාගෙ ලණු කන ඩයල් ඉන්නවානේ...... පව් බන්.... රටේ ඉන්ටර්නෙට් දවස ගානෙ පාවිච්චි කරන එවුන් ටිකම මෙහෙම ලණු කනවානම්...... මහින්ද මහත්තයා ෂුවර් එකටම තව අවුරුදු 50ක් වත් ජනපති වෙලා ඉදියි....

      Delete
    14. මෙතන කොමෙන්ට් කරපු අය මෝඩයෝ නෙමේ.හදවතක් තියෙන මනුස්සයෝ..කතාවේ ඇත්ත නැත්ත අපිට වැඩක් නැහැ..අපි ඒ මනුස්සයා වෙනුවෙන් පැතුමක් එකතු කළා විතරයි ,,මොකද ආධාර පත්‍රයක් එකතු කලේ නැහැනේ...

      Delete
  29. අපේ කෙන්ජි මාමට ඉක්මනට සනීප වෙන්නෝනෙ !!!!!!!!!

    ReplyDelete
  30. කෙන්ජී මාමට ඉක්මන් සුවය පතමි .

    ReplyDelete
  31. ඉක්මන් සුවය පතනවා....!

    ReplyDelete
  32. හපොයි අපේ සීයා...

    ඔමා ටිකක් හොයලා බලලා මේකෙවත් අප්ඩ්ට් කරන්න.. මට නං ඉතිං කරන්න කියල කිසිම දෙයක් නෑ ...

    ( ආපහු ආවම මුලින්ම කරන්න වෙන්නෙ අල්ලලා හම ගහන්න.... //ඩ්‍රින්ක්ස් අරන් ඩ්‍රයිව් කරලා// ...)

    ReplyDelete
    Replies
    1. සිරාවට බන් මමත් එනවා අල්ලලා ඔලුවෙන් හිටවන්න ඕනෙ මොලේ පෑදෙන්න.

      Delete
    2. හිරු . බස්සි..
      දැන් ආරංචි වෙන දේවල් එක්ක හිතෙනවා kenji මාමා මැලේසියාවේ නෙමේදත් කියලා..එහෙ එහෙම අනතුරක් වෙලා නැහැලුනේ..

      Delete
  33. මේක සිරා සීන් එකක් නම් කෙන්ජි අයියේ ඉක්මනට සනීප වෙලා එන්නයි කියන්න විතරයි තියෙන්නේ

    ReplyDelete
  34. කෙන්ජිට එහෙම ලොකු නරකක් වෙන්න විදියක් නෑ කියල හිතෙනව

    ReplyDelete
  35. /// i understood what they said
    he regained congciousness
    since his parents r there
    he doesnt need any help
    anyone who want more update on him pl take my mail add >>>>>

    මේ එයාගේ යාලුවා මට අන්තිමට කියපු ටික
    මට තව විස්තර දැනගන්න අවශ්‍ය බවකිවම එවපු මේල් එක..මේ එයාගේ මේල් ඇඩ්රස් එක..ඒ වගේම kenji ෆෝන් නම්බර් එක අවශ්‍ය අයට මං දුන්නා. demi.airasia@gmail.com

    ReplyDelete
    Replies
    1. අපූර්වි, ඔයා ආරංචිය ලැබුණහම ඔයාට සුදුසුයි කියලා හිතුණු දේ කලා. ඒකෙ කිසි වරදක් මම දකින්නේ නෑ. ඉහත පණිවිඩයෙන් පැහැදිලි වෙනවා ඔහුට දෙමාපියන් හිත මිතුරන්ගේ රැකවරණය මේ අවස්ථාවේ ලැබෙන බව. ඒ වගේම පිටස්තර අයගෙන් දැනට උපකාරයක් අවශ්‍ය නොවෙන බවත් සඳහන් වෙනවා.

      මම හිතන්නේ මේ වෙලාවේ ඒ අයගේ පෞද්ගලිකත්වයට ඉඩදීලා අපි පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න එක හොඳයි කියලා.

      Delete
    2. මගේත් අදහස ඒකයි.

      Delete
  36. කෙන්ජි අයියට ඉක්මන් සුවය පතනවා...

    ReplyDelete
  37. දරුණු අනතුරක් නෙවෙයි වෙන්න ඇති... අඩුම තරමේ අපි එහෙම හිතමු..

    ReplyDelete
  38. ඉක්මන් සුවය ලැබේවා...

    ReplyDelete
  39. සුළු හෝ අනතුරක් වෙලා නම් අපේ කෙන්ජි අයියාට ඉක්මනින් සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  40. ඇත්තක් නම් කෙන්ජිට ඉක්මන් සුවය පතමි. ඔමාට ස්තූතියි!
    බොරුවක් නම් බොරු කරපු එකාට ඉක්මන් සුවය පතමි.

    ReplyDelete
  41. කෙන්ජයියෙ උබට ඉක්මන් සුවය පතනව.
    ඔමා ලොකු කෙස් එකක් නෙමෙයි නෙද? මම එහෙම පතනව

    ReplyDelete
  42. මම දැන් කතා කරා කෙන්ජිට නලින් ගෙන් ලැබුණු ටෙල් නො එකෙන් ... කතාව ඇත්ත තාමත් හොස්පිටල් එකේ... එත් දැන් සැහෙන්න සුවයි කිව්වා.... හෙට ඩිස්චර්ජ් කරලා ගෙදර යනවා කිව්වා .... බ්ලොග් එකෙන් සුව පාර්ථනා කරපු හැමෝටම සිතුතියි කියන්න කිව්වා .....

    ReplyDelete
    Replies
    1. හොඳ ආරංචියක්. ස්තුතියි මිත්‍රයා.

      Delete
    2. බොහොම ස්තූතියි මචං අපිව දැනුවත් කලාට !!

      Delete
    3. ස්තූතියි මැලේ ආරංචියට. අහන්නත් සංතෝසයි.

      Delete
    4. ස්තුතියි මැලේ රාලේ !!!

      Delete
  43. අනේ දෙයියනේ......මේ ආරංචිය ඇත්තක්නම් කෙන්ජි අයියට තෙරුවන් සරණින් ඉක්මනටම සනීප වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  44. This comment has been removed by the author.

    ReplyDelete
    Replies

    1. @ අපුර්වි
      ඇත්තටම ඔබ සිදු කළේ ගොඩාක් හොද දෙයක්,
      සමහර අය හිටියේ කෙන්ජිගෙන් ආතල් ගන්න විතරයි ඒ අතර අවංකවම සොයා බලපු ගොඩාක් අය ගැන සතුටුයි ඔහුට ඉක්මන් සුවය පතමු..

      Delete
  45. කෙන්ජි අයියාට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. මම කෙන්ජි අයියා ගැන Pray කරන්නම්.දෙවියන්වහන්සේ ඔයාට ඉක්මන් සුවය ලබාදෙයි.

    ReplyDelete
  46. අඩේ කෙන්ජිගේ බ්ලොග් එකට අදයි අහම්බෙන් ආවේ .. එදාම මූ එක්සිඩන්ට් වෙලා . . ඉක්මනට සනීප වෙන්න කියා පතමි . .

    ReplyDelete
    Replies
    1. දුකා වගේ නම් තියෙන කට්ටිය ගෙදරකට ආවත් ඔය වගෙ කරදර වලට එදාම මුහුන දෙන්න වෙනවා.

      Delete
    2. ඔන්න කිව්වා ඉතිං . . . :D

      Delete
  47. කෙන්ජිට ඉක්මන් සුවය පතමි.
    (මැලේ රාළ ඔප්පු කලා ඇත්තක් කියලා)
    ඔමායා...!
    ඔබට ආර0චිය ආපු වෙලාවේ හොදයි කියල හිතෙන දේ කලේ. එහෙම තමයි සැබෑ මිත්‍රත්වය. දුකේදී, සැපේදී වගේම ඇත්තක්, බොරුවක් වුනත් තමන්ගෙ යුතුකම කරන එක.

    ReplyDelete
  48. ඉක්මන් සුව පතනවා...!

    ReplyDelete
  49. කෙන්ජි සහෝදරයාට ඉක්මන් සුව පතමි

    ReplyDelete
  50. kenjita ikman suwa pathami..
    ikmanin aayimath liyanna enna..
    aayi bonda epaa ban...

    ReplyDelete
  51. ඉක්මන් සුවය පතමි.

    ReplyDelete